වෛද්‍යතුමියනි කුමක්‌ද මේ හෝමියෝපති කියන්නේ?
මිනිස් වර්ගයාගේ නූතන විද්‍යාත්මක
දියුණුවේ අග්‍රතම ඵලයක් වන හෝමියෝපති ප්‍රතිකාර ක්‍රමය, මුළු මිනිස්
වර්ගයාටම සුවය ලබාගැනීමේ විද්‍යාත්මක නියම මත පදනම් වූ රෝගයට හේතුව නසන,
සම්පූර්ණ සුවය ගෙනදෙන ප්‍රතිකාර ක්‍රමයකි. මෙහිදී විශේෂ වන්නේ අතුරු ආබාධ
නැති ප්‍රතිකාර ක්‍රමයක් වීමයි.
වසර 200 කට ඉහත ජර්මනියේ විසූ ඇලෝපති
වෛද්‍යවරයෙක් වූ වෛද්‍ය සැමුවෙල් ෆෙඩ්රික් ක්‍රිස්‌ටියන් හානේමාන් තුමා
එම වෘත්තියේ නියෑලී සිටියදී ඖෂධ මගින් ඇතිවන අතුරු ආබාධ දැක, ඖෂධ
ක්‍රියාකාරිත්වයේලා සුවපත් කිරීමේ ශක්‌තිය සඳහා කිසිම මූලධර්මයක් නොමැතිකම
හේතුවෙන් තම වෘත්තිය පිළිබඳව කලකිරීමක් ගෙනදුනි. නමුත් මේ විශ්වය තුළ සුව
කිරීමේ ශක්‌තිය සඳහා ක්‍රමවත්ව සැකසුනු මූලධර්මයක් සොයාගත හැකි බව ඔහු
විශ්වාස කර තිබුණි.
මේ අනුව ඇලෝපති වෛද්‍ය වෘත්තියේ පියා
ලෙස සලකන හානේමාන් තුමා විසින් "රෝගයට විරුද්ධ ප්‍රතිකාර තුළින් රෝගයේ
පාලනයත්, රෝගයට සමාන ප්‍රතිකාර තුළින් රෝගයට සුවයත්" යන කරුණු පිළිබඳව
විමර්ශනයකට භාජනය කරන ලදී. මෙම පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස "සමාන දෙයින්
සමාන දේ සුවපත් වේ" යන මූලධර්මය සමග හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය
1870 දී වෛද්‍ය හානේමාන් තුමා විසින් මෙලොවට දායාද කරන ලදී.
මෙම ප්‍රතිකාර ක්‍රමයේ තියෙන විශේෂත්වය කුමක්‌ද?
හෝමියෝපති වෛද්‍ය ක්‍රමය,
ප්‍රතිශක්‌තිකරණය එනම් ජීව බලය පදනම්කොට ගොඩනැඟී ඇත. මෙහිදී ජීව බලය වෙනස්
වීම එනම් ශරීර පද්ධති අසමතුලිතතාවය සමඟ පෙන්වන්නා වූ රෝග ලක්‌ෂණ වලට
ප්‍රධාන තැනක් හිමිවනු ඇත. මෙහිදී කායික හා මානසික රෝග ලක්‌ෂණ සියල්ලම
සැලකිල්ලට ගනු ඇත.
වෛද්‍ය සැමුවෙල් හානේමාන්තුමා පැවසුවේ
රෝග ලක්‌ෂණය තුළින් රෝගය හඳුනාගත හැකි බවත්, රෝග ලක්‌ෂණයන්ගෙන් තොරව
රෝගයක් සුව කිරීමට නොහැකි බවත්ය.
මෙලොව ජනිත වන්නාවූ සෑම පුද්ගලයෙකුගේම
ඔහුට හෝ ඇයටම ආවේනික වූ ගති ලක්‌ෂණයන්ට උරුමකම් ඇත. මෙම පුද්ගලයන්
කේන්ද්‍රගතව ඇති ගති ලක්‌ෂණයන් හේතු කොටගෙන නිරෝගී භාවයේදී මෙන්ම රෝගී
භාවයේදීද තමාටම ආවේනික ලක්‌ෂණයන් පෙන්වමින් තමාගේ සුවිශේෂිත්වය තහවුරු
කරන්නේය.
විශ්වයේ
සුවිශේෂ වූ රෝග ලක්‌ෂණයට සමාන වූ හෝමියෝපති ඖෂධ නිෂ්පාදනයේහිලා ගනු ලබනුයේ
ශාක, පාෂාණ, සත්ත්ව, නිරෝගී පටක, රෝගී පටක හා X-ray කිරණ වැනි ශක්‌තීන්
මෙන්ම ද්‍රව්‍යමය කොටස්‌ය. මේවායේ මූලධාතුව ශක්‌තිකරණයකට භාජනය කරනු ලබයි.
මූලධාතුව නොමැතිව ශක්‌තිමය බලයක් ලෙස ඖෂධ ලබාදෙන බැවින් හෝමියෝපති ඖෂධවල
අතුරු ආබාධ නොමැත.
හෝමියෝපති වෛද්‍ය ක්‍රමය තුළින් රෝගයක් සුවවන ආකාරය ගැන පැහැදිලි කළොත්?
හෝමියෝපති ප්‍රතිකාර මගින් රෝගයේ රෝග
ලක්‌ෂණය වන සංඥාව නිවා නොදමා රෝග ලක්‌ෂණ ඔස්‌සේ අනතුර අඟවන සංඥා මාර්ගය
ඔස්‌සේ ගොස් රෝග මූලයම නැති කර දමනවා. එනම් රෝගයට හේතුව නැති කරනවා. රෝග
ලක්‌ෂණයට සමාන වූ ඖෂධය ශරීරගත කිරීම තුළින් රෝගියාගේ ව්‍යqහාත්මක
වෙනස්‌කම්, ඒවගේම රසායනික වෙනස්‌කම් නැවත යථා තත්ත්වයට ක්‍රම ක්‍රමයෙන් ගෙන
එනවා. ඒ තුළින් ආතරයිටිස් රෝගියෙකුගේ වේදනාව නැතිව යනවා. ඔවුන්ගේ ශරීරයේ
ඇතුළාන්තයෙන් ප්‍රතිශක්‌තිකරණය ගොඩනැඟීමත් සමඟ ගෙවුණු කාටිලේජ වර්ධනය වීම,
දිරා යන අස්‌ථි පටක ගොඩනැඟීම හා ඇදවුණු පාද ක්‍රම ක්‍රමයෙන් යළි යථා
තත්ත්වයට ගෙන ඒම මෙහිදී සිදුවේ. ඇතුළාන්ත සුවයත් සමඟම ඒ නිසා වේදනා නාශක
නොමැතිවම වේදනාව නැතිවීම සිදු වනවා.
ඒ වගේම වෙනස් වූ රසායනික සංයුතීන් නැවත
යථා තත්ත්වයට සැකසීම මේ තුළින් සිදු වෙනවා. ඒ වගේම දුර්වල වී තිබුණා නම්
වකුගඩු, අක්‌මාව හා දුර්වල ඉන්ද්‍රිය ක්‍රියාකාරිත්වයද යථා තත්ත්වයට පත්වීම
මේ තුළින් සිදුවීමත්, අතුරු ආබාධ නොමැතිව රෝගියා බොහෝ සුවය මේ තුළින්
ලබනවා. කායික මෙන්ම මානසික සතුටද, තාරුණ්‍යය රැකදීමද මෙහි සුවිශේෂී
ප්‍රතිකාර ක්‍රමයේ ලක්‌ෂණයක් වෙනවා.
ඕනෑම රෝගයකට හෝමියෝපති ප්‍රතිකාර තිබෙනවාද?
ඔව්. තීව්ර රෝග, නිධන්ගත රෝග හා බෝවන / බෝ නොවන ආදී සෑම රෝගයකටම හෝමියෝපති වෛද්‍ය සුවිශේෂ වූ ප්‍රතිකාර ක්‍රම තිබෙනවා.
ආතරයිටිස්, පාකින්සන්, කොඳුඇටපෙළේ
ආබාධ, ස්‌නායු රෝග, අත් පා වල හිරිවැටීම, වෙව්ලීම, නහර ගැට ගැසීම, අර්ශස්,
හර්නියා, ඉරුවාරදය, අකලට කෙස් සුදුවීම, ගැළවී යැම, දත්මුල් දියවීම,
ආමාශගත රෝග, මළබද්ධය, ලිංගික රෝග, හෘද රෝග, අක්‌මා රෝග, වකුගඩු
මුත්‍රාශ්‍රිත රෝග, දියවැඩියාව, අධික ස්‌ථුලතාව, කැස්‌ස, ඇදුම, පීනසය,
සියලු කාන්තා රෝග, දද, කුෂ්ඨ, පොතු කබර, කුරුලෑ, අළුහම්, ශරීරය කැසීම ආදී
රෝගයන් හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර මගින් සුවකළ හැකියි.
නොමිලේ විස්‌තර සඳහා
011-2731695 හෝ 0718250716/17
සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ