Go to previous topic
Go to next topic
Last Post 11 Nov 2018 07:18 AM by chamaramind
සයටිකාව
27 Replies
|
|
chamaramind
Most Senior Member Posts:13470
21 Jul 2018 07:35 PM |
|
ප්‍රශ්නය - සයටිකා රෝගය සුවපත් කිරීමේ සම්බාහන ක්‍රියාවලියට විශාල තැනක් හිමිවෙනවා. එසේ සම්බාහනය සඳහා සුදුසු තෙල් වර්ග මොනවාද?
වෛද්‍ය ආර්. කේ. වීරසේකර - මහා නාරායන
තෛලය - මෙය ආයුර්වේදයේ සම්බාහන කටයුතුවලදී ඉහළම තැනක් ලැබෙන ඖෂධයක්.
විශේෂයෙන් කොන්දේ අමාරුව තිබෙන රෝගීන්ට මහා නාරායන තෛලය ඉතාම සුදුසුයි. මේ
තෙල් වර්ගය යොදා සම්බාහනය කරන විට මාංශ පේශීන් මෙළෙක් වෙලා තෙල් ශරීරය
තුළට කිදා බසිනවා. සම සහ මාංශයේ ගැඹුරු තැන්වල තිබෙන විස සහිත බව නැති
කරන්නට මේ තෙල්වලට පුළුවන්. ඒ වගේම මාංශ පේශීවල තද ගතිය නැති කිරීමෙන්
රුධිර සංසරණය ලිහිල් කරන්නටත් මහා නාරායනයට පුළුවන්.
අශ්වගන්ධ තෛලය - ශරීරයේ අස්‌ථි, මාංශ
පේශි සහ පටක වර්ධනය කර ශක්‌තිමත් කරන්නට අශ්වගන්ධ තෛලයට පුළුවන්. කොන්දේ
අමාරුවක් හෝ සයටිකා වේදනාවක් නිතරම එන්නේ වාත දොaෂය කුපිත වීම නිසා බව අප
මේ වන විටත් දන්නවා. අශ්වගන්ධය මූලික වශයෙන් භාවිතා කරන්නේ ශරීරයේ වාත
දෝෂය සමනය කරන්නටයි. එවිට වේදනාව නැති වෙනවා.
වාත සමන තෛලය - සුදුලූනු, සතකුප්ප, තල,
කොහොඹ තෙල් යනාදිය මගින් වාත සමන තෛලය හදනවා. ශරීරයේ මාංශ පේශි වෙහෙස වුණාම
වේදනා දෙනවා. වාත සමන තෛලය මගින් මේ වේදනාව නතර කරන්නට පුළුවන්. මේ තෙල්
යොදා සම්බාහනය කිරීමෙන් සම සහ එයට යටින් තිබෙන මාංශ ස්‌ථරය උණුසුම් වෙනවා.
මෙය සයටිකා රෝගීන් සම්බාහනය කිරීමට ඉතාම සුදුසු ඔසුවක්.
කර්යුරාදි තෛලය - මෙය හදන්නේ කපුරු
නමැති ශාකයෙන්. මාංශ පේශි වේදනාව, සන්ධි වේදනාව, සන්ධිවල තද ගතිය නැති
කරන්නට කර්යුරාදි තෛලයට පුළුවන්.
මුරිවෙන්නා තෛලය - පොල් තෙල් යොදා සාදන මෙයින් සියලු ප්‍රදහ තත්ත්වයන් නැති කරනවා.
ධන්වන්තරි තෛලය - ආත්‍රයිටිස්, ස්‌පොන්චිලයිටිස් යන රෝග තත්ත්වයන් වලදීත් සන්ධි වේදනාවන්වලදීත් මෙය ආලේප කර සම්බාහනය කළ යුතුයි.
ඉහත සඳහන් තෙල් වර්ග සියල්ලම සයටිකා
රෝගයේදී අප භාවිත කරනවා. මේ තෙල් වර්ග ආලේප කරන ආකාරය අනුව තමයි ඒවා සයටිකා
ස්‌නායුව වෙත ගමන් කරන්නේ. තෙල් වර්ග සයටිකා ස්‌නායුව වෙත ගිය තරමට තමයි
එය සුව වන්නේ.
ලබන සතියට
නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055
සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
|
|
0 |
|
Udari
Super Senior Member Posts:5555
21 Jul 2018 08:59 PM |
|
සයටිකාව කියන ලෙඩේ මොකද්ද මේ.......ආයුර්වේද වචන තේරෙන්නෙ නෑනි
|
|
0 |
|
maduranga001
Most Senior Member Posts:14112
21 Jul 2018 10:38 PM |
|
Posted By Udari on 21 Jul 2018 08:59 PM
සයටිකාව කියන ලෙඩේ මොකද්ද මේ.......ආයුර්වේද වචන තේරෙන්නෙ නෑනි
කොන්දේ කැක්කුමද?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
|
|
0 |
|
chamaramind
Most Senior Member Posts:13470
28 Jul 2018 06:02 PM |
|
ප්‍රශ්නය
- අද අප මාතෘකාව යම් තරමකින් වෙනස් කිරීමට අපේක්‍ෂා කරනවා. ඒ අනුව අප අද
සිට පටන් ගන්නේ ආයුර්වේද ක්‍රමවේදයන් මගින් සයටිකා රෝගය කළමනා කරගන්නා
ආකාරයයි.
වෛද්‍ය කේ. ආර්. වීරසේකර - කෙනෙකුගේ
ජීවිතයේ වඩාත්ම පලදායී කාලයේදී වැළඳිය හැකි එමෙන්ම බොහෝ විට වැළඳෙන නරකම
රෝගයක් තමයි කොන්දේ අමාරුව. මේ කොන්දේ අමාරුවලින් 90% ක් ම කවර හෝ සයටිකා
රෝග තත්ත්වයක් බව දැන් සොයාගෙන තිබෙනවා. නූතන ජීවිතවල තිබෙන කාර්ය බහුල
බව, වෘත්තීය නිසා නිතරම වැරදි ඉරියව්වලට ඉඳගෙන සිටීමට සිදුවීම, ගමනා
ගමනයේදී සහ ව්‍යායාම/ ක්‍රීඩා යනාදියේදී ශරීරයේ හට ගන්නා කම්පනය, ශරීරයේ බර
වැඩිවීම, පරිගණක භාවිතයට පුරුදු වීම නිසා නිතර දෙවේලේ කොන්ද නමාගෙන සිටීම,
මානසික ආතතිය, කොඳු ඇට පෙළ මත හට ගන්නා නොනිසි පීඩනය නිසා සයටිකාවත්
කොන්දේ අමාරුවත් හට ගන්නවා. ආයුර්වේදයේ එන ග්‍රිධ්‍රසි නමැති රෝගයත්, බටහිර
වෙදකමේ එන සයටිකාවන් යන දෙකම එක සමාන බව අප මෙයට පෙරත් සඳහන් කර තිබෙනවා.
ආයුර්වේදයේ එන තානාන්ම්ජ ව්‍යාධි ලෙස හඳුන්වන රෝග 80 න් සයටිකාව ඉන් එකක්.
එමෙන්ම එය වාතව්‍යාධියක් බවත් අප මේ වන විට දන්නවා. එනම් වාත දොaෂය කුපිත
වීම මුල් කරගත් රෝගයක්. වාත ව්‍යාධි රෝගවලට වඩාත්ම සුදුසු ප්‍රතිකාරය ලෙස
ආයුර්වේදයේ සඳහන් වන්නේ වස්‌ති චිකිත්සාවයි.
ප්‍රශ්නය - මෙයට අමතර චිකිත්සා තිබෙනවාද?
වෛද්‍ය කේ. ආර්. වීරසේකර - ශෝධන සහ සවන
ප්‍රතිකාර මගින් සයටිකාව සුව කරන්නේ කොහොමද කියන කාරණය ගැන ඉන්දියානු
ආයුර්වේද පර්යේෂකයන් පිරිසක් ඉන්දියාවේදී කළ පර්යේෂණ ගැන Reserch Gate
නමැති web අඩවියේ පළ වී තිබෙනවා. මෙහිදී පළමු නියෑදිය ලෙස අරගෙන තිබෙන්නේ
කොන්දේ අමාරුව. කොන්දේ උඩ සිට පාදයේ පහළට ඇදී යන වේදනාව, වම් පාදයේ
පේෂීන්වල හට ගන්නා වේදනාව, ඇවිදින විට හට ගන්නා වේදනාව යන රෝග ලක්‍ෂණ සහිත
පිරිමි රෝගියෙක්. එරන්ද්මුලා දී වස්‌තිය, පත්‍ර සින්ධ ස්‌වේද හෙවත් ඔෂධීය
ශාක පත්‍ර ඇසුරින් සාදා ගන්නා පොට්‌ටනිවලින් තැවීම, මහර්ශනාදී ක්‌වාථය සහ
සන්නිෂාද එරන්ද තෛලය මගින් කරන ප්‍රතිකාර යනාදිය මගින් මාසයක කාලයක් ඔහුට
ප්‍රතිකාර කර තිබෙනවා. මෙහි ප්‍රතිඵලය ඉතා උසස් බව පෙනී ගොස් තිබෙනවා.
(ලබන සතියේ රෝගියාගේ තත්ත්වය වේදනාවක් නැතිව ඇවිදිය හැකි තැනට වර්ධනය වූ හැටි)
ලබන සතියට
නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055
සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
|
|
0 |
|
Udari
Super Senior Member Posts:5555
29 Jul 2018 08:21 AM |
|
වැදගත් ආර්ටිකල් එකක්......ස්තුතියි අය්ය
|
|
0 |
|
chamaramind
Most Senior Member Posts:13470
04 Aug 2018 05:41 PM |
|
ප්‍රශ්නය
- පසුගිය සතියේදී සයටිකා රෝගය ගැන මූලික අවබෝධයක් පාඨකයාට ලබා දීමට ඔබට
හැකි වුqණා. අද අප ඔබෙන් අසන පළමුවැනි ප්‍රශ්නය වන්නේ සයටිකා රෝගය නිසා හට
ගන්නා අධික වේදනාව පාලනය කරගන්නේ කොහොමද කියන කාරණයයි.
වෛද්‍ය කේ. ආර්. වීරසේකර - සයටිකා රෝගය
කියන්නේ නිට්‌ටාවට සුව කළ හැකි රෝගයක්. ඒ නිසා සයටිකා වේදනාව තාවකාලිකව
නැති කිරීම සඳහා යොදන ප්‍රයෝග එතරම් ප්‍රයෝජනවත් බව මා හිතන්නේ නැහැ. එහෙත්
සයටිකා වේදනාව උහුලා ගන්නට බැරි අවස්‌ථාවකදී පහත සඳහන් උපදෙස් අනුගමනය
කිරීමෙන් යම් සහනයක් ලබා ගන්නට පුළුවන්. හැකි තරම් ජලය පානය කරන්න. අමු
සුදුලූණු සහ B විටමින් අඩංගු ආහාර බහුල වශයෙන් ගත යුතුයි. දීර්ඝ කාලයක්
එකම ඉරියව්වේ හිඳගෙන නොසිට නැගිට ඇවිද යමින් ක්‍රියාකාරී විය යුතුයි.
ව්‍යායාම කළ යුතුයි.
ප්‍රශ්නය - සයටිකා රෝගය නිසා අංශභාගය වැළඳෙනවාද?
වෛද්‍ය කේ. ආර්. වීරසේකර - රෝගය නිසා
ස්‌නායුවලට වන හානියේ ප්‍රමාණය අනුව තමයි අංශභාගය හැදෙනවාද නැද්ද කියලා
තීරණය වෙන්නේ. එහෙත් සයටිකාව නිසා අංශභාගය හැදෙනවා අඩුයි. එයට හේතුව
සුෂුම්නාව සහ සයටිකා ස්‌නායුව අතර සෘජු සම්බන්ධයක් නැති වීමයි.
ප්‍රශ්නය - සයටිකාව සුව වීමට කොපමණ කලක් ගත වෙනවාද?
වෛද්‍ය කේ. ආර්. වීරසේකර - පාදයේ වේදනාව
සුළු වශයෙන් දැනෙනවා නම් එමගින් හෙළි වන්නේ සයටිකාව එතරම් නරක තත්ත්වයක
නැති බවයි. එබැවින් සති 4 - 8 අතර කාලය තුළ රෝගය සුව වීමේ ප්‍රවණතාවක්
තිබෙනවා. එය නිදන්ගත නොවන සාමාන්‍ය මට්‌ටමේ සයටිකා තත්ත්වයක් විය හැකියි.
ප්‍රශ්නය - සයටිකා රෝගය පීඩා දෙන අවස්‌ථාවක එම වේදනාව සමනය කර ගැනීම සඳහා යොදා ගත හැකි ඖෂධීය නොවන ප්‍රතිකාර මොනවාද?
වෛද්‍ය කේ. ආර්. වීරසේකර - මෙය හිඳගෙන
කළ යුතු ක්‍රියාවක්. ඔබේ වම් කකුලේ දණහිස මත දකුණු කකුලේ විලුඹ තබන්න.
මෙවිට සයටික් ස්‌නායුව ලිහිල් වීමක් සිදු වෙනවා. එවිට වේදනාව ක්‍රමයෙන්
අඩු වෙනවා. මෙය මාරුවෙන් මාරුවට වම් කකුල සහ දකුණු කකුල යොදාගෙන කළ විට
සහනයක් ලැබෙනවා.
ලබන සතියට
නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055
සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
|
|
0 |
|
Udari
Super Senior Member Posts:5555
07 Aug 2018 07:25 PM |
|
තාවකාලික සහනයක් හරි ලැබෙන එක කොයිතරම් දෙයක් ද
|
|
0 |
|
chamaramind
Most Senior Member Posts:13470
11 Aug 2018 06:55 PM |
|
ප්‍රශ්නය - සයටිකා වේදනාව සුව කිරීමට සුදුසු ආයුර්වේද ශාක ද්‍රව්‍ය මොනවද?
වෛද්‍ය කේ. ආර්. වීරසේකර - Vitex
negundo හෙවත් නික ඉතා ප්‍රබල ආයුර්වේදීය වේදනා නාශකයක්. නික කොළ කොටා
පොට්‌ටනි බැඳ වාෂ්පයෙන් තම්බා වේදනා සහගත ප්‍රදේශ තැවීමෙන් වේදනාව පහව
යනවා. වාත දොaසය කුපිත වීම නිසා වේදනාවට පත් ස්‌නායු සහ සන්ධි ප්‍රකෘතිමත්
කර ගැනීමට නික කොළවලින් කරන ප්‍රතිකාර ඉතා සුදුසුයි.
ඊළඟ ශාකමය ඖෂධය තමයි commiphora wightii
හෙවත් ගුග්ගුලු. මෙය ලොව තිබෙන පැරණිතම වේදනා නාශකයක් ලෙස හඳුනාගෙන
තිබෙනවා. මෙයින් සාදන වේදනා නාශකය මුඛයෙන් ශරීරගත කරනවා. ඒ මගින් ශරීරයේ
කොන්ද ආශ්‍රිතව තිබෙන මාංශ පේශි සහ පටක ශක්‌තිමත් වෙනවා. එසේම අස්‌ථි
ශක්‌තිමත් කරගන්නටත් ගුග්ගුලුවලට පුළුවන්.
Ricinus commiunis හෙවත් එරඬු (එඬරු)
යනුවෙන් හැඳින්වෙන ශාකයේ මුල් වලින් සාදා ගන්නා ඖෂධ වලින් සයටිකා වේදනාව
සමනය කළ හැකියි. රූමැටික ආත්‍රයිටිස්, ඔස්‌ටියෝ ආත්‍රයිටිස්, කාන්තාවන්ගේ
ඔසප් දොaෂ යනාදියේදී හටගන්නා වේදනාව නැති කිරීමේ හැකියාව එඬරු ශාකයේ
තිබෙනවා.
ඊළඟ ශාකය වන්නේ අශ්වගන්ධ හෙවත්
අමුක්‌කරා (Withania somnifera) සයටිකා වේදනාව පවතින ප්‍රදේශය පුරා
අශ්වගන්ධ තෛලය ගා සම්බාහනය කිරීමෙන් වේදනාව තුරන් කර ගැනීමට පුළුවන්. මෙය
දිනකට දෙවතාවක් පමණ කළ යුතුයි. අශ්වගන්ධ තෙල් මේස හැන්දකට දමා පහන්
දැල්ලෙන් මඳක් රත්කර රස්‌නය පිටින්ම ගෑ හැකිනම් තවත් හොඳයි. හිරිය,
මාංශපේශි තද වීම යනාදිය ක්‍ෂණිකව සුව කරන්නට රත්කළ අශ්වගන්ධ තෛලයට පුළුවන්.
Piper longum හෙවත් තිප්පිලි, කුඩු කළ
කපුරු (කපුරු බෝල නොවේ. මේ සඳහා ගන්නේ දල්වන කපුරුය.) දෙවර්ගය ගෙන තල
තෙල්වල දමා තෙල් තද දුඹුරු පැහැයට එනතුරු බැදගෙන එම තෙල් පෙරා නිවෙන්නට හැර
වේදනාව පවතින ප්‍රදේශවල ගා සම්බාහනය කිරීමෙන් උසස් ප්‍රතිඵල ලබා ගන්නට
පුළුවන්.
සාදික්‌කා කුඩු කර තල තෙලෙහි බැද එම තෙල නිවෙන්නට හැර සයටිකා වේදනාව පවතින ප්‍රදේශවල ආලේප කිරීමෙනුත් හොඳ ප්‍රතිඵල ලබා ගන්නට හැකියි.
ප්‍රශ්නය - සයටිකා කියන්නේ රෝගයක්‌ද
එහෙමත් නැත්නම් රෝග ලක්‍ෂණයක් ද කියන කාරණය අපට පැහැදිලි කළ යුතුයි. උණ
යනු රෝගයක් නොව රෝග ලක්‍ෂණයක් බව අප දන්නවා. සයටිකා සම්බන්ධ තත්ත්වය
කුමක්‌ද?
වෛද්‍ය කේ. ආර්. වීරසේකර - සයටික්
ස්‌නායුව පීඩනයට පත් වීමේ රෝග ලක්‍ෂණය තමයි සයටික් වේදනාව. එතකොට රෝගය
වන්නේ ස්‌නායුව පීඩනයට පත්වීමයි. ඒ නිසා සයටිකාවට ප්‍රතිකාර කරන විට රෝගය ඒ
මොහොතේ පවතින තත්ත්වය මොකද්ද කියන කාරණය ගැන වෛද්‍යවරයා දැනුවත් විය
යුතුයි. ඒ අනුව මේ රෝගයට ප්‍රතිකාර කරන විට අප ප්‍රධාන අංශ තුනක් ගැන
සැලකිලිමත් වෙනවා. එනම්,
1. ප්‍රදාහ නාශක තත්ත්වයන් ඇති කර මත්ද්‍රව්‍ය නොවන වේදනා නාශක ලබා දීම.
2. මධ්‍ය ස්‌නායු පද්ධතිය නිද්‍රdජනක තත්ත්වයට පත් කර වේදනාව සමනය කිරීම.
3. සයටිකා ස්‌නායුව පවත්නා ප්‍රදේශයේ මාංශපේශින් ලිහිල් කරදීම.
ප්‍රශ්නය - සයටිකාවෙන් පීඩා විඳින අයකුගේ ආහාරපාන කෙසේ විය යුතුද?
වෛද්‍ය
කේ. ආර්. වීරසේකර - සයටිකාවෙන් පීඩා විඳින රෝගියා ගන්නා ආහාරවලින් වැඩි
ප්‍රමාණය කාබෝහයිඩේ්‍රට් විය යුතුයි. කාබෝහයිඩේ්‍රට් ජීර්ණය වී ගුදය
දක්‌වා ගමන් කිරීමෙන් අන්ත්‍රවල (බඩවැල්වල) චලනයන් නියමානුකූල වෙනවා. එවිට
ආහාර ජීර්ණය යහපත් අතට හැරී ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ උරා ගැනීම
නියමානුකූලව වෙනවා. ඒ අනුව රෝගියා ශක්‌තිමත් කෙනෙක් බවට පත්වෙනවා.
කොළ මැල්ලුම්, සලාද කොළ යනාදිය වැඩි
වශයෙන් ආහාරයට ගැනීම සයටිකා රෝගියාට ඉතාම වැදගත්. කොළ වර්ගවල තන්තු හෙවත්
Fiber තිබෙනවා. තන්තු බඩට ගියාම ආහාර ජීර්ණය වීම ඉතා පහසුයි. ආහාර ජීර්ණය
නිසි ලෙස සිදුවන විට මළ පහ වීමත් නිසි ලෙස සිදුවෙනවා.
කෙසෙල් සහ ඇපල් මෙවැනි රෝගීන්ට ඉතා ගුණදායකයි.
රෝගියා බර ආහාර ගැනීමෙන් සම්පූර්ණයෙන් ම
වැළකිය යුතුයි. මන්ද බර ආහාර ජීර්ණය වීමට විශාල වේලාවක් ගත වෙනවා. එවිට
ගුදය ආශ්‍රිත ප්‍රදේශයට ලොකු පීඩනයක් එල්ල වෙනවා.
සයටිකා රෝගියා උඩුබැලි අතට නිදාගත යුතුයි. පාද ඔසවා දණහිස යටින් කොට්‌ටයක් තැබිය යුතුයි.
සයටිකා රෝගියා නිතරම සැහැල්ලු ව්‍යායාම කළ යුතුයි. එසේ කරන විට පාද රිදෙනවා නම් වහාම ව්‍යායාම නැවැත්විය යුතුයි.
අමු කරාබු නැටි 2 - 3 ක් දිනපතා ආහාරයට ගත යුතුයි.
ලබන සතියට
නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055
සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
|
|
0 |
|
Udari
Super Senior Member Posts:5555
12 Aug 2018 01:51 AM |
|
හරි වැදගත් ....ස්තුතියි අය්ය
|
|
0 |
|
chamaramind
Most Senior Member Posts:13470
12 Aug 2018 07:11 PM |
|
ජීවිතයේ
බොහෝ දේ අපට කරන්න තියෙනවා නමුත් නොසිතු මොහොතක හටගන්නා වේදනාව නිසා
සියල්ල අඩපන වෙන්න පුළුවන්. ඇවිදගන්න අපහසු වුවහොත් වේදනාකාරී වුවහොත්
එදිනෙදා කටයුතු කරගන්නේ කොහොමද. කාලයක් සමග වයසට යන විට ශරීරය දුර්වල
වෙනවා. නොසිතු අවස්‌ථාවක හටගන්නා එවැනි වේදනාවක් සයටිකා තත්ත්වයක් විය
හැකියි.
වත්මන් සමාජයේ බහුලව බොහෝ දෙනෙකු අතර දක්‌නට ලැබෙන
රෝගී තත්ත්වයක් ලෙස සයටිකා දැකිය හැකි අතර වයස 40-45 අතර 45% ප්‍රතිශතයක්
දක්‌නට ලැබේ.
වෛද්‍යතුමනි සයටිකා ලෙස හඳුන්වන්නේ කුමන රෝගී තත්ත්වයක්‌ද?
සයටිකා ලෙස හැඳින්වෙන්නේ අපේ ශරීරයේ විශාලම ස්‌නායුව වන සයටිකා ස්‌නායුව
තෙරපීමක් නිසා ඇතිවන වේදනාකාරී තත්ත්වයයි. මෙය අපේ කොන්දේ පහළම පිහිටි
කශේරුකා වලින් පටන් ගන්නා අතර (L4, L5, S1, S2) එම කශේරුකා අතර පිහිටි
කාටිලේ- ගෙවී යාමත්, ඉදිරියට නෙරායාමත්, පැතලි වීමත්, ගෙවී යාමත්, දිරා
යාමත් මෙන්ම වයසත් සමග සිදුවන අස්‌ථි අධිවර්ධනය නිසා ස්‌නායු මාර්ගය පටු
වීම (Lumba spinal stenosis) මෙන්ම අස්‌ථි එකිනෙක ලිස්‌සායාමක්
(Spondylolisthesis) හෝ අධික බරක් එසවීම, කොන්ද නැවීම, හිතුමතේ ව්‍යායාම
සිදු කිරීම, වැරදි ඉරියව් අනුගමනය කිරීම, සිදුවන හදිසි අනතුරු වැනි
නොයෙකුත් හේතු නිසා කශේරුකා වලට බලපෑමක් වූ විට සයටිකා ස්‌නායුවක් තෙරපීම
නිසා වේදනාකාරී රෝග ලක්‌ෂණ ක්‍රම ක්‍රමයෙන් හෝ එකවර මතුවන්න පුළුවන්.
සයටිකා රෝගයකදී මතුවන රෝග ලක්‌ෂණ මොනවාද?
මෙහිදී පෙන්වන රෝග ලක්‌ෂණ ලෙස කොන්දේ පහල එන වේදනාව (Lower back
pain)කොන්ද පැත්තක එන වේදනාව (Hip pain), ඉඳගෙන සිටින විට එන වේදනාව, කකුල
පුරා එන දැවිල්ල, පිච්චෙන ගතිය, කුඹි දුවනවා වගේ දැනීම, සමග පාදය දිගේ
ඉදිකටු අනිනවා වගේ දැනීම, හිරිවැටීම, එකවර නැගිටීමේ අපහසුතාව, විදුලියක්
මෙන් එකවර හටගන්නා වේදනාව, මෙන්ම මෙහි විශේෂත්වය වන්නේ එක් පාදයක් දිගේ
මේ සියලු රෝග ලක්‌ෂණ ක්‍රම ක්‍රමයෙන් ඇඟිලි දක්‌වාම ඇතිවී ඇඟිලි හිරිවැටීම
ඇතිවිය හැක.
තවද ආතරයිටිස් තත්ත්ව නිසා පාද ඇද ගැසීගෙන යනවිට
බොහෝ අයට සිදුවන වෙනස නොදැනුනත් 50% ඉක්‌මවා ඇදය ඇති වූ විට කොන්දට සිදුවන
බලපෑම එක්‌තරා අවස්‌ථාවකදී මෙම ස්‌නායුව තෙරපීමක් සමග දැනෙන වේදනාව
දණහිස් වේදනාව ඉක්‌මවා යා හැකියි. මැදිවිය, වයස්‌ගත මව්වරු, පියවරු බොහෝ
අසරණව ඇවිදගත නොහැකිව බොහෝ වේදනාවලට බලපාන එක හේතුවක් ලෙස මෙය සැලකිය
හැකියි.
මෙවැනි අවස්‌ථාවකදී හේතුව යථා තත්ත්වයට නොගතහොත්
වේදනාවට පමණක් ප්‍රතිකාර ගැනීම තුළ ක්‍රම ක්‍රමයෙන් එය වර්ධනය වී
සැත්කම්වලට පවා මුහුණදීමට සිදුවන අවස්‌ථා ඇතිවිය හැක.
හෝමියෝපති ප්‍රතිකාර සයටිකා තත්ත්වයට සුවිශේෂී වන්නේ කෙසේද?
මෙහිදී රෝගියාගේ රෝග ලක්‌ෂණ මුල්කරගෙන කායික මෙන්ම මානසිකත්වයද සැලකිල්ලට
ගෙන සිදුකරන ප්‍රතිකාරයක් නිසා හෝමියෝපති මූලධර්මය අනුව රෝග ලක්‌ෂණවලට
සමාන ඖෂධය දීම තුළ වේදනා නාශක නොමැතිවම රෝග ලක්‌ෂණය ලෙස පෙන්වූ වේදනාව
නැතිව යන්නේ රෝගයට හේතුවද නැති කරමින්ය. ඉදිකටු අනිනවා වගේ, හිරිවැටෙන
ස්‌වභාවය, පිච්චෙන, දැවිල්ල ස්‌වභාවය නැතිව යැම නොදැනුවත්වම හේතුව ක්‍රම
ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වී රෝගියා සුවවීම, ප්‍රතිශක්‌තිකරණය ගොඩනැගීම
තුළ වෙනස්‌ව තිබූ ව්‍යහාත්මක වෙනස්‌කම් යළි යථා තත්ත්වයට ගෙනදීම වේ.
හෝමියෝපති ප්‍රතිකාර ක්‍රමයේ ඇති සුවිශේෂත්වය කුමක්‌ද?
අපේ ශරීරය අස්‌ථි, පේශි, නහර, ස්‌නායු මගින් ගොඩනැගුනු පද්ධතින් සමූහයක
එකතුවක් වෙන් කරන්න බැහැ. දම්වැල් පුරුක් වගේ බැඳිලා තිබෙන මේ අවයව වල
වෙනස්‌කම් රෝග ලක්‌ෂණ ලෙස රෝගියාව සැලකිල්ලට ගෙන කායික මෙන්ම මානසික
සිතුවිලිද ගෙන රෝගියාව සුවපත් කිරීම අපේ ප්‍රතිකාර ක්‍රමයේ විශේෂත්වයයි. ඒ
තුළින් රෝගයට හේතු වූ රෝග ලක්‌ෂණය නැතිවී යැම, රෝගියාගේ රෝගය නැතිවී රෝගියා
සුවය ලැබීම විශේෂත්වයයි.
හෝමියෝපති ඖෂධ සරලයි, පාවිච්චිය
පහසුයි. වයස් ගත වූ මව්වරුන්ට, පියවරුන්ට මෙවැනි රෝගවලින් කුමන තත්වයක
හේතු සාධක වුණත් කුමන වයසක වුවත් හෝමියෝපති ප්‍රතිකාරය නිවැරදිව ඔබ අනුගමනය
කළහොත් යථාතත්ත්වයෙන් සුවය ඔබ අත්විඳිනු ඇත. පාවිච්චියට පහසු වීමද, අතුරු
ආබාධ නොමැති වීමද, මෙහි විශේෂත්වය වනු ඇත.
මේ වෛද්‍ය ක්‍රමය තුළ සෑම රෝගයක් සඳහාම ප්‍රතිකාර තිබෙනවාද?
ආතරයිටිස්, පාකින්සන්, කොඳු ඇට පෙළේ ආබාධ, ස්‌නායු රෝග, අත් පා වල
හිරිවැටීම, වෙව්ලීම, නහර ගැට ගැසීම, අර්ශස්, හර්නියා, ඉරුවාරදය, අකලට
කෙස් සුදුවීම, ගැලවී යාම, දත්මුල් දියවීම, ආමාශගත රෝග, මළ බද්ධය, ලිංගික
රෝග, හෘද රෝග, අක්‌මා රෝග, වකුගඩු මුත්‍රාශ්‍රිත රෝග, දියවැඩියාව, අධික
ස්‌ථුලතාවය, කැස්‌ස, ඇදුම, පීනසය, සියලු කාන්තා රෝග, ආදී සෑම රෝගයකටමද
හෝමියෝපති වෛද්‍ය ක්‍රමය තුළ ඖෂධ තුළින් සුවය ලැබිය හැකි වනවා. එය ඔබට
නිරෝගිමත් දිවියකට දිව ඔසු අත්වැලක් වනු නොඅනුමානය.
වැඩි විස්‌තර සඳහා දුරකථන අංක:
0112731695 හෝ 0718250716/17 ඇමැතිය හැකිය.
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
|
|
0 |
|
Udari
Super Senior Member Posts:5555
12 Aug 2018 11:34 PM |
|
ලොකු දෙයක්
|
|
0 |
|
chamaramind
Most Senior Member Posts:13470
18 Aug 2018 06:22 PM |
|
ප්‍රශ්නය - සයටිකා රෝගීන්ට සුදුසු ආහාර මොනවද?
වෛද්‍ය කේ. ආර්. වීරසේකර - B විටමිනය
සහිත ආහාර ගැනීමෙන් සයටිකා සුවපත් වීම ඉක්‌මන් වෙනවා. කැල්සියම් මි. ග්‍රෑ.
2000 ක් සහ මැග්නීසියම් මි. ග්‍රෑ. 1000 බැගින් දිනපතා ගැනීමෙන් ස්‌නායු
මත හට ගන්නා මාංශ පේශිවල පීඩනය අඩු වී යනවා. ඒ අතර Bromelain යනුවෙන්
එන්සයිමයක් තිබෙනවා. මෙය දිනකට මි. ග්‍රෑ. 800 ගැනීමෙන් කොන්දේ වේදනාව සහ
ප්‍රදාහ තත්ත්වයන් නැති වෙනවා. හැබැයි මේ සියල්ල කළ යුත්තේ සුදුසු
වෛද්‍යවරයකුගේ උපදෙස් මත බව මා දැඩි අවධාරණයෙන් යුතුව කියනවා.
ප්‍රශ්නය - ආත්‍රයිටිස් වැනි රෝග සුව කරන්න අපහසු බවට හැඟීමක් තිබෙනවා.
වෛද්‍ය කේ. ආර්. වීරසේකර - නිසි පරිදි
කරන ප්‍රතිකාර මගින් සති හත අටක් තුළ සයටිකාව සුව කරගන්නට පුළුවන්. සමහර
විට සයටිකාව මාස හත අටක් ඇදෙන අවස්‌ථා තිබෙනවා.
ප්‍රශ්නය - සයටිකා රෝගයට ප්‍රතිකාර නොකර රෝගය නොසලකා හිටියොත් සිදුවන්නේ කුමක්‌ද?
වෛද්‍ය කේ. ආර්. වීරසේකර - මෙවිට Cauda equina
syndrome
නමැති රෝගය හට ගන්නවා. මෙහිදී සිදුවන්නේ සුෂුම්නාවේ පහළ කොටස තෙරැපීමකට
ලක්‌වීමයි. එවිට කොන්ද රිදෙන්නට පටන් ගන්නා අතර තට්‌ටම් හිරිවැටෙනවා. දෙපා
දුර්වල වෙනවා. මුත්‍රා බොක්‌කේ ක්‍රියාකාරකම් සහ අන්ත්‍රවල ක්‍රියාකාරකම්
කඩාකප්පල් වෙනවා. මෙයත් නොසලකා හැරියොත් රෝගියා අංශභාග තත්ත්වයට පත්වෙනවා.
ප්‍රශ්නය - සයටිකාව නිදන්ගත තත්ත්වයට පත්වන රෝගයක්‌ද?
වෛද්‍ය කේ. ආර්. වීරසේකර - තුන් මාසයකට වඩා සුව නොවී පවතින සයටිකාව නිදන්ගත සයටිකා තත්ත්වයක් ලෙස හැඳින්වෙනවා.
ප්‍රශ්නය - සයටිකා වේදනාව සුව කිරීමට සුදුසු ආයුර්වේද ශාක ද්‍රව්‍ය මොනවද?
වෛද්‍ය කේ. ආර්. වීරසේකර - Vitex
negundo හෙවත් නික ඉතා ප්‍රබල ආයුර්වේදීය වේදනා නාශකයක්. නික කොළ කොටා
පොට්‌ටනි බැඳ වාෂ්පයෙන් තම්බා වේදනා සහගත ප්‍රදේශ තැවීමෙන් වේදනාව පහව
යනවා. වාත දොaසය කුපිත වීම නිසා වේදනාවට පත් ස්‌නායු සහ සන්ධි ප්‍රකෘතිමත්
කර ගැනීමට නික කොළවලින් කරන ප්‍රතිකාර ඉතා සුදුසුයි.
ඊළඟ ශාකමය ඖෂධය තමයි commiphora wightii
හෙවත් ගුග්ගුලු. මෙය ලොව තිබෙන පැරණිතම වේදනා නාශකයක් ලෙස හඳුනාගෙන
තිබෙනවා. මෙයින් සාදන වේදනා නාශකය මුඛයෙන් ශරීරගත කරනවා. ඒ මගින් ශරීරයේ
කොන්ද ආශ්‍රිතව තිබෙන මාංශ පේශි සහ පටක ශක්‌තිමත් වෙනවා. එසේම අස්‌ථි
ශක්‌තිමත් කරගන්නටත් ගුග්ගුලුවලට පුළුවන්.
Ricinus commiunis හෙවත් එරඬු (එඬරු)
යනුවෙන් හැඳින්වෙන ශාකයේ මුල් වලින් සාදා ගන්නා ඖෂධ වලින් සයටිකා වේදනාව
සමනය කළ හැකියි. රූමැටික ආත්‍රයිටිස්, ඔස්‌ටියෝ ආත්‍රයිටිස්, කාන්තාවන්ගේ
ඔසප් දොaෂ යනාදියේදී හටගන්නා වේදනාව නැති කිරීමේ හැකියාව එඬරු ශාකයේ
තිබෙනවා.
ඊළඟ ශාකය වන්නේ අශ්වගන් හෙවත් අමුක්‌කරා (Withania somnifera)
ලබන සතියට
නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055
සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
|
|
0 |
|
Udari
Super Senior Member Posts:5555
20 Aug 2018 05:59 PM |
|
ස්තුතියි අය්ය .........සනීප කරන්න පුළුවන් නම් ආයුර්වේදය උනත් මොකද
|
|
0 |
|
chamaramind
Most Senior Member Posts:13470
02 Sep 2018 08:03 AM |
|
ප්‍රශ්නය
- පසුගිය සතියේදී සයටිකා රෝගය ගැන මූලික අවබෝධයක් පාඨකයාට ලබා දීමට ඔබට
හැකි වුණා. අද අප ඔබෙන් අසන පළමුවැනි ප්‍රශ්නය වන්නේ සයටිකා රෝගය නිසා හට
ගන්නා අධික වේදනාව පාලනය කරගන්නේ කොහොමද කියන කාරණයයි.
වෛද්‍ය කේ. ආර්. වීරසේකර - සයටිකා රෝගය
කියන්නේ නිට්‌ටාවට සුව කළ හැකි රෝගයක්. ඒ නිසා සයටිකා වේදනාව තාවකාලිකව
නැති කිරීම සඳහා යොදන ප්‍රයෝග එතරම් ප්‍රයෝජනවත් බව මා හිතන්නේ නැහැ. එහෙත්
සයටිකා වේදනාව උහුලා ගන්නට බැරි අවස්‌ථාවකදී පහත සඳහන් උපදෙස් අනුගමනය
කිරීමෙන් යම් සහනයක් ලබා ගන්නට පුළුවන්. හැකි තරම් ජලය පානය කරන්න. අමු
සුදුලූණු සහ B විටමින් අඩංගු ආහාර බහුල වශයෙන් ගත යුතුයි. දීර්ඝ කාලයක්
එකම ඉරියව්වේ හිඳගෙන නොසිට නැගිට ඇවිද යමින් ක්‍රියාකාරී විය යුතුයි.
ව්‍යායාම කළ යුතුයි.
ප්‍රශ්නය - සයටිකා රෝගය නිසා අංශභාගය වැළඳෙනවාද?
වෛද්‍ය කේ. ආර්. වීරසේකර - රෝගය නිසා
ස්‌නායුවලට වන හානියේ ප්‍රමාණය අනුව තමයි අංශභාගය හැදෙනවාද නැද්ද කියලා
තීරණය වෙන්නේ. එහෙත් සයටිකාව නිසා අංශභාගය හැදෙනවා අඩුයි. එයට හේතුව
සුෂුම්නාව සහ සයටිකා ස්‌නායුව අතර සෘජු සම්බන්ධයක් නැති වීමයි.
ප්‍රශ්නය - සයටිකාව සුව වීමට කොපමණ කලක් ගත වෙනවාද?
වෛද්‍ය කේ. ආර්. වීරසේකර - පාදයේ වේදනාව
සුළු වශයෙන් දැනෙනවා නම් එමගින් හෙළි වන්නේ සයටිකාව එතරම් නරක තත්ත්වයක
නැති බවයි. එබැවින් සති 4 - 8 අතර කාලය තුළ රෝගය සුව වීමේ ප්‍රවණතාවක්
තිබෙනවා. එය නිදන්ගත නොවන සාමාන්‍ය මට්‌ටමේ සයටිකා තත්ත්වයක් විය හැකියි.
ප්‍රශ්නය - සයටිකා රෝගය පීඩා දෙන අවස්‌ථාවක එම වේදනාව සමනය කර ගැනීම සඳහා යොදා ගත හැකි ඖෂධීය නොවන ප්‍රතිකාර මොනවාද?
වෛද්‍ය කේ. ආර්. වීරසේකර - මෙය හිඳගෙන
කළ යුතු ක්‍රියාවක්. ඔබේ වම් කකුලේ දණහිස මත දකුණු කකුලේ විලුඹ තබන්න.
මෙවිට සයටික් ස්‌නායුව ලිහිල් වීමක් සිදු වෙනවා. එවිට වේදනාව ක්‍රමයෙන්
අඩු වෙනවා. මෙය මාරුවෙන් මාරුවට වම් කකුල සහ දකුණු කකුල යොදාගෙන කළ විට
සහනයක් ලැබෙනවා.
නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055
සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
|
|
0 |
|
Udari
Super Senior Member Posts:5555
02 Sep 2018 03:25 PM |
|
හ්ම් සහනයක් විතරයි නේද
|
|
0 |
|
sha733
Super Senior Member Posts:7332
02 Sep 2018 07:52 PM |
|
බලාගෙන යනකොට තත්වය භයානකයි
|
|
0 |
|
chamaramind
Most Senior Member Posts:13470
09 Sep 2018 07:19 AM |
|
ප්‍රශ්නය
- පසුගිය සතිවල අප ඔබ සමග සාකච්ඡා කළේ සයටිකා රෝගය පිළිබඳ බටහිර වෛද්‍ය
විද්‍යාත්මක දැනුම ගැනයි. අද අප බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳ ආයුර්වේද
දැනුම පිරික්‌සා බලන්න.
වෛද්‍ය කේ. ආර්. වීරසේකර - සමහර විට එක
පාදයකත් තවත් සමහර විටෙක පාද දෙකෙහිමත් හටගන්නා සයටිකාව විශාල වේදනාවක්
ඇති කරන රෝගයක් බව අප දන්නවා. දීර්ඝ වශයෙන් හිඳගෙන සිටීමට සිදුවන රැකියා
කරන අයට මේ රෝගය වැළඳීමේ හැකියාව වැඩි බවත් අප දන්නවා. සයටිකාව බොහෝ විට
එන්නේ කොඳුඇට පෙළේ හටගන්නා වේදනාව (කොන්දේ අමාරුව) සමගයි. ආයුර්වේද
අර්ථකතනයට අනුව සයටිකාව හඳුන්වන්නේ වාත දොaෂ 80 කින් එකක් හැටියටයි.
සයටිකා රෝගයේ ආයුර්වේදනාමය "ග්‍රිද්රාසි" බව අප දැනටමත් දන්නවා. එම වචනය
සැදී තිබෙන්නේ ග්‍රිද්ර කියන සංස්‌කෘත වචනයෙන්. සංස්‌කෘතයෙන් ග්‍රිද්රට
කියන්නේ ගිජු ලිහිණියාටයි. සයටිකාව හැදුනාම රෝගියකුගේ ගමන් විලාසය වෙනස්
වෙනවා. රෝගියාගේ දෙපා තද ගතියකින් පෙළෙනවා. ඊළඟට ස්‌වල්ප වශයෙන් වකුටු
වෙනවා. රෝගියා ඇවිදින්නේ ගිජු ලිහිණියෙක් වගෙයි. පුරාණ ආයුර්වේදය ලෙඩ
රෝගවලට නම් තැබුවේ විවිධ නිදර්ශන ප්‍රයෝජනයට අරගෙනයි.
එය එක මතයක්. තවත් මතයක් තමයි සයටිකා
රෝගියා විසින් විඳිනු ලබන වේදනාව ගිජු ලිහිණියකුට හසුවන සතෙකුට විඳින්නට
සිදුවන වේදනාවට සමාන බව. ඒනිසා ගිජු ලිහිණියාගේ නමින් රෝගය නම් කිරීම
සිදුවූ බව කියනවා.
ප්‍රශ්නය - ආයුර්වේද නිර්වචනයට අනුව සයටිකා රෝගය හටගන්නේ කොහොමද?
වෛද්‍ය කේ. ආර්. වීරසේකර - වාත දොaෂය වර්ධනය කරන කොණ්‌ඩ කඩල, රටකජු, රතු පරිප්පු, මෑ, යනාදිය ගැනීමෙනුත්,
වියලි, සැහැල්ලු ශීත ආහාර සීමාවක් නැතිව පරිභෝජනය කිරීමෙනුත්,
තිත්ත කහට සහ කටුක ආහාර සීමාවක් නැතිව ගැනීමෙනුත්.
දරන්න බැරි තරමට බර ඉසිලීම, දීර්ඝ
වශයෙන් පයින් යැම, වැරදි ඉරියව්වලින් නිදා ගැනීම සහ හිඳගෙන සිටීමෙනුත්,
මුත්‍ර සහ මළ පිට කිරීමේ අවශ්‍යතා මැඩ පැවැත්වීමෙනුත්, අනවශ්‍ය පරිදි
වස්‌ති කිරීමෙනුත් මේ රෝගය හැදෙන බව ආයුර්වේදයේ කියෑවෙනවා.
නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055
සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
|
|
0 |
|
Udari
Super Senior Member Posts:5555
11 Sep 2018 09:51 AM |
|
කොණ්ඩ කඩල, රටකජු, පරිප්පු නම් නිතර කන්න ආස කෑම..........ඔය සැරේ අඩුවෙන් කන්නම්කො
|
|
0 |
|
sha733
Super Senior Member Posts:7332
11 Sep 2018 03:15 PM |
|
කොණ්ඩ කඩල කියන්ෙන ෙමානවද
|
|
0 |
|
Udari
Super Senior Member Posts:5555
11 Sep 2018 04:56 PM |
|
Posted By sha733 on 11 Sep 2018 03:15 PM
කොණ්ඩ කඩල කියන්ෙන ෙමානවද
ඇයි අලේ නාල දිගට පීරපු වරලස නේ 😂😂
|
|
0 |
|
sha733
Super Senior Member Posts:7332
11 Sep 2018 05:04 PM |
|
Posted By Udari on 11 Sep 2018 04:56 PM
Posted By sha733 on 11 Sep 2018 03:15 PM
කොණ්ඩ කඩල කියන්ෙන ෙමානවද
ඇයි අලේ නාල දිගට පීරපු වරලස නේ 😂😂
ඔය දීල තියෙන්නෙ යස අගේට උත්තරේ
|
|
0 |
|
maduranga001
Most Senior Member Posts:14112
11 Sep 2018 05:18 PM |
|
Posted By Udari on 11 Sep 2018 04:56 PM
Posted By sha733 on 11 Sep 2018 03:15 PM
කොණ්ඩ කඩල කියන්ෙන ෙමානවද
ඇයි අලේ නාල දිගට පීරපු වරලස නේ 😂😂
හික්.. හික්.. අන්න ඒවා තමා.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
|
|
0 |
|
sha733
Super Senior Member Posts:7332
11 Sep 2018 07:17 PM |
|
මධු අයියත් හිතන්නෙ එහෙම නේද
|
|
0 |
|
chamaramind
Most Senior Member Posts:13470
30 Sep 2018 06:14 AM |
|
ප්‍රශ්නය
- පසුගිය සතිවල අප ඔබ සමග සාකච්ඡා කළේ සයටිකා රෝගය පිළිබඳ බටහිර වෛද්‍ය
විද්‍යාත්මක දැනුම ගැනයි. අද අප බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳ ආයුර්වේද
දැනුම පිරික්‌සා බලන්න.
වෛද්‍ය කේ. ආර්. වීරසේකර - සමහර විට එක
පාදයකත් තවත් සමහර විටෙක පාද දෙකෙහිමත් හටගන්නා සයටිකාව විශාල වේදනාවක්
ඇති කරන රෝගයක් බව අප දන්නවා. දීර්ඝ වශයෙන් හිඳගෙන සිටීමට සිදුවන රැකියා
කරන අයට මේ රෝගය වැළඳීමේ හැකියාව වැඩි බවත් අප දන්නවා. සයටිකාව බොහෝ විට
එන්නේ කොඳුඇට පෙළේ හටගන්නා වේදනාව (කොන්දේ අමාරුව) සමගයි. ආයුර්වේද
අර්ථකතනයට අනුව සයටිකාව හඳුන්වන්නේ වාත දොaෂ 80 කින් එකක් හැටියටයි.
සයටිකා රෝගයේ ආයුර්වේදනාමය "ග්‍රිද්රාසි" බව අප දැනටමත් දන්නවා. එම වචනය
සැදී තිබෙන්නේ ග්‍රිද්ර කියන සංස්‌කෘත වචනයෙන්. සංස්‌කෘතයෙන් ග්‍රිද්රට
කියන්නේ ගිජු ලිහිණියාටයි. සයටිකාව හැදුනාම රෝගියකුගේ ගමන් විලාසය වෙනස්
වෙනවා. රෝගියාගේ දෙපා තද ගතියකින් පෙළෙනවා. ඊළඟට ස්‌වල්ප වශයෙන් වකුටු
වෙනවා. රෝගියා ඇවිදින්නේ ගිජු ලිහිණියෙක් වගෙයි. පුරාණ ආයුර්වේදය ලෙඩ
රෝගවලට නම් තැබුවේ විවිධ නිදර්ශන ප්‍රයෝජනයට අරගෙනයි.
එය එක මතයක්. තවත් මතයක් තමයි සයටිකා
රෝගියා විසින් විඳිනු ලබන වේදනාව ගිජු ලිහිණියකුට හසුවන සතෙකුට විඳින්නට
සිදුවන වේදනාවට සමාන බව. ඒනිසා ගිජු ලිහිණියාගේ නමින් රෝගය නම් කිරීම
සිදුවූ බව කියනවා.
ප්‍රශ්නය - ආයුර්වේද නිර්වචනයට අනුව සයටිකා රෝගය හටගන්නේ කොහොමද?
වෛද්‍ය කේ. ආර්. වීරසේකර - වාත දොaෂය වර්ධනය කරන කොණ්‌ඩ කඩල, රටකජු, රතු පරිප්පු, මෑ, යනාදිය ගැනීමෙනුත්,
වියලි, සැහැල්ලු ශීත ආහාර සීමාවක් නැතිව පරිභෝජනය කිරීමෙනුත්,
තිත්ත කහට සහ කටුක ආහාර සීමාවක් නැතිව ගැනීමෙනුත්.
දරන්න බැරි තරමට බර ඉසිලීම, දීර්ඝ
වශයෙන් පයින් යැම, වැරදි ඉරියව්වලින් නිදා ගැනීම සහ හිඳගෙන සිටීමෙනුත්,
මුත්‍ර සහ මළ පිට කිරීමේ අවශ්‍යතා මැඩ පැවැත්වීමෙනුත්, අනවශ්‍ය පරිදි
වස්‌ති කිරීමෙනුත් මේ රෝගය හැදෙන බව ආයුර්වේදයේ කියෑවෙනවා.
ලබන සතියට
නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055
සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
|
|
0 |
|
Udari
Super Senior Member Posts:5555
01 Oct 2018 06:00 PM |
|
සයටිකාව කියන්නෙ කොන්ද රිදෙන එකට වෙන්න ඇති නේද .......ගොඩ දෙනෙක්ට ඒක නම් තීනව
|
|
0 |
|
chamaramind
Most Senior Member Posts:13470
21 Oct 2018 06:22 AM |
|
අශ්වගන්ධ හෙවත් අමුක්‌කරා (Withania somnifera)
සයටිකා වේදනාව පවතින ප්‍රදේශය පුරා
අශ්වගන්ධ තෛලය ගා සම්බාහනය කිරීමෙන් වේදනාව තුරන් කර ගැනීමට පුළුවන්. මෙය
දිනකට දෙවතාවක් පමණ කළ යුතුයි. අශ්වගන්ධ තෙල් මේස හැන්දකට දමා පහන්
දැල්ලෙන් මඳක් රත්කර රස්‌නය පිටින්ම ගෑ හැකිනම් තවත් හොඳයි. හිරිය,
මාංශපේශි තද වීම යනාදිය ක්‍ෂණිකව සුව කරන්නට රත්කළ අශ්වගන්ධ තෛලයට පුළුවන්.
Piper longum හෙවත් තිප්පිලි, කුඩු කළ
කපුරු (කපුරු බෝල නොවේ. මේ සඳහා ගන්නේ දල්වන කපුරුය.) දෙවර්ගය ගෙන තල
තෙල්වල දමා තෙල් තද දුඹුරු පැහැයට එනතුරු බැදගෙන එම තෙල් පෙරා නිවෙන්නට හැර
වේදනාව පවතින ප්‍රදේශවල ගා සම්බාහනය කිරීමෙන් උසස් ප්‍රතිඵල ලබා ගන්නට
පුළුවන්.
සාදික්‌කා කුඩු කර තල තෙලෙහි බැද එම තෙල නිවෙන්නට හැර සයටිකා වේදනාව පවතින ප්‍රදේශවල ආලේප කිරීමෙනුත් හොඳ ප්‍රතිඵල ලබා ගන්නට හැකියි.
ප්‍රශ්නය - සයටිකා කියන්නේ රෝගයක්‌ද
එහෙමත් නැත්නම් රෝග ලක්‍ෂණයක් ද කියන කාරණය අපට පැහැදිලි කළ යුතුයි. උණ
යනු රෝගයක් නොව රෝග ලක්‍ෂණයක් බව අප දන්නවා. සයටිකා සම්බන්ධ තත්ත්වය
කුමක්‌ද?
වෛද්‍ය කේ. ආර්. වීරසේකර - සයටික්
ස්‌නායුව පීඩනයට පත් වීමේ රෝග ලක්‍ෂණය තමයි සයටික් වේදනාව. එතකොට රෝගය
වන්නේa ස්‌නායුව පීඩනයට පත්වීමයි. ඒ නිසා සයටිකාවට ප්‍රතිකාර කරන විට රෝගය ඒ
මොහොතේ පවතින තත්ත්වය මොකද්ද කියන කාරණය ගැන වෛද්‍යවරයා දැනුවත් විය
යුතුයි. ඒ අනුව මේ රෝගයට ප්‍රතිකාර කරන විට අප ප්‍රධාන අංශ තුනක් ගැන
සැලකිලිමත් වෙනවා. එනම්,
1. ප්‍රදාහ නාශක තත්ත්වයන් ඇති කර මත්ද්‍රව්‍ය නොවන වේදනා නාශක ලබා දීම.
2. මධ්‍ය ස්‌නායු පද්ධතිය නිද්‍රdජනක තත්ත්වයට පත් කර වේදනාව සමනය කිරීම.
3. සයටිකා ස්‌නායුව පවත්නා ප්‍රදේශයේ මාංශපේශින් ලිහිල් කරදීම.
ප්‍රශ්නය - සයටිකාවෙන් පීඩා විඳින අයකුගේ ආහාරපාන කෙසේ විය යුතුද?
වෛද්‍ය කේ. ආර්. වීරසේකර - සයටිකාවෙන්
පීඩා විඳින රෝගියා ගන්නා ආහාරවලින් වැඩි ප්‍රමාණය කාබෝහයිඩේ්‍රට් විය
යුතුයි. කාබෝහයිඩේ්‍රට් ජීර්ණය වී ගුදය දක්‌වා ගමන් කිරීමෙන් අන්ත්‍රවල
(බඩවැල්වල) චලනයන් නියමානුකූල වෙනවා. එවිට ආහාර ජීර්ණය යහපත් අතට හැරී
ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ උරා ගැනීම නියමානුකූලව වෙනවා. ඒ අනුව රෝගියා
ශක්‌තිමත් කෙනෙක් බවට පත්වෙනවා.
නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055
සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
|
|
0 |
|
chamaramind
Most Senior Member Posts:13470
04 Nov 2018 06:54 AM |
|
ප්‍රශ්නය - සයටිකා වේදනාව සුව කිරීමට සුදුසු ආයුර්වේද ශාක ද්‍රව්‍ය මොනවද?
වෛද්‍ය කේ. ආර්. වීරසේකර - Vitex
negundo හෙවත් නික ඉතා ප්‍රබල ආයුර්වේදීය වේදනා නාශකයක්. නික කොළ කොටා
පොට්‌ටනි බැඳ වාෂ්පයෙන් තම්බා වේදනා සහගත ප්‍රදේශ තැවීමෙන් වේදනාව පහව
යනවා. වාත දොaසය කුපිත වීම නිසා වේදනාවට පත් ස්‌නායු සහ සන්ධි ප්‍රකෘතිමත්
කර ගැනීමට නික කොළවලින් කරන ප්‍රතිකාර ඉතා සුදුසුයි.
ඊළඟ ශාකමය ඖෂධය තමයි commiphora wightii
හෙවත් ගුග්ගුලු. මෙය ලොව තිබෙන පැරණිතම වේදනා නාශකයක් ලෙස හඳුනාගෙන
තිබෙනවා. මෙයින් සාදන වේදනා නාශකය මුඛයෙන් ශරීරගත කරනවා. ඒ මගින් ශරීරයේ
කොන්ද ආශ්‍රිතව තිබෙන මාංශ පේශි සහ පටක ශක්‌තිමත් වෙනවා. එසේම අස්‌ථි
ශක්‌තිමත් කරගන්නටත් ගුග්ගුලුවලට පුළුවන්.
Ricinus commiunis හෙවත් එරඬු (එඬරු)
යනුවෙන් හැඳින්වෙන ශාකයේ මුල් වලින් සාදා ගන්නා ඖෂධ වලින් සයටිකා වේදනාව
සමනය කළ හැකියි. රූමැටික ආත්‍රයිටිස්, ඔස්‌ටියෝ ආත්‍රයිටිස්, කාන්තාවන්ගේ
ඔසප් දොaෂ යනාදියේදී හටගන්නා වේදනාව නැති කිරීමේ හැකියාව එඬරු ශාකයේ
තිබෙනවා.
ඊළඟ ශාකය වන්නේ අශ්වගන්ධ හෙවත්
අමුක්‌කරා (Withania somnifera) සයටිකා වේදනාව පවතින ප්‍රදේශය පුරා
අශ්වගන්ධ තෛලය ගා සම්බාහනය කිරීමෙන් වේදනාව තුරන් කර ගැනීමට පුළුවන්. මෙය
දිනකට දෙවතාවක් පමණ කළ යුතුයි. අශ්වගන්ධ තෙල් මේස හැන්දකට දමා පහන්
දැල්ලෙන් මඳක් රත්කර රස්‌නය පිටින්ම ගෑ හැකිනම් තවත් හොඳයි. හිරිය,
මාංශපේශි තද වීම යනාදිය ක්‍ෂණිකව සුව කරන්නට රත්කළ අශ්වගන්ධ තෛලයට පුළුවන්.
Piper longum හෙවත් තිප්පිලි, කුඩු කළ
කපුරු (කපුරු බෝල නොවේ. මේ සඳහා ගන්නේ දල්වන කපුරුය.) දෙවර්ගය ගෙන තල
තෙල්වල දමා තෙල් තද දුඹුරු පැහැයට එනතුරු බැදගෙන එම තෙල් පෙරා නිවෙන්නට හැර
වේදනාව පවතින ප්‍රදේශවල ගා සම්බාහනය කිරීමෙන් උසස් ප්‍රතිඵල ලබා ගන්නට
පුළුවන්.
සාදික්‌කා කුඩු කර තල තෙලෙහි බැද එම තෙල නිවෙන්නට හැර සයටිකා වේදනාව පවතින ප්‍රදේශවල ආලේප කිරීමෙනුත් හොඳ ප්‍රතිඵල ලබා ගන්නට හැකියි.
ප්‍රශ්නය - සයටිකා කියන්නේ රෝගයක්‌ද
එහෙමත් නැත්නම් රෝග ලක්‍ෂණයක් ද කියන කාරණය අපට පැහැදිලි කළ යුතුයි. උණ
යනු රෝගයක් නොව රෝග ලක්‍ෂණයක් බව අප දන්නවා. සයටිකා සම්බන්ධ තත්ත්වය
කුමක්‌ද?
වෛද්‍ය කේ. ආර්. වීරසේකර - සයටික්
ස්‌නායුව පීඩනයට පත් වීමේ රෝග ලක්‍ෂණය තමයි සයටික් වේදනාව. එතකොට රෝගය
වන්නේa ස්‌නායුව පීඩනයට පත්වීමයි. ඒ නිසා සයටිකාවට ප්‍රතිකාර කරන විට රෝගය ඒ
මොහොතේ පවතින තත්ත්වය මොකද්ද කියන කාරණය ගැන වෛද්‍යවරයා දැනුවත් විය
යුතුයි. ඒ අනුව මේ රෝගයට ප්‍රතිකාර කරන විට අප ප්‍රධාන අංශ තුනක් ගැන
සැලකිලිමත් වෙනවා. එනම්,
1. ප්‍රදාහ නාශක තත්ත්වයන් ඇති කර මත්ද්‍රව්‍ය නොවන වේදනා නාශක ලබා දීම.
2. මධ්‍ය ස්‌නායු පද්ධතිය නිද්‍රdජනක තත්ත්වයට පත් කර වේදනාව සමනය කිරීම.
3. සයටිකා ස්‌නායුව පවත්නා ප්‍රදේශයේ මාංශපේශින් ලිහිල් කරදීම.
ප්‍රශ්නය - සයටිකාවෙන් පීඩා විඳින අයකුගේ ආහාරපාන කෙසේ විය යුතුද?
වෛද්‍ය කේ. ආර්. වීරසේකර - සයටිකාවෙන්
පීඩා විඳින රෝගියා ගන්නා ආහාරවලින් වැඩි ප්‍රමාණය කාබෝහයිඩේ්‍රට් විය
යුතුයි. කාබෝහයිඩේ්‍රට් ජීර්ණය වී ගුදය දක්‌වා ගමන් කිරීමෙන් අන්ත්‍රවල
(බඩවැල්වල) චලනයන් නියමානුකූල වෙනවා. එවිට ආහාර ජීර්ණය යහපත් අතට හැරී
ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ උරා ගැනීම නියමානුකූලව වෙනවා. ඒ අනුව රෝගියා
ශක්‌තිමත් කෙනෙක් බවට පත්වෙනවා.
කොළ මැල්ලුම්, සලාද කොළ යනාදිය වැඩි
වශයෙන් ආහාරයට ගැනීම සයටිකා රෝගියාට ඉතාම වැදගත්. කොළ වර්ගවල තන්තු හෙවත්
Fiber තිබෙනවා. තන්තු බඩට ගියාම ආහාර ජීර්ණය වීම ඉතා පහසුයි. ආහාර ජීර්ණය
නිසි ලෙස සිදුවන විට මළ පහ වීමත් නිසි ලෙස සිදුවෙනවා.
කෙසෙල් සහ ඇපල් මෙවැනි රෝගීන්ට ඉතා ගුණදායකයි.
රෝගියා බර ආහාර ගැනීමෙන් සම්පූර්ණයෙන් ම
වැළකිය යුතුයි. මන්ද බර ආහාර ජීර්ණය වීමට විශාල වේලාවක් ගත වෙනවා. එවිට
ගුදය ආශ්‍රිත ප්‍රදේශයට ලොකු පීඩනයක් එල්ල වෙනවා.
සයටිකා රෝගියා උඩුබැලි අතට නිදාගත යුතුයි. පාද ඔසවා දණහිස යටින් කොට්‌ටයක් තැබිය යුතුයි.
සයටිකා රෝගියා නිතරම සැහැල්ලු ව්‍යායාම කළ යුතුයි. එසේ කරන විට පාද රිදෙනවා නම් වහාම ව්‍යායාම නැවැත්විය යුතුයි.
අමු කරාබු නැටි 2 - 3 ක් දිනපතා ආහාරයට ගත යුතුයි.
නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055
සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
|
|
0 |
|
chamaramind
Most Senior Member Posts:13470
11 Nov 2018 07:18 AM |
|
අශ්වගන් හෙවත් අමුක්‌කරා (Withania somnifera)
සයටිකා වේදනාව පවතින ප්‍රදේශය පුරා
අශ්වගන්ධ තෛලය ගා සම්බාහනය කිරීමෙන් වේදනාව තුරන් කර ගැනීමට පුළුවන්. මෙය
දිනකට දෙවතාවක් පමණ කළ යුතුයි. අශ්වගන්ධ තෙල් මේස හැන්දකට දමා පහන්
දැල්ලෙන් මඳක් රත්කර රස්‌නය පිටින්ම ගෑ හැකිනම් තවත් හොඳයි. හිරිය,
මාංශපේශි තද වීම යනාදිය ක්‍ෂණිකව සුව කරන්නට රත්කළ අශ්වගන්ධ තෛලයට පුළුවන්.
Piper longum හෙවත් තිප්පිලි, කුඩු කළ
කපුරු (කපුරු බෝල නොවේ. මේ සඳහා ගන්නේ දල්වන කපුරුය.) දෙවර්ගය ගෙන තල
තෙල්වල දමා තෙල් තද දුඹුරු පැහැයට එනතුරු බැදගෙන එම තෙල් පෙරා නිවෙන්නට හැර
වේදනාව පවතින ප්‍රදේශවල ගා සම්බාහනය කිරීමෙන් උසස් ප්‍රතිඵල ලබා ගන්නට
පුළුවන්.
සාදික්‌කා කුඩු කර තල තෙලෙහි බැද එම තෙල නිවෙන්නට හැර සයටිකා වේදනාව පවතින ප්‍රදේශවල ආලේප කිරීමෙනුත් හොඳ ප්‍රතිඵල ලබා ගන්නට හැකියි.
ප්‍රශ්නය - සයටිකා කියන්නේ රෝගයක්‌ද
එහෙමත් නැත්නම් රෝග ලක්‍ෂණයක් ද කියන කාරණය අපට පැහැදිලි කළ යුතුයි. උණ
යනු රෝගයක් නොව රෝග ලක්‍ෂණයක් බව අප දන්නවා. සයටිකා සම්බන්ධ තත්ත්වය
කුමක්‌ද?
වෛද්‍ය කේ. ආර්. වීරසේකර - සයටික්
ස්‌නායුව පීඩනයට පත් වීමේ රෝග ලක්‍ෂණය තමයි සයටික් වේදනාව. එතකොට රෝගය
වන්නේ ස්‌නායුව පීඩනයට පත්වීමයි. ඒ නිසා සයටිකාවට ප්‍රතිකාර කරන විට රෝගය ඒ
මොහොතේ පවතින තත්ත්වය මොකද්ද කියන කාරණය ගැන වෛද්‍යවරයා දැනුවත් විය
යුතුයි. ඒ අනුව මේ රෝගයට ප්‍රතිකාර කරන විට අප ප්‍රධාන අංශ තුනක් ගැන
සැලකිලිමත් වෙනවා. එනම්,
1. ප්‍රදාහ නාශක තත්ත්වයන් ඇති කර මත්ද්‍රව්‍ය නොවන වේදනා නාශක ලබා දීම.
2. මධ්‍ය ස්‌නායු පද්ධතිය නිද්‍රdජනක තත්ත්වයට පත් කර වේදනාව සමනය කිරීම.
3. සයටිකා ස්‌නායුව පවත්නා ප්‍රදේශයේ මාංශපේශින් ලිහිල් කරදීම.
ප්‍රශ්නය - සයටිකාවෙන් පීඩා විඳින අයකුගේ ආහාරපාන කෙසේ විය යුතුද?
වෛද්‍ය කේ. ආර්. වීරසේකර - සයටිකාවෙන්
පීඩා විඳින රෝගියා ගන්නා ආහාරවලින් වැඩි ප්‍රමාණය කාබෝහයිඩේ්‍රට් විය
යුතුයි. කාබෝහයිඩේ්‍රට් ජීර්ණය වී ගුදය දක්‌වා ගමන් කිරීමෙන් අන්ත්‍රවල
(බඩවැල්වල) චලනයන් නියමානුකූල වෙනවා. එවිට ආහාර ජීර්ණය යහපත් අතට හැරී
ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ උරා ගැනීම නියමානුකූලව වෙනවා. ඒ අනුව රෝගියා
ශක්‌තිමත් කෙනෙක් බවට පත්වෙනවා.
කොළ මැල්ලුම්, සලාද කොළ යනාදිය වැඩි
වශයෙන් ආහාරයට ගැනීම සයටිකා රෝගියාට ඉතාම වැදගත්. කොළ වර්ගවල තන්තු හෙවත්
Fiber තිබෙනවා. තන්තු බඩට ගියාම ආහාර ජීර්ණය වීම ඉතා පහසුයි. ආහාර ජීර්ණය
නිසි ලෙස සිදුවන විට මළ පහ වීමත් නිසි ලෙස සිදුවෙනවා.
කෙසෙල් සහ ඇපල් මෙවැනි රෝගීන්ට ඉතා ගුණදායකයි.
රෝගියා බර ආහාර ගැනීමෙන් සම්පූර්ණයෙන් ම
වැළකිය යුතුයි. මන්ද බර ආහාර ජීර්ණය වීමට විශාල වේලාවක් ගත වෙනවා. එවිට
ගුදය ආශ්‍රිත ප්‍රදේශයට ලොකු පීඩනයක් එල්ල වෙනවා. සයටිකා රෝගියා උඩුබැලි
අතට නිදාගත යුතුයි. පාද ඔසවා දණහිස යටින් කොට්‌ටයක් තැබිය යුතුයි.