Go to previous topic
Go to next topic
Last Post 20 Nov 2018 10:54 AM by  maduranga001
ඔටිසම් -ඔටිසම් වලදී ශරීර සංවේදනයට මොනවද වෙන්නේ
 55 Replies
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
21 Jul 2018 07:34 PM

    otisumප්‍රශ්නය - ඔටිසම් රෝගයේ තිබෙනවා Autism Spectrum disorder කියලා තත්ත්වයක්‌. මේ තත්ත්වයට මුහුණ දෙන දරුවන්ගෙන් සමහරකට ඇස්‌ පෙනීම දුර්වලයි. සමහරුන්ගේ ඇස්‌ හරියට Focus වෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට නිසි රූපය ලබා ගන්නට බැහැ. ඇස්‌ දෙක හරියට Focus නොවන විට එක රූපය දෙකක්‌ වගේ පෙනෙනවා. මෙය ඉතාම පීඩාකාරී තත්ත්වයක්‌ මේ ගැන ඔබට තිබෙන අත්දැකීම් කුමක්‌ද?

    වෛද්‍ය ලීනා ඉලේපෙරුම - මෙයට වසර කිහිපයකට පෙර ඉන්දියාවේ ආයුර්වේද වෛද්‍ය ආයතනයකදි අපිට ලැබී තිබෙනවා. ඔටිසම්වලට අදාළ මේ වර්ගයේ රෝගවලට පොදු ආයුර්වේද නමක්‌ තිබෙනවා. ඒ තමයි මනෝ ..... බලය. රෝග කියන නම. එහෙත් ASD රෝග තත්ත්වය කියලා වෙනම රෝගයක්‌ ආයුර්වේදයේ නැහැ. ඒ නිසා ඒ රෝගයටම ඉලක්‌ක කරල ප්‍රතිකාර කිරීමේ දුෂ්කරතාවක්‌ තිබුණා. මේ අතර අප පුහුණුව ලද ඉන්දියානු ආයතනයට අවුරුදු 8 ක ගැහැනු ළමයකු ගෙනාවා. ඇය ASD රෝග තත්ත්වයෙන් පෙළුනා. ඇයට ප්‍රතිකාර කිරීම විශාල අභියෝගයක්‌. එම ප්‍රතිකාර සඳහා ක්‍රමවේදයක්‌ හදා ගැනීමට අපට හැකි වුණා. අප මුලින්ම කළේ දරුවාගේ රෝග ලක්‍ෂණ සියල්ල වෙන් වෙන්ව ගෙන ආයුර්වේද මූලධර්මවලට අනුකූලව තක්‌සේරු කිරීමයි. ඒ කියන්නේ හැම රෝග ලක්‍ෂණයක්‌ම ත්‍රිදොaෂ ක්‍රමවේදයට යටත් කර අර්ථකථනයක්‌ ගැනීමයි. එවිට අපට හඳුනාගන්නට පුළුවන් වුණා එක්‌ එක්‌ රෝගලක්‍ෂණය පදනම් වෙලා ඇත්තේ ත්‍රිදොaෂවල කවර කොටස මතද කියන කාරණය. එවිට ප්‍රතිකාර කළ යුත්තේ කවරක්‌ සඳහා ද කියන කාරණය පැහැදිලි වුණා. ඒ එක්‌කම අප තේරුම් ගත්තා රෝගය නැති කිරීම සඳහා යොදාගත හැකි ප්‍රධාන ඉන්ද්‍රිය දැරියගේ ආහාර ජීර්ණ පද්ධතිය කියන එක. දැරියට සුදුසු, ඇය ශක්‌තිමත් කරන ආහාර වගේම ඇය සුවපත් කරන ඖෂධ ශරීරගත කිරීම සඳහා අපට ලැබී තිබුණේ ආහාර ජීර්ණ පද්ධතියයි. මන්ද යත් ආයුර්වේදයේ එන්නත් මගින් ඖෂධ ශරීරගත කරන ක්‍රමයක්‌ නැහැ. සේලයින් දෙන්නේ නැහැ. සියලුම ඖෂධ ස්‌වභාව ධර්මයට කිට්‌ටු ක්‍රම මගින් ශරීරගත කිරීම තමයි සම්ප්‍රදායය. ASD රෝගයට බලපාන ශරීරයේ විෂ සහිත තත්ත්වයන් තුරන් කිරීමේදී ආහාර ජීර්ණ පද්ධතිය යොදා ගැනීමට හැකියාව තිබුණා. අප එදා ඒ දරුවාට කළ ප්‍රතිකාරයෙන් පස්‌සේ එම ක්‍රමවේදය ගැන වෛද්‍ය පත්‍රිකා රැසක්‌ නිකුත් කෙරුණු බව දැන ගන්නට ලැබුණා.

    (දරුවාට ප්‍රතිකාර කර සුව කළ හැටි ලබන සතියේ කියවමු.)

    නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5708567

    සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

    otisum1

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    21 Jul 2018 08:57 PM
    ඕටිසම් ගැන නිතර ඇහුනත් මට නම් තාම අවබෝධයක් නෑ මේ ලෙඩ ගැන
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    21 Jul 2018 10:39 PM
    Posted By Udari on 21 Jul 2018 08:57 PM
    ඕටිසම් ගැන නිතර ඇහුනත් මට නම් තාම අවබෝධයක් නෑ මේ ලෙඩ ගැන
    ඕනෑම දෙයක් අහන්න. මේ ලෙඩේ ගැන දැන් වෛද්‍යවරුන්ටත් වඩා දන්නව මං.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    21 Jul 2018 11:12 PM
    Posted By maduranga001 on 21 Jul 2018 10:39 PM
    Posted By Udari on 21 Jul 2018 08:57 PM
    ඕටිසම් ගැන නිතර ඇහුනත් මට නම් තාම අවබෝධයක් නෑ මේ ලෙඩ ගැන
    ඕනෑම දෙයක් අහන්න. මේ ලෙඩේ ගැන දැන් වෛද්‍යවරුන්ටත් වඩා දන්නව මං.


    මේක මන්දබුද්දික තත්වයක් නෙමෙයි  නේද අය්ය , පිටතින්  කිසිම  ලක්ෂණයක්  ( රූපෙ) පේන්නෙත් නෑ නේද, මෙයාලට විශේෂ  දක්ෂතා තියෙනව  කියලත් අහල තියෙනව , ඇත්තටම  කොහොමද  අය්ය  මේ ලෙඩ එන්නෙ......ප්‍රෙවේනිකවද....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    21 Jul 2018 11:33 PM
    Posted By Udari on 21 Jul 2018 11:12 PM
    මේක මන්දබුද්දික තත්වයක් නෙමෙයි  නේද අය්ය , පිටතින්  කිසිම  ලක්ෂණයක්  ( රූපෙ) පේන්නෙත් නෑ නේද, මෙයාලට විශේෂ  දක්ෂතා තියෙනව  කියලත් අහල තියෙනව , ඇත්තටම  කොහොමද  අය්ය  මේ ලෙඩ එන්නෙ......ප්‍රෙවේනිකවද....
    කිසිම මන්ද බුද්ධික බවක් නැහැ. ලෝකේ බිහිවෙලා තියෙන උපර්ම බුද්ධිතලයේ ඉන්න මිනිසුන් මේ රෝගයට ලක් වූ අය කියල තමයි කියන්නෙ. ඇල්බට් අයින්ස්ටයින් පවා. ඒ වගේම අධික ශක්තියක් ඔවුන් තුල තියෙනවා.ලෝකයේ වැඩිම වාර ගණනක් රන් පදක්කම් දිනු ලෝක ශුර පිහිනුම් ක්‍රීඩක මයිකල් ෆෙල්ප් (ඔහු ගැන මෙතැනින් - https://en.wikipedia.org/wiki/Michael_Phelps)
    වගේම අපි හැමෝම පාවිච්චි කරන මේ උපකරණ මෙන්ම වින්ඩොව්ස් මෘදුකාංගයේ සෙවුම්කරු මයික්‍රොසොෆ්ට් සමාගමේ අධිපති  බිල් ගේට්ස් පවා. ඕන නම් තවත් උදා හරණ සැහෙන්න දෙන්න පුළුවන්.

    ඔටිසම් දරුවන් නිවැරදිව හදා ගත්තොත් සුපිරිම මොළ තමයි. ඔවුන් ඉදිරියේ අපි තමයි මන්ද බුද්ධිකයන් වෙන්නෙ.

    ඔබේ ප්‍රශ්නයට පිළිතුර එයයි.


    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    28 Jul 2018 06:05 PM

    otisumඔටිසම් කියන්නේ ළමා සංවර්ධනය හා සම්බන්ධ රෝග අවස්‌ථාවක්‌ (developmental disorder)

    මෙම රෝග තත්ත්වයේදී ප්‍රධාන වශයෙන්ම කථා නොකිරීම හෝ අඩුබව හා නිසි සමාජ සම්බන්ධතා නොපැවැත්වීම ස්‌නායු පද්ධතිsයේ සියුම් ක්‍රියා (fine motor skills) දුර්වලතා දක්‌නට ලැබෙනවා. මෙම ලක්‌ෂණ පළමු වසර දෙක හෝ තුන තුළදී දක්‌නට ලැබෙන නිසා දෙමාපියන් දරුවා තුළ යම් වෙනසක්‌ ඇති බව හඳුනා ගන්නව ඉහතින් දක්‌වන ලද ප්‍රධාන රෝග ලක්‌ෂණ ක්‍රම ක්‍රමයෙන් දරුවාගේ වර්ධනය හා සංවර්ධනයත් සමඟ හඳුනාගන්න පුළුවන්. සමහර අවස්‌ථාවලදී දරුවා සාමාන්‍ය දරුවකු මෙන් වයසට සරිලන සංවර්ධන ක්‍රියා සිදුකර පසුව මෙම ඔටිසම් තත්ත්ව කරා ළඟා වූ අවස්‌ථාද දක්‌නට ලැබෙනවා. අන්තර් ජාතික මනෝවිද්‍යා සංගමයේ නවතම වාර්තාවලට අනුව සෑම දරුවන් 45 දෙනෙකුගෙන් 1 අයකු ඔටිසම් රෝග ලක්‌ෂණ වලින්පෙළෙනවා. ඉතාම වේලාසනින් (early diagnose) දරුවා මෙම රෝග ලක්‌ෂණ තිබේ දැයි හඳුනාගත් විට කලින්ම අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම තුළින් ඉතාමත් හොඳ ප්‍රථිඵල ලබාගන්න පුළුවන්. නව්‍ය වෛද්‍ය විද්‍යාවට අනුව ඇත්තට ම ඔටිසම් කියන්නේ ළමා කාලයේදී හඳුනා ගන්නා වූ ප්‍රථිඵල හෝ රෝග ලක්‌ෂණ ජීවිත කාලය පුරාවට පවතින අවස්‌ථාවක්‌.

    ගර්භණී මවගේ වැරදි ආහාර විහරණ සහ මානසික තත්ත්වය උපදින දරුවාට ඔටිසම් ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම බලපානව. ඉහත හේතු සාධක නිසා දිනෙන් දිනම ඔටිසම් දරුවන් බහුලව දක්‌නට ලැබෙනව.

    නිරෝගී දරුවකු ලබා ගැනීමට කායික, මානසික හා අධ්‍යාත්මිකව කළයුතු පිළිවෙත් ආයුර්වේදයේ දක්‌වල තියෙනවා.

    ඔටිසම් දරුවන් තුළ කථාව හා සමාජ සම්බන්ධතා දුර්වලතා වලට අමතරව තවත් බොහෝ රෝග චර්යාමය ලක්‌ෂණ තිබෙනවා.

    ආලෝකය, ශබ්දය, ගන්ධ රස සඳහා අධි සංවේදිතා දක්‌නට ලැබෙනවා (Hyper Sensitivity to Light Sound. Smell & Taste)

    සමහර අවස්‌ථා වලදි දරුවන් ඇස්‌ තදකරගෙන අතින් වසා ගැනීම, කන්වල ඇඟිලි ගසා ගැනීම, නාසය මුහුණ වසා ගැනීම ආදී චර්යා වෙනස්‌කම් දක්‌නට ලැබෙනවා.

    ඔටිසම් දරුවන් තුළින් දක්‌නට ලැබෙන තවත් ප්‍රධාන චර්යා වෙනසක්‌ ලෙස අත්වලින් කරන විකෘති චර්යාවන් (Hand Flapping) ඇඟලි තුඩුවලින් ගමන් කිරීම (toe walking) (rocking) දක්‌නට ලැබෙනවා.

    සමහර ඔටිසම් දරුවන් සංගීතය හෝ ගණිතය වැනි විෂයකට දක්‌ෂතාවන් දක්‌වන අවස්‌ථාද තිබෙනවා. ඇත්තට ම ඔටිසම් වලදි රෝග ලක්‌ෂණ මඳ (mild), මධ්‍යස්‌ථව (moderate), අධිකව (severle) යන ලෙස දක්‌නට ලැබෙනවා (Auttism is a spectrum Disorder)

    තවත් ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන සමහර දරුවන් තුළ අධික භිය හෝ යමක්‌ කිරීමට සිතතුළ ඇති අනිසි බය (Anxiety) දක්‌නට ලැබෙනවා. ඔටිසම් රෝගය පිරිමි දරුවන් තුළ ගැහැනු දරුවන්ට වඩා හතර ගුණයකින් වැඩි වෙනවා. ලෝකය පුරා ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන මිලියන විසිපහකට අධික බව නවතම වාර්තා අනුව කියන්න පුළුවන්.

    නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5708567

    සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

    otisum1

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    28 Jul 2018 09:27 PM
    45/1 ක් කියනනෙ සෑහෙන ළමයි පිරිසකට ඕටිසම් තියෙනවනේ
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    04 Aug 2018 05:41 PM

    otiකුඩා දරුවකුගේ වර්ධනය ආශ‍්‍රිතව ඇතිවන ඕනෑම ගැටලූවකදී දෙමව්පියන් කලබලයට පත්වීම අරුමයක් නොවේ. වෙසෙසින්ම කතාව ආශ‍්‍රිතව හෝ ඇවිදීම ආශ‍්‍රිතව හෝ ගැටලූ ඇතිවූ විට මේ පිළිබඳ වැඩිදුර සොයා බැලීම දෙමාපියන්ගේ සිරිතයි. මේ ආකාරයට දෙමව්පියන් කලබලයට මෙන්ම අසරණ බවට පත්වෙන රෝගයක් ලෙස ‘ඔටිසම් රෝග පරාසය’ හැඳින්විය හැකියි.

    ඔටිසම් දරුවා එක් ආකාරයකට විශ්මිත හැකියාවන් පෙන්වන දරුවෙකි. ඔහුගේ මතක හැකියාව ප‍්‍රබලය. ඔහුගේ චාලක හැකියාවන් ප‍්‍රබලය. එහෙත් මෙම දරුවා ඔබ අප සිදුකරන ඉතා සරල සමාජ අන්තර්ක‍්‍රියාවක් හෝ සිදුකරන්නේ නැත. ඔබගේ දරුවකුට ඔටිසම් තත්ත්වයක් පිළිබඳ රෝග විනිශ්චයක් ලැබුණොත් ඔබ කුමක් කළ යුතුද?

    ඔටිසම් දරුවන් නිවැරදි කරගැනීම පිළිබඳ සිදුකළ යුතු බොහෝ චිකිත්සාවන් දෙමාපියන්ටම නිවසේ සිට සිදුකළ හැකි බව ඔටිසම් දරුවන් පිළිබඳ වසර ගණනාවක සිට පුරෝගාමී මෙහෙවරක නියැලෙන වෛද්‍ය සුදත් දම්සිංහ පවසයි. ඔටිසම් දරුවකු තුළ පවතින සන්නිවේදන දුබලතා, අන්තර්ක‍්‍රියා දුබලතා මෙන්ම හැසිරීමේ දුබලතා නිවැරදි කරගත හැක්කේ කෙසේද යන්න පිළිබඳ වෛද්‍ය සුදත් දම්සිංහයන් සමග අප පැවැත්වූ සාකච්ඡාවකි මේ.

    ඔටිසම් රෝගය පිළිබඳව ජනතාව අතර යම් දැනුවත්වීමක් මේ වනවිට තිබෙනවා. එහෙත් දරුවකුට ඔටිසම් රෝග විනිශ්චය ලැබුණ පසු කුමක් කළ යුතුද යන්න දෙමව්පියන් දන්නේ නෑ?

    එය සත්‍යයක්. ඔටිසම් දරුවා නිවැරදි කර ගැනීම සඳහා සිදුකළ යුතු චිකිත්සක මැදිහත්වීම පිළිබඳව පුළුල් අවබෝධයක් තවමත් බොහෝ දෙමව්පියන්ට ඇතැයි මා සිතන්නේ නෑ. ඔටිසම් දරුවකු නිවැරදි කරගැනීම සඳහා නිවෙස් මට්ටමේදී මෙන්ම සමාජ මට්ටමේ දී ද සිදුකළ යුතු දෑ බොහෝ තිබෙනවා. දරුවා සමීපයේ වාඩි වී ඇසට ඇස බැලීම නිවැරදි කිරීම, අවධානය බෙදා ගැනීමට ඉගැන්වීම, අන්තර්ක‍්‍රියා කිරීමට මෙන්ම අනුකරණය කිරීමට ඉගැන්වීම ඉතාමත්ම වැදගත් මූලිකාංග වෙනවා. ඔටිසම් දරුවකුගේ නිවැරදි කිරීමට ඇවැසි වූ මෙවැනි මූලිකාංග රැසක් තිබෙනවා. ඒවා චිකිත්සාවේ මුල් කාලයේ දී ඉතා ඉක්මනින් නිවැරදි කරගත යුතුයි. මෙහිදී මේ ආකාරයට දරුවා සමග සමීපව කටයුතු කරමින් සකස් කරගත යුතු මේ සාධකවලට අමතරව, දරුවාගේ සෙල්ලම් කිරීමේ හැකියාව මෙන්ම සම වයසේ දරුවන් සමග කටයුතු කිරීමේ හැකියාව ද වර්ධනය කිරීම අවශ්‍ය වෙනවා.

    ඔටිසම් දරුවකු සමග නිවාස මට්ටමේදී පමණක් කටයුතු කිරීම ප‍්‍රමාණවත්ද?

    කිසිසේත්ම නැහැ. දරුවා පරිසරයට නිරාවරණය කළ යුතුයි. හැකි පමණ ස්ථානවලට දරුවා රැගෙන යා යුතුයි. එහිදී දරුවාගේ සමාජ කුසලතා වර්ධනයට ද කටයුතු කළ යුතුයි. මෙහිදී දරුවා පරිසරයට රැගෙන යාමට අපගේ බොහෝ දෙමාපියන් මැලිවෙනවා. සමාජයේ සිටින අය තමා දෙසත්, දරුවා දෙසත් වපරැසින් බැලීම අපගේ දෙමව්පියන්ට දරා ගැනීමට අපහසුයි. අපේ රටේ මිනිසුන්ගේ තිබෙන මේ අනිසි බලපෑම් දෙමව්පියන් අසීරුතාවට පත් කරනවා. මෙය කෙසේ හෝ ජයගත යුතු තත්ත්වයක්.

    දෙමව්පියන්ට මෙම ඔටිසම් චිකිත්සාව තනිවම සිදු කළ හැකිද?

    පුළුවන්. එහෙත් ඒ සඳහා වෘත්තිකයන්ගේ උපදෙස් අවශ්‍ය වෙනවා. මා වැඩිපුර විශ්වාස කරන්නේ දෙමව්පියන්ව මේ සඳහා පුහුණු කිරීමයි. මෙම ඔටිසම් රෝගය පිළිබඳවත්, එහිදී චිකිත්සාව ලබාදිය යුතු ආකාරය පිළිබඳවත් දෙමව්පියන් ඉගෙන ගත යුතුයි. මා කලින් සඳහන් කළ ආකාරයට ඔටිසම් දරුවාගේ මූලික දුබලතා සැකසීම සඳහා දෙමව්පියන් පළමුව ඉගෙන ගත යුතුයි. ඊට අමතරව සන්නිවේදන චිකිත්සාව, චාලක චිකිත්සාව, සන්නිවේදන අන්තර්ග‍්‍රහණය, හැසිරීම සැකසීම වැනි ඔටිසම් චිකිත්සාවේ ඇති පුළුල් අංගෝපාංග පිළිබඳව දෙමව්පියන් ඉගෙනගත යුතුයි. එම ඉගෙනගැනීමට අමතරව චිකිත්සක සැලසුම් කිරීම කෙරෙහි ද අවබෝධයක් ඇතිකර ගත යුතුයි. එහිදී කවර චිකිත්සක, කොපමණ කාලයක් දරුවා සමග සිදුකළ යුතුද යන සැලැස්ම වැදගත් වෙනවා.

    oti1ඔටිසම් දරුවා සඳහා ආයතනගතව චිකිත්සාවන් සිදුකිරීම අත්‍යාවශ්‍යද?

    මෙයට පිළිතුර ඔව් හා නැහැ ලෙස ලබාදෙන්නට පිළිවන්. විදේශවල සිටින අයට චිකිත්සක පුහුණුව හා සැලැස්ම ලබාදීමේදී එවැන්නක් සිදුවන්නේ නැහැ. එහෙත් එම දරුවන් ද ඉතා හොඳ ප‍්‍රගතියක් අත්පත් කරගන්නවා. එහෙත් ශ‍්‍රී ලංකාව තුළ සිටින ඔටිසම් දරුවන්ට ආයතනවලට සම්බන්ධ වී චිකිත්සාව ලබාගැනීමේ විශේෂ වාසිය හිමිවෙනවා. සමහර අය දිනපතාම චිකිත්සාව සඳහා පැමිණෙනවා. සතියකට වරක් මෙන්ම මසකට වරක් චිකිත්සාව සඳහා පැමිණෙන අයද සිටිනවා. එය පෞද්ගලික කරුණු මත සිදුවෙන දෙයක්. එහෙත් වඩාත් වැදගත් වන්නේ සතියක් පුරා ඔටිසම් දරුවා සඳහා සිදුකරන මුළු චිකිත්සක පැය ප‍්‍රමාණයයි. අවම වශයෙන් සතියකට පැය 35 ක් වත් එලෙස චිකිත්සාව ලබාදිය යුතුයි.

    ඔටිසම් දරුවන් තුළ ඇති සන්නිවේදන දුබලතා, හැසිරීමේ දුබලතා මෙන්ම අන්තර්ක‍්‍රියා සම්බන්ධයෙන් ඔවුන් දක්වන පසුගාමීත්වය නිවැරදි කරගැනීම සඳහා එක් එක් දරුවන් වෙනුවෙන් අනුගමනය කළ යුතු ක‍්‍රියාදාමයන් විවිධයි. ඔබට මේ පිළිබඳව උපදෙස් ලබාගැනීමට අවශ්‍ය නම් 071 6812524 දුරකථනය ඔස්සේ ඔබට එම තොරතුරු නොමිලේ ලබාදීමටත් වෛද්‍ය සුදත් දම්සිංහ මහතා සූදානම්.

    පාලිත සේනානායක

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    04 Aug 2018 05:43 PM

    otisumඔටිසම් කියන්නේ මනෝ ඉන්ද්‍රිය රෝගයක්‌ ලෙස ආයුර්වේදයේ දක්‌වනවා. දරුවා තුළ දක්‌නට ලැබෙන රෝග ලක්‌ෂණ අනුව එහි තත්ත්වය (severtity) නිර්මාණය වෙනව. ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවන්ට නිසි ප්‍රතිකාර නොකළොත් ඔවුන් ඔටිසම් සහිත වැඩිහිටියන් බවට පත්වෙනව. කුඩා කල මෙන්ම චර්යා ගති ලක්‌ෂණ එලෙසම පවතිනව.

    1994 සිට 2013 දක්‌වා ඔටිසම් රෝග ආකාර 5 ක්‌ දැනට හඳුනාගෙන තිබෙනවා. (Five different type of Autism) සමහර දරුවන්ට ඔටිසම් සමග උණ වලිප්පු, අපස්‌මාරය පවතී නම් රෝග ලක්‌ෂණ වල තීව්‍රතාව සමග රෝගය තදින් පවතින අවස්‌ථා බොහොමයක්‌ අපට හමු වෙනව.

    ඔටිසම් පිළිබඳව ඔබ විශේෂයෙන් දැනගත යුතු කරුණු ලෙස (Things to Know about Autism)

    Ö බොහෝ අවස්‌ථාවලදී ඔටිසම් සඳහා හේතුවූ කරුණු කුමක්‌දැයි නොදැනීම හෝ අපැහැදිලි බව.

    Ö එමෙන්ම පිරිමි දරුවන් ඔටිසම් තත්ත්වයට වැඩිපුර ගොදුරු වීම.

    Ö තවද දෙමාපියන්ගේ වයස වැඩි වූ විට හමු වූ බොහෝ දරුවන් ඔටිසම් සඳහා ගොදුරු වීම.

    Ö සමහර පවුල්වල පරම්පරාවෙන් එන ඔටිසම් රෝගීන් බහුල වීම.

    Ö නව්‍ය වෛද්‍ය ක්‍රමය තුළ ඔටිසම් සඳහා සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක්‌ නොමැති වීම.

    Ö නව්‍ය වෛද්‍ය විද්‍යාවේදී යොදාගනු ලබන චර්යාමය (Behavioral), සංවර්ධන (Development), කථන (speech) , ක්‍රියාකාරකම් (occupational), යන ක්‍රම වේදයන් තුළින් වුවද සාර්ථක ප්‍රතිකාරයක්‌ හෝ සුවයක්‌ නොලැබීම.

    ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී යොදාගන්නා වෛද්‍ය ඖෂධ තුළින් බොහෝ සාර්ථක ප්‍රතිඵල ලැබිල තියෙනව.

    Ö සමහර දරුවන් ආහාර මාර්ග පද්ධති රෝග හෝ සමහර කෑම වර්ග ප්‍රතිෙක්‌ෂaප කිරීම දක්‌නට ලැබෙනවා.

    Ö ඔටිසම්වලින් පෙළෙන සමහර දරුවන් තුළින් සංගීතයට, ගණිතයට, තාක්‌ෂණික විෂයට, චිත්‍රවලට, ඉංජිනේරු යන විෂයන් සඳහා අසාමාන්‍ය දක්‌ෂතා දක්‌නට ලැබෙනව.

    Ö සමහර විට සමාජයේ පවතින වැරදි විශ්වාස ලෙස ඔටිසම් රෝගීන්ට හැඟීම් නැත. (emotionless), ආදර කිරීමට නොහැකි බව (incapable of love) පවතිනව.

    Ö කොහොම වුවත් සෑම ආකාරයකම ඔටිසම් රෝගීන් අභියෝගයක්‌.

    නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5708567

    සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

    otisum1

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    04 Aug 2018 07:07 PM
    ඉතා වැදගත් තොරතුරු ටිකක් මල්ලි. මේ තත්ත්වය ඉතා අභියෝගාත්මක තත්ත්වයක් දෙමව්පියන්ට. සතියකට පැය 35ක වත් අවම චිකිත්සාවක් දෙන්නට නම් නිවසේ සිට. දෙමව්පියන්ට රැකියාවක්වත් කරන්න වෙන්නේ නැහැ.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    11 Aug 2018 06:57 PM

    otisumප්‍රශ්නය - පසුගිය සතියේදී අප ඔබ සමඟ සාකච්ඡා කළේ ඔටිසම් රෝගී දරුවන්ට කරන ආයුර්වේද මූල සෛල ප්‍රතිකාරය ගැනයි.

    වෛද්‍ය ලීනා ඉලේපෙරුම - මෙහිදී තවත් වැදගත් දෙයක්‌ සඳහන් කළ යුතුයි. ඔටිසම් රෝගය වැළඳුණු දරුවන්ට නිතර දෙවේලේ ආහාර අසාත්මිකතා හැදෙනවා. විශේෂයෙන්ම ඔවුනට කෑම දිරවීමේ අපහසුතා බහුලව ඇති වෙනවා. මේ නිසා ශරීරයට අවශ්‍ය පෝෂණ කොටස්‌ නොලැබී යන අතර ආහාර ජීර්ණ පද්ධතිය ආහාර දිරවා ගැනීමට බැරි තරම් දුර්වල වෙනවා. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් බාගෙට දිරවපු ආහාරවල තිබෙන අර්ධ පෝෂණය තමයි ශරීරයට ලැබෙන්නේ. එතකොට රුධිරයේ තිබෙන ගුණාත්මකභාවය පහත වැටෙනවා. ඊළඟට දරුවාගේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය දරුවාගේ ශරීරයට විරුද්ධව ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා. මෙය ලොකු අවුලක්‌. හැම විටෙකම වාගේ ආහාර අසාත්මිකතා ඇති වී දරුවා පීඩාවට පත්වෙනවා. එවිට සිදුවන්නේ දරුවාට දෙන කෑම ඔහුට ගැලපෙනවාද නැද්ද කියලා හැම විටම පරීක්‍ෂණ මගින් තහවුරු කර ගන්නට සිදුවීමයි. මෙය ගෙදරකදී කරන්න බැරි නිසා දරුවා රෝහලක නතර කරන්න සිදුවෙනවා.

    ප්‍රශ්නය ආහාර අසාත්මිකතා ඇතිවිය හැකි දරුවන්ට පොදුවේ අගුණ ආහාර මොනවාද?

    වෛද්‍ය ලීනා ඉලේපෙරුම - කිරිවලින් පිළියෙළ කරගත් ආහාර හොඳ නැහැ. එළකිරි, මුදවපු කිරි, චීස්‌, මෝරු සුදුසු නැහැ. තක්‌කාලි, වම්බටු අර්තාපල්, මිරිස්‌ වර්ග, ඇඹුල් රේණු සහිත ගෙඩි (දෙහි, දොඩම්, නාරං, ජමනාරං) රටකජු, ආහාර කල්තබා ගැනීමට යොදන රසායනික ද්‍රව්‍ය, කෘත්‍රිම වර්ණක, රසකාරක, කෘමිනාශක සහිත වාතාශ්‍රය, පලිබෝධ සහ වල් නාශක සහිත වාතාශ්‍රය, බැර ලෝහ කිසිසේත්ම සුදුසු නැහැ.

    ප්‍රශ්නය - ඔටිසම් දරුවන්ට ආහාර ආසාත්මිකතා හට ගන්නේ කොහොමද?

    වෛද්‍ය ලීනා ඉලේපේරුම - මෙයට හරියාකාර හේතුව සොයාගෙන නැහැ. හැබැයි දරුවාගේ ආහාරයට අමු ඉඟුරු, ගම්මිරිස්‌, අමු මිරිස්‌, යන තුන එක පමණට ගෙන ගලේ අඹරා මිශ්‍ර කළාමත් දිරවීම පහසු කරනවා. මේ මිශ්‍රණයට ආයුර්වේදයේ කියන්නේ ත්‍රිකටු කියලයි. එනම් කටුක රස තුනක්‌. ආහාර ජීර්ණ පද්ධතියේ තිබෙන එන්සයිම ප්‍රකෘතිමත් කරන්නට ත්‍රිකටුවලට පුළුවන්.

    ඔටිසම්වලින් පෙළෙන දරුවන්ගේ හිස සම්බාහනය කරන්නට ගොටුකොළ තෙල් ඉතා සුදුසුයි. ගොටුකොළ ඉස්‌ම කෝප්ප භාගයක්‌ පිරිසිදුÊතල තෙල් කෝප්ප භාගයකට මිශ්‍රකර කකාරා නිවා ගැනීමෙන් ගොටුකොළ තෙල් සාදාගත හැකියි.

    ලබන සතියට

    නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5708567

    සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

    otisum1

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    12 Aug 2018 01:59 AM
    මේවයි සත්‍යතාවයක් තියේද මන්ද
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    12 Aug 2018 07:05 AM
    Posted By Udari on 12 Aug 2018 01:59 AM
    මේවයි සත්‍යතාවයක් තියේද මන්ද
    සත්‍යතාවය කෙසේ වෙතත් දැනුවත් වෙලා ඉන්න එක වටිනවා

    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    18 Aug 2018 06:23 PM

    otisumදෙමාපියන්ට ඇති වටිනාම වස්‌තුව තම දරුවා, දෙමාපියන් දරුවා අතර දහසක්‌ බොළඳ සුරතල් කතා ඉවරයක්‌ නෑ. සමහර වෙලාවට අම්මා, තාත්තා තම දරුපැටියට ආදරෙන් කතා කරනව. මේ දරුවා ඇසුනේ නෑ වගේ ඉවත බලාගෙන ඉන්නව නම්, අම්මා තාත්තා කියල අමතන්නේ නැත්නම් එම දෙමාපියන්ට මහත් දුකක්‌, වේදනාවක්‌ ඇති වෙනව. ඔබේ දරුවා මෙවැනි ප්‍රතිචාර දක්‌වන්නෙ නැතිව සිටී නම් ළමා රෝග වෛද්‍යවරයකුට පෙන්වන එක කළ යුතුම වෙනවා. දරුවා ඔටිසම් රෝගයෙන් පෙළෙනවා වෙන්න පුළුවන්. දරුවා කතා කරන්නේ නෑ කියා රට පුරා තිබෙන සාස්‌තර බලන තැන්, පේන කියන තැන්වල ගිහින් වැඩක්‌ නෑ. දරුවාට ඔටිසම් නම් අවශ්‍ය වෛද්‍ය උපදෙස්‌ ගැනීම ප්‍රතිකාර කිරීම වැදගත් වෙනවා.

    ඔටිසම් රෝගයේදී ප්‍රධාන වශයෙන් ම කතාව, අදහස්‌ හුවමාරු කර ගැනීම, අනෙකාගේ අදහස්‌ තේරුම් ගැනීම, තම අදහස්‌, අවශ්‍යතා අනෙකාට ප්‍රකාශ කිරීම යන සියල්ලම ඉතා අඩු මට්‌ටමක පවතිනවා. තවද අනෙක්‌ තැනැත්තා විසින් කරන ඉඟි, කතා නොකර පෙන්වන අදහස්‌ (non verbal communication & gestune failure) තේරුම්ගත නොහැකි වෙනවා.

    එමෙන්ම ඔටිසම් වලින් පෙළෙන දරුවන් සෙල්ලම් බඩුවක්‌ දුන් විට එය සමඟ සෙල්ලම් කරනව වෙනුවට එය කරකැවීම හෝ එක දිගට පේළියකට තැබීම යන ක්‍රියාවන් කරනවා.

    ඔටිසම් දරුවන්ට තමා පිළිබඳව තමා අවට සමාජය පිළිබඳව යථා අවබෝධයක්‌ නැහැ. උදාහරණයක්‌ ලෙස කිව්වොත් ගින්දරට පිළිස්‌සෙනව, පිහියට කැපෙනව, විසකූරු සතුන් මගින් හානි වේවි කියල බියක්‌ ඇතිවන්නේ නෑ. ඒවගේම ලැඡ්ජාව නැහැ. ඇඳුම් ගලවල විසි කරනවා. සමහර දරුවන් ඇඳුම් ඇඳීම තදින්ම ප්‍රතික්‍ෂේප කරනව. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී මෙම රෝගය 'ජඩත්ව' එහෙම නැතිනම් ජඩක්‍ෂ කියල දක්‌වනව. තවද මෙම ඔටිසම් කියන්නෙ මනෝ දෞර්බල්‍ය රෝග කාණ්‌ඩයේ රෝග අවස්‌ථාවක්‌.

    otisum1ඔටිසම් දරුවන් තුළින් තවත් දැකිය හැකි ලක්‍ෂණයක්‌ වන්නේ වයසට සරිලන බුද්ධි මට්‌ටමක්‌ නැතිකම, මෙය කතාව, ලිවීම, කියවීම, අවබෝධය, හැකියාව යන සෑම අතින්ම අඩු අවස්‌ථාවක පවතිනවා.

    ඔටිසම් දරුවන් බොහෝ විට අධික්‍රියාකාරී තත්ත්වයෙන් ද පෙළෙනවා. දරුවා එක ඉරියව්වක කෙටි වේලාවක්‌වත් රඳවා තබා ගැනීම අපහසු වෙනවා. (Autism with Hyper activity) මෙම අධික්‍රියාකාරී තත්ත්වය නිසා දරුවා මෙන්ම රැකබලා ගන්නා කෙනාත් අධිකව පෙළෙන තත්ත්වයක්‌ මේක. සමහර වෙලාවට අම්මල, කියනව අනේ මේ දරුවා දවල් රෑ දෙකේම එක වගේ නැඟිsටල කරදර කරනව. නින්ද යන්නේ නෑ කියලා.

    ශරීරගත පිත්ත හා වාත දෝෂය කෝප වීම නිසා අනිද්‍රd තත්ත්වය හා අධි ක්‍රියාකාරීත්වය සිදු වෙනවා. එමෙන්ම කෝප වූ දෝෂ තත්ත්වය හා ප්‍රමාණය අනුව ප්‍රතිකාරය ද රෝගියාගෙන් රෝගියාට වෙනස්‌ වෙනවා. ආයුර්වේදය තුළ පමණක්‌ ඇති සුවිශේෂී ඖෂධ වර්ග වලින් මෙවැනි දරුවන්ට මහත් සහනයක්‌ ලබා දෙන්න පුළුවන්. ඒ වගේම අඩු වයසින් ප්‍රතිකාරයට යොමු වීමෙන් ඉක්‌මන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

    නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5708567

    සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    02 Sep 2018 08:04 AM

    otisumඔටිසම් කියන්නේ ළමා සංවර්ධනය හා සම්බන්ධ රෝග අවස්‌ථාවක්‌ (developmental disorder)

    මෙම රෝග තත්ත්වයේදී ප්‍රධාන වශයෙන්ම කථා නොකිරීම හෝ අඩුබව හා නිසි සමාජ සම්බන්ධතා නොපැවැත්වීම ස්‌නායු පද්ධතියේ සියුම් ක්‍රියා (fine motor skills) දුර්වලතා දක්‌නට ලැබෙනවා. මෙම ලක්‌ෂණ පළමු වසර දෙක හෝ තුන තුළදී දක්‌නට ලැබෙන නිසා දෙමාපියන් දරුවා තුළ යම් වෙනසක්‌ ඇති බව හඳුනා ගන්නව ඉහතින් දක්‌වන ලද ප්‍රධාන රෝග ලක්‌ෂණ ක්‍රම ක්‍රමයෙන් දරුවාගේ වර්ධනය හා සංවර්ධනයත් සමඟ හඳුනාගන්න පුළුවන්. සමහර අවස්‌ථාවලදී දරුවා සාමාන්‍ය දරුවකු මෙන් වයසට සරිලන සංවර්ධන ක්‍රියා සිදුකර පසුව මෙම ඔටිසම් තත්ත්ව කරා ළඟා වූ අවස්‌ථාද දක්‌නට ලැබෙනවා. අන්තර් ජාතික මනෝවිද්‍යා සංගමයේ නවතම වාර්තාවලට අනුව සෑම දරුවන් 45 දෙනෙකුගෙන් 1 අයකු ඔටිසම් රෝග ලක්‌ෂණ වලින්පෙළෙනවා. ඉතාම වේලාසනින් (early diagnose) දරුවා මෙම රෝග ලක්‌ෂණ තිබේ දැයි හඳුනාගත් විට කලින්ම අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම තුළින් ඉතාමත් හොඳ ප්‍රථිඵල ලබාගන්න පුළුවන්. නව්‍ය වෛද්‍ය විද්‍යාවට අනුව ඇත්තට ම ඔටිසම් කියන්නේ ළමා කාලයේදී හඳුනා ගන්නා වූ ප්‍රථිඵල හෝ රෝග ලක්‌ෂණ ජීවිත කාලය පුරාවට පවතින අවස්‌ථාවක්‌.

    ගර්භණී මවගේ වැරදි ආහාර විහරණ සහ මානසික තත්ත්වය උපදින දරුවාට ඔටිසම් ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම බලපානව. ඉහත හේතු සාධක නිසා දිනෙන් දිනම ඔටිසම් දරුවන් බහුලව දක්‌නට ලැබෙනව.

    නිරෝගී දරුවකු ලබා ගැනීමට කායික, මානසික හා අධ්‍යාත්මිකව කළයුතු පිළිවෙත් ආයුර්වේදයේ දක්‌වල තියෙනවා.

    ඔටිසම් දරුවන් තුළ කථාව හා සමාජ සම්බන්ධතා දුර්වලතා වලට අමතරව තවත් බොහෝ රෝග චර්යාමය ලක්‌ෂණ තිබෙනවා.

    otisum1ආලෝකය, ශබ්දය, ගන්ධ රස සඳහා අධි සංවේදිතා දක්‌නට ලැබෙනවා (Hyper Sensitivity to Light Sound. Smell & Taste)

    සමහර අවස්‌ථා වලදි දරුවන් ඇස්‌ තදකරගෙන අතින් වසා ගැනීම, කන්වල ඇඟිලි ගසා ගැනීම, නාසය මුහුණ වසා ගැනීම ආදී චර්යා වෙනස්‌කම් දක්‌නට ලැබෙනවා.

    ඔටිසම් දරුවන් තුළින් දක්‌නට ලැබෙන තවත් ප්‍රධාන චර්යා වෙනසක්‌ ලෙස අත්වලින් කරන විකෘති චර්යාවන් (Hand Flapping) ඇඟලි තුඩුවලින් ගමන් කිරීම (toe walking) (rocking) දක්‌නට ලැබෙනවා.

    සමහර ඔටිසම් දරුවන් සංගීතය හෝ ගණිතය වැනි විෂයකට දක්‌ෂතාවන් දක්‌වන අවස්‌ථාද තිබෙනවා. ඇත්තට ම ඔටිසම් වලදි රෝග ලක්‌ෂණ මඳ (mild), මධ්‍යස්‌ථව (moderate), අධිකව (severle) යන ලෙස දක්‌නට ලැබෙනවා (Auttism is a spectrum Disorder)

    තවත් ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන සමහර දරුවන් තුළ අධික භිය හෝ යමක්‌ කිරීමට සිතතුළ ඇති අනිසි බය (Anxiety) දක්‌නට ලැබෙනවා. ඔටිසම් රෝගය පිරිමි දරුවන් තුළ ගැහැනු දරුවන්ට වඩා හතර ගුණයකින් වැඩි වෙනවා. ලෝකය පුරා ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන මිලියන විසිපහකට අධික බව නවතම වාර්තා අනුව කියන්න පුළුවන්.

    සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

    නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5708567

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    02 Sep 2018 03:32 PM
    ඕටිසම් තියෙන අපේ මාමලයි පොඩි පුතා ලඟදි දවසක මම බොහොම අමාරුවෙන් යාළුකර ගත්ත........හරිම අහින්සකයි.....ආදරේ හිතෙනව
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    02 Sep 2018 07:51 PM
    ඔට්සම් දරැවකු සොයා ගැනීම හරි අමාරැයි නේද වෙනත් දරැවන් සමග සසදන විට
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    02 Sep 2018 11:03 PM
    Posted By sha733 on 02 Sep 2018 07:51 PM
    ඔට්සම් දරැවකු සොයා ගැනීම හරි අමාරැයි නේද වෙනත් දරැවන් සමග සසදන විට
    කොහෙත්ම අමාරු නැහැ මල්ලි.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    04 Sep 2018 12:21 PM
    Posted By maduranga001 on 02 Sep 2018 11:03 PM
    Posted By sha733 on 02 Sep 2018 07:51 PM
    ඔට්සම් දරැවකු සොයා ගැනීම හරි අමාරැයි නේද වෙනත් දරැවන් සමග සසදන විට
    කොහෙත්ම අමාරු නැහැ මල්ලි.


    එහෙමද.
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    04 Sep 2018 02:01 PM
    දැක්ක ගමන් කියන්න පුළුවන් මට දැන්.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    09 Sep 2018 07:18 AM

    childප්‍රශ්නය - Autism ඔටිසම් යනුවෙන් හඳුන්වන රෝගය ගැන මේ කාලයේදී නිතර අසන්නට ලැබෙනවා. කුඩා දරුවන්ට වැළඳෙන බව කියන මේ රෝගය කුමක්‌ද?

    වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - මෙය අලුත් රෝගයක්‌. අවුරුදු 20 කට වැඩි ඉතිහාසයක්‌ මේ රෝගයට නැහැ. ඒ නිසා ඉපැරැණි ආයුර්වේද ග්‍රන්ථවල මේ රෝගය ගැන සඳහනක්‌ නැහැ. හැබැයි පැරැණි ආයුර්වේද පොත්වල තිබෙනවා 'ඡඩත්වම්' කියලා රෝග තත්ත්වයක්‌. මෙය කුඩා දරුවන්ට වැළඳෙන ස්‌නායු රෝගයක්‌. ඔටිසම්වල සමහර ලක්‍ෂණ එහි තිබෙනවා. එහෙත් පූර්ණ ලක්‍ෂණ නැහැ. ඒ නිසා තමයි අප තීරණය කරන්නේ ඔටිසම් අලුත් ලෙඩක්‌ කියලා. ලෝකයේ තියෙන ලෙඩ රෝග වලින් 99.999% ක්‌ ම ආයුර්වේදය මගින් විග්‍රහ කරනවා. ආයුර්වේද වෙද පොත්වල ඒ ගැන තියෙනවා. පාකින්සන් රෝගය අලුත් ඉංග්‍රීසි නමකින් සමාජයට ආවත් එය වසර දහස්‌ ගණනක්‌ පැරැණි රෝගයක්‌. මෙහිදී මතක තබා ගත යුතු වැදගත්ම දෙයක්‌ තමයි ආයුර්වේදයෙන් මේ රෝගය සුවපත් කළ හැකි බව. එසේ සුවපත් වූ දරුවන් ගැන සිද්ධි අධ්‍යයන සිය ගණනක්‌ අප සතුව තිබෙනවා.

    ප්‍රශ්නය - ඔටිසම් රෝගයේ ස්‌වභාවය ගැන විස්‌තර කරන්න.

    වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - මේ පිළිබඳ විද්‍යාත්මක විග්‍රහය මෙහෙමයි. මෙය Neurodevelopmental disorder රෝගයක්‌. එනම් ස්‌නායු පද්ධතියේ වර්ධනය වන අක්‍රමිකතා නිසා හට ගන්නා රෝගයක්‌. මේ නිසා දරුවකු තුළ තිබෙන වාචික සහ වාචික නොවන සන්නිවේදන හැකියාව බිඳ වැටෙනවා. වාචික සන්නිවේදනය කියන්නේ කතා බහ, වාචික නොවන සන්නිවේදනය කියන්නේ බැල්මෙන් දෙන උත්තර, සිනාවෙන් දෙන අනුමැතිය, චලනයෙන් දෙන පණිවුඩය වගේ දේවල්. මේ රෝගය හැදුනු දරුවන්ගේ මේ ක්‍රියාකරකම් නවතිනව. දෛනික හැසිරීම සීමා වෙනවා. මේ රෝගයේ මුල් ලක්‍ෂණ හට ගන්නේ දරුවකුගේ ජීවිතයේ පළමු අවුරුදු දෙක තුළ. රෝග ලක්‍ෂණ පහළ කිරීම මාස හයේ සිට සිදු වෙනවා. මේ නිසා රෝග නිශ්චය කිරීම සිට ප්‍රතිකාර ලබා දීම දක්‌වා කටයුතු හැකි ඉක්‌මනින් පටන් ගන්න ඕනෑ. රෝග ලක්‍ෂණ හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම කල් ගත වූ තරමට රෝගය සුව කිරීම දුෂ්කර වෙනවා.

    ලබන සතියේ තව කොටසක්‌

    සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

    නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5708567

    child1

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    09 Sep 2018 10:55 AM
    මෙය අලුත් රෝගයක්‌. අවුරුදු 20 කට වැඩි ඉතිහාසයක්‌ මේ රෝගයට නැහැ.
    රෝග ලක්‍ෂණ පහළ කිරීම මාස හයේ සිට සිදු වෙනවා. මේ නිසා රෝග නිශ්චය කිරීම සිට ප්‍රතිකාර ලබා දීම දක්‌වා කටයුතු හැකි ඉක්‌මනින් පටන් ගන්න ඕනෑ. රෝග ලක්‍ෂණ හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම කල් ගත වූ තරමට රෝගය සුව කිරීම දුෂ්කර වෙනවා.
    වැදගත් කරුණු දෙකක්.

    ඔබ දන්නා මෙවන් ඔටිසම් දරුවන් සිටී නම් මට කියන්න. ඔවුන්ට මගේ ශක්ති ප්‍රමාණයෙන් සහනය දීමට මම සුදානම්. කලයුතු පිළියම් සහ ගතහැකි ක්‍රියාමාර්ග ආදිය පිලිබදව. දුරකතනයෙන් ඔවුන්ට උදව් කරන්න පුළුවන්.
    මේ රෝගය වැළඳුනු දරුවෙක් සහිත දෙමව්පියන් විඳින්නේ අපා දුකක්. පුදුම පීඩනයක්. අඩු වයසෙන් සුව නොකරගෙන වටේ ගිහින් ආවොත් සුව කරනවා බොරු. ජිවිත කාලයේම දුක තමයි.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    09 Sep 2018 10:07 PM
    Posted By maduranga001 on 09 Sep 2018 10:55 AM
    මෙය අලුත් රෝගයක්‌. අවුරුදු 20 කට වැඩි ඉතිහාසයක්‌ මේ රෝගයට නැහැ.
    රෝග ලක්‍ෂණ පහළ කිරීම මාස හයේ සිට සිදු වෙනවා. මේ නිසා රෝග නිශ්චය කිරීම සිට ප්‍රතිකාර ලබා දීම දක්‌වා කටයුතු හැකි ඉක්‌මනින් පටන් ගන්න ඕනෑ. රෝග ලක්‍ෂණ හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම කල් ගත වූ තරමට රෝගය සුව කිරීම දුෂ්කර වෙනවා.
    වැදගත් කරුණු දෙකක්.

    ඔබ දන්නා මෙවන් ඔටිසම් දරුවන් සිටී නම් මට කියන්න. ඔවුන්ට මගේ ශක්ති ප්‍රමාණයෙන් සහනය දීමට මම සුදානම්. කලයුතු පිළියම් සහ ගතහැකි ක්‍රියාමාර්ග ආදිය පිලිබදව. දුරකතනයෙන් ඔවුන්ට උදව් කරන්න පුළුවන්.
    මේ රෝගය වැළඳුනු දරුවෙක් සහිත දෙමව්පියන් විඳින්නේ අපා දුකක්. පුදුම පීඩනයක්. අඩු වයසෙන් සුව නොකරගෙන වටේ ගිහින් ආවොත් සුව කරනවා බොරු. ජිවිත කාලයේම දුක තමයි.

    ඒක හොඳ පණිවිඩයක්  අය්ය .....

    මම  අපේ මාමලව දැනුවත් කරන්න  ඕන

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    10 Sep 2018 09:35 AM
    Posted By Udari on 09 Sep 2018 10:07 PM
    ඒක හොඳ පණිවිඩයක්  අය්ය .....
    මම  අපේ මාමලව දැනුවත් කරන්න  ඕන
    දැනට ඔවුන් කිසිම ප්‍රතිකර්මයක් කරන්නෙ නැද්ද? දරුවාගේ වයස කීයද? ඉක්මනින් ක්‍රියාත්මක වන්න කියන්න.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    10 Sep 2018 10:05 AM
    Posted By maduranga001 on 10 Sep 2018 09:35 AM
    Posted By Udari on 09 Sep 2018 10:07 PM
    ඒක හොඳ පණිවිඩයක්  අය්ය .....
    මම  අපේ මාමලව දැනුවත් කරන්න  ඕන
    දැනට ඔවුන් කිසිම ප්‍රතිකර්මයක් කරන්නෙ නැද්ද? දරුවාගේ වයස කීයද? ඉක්මනින් ක්‍රියාත්මක වන්න කියන්න.


    එයාලත් මුල ඉඳල කරල අය්ය ........ඒ උනාට තාම  හොදටම සුව නෑ, ඒ මල්ලියට දැන් අවුරුදු  10 ක් විතර.....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    10 Sep 2018 10:07 AM
    Posted By Udari on 10 Sep 2018 10:05 AM
    එයාලත් මුල ඉඳල කරල අය්ය ........ඒ උනාට තාම  හොදටම සුව නෑ, ඒ මල්ලියට දැන් අවුරුදු  10 ක් විතර.....
    මම බැහැම කියන්නෙ නැහැ. නමුත් අවුරුදු 10ක් වෙන ළමයෙක් නම් දැන් ටිකක් අපහසුයි. විශාල පරිශ්‍රමයක් දරන්න වෙනව. නිසි ප්‍රතිකර්ම ගැන හොයා ගන්නෙ ගොඩක් අය පහුවෙලා. ඒකයි මේකට හේතුව.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    10 Sep 2018 01:00 PM
    නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කොටන්න වෙනකං ඉන්න එපා කියන්නෙ ඕකට තමා
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    10 Sep 2018 02:55 PM
    අවුරුදු 5 පැන්නම උනත් පට්ට ගේමක් ගහන්න ඕන. 10 කියන්නෙ සෑහෙන්න වැඩියි. මේ ලක්ෂණ ගන්නෙ මාස හයේ ඉඳල. අවධානයෙන් සිටියහොත් අවුරුදු 1 1/2 පමණ තෙරුන් ගන්න පුළුවන්. එකම ප්‍රශ්නේ තවම දෙමව්පියන් මෙවැනි රෝගී තත්ත්ව ගැන අවබෝධයක් නැති එකයි. ඒකයි දරුවා නිසි ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි වන්නෙ.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    16 Sep 2018 08:29 AM

    otisumප්‍රශ්නය - ළදරුවන්ට වැළඳෙන ඔටිසම් රෝගය ගැන පසුගිය සතියේදී අප මේ ලිපියෙන් හැඳින්වීමක්‌ කළා. ඔටිසම් රෝග ලක්‍ෂණ ගැන විස්‌තරාත්මකව කතා කිරීමට අප අද බලාපොරොත්තු වෙනවා.

    වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - මෙහි රෝග ලක්‍ෂණ බහුල ලෙස මතුවීමට පටන් ගන්නේ දරුවා ඉපදී මාස 6 ක්‌ ගත වූ පසුයි. සමහර ළදරුවන් වයස මාස 2 සිට මේ රෝග ලක්‍ෂණ පෙන්වන්නට පටන් ගන්නවා. අවුරුදු 2 - 3 අතර කාලය වන විට දරුවා දෙස බැලූ සැනින් ඔහු/ ඇය ඔටිසම් රෝගියකු ලෙස හඳුනා ගන්නට පුළුවන්. හරියට ප්‍රතිකාර නොකළ විට ඔහු ඔටිසම් රෝගී වැඩිහිටියකු බවට ක්‍රමයෙන් පත් වෙනවා. ඔටිසම් රෝගියා මනසින් හුදෙකලා බව නිතර පෙන්වන කෙනෙක්‌. තමා අවට සිටින අය ගැන ඔහුට කිසිදු හැඟීමක්‌ නැහැ. තමා අවට සිටින අය සමඟ සන්නිවේදනය කිරීමට මේ රෝගියාට දැනුමක්‌ නැහැ. එසේම තමා අවට සිටින සමාජය තමා වෙත කරන සන්නිවේදනය ගැන තේරුම් ගැනීමටත් රෝගියාට හැකියාවක්‌ නැහැ. ඔවුන් අන් අය දෙස නොබලන අතර ඔවුන් සමඟ සිනාසීමෙන් හෝ කතා කිරීමෙන් වැළකී සිටිනවා. රෝගියාට ඔහුගේ නමින් කතා කළත් ගණන් ගන්නේ නැහැ. කිසියම් දෙයක්‌ ඇඟිල්ල දිගු කර අන් අයට පෙන්වා දීමට ඔවුන්ට හැකියාවක්‌ නැහැ. ඔහු ඉන්නේ දරන්න බැරි තරම් හුදෙකලාවක.

    ඔටිසම් රෝගී දරුවන්ගෙන් තුනෙන් දෙකකට පමණ හරියාකාරව කතා කරගන්න බැහැ. තමන්ට අවශ්‍ය දෙය කියා ගන්නට ඔවුන්ට හැකියාවක්‌ නැහැ. ඔවුන් කතා කළත් වචන හසුරුවන්නේ ඉතාම ආගන්තුක ලෙසයි. කිසියම් කෙනෙකු ඇඟිල්ල දිගු කර කිසියම් දෙයක්‌ පෙන්නුවාම එම දරුවන් බලන්නේ අදාළ වස්‌තුව දෙස නොව ඇඟිල්ල දෙසයි. ඔවුන් බොහෝ විට එකම දේ කරනවා. පොත් ගොඩක්‌ අරගෙන ඒවා එක පිට එක තබමින් මුළු කාලයම ගත කරන්නට ඔවුන්ට පුළුවන්. එකම සෙල්ලම් බඩුව අතේ තබාගෙන ඒ දිහා නොබලා/ ඒ දිහා එක එල්ලේම බලාගෙන මුළු දවසම ගත කරනවා. නැත්නම් බිම බලාගෙන ඉන්නවා. මේ දරුවන්ට ආහාරපාන ගැන උනන්දුවක්‌ නැහැ. ඇඳුම් පැළඳුම් මාරු කිරීම ගැන උනන්දුවක්‌ නැහැ. ඔවුන්ට උගැන්වීම ඉතාම අපහසුයි. මේ නිසා මේ දරුවන්ට බෙහෙත් කරන විට දරුවාගේ දෙමාපියන්ටත් උපදේශනය කළ යුතුයි. දරුවා කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක කියා දිය යුතුයි.

    සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

    නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5708567

    otisum1

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    16 Sep 2018 01:40 PM
    ඒ දේත් පැහැදිලියි
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    23 Sep 2018 07:16 AM

    otisumප්‍රශ්නය - ඔටිසම් රෝගයේ මූලය ගැන විවිධ මත තිබෙනවා. මේ රෝගය සම්බන්ධයෙන් පර්යේෂණ කරන Vedic Society Ayurveda නමැති ආයතනය කියන පරිදි ඔටිසම් හටගන්නේ ප්‍රාණවාතය අසමතුලිත වීම නිසා ශරීරයේ තිබෙන ඊයම් විස වීමෙන්. කෙනෙකුගේ කතාබහ, මානසික ඒකාග්‍රතාව, මතකය, ඉගෙනුම සහ ස්‌නායු පද්ධතියට සම්බන්ධ වෙනත් කටයුතු සිදුවන්නේ ප්‍රාණ වාතය පදනම් කරගෙන බව මෙම ආයතනයේ වෙබ් අඩවියේ සඳහන් වෙනවා. මේ ගැන ඔබ දරන මතය කුමක්‌ද?

    වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - ඉහත සඳහන් මතය සැලකිල්ලෙන් හැදැරිය යුතුයි. ඔටිසම් රෝගය සම්බන්ධයෙන් විවිධ ආයුර්වේද ගුරුකුල විවිධ මත දරනවා. එහෙත් අවසානයේදී ඒ මත බොහොමයක අර්ථකථනය එක සමාන වනවා. කෙසේ වුවද ඔටිසම් රෝගයට ප්‍රතිකාර කරන විට පැති ගණනාවකින් ඒ ගැන සිතිය යුතුයි. ගර්භණී කාලයේදී මව ගන්නා ආහාරවල පටන් ඉදිරියට සිදුවන දේ ඔටිසම් රෝගයට බලපානවා. ඒ අතර ඔටිසම් රෝගී දරුවාට සුදුසු තවත් ආහාර කිහිපයක්‌ මෙසේ සඳහන් කළ හැකියි. එනම්.

    පිරිසිදු එළඟිතෙල් සහ ඔලිව් ඔයිල් ඉතාම සුදුසුයි. එළඟිතෙල්වලින් කරන්නේ ශරීරයේ පටකවල තිබෙන විෂ ඉවත් කිරීමයි. ඒ වගේම මොළයේ එකතුවන විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමටත් එළඟිතෙල්වලට පුළුවන්. ඒ වගේම හානියට පත් වූ මොළයේ සෛල අලුත්වැඩියා කිරීමත් එළඟිතෙල්වලට පුළුවන්.

    ඔටිසම් දරුවන්ට ඉතා සුදුසු තවත් ආහාරයක්‌ යෝගට්‌වලින් සාදා ගන්න පුළුවන්. යෝගට්‌ කෝප්ප කාලකට ජලය කෝප්ප තුන්කාලක්‌ සහ කරඳමුංගු, ගම්මිරිස්‌ සහ කුරුඳු ස්‌වල්ප වශයෙන් මිශ්‍රකර බ්ලෙන්ඩරයක දමා ගසාගෙන එයට රතු සීනි හෝ හකුරු ස්‌වල්පයක්‌ දමා පානය කිරීමට දියයුතුයි. හැබැයි එවැනි පානයක්‌ දිගින් දිගටම ලබා දීමේදී දරුවාගේ සෙම තත්ත්වය ගැන පරීක්‍ෂාවෙන් පසුවිය යුතුයි.

    එසේම දරුවාට කිරි ආහාර දෙනවා නම් එයට කොත්තමල්ලි හෝ ඉඟුරු මුසු කිරීම වැදගත්. එවිට එය ඉතා පහසුවෙන් දිරවනවා. හැම ආහාර වේලකටම අමු කොත්තමල්ලි කොළ යුෂ බිංදු 5 - 6 ක්‌ පමණ දැමිය යුතුයි.

    පැය 24 ක්‌ පරණ වූ ආහාර, මයික්‍රොවේව් උදුනක දමා රත්කරගත් ආහාර, සියලු ආකාරයේ සෝයා නිෂ්පාදන යනාදිය ඔටිසම් දරුවන්ට දීම සුදුසු නැහැ.

    සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

    නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5708567

    otisum1

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    23 Sep 2018 08:15 AM
    බොහොම ස්තූතියි මල්ලි මේ තොරතුරු වලට.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    23 Sep 2018 08:46 AM
    ඕටිසම් වලට කෑමත් බලපානව කියන එක නම් පුදුමයි
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    23 Sep 2018 04:10 PM
    ස්තූතියි ලිපි පෙල පිලිවෙලටම තියෙනවා
    0

    wasangaama
    Basic Member
    Basic Member
    Posts:199






    --
    27 Sep 2018 12:38 PM
    ඔය රෝගය මගේ දුවටත් තියෙනව. අවුරුදු 4 ක් වෙනවා තාමත් වචන කීපයයි කතා කරන්නේ.
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    27 Sep 2018 08:17 PM
    Posted By wasangaama on 27 Sep 2018 12:38 PM
    ඔය රෝගය මගේ දුවටත් තියෙනව. අවුරුදු 4 ක් වෙනවා තාමත් වචන කීපයයි කතා කරන්නේ.

    මදුරන්ග  අය්යගෙන් මේ ගැන වැඩි විස්තර  අහගන්න  පුළුවන්  අය්යෙ
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    27 Sep 2018 11:26 PM
    Meka maha amuthu ledak thama. Ape annex eketh innawa me wage lamayek eyanan godak lokui
    Awurudu 15 k vithara
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    30 Sep 2018 06:06 AM

    otisumප්‍රශ්නය - ළමා වියේ මානසික සහ කායික සංවර්ධනයේ ප්‍රමුඛ සතුරකු ලෙස ඔටිසම් රෝගය හඳුනාගෙන තිබෙනවා. මේ බව පසුගිය දිනවල ඔබ සමඟ කළ සාකච්ඡාවලදී හෙළිවුණා. මොළයේ සාමාන්‍ය ක්‍රියාවලිය කඩාකප්පල් කරන මේ රෝගය මගින් එයට බඳුන්වන ළමයාගේ සමාජයීය අන්තර් ක්‍රියාකාරකම්, කුසලතා සන්නිවේදන හැකියාවන් කඩාකප්පල් කරනවා.

    වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - තවදුරටත් මේ ගැන විස්‌තර කරනවා නම් මේ දරුවන්ට කථන දුෂ්කරතා තිබෙනවා. ඒ නිසා ඔවුන්ට අදහස්‌ ප්‍රකාශ කිරීමේ දුෂ්කරතා හට ගන්නවා.

    ප්‍රශ්නය - ඔටිසම් රෝගය ජාන උරුමයෙන් එන බව විද්‍යාත්මකව තහවුරු කරපු එකක්‌ද?

    වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - ස්‌ථිර වශයෙන් ම ඔව්. ඒ එක්‌කම මව ගර්භනී සමයේදී ෆොaලික්‌ අම්ලය වැඩි වශයෙන් ශරීරගත වුණාමත් උපදින දරුවට ඔටිසම් වැළඳීමේ අවකාශය තිබෙනවා. ගර්භනී කාලය තුළ බලගතු ප්‍රතිජීවක ඖෂධ හෝ වේදනා නාශක පමණ ඉක්‌මවා ගත් විටත්, උපදින දරුවට ඔටිසම් හැදෙනවා. ඔටිසම් ස්‌නායු සම්බන්ධ ව්‍යාධියක්‌ වුණත් මානසික ව්‍යාධියක්‌ නොවෙයි. ඒ නිසා ස්‌නායු ප්‍රකෘතිමත් කරන ඖෂධ මගින් මෙය සුව කළ හැකියි.

    ප්‍රශ්නය - මොනවද ඒ ඖෂධ?

    වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - ඒ ඖෂධ වැඩි හරියක්‌ම ශාකසාර ඖෂධ ඉන් පළමුවැන්න තමයි ගොටුකොළ හෙවත් බ්‍රහ්මි. ගොටුකොළ වලින් ස්‌නායු රෝගවලට ප්‍රතිකාර කළ හැකියි. මතක ශක්‌තිය දියුණු කළ හැකියි. මෙය B විටමින්වලින් පරිපූර්ණයි. B - 1, B -2, B - 6 කියන විටමින් වර්ග මෙහි තිබෙනවා. ස්‌නායු පද්ධතියේ ආබාධවලට ප්‍රතිකාර කිරීමේදී ගොටුකොළ සාරය පරිහරණය කිරීම බටහිර විද්‍යාවේ පවා සිදු කරනවා. ගොටුකොළ යුෂ තුළ තිබෙනවා ප්‍රදාහ නාශක සහ විෂ නාශක ගුණයක්‌. දිනපතාම ගොටුකොළ යුෂ තේ හැඳි හතරක්‌ මී පැණි සමඟ මිශ්‍ර කර ඔබේ දරුවාට දිය හැකි නම් ඔහු ඔටිසම් රෝගයෙන් ගලවා ගන්නට පුළුවන්.

    ලබන සතියට

    සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

    නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5708567

    otisum1

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    30 Sep 2018 07:55 PM
    Posted By wasangaama on 27 Sep 2018 12:38 PM
    ඔය රෝගය මගේ දුවටත් තියෙනව. අවුරුදු 4 ක් වෙනවා තාමත් වචන කීපයයි කතා කරන්නේ.
    මල්ලි මොනවද දරුවාට කළ ප්‍රතිකාර. දන්නා විස්තර සියල්ල  ටයිප් කරන්න අමාරුයි. නමුත් සෑම උදව්වක්ම කරන්න කැමතියි. මේ පිළිඹදව උනන්දු අය කිහිප දෙනෙකු හෝ සිටියහොත් පොඩි කාලයක් අරගෙන සුහද හමුවේදී පොඩි විශේෂ දේශනයක්  කල හැකියි  හැමෝගෙම දැනුවත් වීම සඳහා.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    30 Sep 2018 08:46 PM
    මේ ලෙඩ ගැන දැන් ගොඩක් දෙනෙක් උනන්දුයි......ඒ ගැන පර්‍යේෂණ , අත් හදා බැලීම් , සමාජය දැනුවත් වීම් තව දුරටත් වෙන එක නම් හරි වටිනා සේවයක්
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    01 Oct 2018 06:53 AM
    Posted By maduranga001 on 30 Sep 2018 07:55 PM
    Posted By wasangaama on 27 Sep 2018 12:38 PM
    ඔය රෝගය මගේ දුවටත් තියෙනව. අවුරුදු 4 ක් වෙනවා තාමත් වචන කීපයයි කතා කරන්නේ.
    මල්ලි මොනවද දරුවාට කළ ප්‍රතිකාර. දන්නා විස්තර සියල්ල  ටයිප් කරන්න අමාරුයි. නමුත් සෑම උදව්වක්ම කරන්න කැමතියි. මේ පිළිඹදව උනන්දු අය කිහිප දෙනෙකු හෝ සිටියහොත් පොඩි කාලයක් අරගෙන සුහද හමුවේදී පොඩි විශේෂ දේශනයක්  කල හැකියි  හැමෝගෙම දැනුවත් වීම සඳහා.


    ඒක නම් හොඳ අදහසක් අයියේ
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    01 Oct 2018 06:02 PM
    Posted By maduranga001 on 30 Sep 2018 07:55 PM
    Posted By wasangaama on 27 Sep 2018 12:38 PM
    ඔය රෝගය මගේ දුවටත් තියෙනව. අවුරුදු 4 ක් වෙනවා තාමත් වචන කීපයයි කතා කරන්නේ.
    මල්ලි මොනවද දරුවාට කළ ප්‍රතිකාර. දන්නා විස්තර සියල්ල  ටයිප් කරන්න අමාරුයි. නමුත් සෑම උදව්වක්ම කරන්න කැමතියි. මේ පිළිඹදව උනන්දු අය කිහිප දෙනෙකු හෝ සිටියහොත් පොඩි කාලයක් අරගෙන සුහද හමුවේදී පොඩි විශේෂ දේශනයක්  කල හැකියි  හැමෝගෙම දැනුවත් වීම සඳහා.

    ඒ ගැන දේශනයක් කරන්න අයියේ. හොදයි ඒක
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    14 Oct 2018 06:36 AM

    otisumඔටිසම් කියන්නේ ළමා සංවර්ධනය හා සම්බන්ධ රෝග අවස්‌ථාවක්‌ (developmental disorder)

    මෙම රෝග තත්ත්වයේදී ප්‍රධාන වශයෙන්ම කථා නොකිරීම හෝ අඩුබව හා නිසි සමාජ සම්බන්ධතා නොපැවැත්වීම ස්‌නායු පද්ධතියේ සියුම් ක්‍රියා (fine motor skills) දුර්වලතා දක්‌නට ලැබෙනවා. මෙම ලක්‌ෂණ පළමු වසර දෙක හෝ තුන තුළදී දක්‌නට ලැබෙන නිසා දෙමාපියන් දරුවා තුළ යම් වෙනසක්‌ ඇති බව හඳුනා ගන්නව ඉහතින් දක්‌වන ලද ප්‍රධාන රෝග ලක්‌ෂණ ක්‍රම ක්‍රමයෙන් දරුවාගේ වර්ධනය හා සංවර්ධනයත් සමඟ හඳුනාගන්න පුළුවන්. සමහර අවස්‌ථාවලදී දරුවා සාමාන්‍ය දරුවකු මෙන් වයසට සරිලන සංවර්ධන ක්‍රියා සිදුකර පසුව මෙම ඔටිසම් තත්ත්ව කරා ළඟා වූ අවස්‌ථාද දක්‌නට ලැබෙනවා. අන්තර් ජාතික මනෝවිද්‍යා සංගමයේ නවතම වාර්තාවලට අනුව සෑම දරුවන් 45 දෙනෙකුගෙන් 1 අයකු ඔටිසම් රෝග ලක්‌ෂණ වලින්පෙළෙනවා. ඉතාම වේලාසනින් (early diagnose) දරුවා මෙම රෝග ලක්‌ෂණ තිබේ දැයි හඳුනාගත් විට කලින්ම අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම තුළින් ඉතාමත් හොඳ ප්‍රථිඵල ලබාගන්න පුළුවන්. නව්‍ය වෛද්‍ය විද්‍යාවට අනුව ඇත්තට ම ඔටිසම් කියන්නේ ළමා කාලයේදී හඳුනා ගන්නා වූ ප්‍රථිඵල හෝ රෝග ලක්‌ෂණ ජීවිත කාලය පුරාවට පවතින අවස්‌ථාවක්‌.

    ගර්භණී මවගේ වැරදි ආහාර විහරණ සහ මානසික තත්ත්වය උපදින දරුවාට ඔටිසම් ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම බලපානව. ඉහත හේතු සාධක නිසා දිනෙන් දිනම ඔටිසම් දරුවන් බහුලව දක්‌නට ලැබෙනව.

    නිරෝගී දරුවකු ලබා ගැනීමට කායික, මානසික හා අධ්‍යාත්මිකව කළයුතු පිළිවෙත් ආයුර්වේදයේ දක්‌වල තියෙනවා.

    ඔටිසම් දරුවන් තුළ කථාව හා සමාජ සම්බන්ධතා දුර්වලතා වලට අමතරව තවත් බොහෝ රෝග චර්යාමය ලක්‌ෂණ තිබෙනවා.

    ආලෝකය, ශබ්දය, ගන්ධ රස සඳහා අධි සංවේදිතා දක්‌නට ලැබෙනවා (Hyper Sensitivity to Light Sound. Smell & Taste) සමහර අවස්‌ථා වලදි දරුවන් ඇස්‌ තදකරගෙන අතින් වසා ගැනීම, කන්වල ඇඟිලි ගසා ගැනීම, නාසය මුහුණ වසා ගැනීම ආදී චර්යා වෙනස්‌කම් දක්‌නට ලැබෙනවා.

    ඔටිසම් දරුවන් තුළින් දක්‌නට ලැබෙන තවත් ප්‍රධාන චර්යා වෙනසක්‌ ලෙස අත්වලින් කරන විකෘති චර්යාවන් (Hand Flapping) ඇඟලි තුඩුවලින් ගමන් කිරීම (toe walking) (rocking) දක්‌නට ලැබෙනවා.

    සමහර ඔටිසම් දරුවන් සංගීතය හෝ ගණිතය වැනි විෂයකට දක්‌ෂතාවන් දක්‌වන අවස්‌ථාද තිබෙනවා. ඇත්තට ම ඔටිසම් වලදි රෝග ලක්‌ෂණ මඳ (mild), මධ්‍යස්‌ථව (moderate), අධිකව (severle) යන ලෙස දක්‌නට ලැබෙනවා (Auttism is a spectrum Disorder)

    තවත් ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන සමහර දරුවන් තුළ අධික භිය හෝ යමක්‌ කිරීමට සිතතුළ ඇති අනිසි බය (Anxiety) දක්‌නට ලැබෙනවා. ඔටිසම් රෝගය පිරිමි දරුවන් තුළ ගැහැනු දරුවන්ට වඩා හතර ගුණයකින් වැඩි වෙනවා. ලෝකය පුරා ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන මිලියන විසිපහකට අධික බව නවතම වාර්තා අනුව කියන්න පුළුවන්.

    ලබන සතියට

    සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

    නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5708567

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    14 Oct 2018 11:45 AM
    මාත් දැකල තියෙනව මේ අය පොඩි සද්ද වලදිත් බය වෙනව
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    21 Oct 2018 06:20 AM

    otisum"අපේ දරුවට ඔටිසම් කියල කිව්ව. ඉතිං මම මේ දරුව එක්‌ක සායනවලට යනව දැන් අවුරුදු ගාණක්‌ තිස්‌සේ, ඒත් තවම කිසිම ප්‍රගතියක්‌ නැහැ" මෙය අපිට නිතර ඔටිසම් දරුවන් ඇති දෙමාපියන්ගෙන් අහන්න ලැබෙන දෙයක්‌. බොහොමයක්‌ දෙමාපියන් වසර ගණනක්‌ තිස්‌සේ තම මුදල්, ශ්‍රමය හා අගනා කාලය වැයකරලත් තවම කිසිදු සා+ථක ප්‍රතිඵලයක්‌ තම දරුවට ලැබිල නැහැ කියල අපට කියනව.

    ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවන් බොහොමයකගේ ඉතා කුඩා කාලයේ සිටම ළමයා හා දෙමාපියන් අතර තියෙන බැඳීම (Child-to-parent bonding) හා ස්‌පර්ෂයෙන් ලැබෙන සතුට නැතිවෙල තියෙනවා. (loss of the ability to feel pleasure.)

    මෙම සංවේදන නොහැකියාව හෝ හානිය නිසා දරුවා තම ස්‌පර්ශ කරනවට අකමැත්ත හෝ තමාව අනෙක්‌ අය ස්‌පර්ශය යන කාරණා වලින් වැළකී ඉන්න ඉතාමත් උත්සාහයක යෙදෙනවා. ඇත්තටම දරුවන්ට විශේෂයෙන්ම තම මව ආදරයෙන් අමතල ස්‌පර්ශ කරනවට දරුවන් කැමතියි. එයින් ඔවුන්ට තම දෙමාපිය ආදරය, රැකවරණය තහවුරු වෙනව. දෙමාපියන් හෝ දරුවන් රැකබලා ගන්නා අයගේ ආදර ස්‌පර්ශයෙන් දරුවා බොහෝ සමාජ සම්බන්ධතා කුඩා කල සිටම වධනය කරගන්නව.

    මෙම විශේෂ සංවේදනයට උදවු වන්නේ සමේ පවතින ඉතා කුඩා සංවේදී ස්‌නායු අග්‍ර (Tiny sensory nerves in the skin) මගින්. ඔටිසම් රෝගයේදී මෙම සංවේදී ස්‌නායුවල සංවේදී ක්‍රියාවට හානිවෙලා පවතිනව.

    එමනිසා බොහොමයක්‌ ඔටිසම් දරුවන්ට ස්‌පර්ශයෙන් ලැබෙන සතුට විඳීමට අපහසු වෙලා පවතිනව. වාසනාවකට වගේ මේ හානි වී ඇති ස්‌නායු අග්‍ර නැවත යථා තත්ත්වයට පත් කළ හැකියි. (Damege is neversible).

    ආහාර, ආහාර මාර්ග පද්ධතිය හා ඔටිසම් අතර බලපෑම ලබන සතියේ

    ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී භාවිත කරන හෙවත් ශරීර අභ්‍යංගය සඳහා (Body massage) යොදා ගන්නා වූ සුවිශේෂ ඖෂධවලින් ඔටිසම් රෝගීන්ට මහඟු ප්‍රතිඵල අත්වෙල තියෙනව. සමෙහි හානි වූ ස්‌නායු අන්ත යථා තත්ත්වයට පත්වූ විට දරුවා හා දෙමාපියන් අතර සම්බන්ධය සමාජ සම්බන්ධතා වැඩි දියුණු වෙනව.

    දැනට කරන ලද අලුත්ම පර්යේෂණයකට අනුව මෙම මසාජ් කිරීම මාස 6 ක්‌ සිදුකළ විට සංවේදන විකෘතිතාවල අඩුවීම 49% කින්ද, භාෂා හැකියාව දියුණුව හා චර්යා දියුණුව වර්ධනය වීමද 44% කින් වැඩිවී තිබෙනවා. අවුරුදු 2 ක ප්‍රතිකාරයට පසුව සංවේදන විකෘතිතා නැතිවීම 100% කින්ම සුවවීමත්, අධික්‍රියාකාරීත්වය අඩුවීම හා ඔටිසම් චර්යා අඩුවීමත් දක්‌නට ලැබී තිබෙනවා.

    එබැවින් ඔටිසම් රෝගී දරුවකුට ප්‍රතිකාර කරන විට නිසි ප්‍රතිඵල ලබාගැනීමට දිගු කාලයක්‌ ප්‍රතිකාර කිරීම අවශ්‍ය වෙනව.

    නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5708567

    otisum1

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    28 Oct 2018 06:30 AM

    otisumප්‍රශ්නය - අපට ලැබී තිබෙන අලුත්ම වාර්තා අනුව ඇමරිකාව සහ කැනඩාව යන රටවලත්, ආසියානු රටවලත් ඔටිසම් රෝගය වඩාත් බහුල ලෙස පැතිර යමින් පවතිනවා. ඉස්‌සර තිබූ ප්‍රමාණයට වඩා රෝග ලක්‍ෂණ ප්‍රමාණයකුත් සමඟ දැන් ඔටිසම් රෝගය දැන ගැනීමට පුළුවන්.

    විශේෂඥ වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - සමස්‌තයක්‌ ලෙස ගත්විට මුළු ලෝකයේම සෞඛ්‍ය විෂම රටාවකට පත්ව තිබෙනවා. ආහාර සහ විහරණ තත්ත්වයන් ක්‍රමානුකූල සහ සෞඛ්‍ය සම්පන්න නොවීම මෙයට හේතු වෙන්නට පුළුවන්. මේ රෝගවලට ඉංග්‍රීසි බෙහෙත් නැති වුණාට ආයුර්වේද ප්‍රතිකාර ඕනෑ තරම් තිබෙනවා. ඔටිසම් රෝගය සහිත දරුවන්ට නිර්දේශ කළ හැකි ස්‌නේහත සහ ස්‌වේදන ප්‍රතිකාර ගැනත්, ඉඟුරු, මිරිස්‌ සහ ගම්මිරිස්‌ යොදාගෙන සාදන ඖෂධයක්‌ මගින් ඔටිසම් රෝගී දරුවන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය උත්තේජනය කරන හෝමෝන සාදන්නේ කෙසේද යන්න ගැනත් පසුගියදා ජාත්‍යන්තර මට්‌ටමින් සාකච්ඡා වුණා. එසේම පංචකර්මයේ එන ස්‌නේහක කර්ම (බාල ලක්‍ෂාදී තෛලය යොදාගෙන මෙය කළ යුතුයි) ස්‌වේදන කර්ම, වමන කර්ම, විරේචන කර්ම, වස්‌ති කර්ම, ගිරෝධාරා, නස්‍ය කර්ම, පිපිචිල්, පිනිධ ස්‌වේද වැනි ක්‍රම වේද මගින් ඔටිසම් රෝගී දරුවන්ට යහපත් සෞඛ්‍යයක්‌ ලබා දෙන්නේ කොහොමද කියන කාරණයත් එහිදී සාකච්ඡා වුණා.

    මෙහිදී සාකච්ඡා වූ වැදගත්ම කාරණයක්‌ තමයි ඔටිසම් රෝගය වැළඳුන දරුවන්ට දිය යුතු ආහාර මොනවද කියන එක. සම්පූර්ණ යොදය සහිත නැවුම් එළකිරි. මුං ඇට සහ රතු පරිප්පු, ඇපල්, අඹ, නෙල්ලි, දෙළුම්, කැරට්‌, පෙයාර්ස්‌ වැනි පලතුරු, ඔලිම් තෙල්, එළඟිතෙල් සහ ඖෂධ මිශ්‍ර කළ එළඟිතෙල් යනාදියත් සුදුසු වෛද්‍යවරයකුගේ උපදෙස්‌ සහ දරුවාගේ ශරීර සෞඛ්‍ය මට්‌ටම මත ලබා දිය යුතු බවත්, එහිදී තීරණය වුණා. කෙටි කඩ කෑම, තෙල් සහ කුළුබඩු බහුල ආහාර, පරණ වූ ආහාර, ශීතකළ බීම වර්ග, රටකජු, සව්, මුදවපු කිරි, චීස්‌, කෝපි, රතු පැහැති මස්‌ වර්ග, මද්‍යසාර මිශ්‍ර පාන වර්ග, අර්තාපල්, වම්බටු, බතල යන කෑම වර්ග එවැනි දරුවන්ට නොදිය යුතු බවත්, උණු වතුර පමණක්‌ පානයට දිය යුතු බවත් එහිදී සාකච්ඡා කෙරුණා.

    ලබන සතියට

    සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

    නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5708567

    otisum1

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    29 Oct 2018 06:56 PM
    මම නම් අහල තිබ්බෙ ඔට්සම් වලට ආහාර බලපාන්නෙ නෑ කියල
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    04 Nov 2018 06:57 AM

    otisumප්‍රශ්නය - පසුගිය දා අප ඔබ සමඟ සාකච්ඡා කළා ඔටිසම් රෝගී දරුවන්ට කරන ආයුර්වේද මූල සෛල ප්‍රතිකාරය ගැන.

    වෛද්‍ය ලීනා ඉලේපෙරුම - මෙහිදී තවත් වැදගත් දෙයක්‌ සඳහන් කළ යුතුයි. ඔටිසම් රෝගය වැළඳුණු දරුවන්ට නිතර දෙවේලේ ආහාර අසාත්මිකතා හැදෙනවා. විශේෂයෙන්ම ඔවුනට කෑම දිරවීමේ අපහසුතා බහුලව ඇති වෙනවා. මේ නිසා ශරීරයට අවශ්‍ය පෝෂණ කොටස්‌ නොලැබී යන අතර ආහාර ජීර්ණ පද්ධතිය ආහාර දිරවා ගැනීමට බැරි තරම් දුර්වල වෙනවා. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් බාගෙට දිරවපු ආහාරවල තිබෙන අර්ධ පෝෂණය තමයි ශරීරයට ලැබෙන්නේ. එතකොට රුධිරයේ තිබෙන ගුණාත්මකභාවය පහත වැටෙනවා. ඊළඟට දරුවාගේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය දරුවාගේ ශරීරයට විරුද්ධව ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා. මෙය ලොකු අවුලක්‌. හැම විටෙකම වාගේ ආහාර අසාත්මිකතා ඇති වී දරුවා පීඩාවට පත්වෙනවා. එවිට සිදුවන්නේ දරුවාට දෙන කෑම ඔහුට ගැලපෙනවාද නැද්ද කියලා හැම විටම පරීක්‍ෂණ මගින් තහවුරු කර ගන්නට සිදුවීමයි. මෙය ගෙදරකදී කරන්න බැරි නිසා දරුවා රෝහලක නතර කරන්න සිදුවෙනවා.

    ප්‍රශ්නය ආහාර අසාත්මිකතා ඇතිවිය හැකි දරුවන්ට පොදුවේ අගුණ ආහාර මොනවාද?

    වෛද්‍ය ලීනා ඉලේපෙරුම - කිරිවලින් පිළියෙළ කරගත් ආහාර හොඳ නැහැ. එළකිරි, මුදවපු කිරි, චීස්‌, මෝරු සුදුසු නැහැ. තක්‌කාලි, වම්බටු අර්තාපල්, මිරිස්‌ වර්ග, ඇඹුල් රේණු සහිත ගෙඩි (දෙහි, දොඩම්, නාරං, ජමනාරං) රටකජු, ආහාර කල්තබා ගැනීමට යොදන රසායනික ද්‍රව්‍ය, කෘත්‍රිම වර්ණක, රසකාරක, කෘමිනාශක සහිත වාතාශ්‍රය, පලිබෝධ සහ වල් නාශක සහිත වාතාශ්‍රය, බැර ලෝහ කිසිසේත්ම සුදුසු නැහැ.

    ප්‍රශ්නය - ඔටිසම් දරුවන්ට ආහාර ආසාත්මිකතා හට ගන්නේ කොහොමද?

    වෛද්‍ය ලීනා ඉලේපේරුම - මෙයට හරියාකාර හේතුව සොයාගෙන නැහැ. හැබැයි දරුවාගේ ආහාරයට අමු ඉඟුරු, ගම්මිරිස්‌, අමු මිරිස්‌, යන තුන එක පමණට ගෙන ගලේ අඹරා මිශ්‍ර කළාමත් දිරවීම පහසු කරනවා. මේ මිශ්‍රණයට ආයුර්වේදයේ කියන්නේ ත්‍රිකටු කියලයි. එනම් කටුක රස තුනක්‌. ආහාර ජීර්ණ පද්ධතියේ තිබෙන එන්සයිම ප්‍රකෘතිමත් කරන්නට ත්‍රිකටුවලට පුළුවන්.

    ඔටිසම්වලින් පෙළෙන දරුවන්ගේ හිස සම්බාහනය කරන්නට ගොටුකොළ තෙල් ඉතා සුදුසුයි. ගොටුකොළ ඉස්‌ම කෝප්ප භාගයක්‌ පිරිසිදු තල තෙල් කෝප්ප භාගයකට මිශ්‍රකර කකාරා නිවා ගැනීමෙන් ගොටුකොළ තෙල් සාදාගත හැකියි.

    සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

    නොමිලේ විස්තර සඳහා - 0766739977, 011-5708567

    otisum1

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    05 Nov 2018 01:00 AM
    ඒ ලිපිය හරි වැදගත් ඒ දෙමව්පියන්ට
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    11 Nov 2018 07:19 AM

    otisum"අපේ දරුවට ඔටිසම් කියල කිව්ව. ඉතිං මම මේ දරුව එක්‌ක සායනවලට යනව දැන් අවුරුදු ගාණක්‌ තිස්‌සේ, ඒත් තවම කිසිම ප්‍රගතියක්‌ නැහැ" මෙය අපිට නිතර ඔටිසම් දරුවන් ඇති දෙමාපියන්ගෙන් අහන්න ලැබෙන දෙයක්‌. බොහොමයක්‌ දෙමාපියන් වසර ගණනක්‌ තිස්‌සේ තම මුදල්, ශ්‍රමය හා අගනා කාලය වැයකරලත් තවම කිසිදු සාර්ථක ප්‍රතිඵලයක්‌ තම දරුවට ලැබිල නැහැ කියල අපට කියනව.

    ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවන් බොහොමයකගේ ඉතා කුඩා කාලයේ සිටම ළමයා හා දෙමාපියන් අතර තියෙන බැඳීම (Child-to-parent bonding) හා ස්‌පර්ෂයෙන් ලැබෙන සතුට නැතිවෙල තියෙනවා. (loss of the ability to feel pleasure.)

    මෙම සංවේදන නොහැකියාව හෝ හානිය නිසා දරුවා තම ස්‌පර්ශ කරනවට අකමැත්ත හෝ තමාව අනෙක්‌ අය ස්‌පර්ශය යන කාරණා වලින් වැළකී ඉන්න ඉතාමත් උත්සාහයක යෙදෙනවා.

    ඇත්තටම දරුවන්ට විශේෂයෙන්ම තම මව ආදරයෙන් අමතල ස්‌පර්ශ කරනවට දරුවන් කැමතියි. එයින් ඔවුන්ට තම දෙමාපිය ආදරය, රැකවරණය තහවුරු වෙනව. දෙමාපියන් හෝ දරුවන් රැකබලා ගන්නා අයගේ ආදර ස්‌පර්ශයෙන් දරුවා බොහෝ සමාජ සම්බන්ධතා කුඩා කල සිටම වර්ධනය කරගන්නව.

    මෙම විශේෂ සංවේදනයට උදවු වන්නේ සමේ පවතින ඉතා කුඩා සංවේදී ස්‌නායු අග්‍ර (Tiny sensory nerves in the skin) මගින්. ඔටිසම් රෝගයේදී මෙම සංවේදී ස්‌නායුවල සංවේදී ක්‍රියාවට හානිවෙලා පවතිනව.

    එමනිසා බොහොමයක්‌ ඔටිසම් දරුවන්ට ස්‌පර්ශයෙන් ලැබෙන සතුට විඳීමට අපහසු වෙලා පවතිනව. වාසනාවකට වගේ මේ හානි වී ඇති ස්‌නායු අග්‍ර නැවත යථා තත්ත්වයට පත් කළ හැකියි. (Damege is neversible).

    ආහාර, ආහාර මාර්ග පද්ධතිය හා ඔටිසම් අතර බලපෑම ලබන සතියේ

    ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී භාවිත කරන හෙවත් ශරීර අභ්‍යංගය සඳහා (Body massage) යොදා ගන්නා වූ සුවිශේෂ ඖෂධවලින් ඔටිසම් රෝගීන්ට මහඟු ප්‍රතිඵල අත්වෙල තියෙනව. සමෙහි හානි වූ ස්‌නායු අන්ත යථා තත්ත්වයට පත්වූ විට දරුවා හා දෙමාපියන් අතර සම්බන්ධය සමාජ සම්බන්ධතා වැඩි දියුණු වෙනව.

    දැනට කරන ලද අලුත්ම පර්යේෂණයකට අනුව මෙම මසාජ් කිරීම මාස 6 ක්‌ සිදුකළ විට සංවේදන විකෘතිතාවල අඩුවීම 49% කින්ද, භාෂා හැකියාව දියුණුව හා චර්යා දියුණුව වර්ධනය වීමද 44% කින් වැඩිවී තිබෙනවා.

    අවුරුදු 2 ක ප්‍රතිකාරයට පසුව සංවේදන විකෘතිතා නැතිවීම 100% කින්ම සුවවීමත්, අධික්‍රියාකාරීත්වය අඩුවීම හා ඔටිසම් චර්යා අඩුවීමත් දක්‌නට ලැබී තිබෙනවා.

    එබැවින් ඔටිසම් රෝගී දරුවකුට ප්‍රතිකාර කරන විට නිසි ප්‍රතිඵල ලබාගැනීමට දිගු කාලයක්‌ ප්‍රතිකාර කිරීම අවශ්‍ය වෙනව.

    සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

    නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5708567

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    13 Nov 2018 06:33 PM
    පෝන් නම්බර් නුත් තියෙන එක මේ ලිපිය දකින කාට හෝ ප්‍රෙයෝජනවත් වේව්....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    13 Nov 2018 09:47 PM
    පෝන් නම්බර් නුත් තියෙන එක මේ ලිපිය දකින කාට හෝ ප්‍රෙයෝජනවත් වේව්....
    සැලකිය යුතු මුදලක් වැය කල යුතුයි හොඳේ.. මෙතුමිය නුගොඩ ආශ්‍රිත තැනක ඉඳන් තමයි ප්‍රතිකාර කරන්නෙ. හිස කුඩිච්චි වගේ දේවල් වලට අමතරව කරන දරුවා මසාජ් කිරීම් වගේ දේවල් අපිමයි කර ගන්න ඕන අදාළ ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට අනුව.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    13 Nov 2018 10:12 PM
    Posted By maduranga001 on 13 Nov 2018 09:47 PM
    පෝන් නම්බර් නුත් තියෙන එක මේ ලිපිය දකින කාට හෝ ප්‍රෙයෝජනවත් වේව්....
    සැලකිය යුතු මුදලක් වැය කල යුතුයි හොඳේ.. මෙතුමිය නුගොඩ ආශ්‍රිත තැනක ඉඳන් තමයි ප්‍රතිකාර කරන්නෙ. හිස කුඩිච්චි වගේ දේවල් වලට අමතරව කරන දරුවා මසාජ් කිරීම් වගේ දේවල් අපිමයි කර ගන්න ඕන අදාළ ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට අනුව.

    හොඳ ප්‍ර්ථිඵල  ලැබෙනවද අය්ය  ඒ වැඩ වලින්
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    13 Nov 2018 10:37 PM
    කෙටි පිළිතුරකින් කියන්න අමාරුයි ඔබේ ප්‍රශ්නයට පිළිතුර.

    දෙමාපියන්ගේ සහ ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් සහ කාර්යමණ්ඩලයේ කැපවීම වැඩි ලෙස බලපාන බව කිව යුතුයි. ලෙහෙසි වැඩක් නෙවෙයි. විශාල කැපකිරීමක් සහ කාලයක් සහ බොහෝ විට වැඩි පිරිවැයක් පවා වැය කරන්න වෙනවා.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    wasangaama
    Basic Member
    Basic Member
    Posts:199






    --
    19 Nov 2018 03:20 PM
    මගේ දරුවටත් ලොකු මහන්සියක් වෙනවා. වියදම නම් ලේසි පහසු නැහැ. මෙයා ගාවට එක දවසක් ගියා.
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    20 Nov 2018 10:54 AM
    Posted By wasangaama on 19 Nov 2018 03:20 PM
    මගේ දරුවටත් ලොකු මහන්සියක් වෙනවා. වියදම නම් ලේසි පහසු නැහැ. මෙයා ගාවට එක දවසක් ගියා.
    දැනට කාගෙන් ද ප්‍රතිකාර ගන්නෙ? ඔසිල්මෝ එකට ගියා ද?
    ලංකාවේ මේ සම්භන්ධ විශේෂඥ දැනුම ඇති වෛද්‍යවරු ඉන්නෙ අතළොස්සයි. එයින් කිහිප දෙනෙකු මම පෞද්ගලිකව හඳුනන නිසා අවශ්‍ය නම් පුද්ගලික හැඳුන්ම්කමින් යුක්තව යොමු කරලා දෙන්න පුළුවන්.
    පුළුවන් වෙලාවක මට කෝල් එකක් දෙන්න.

    මේ වගේ දරුවෙකු සමඟ ගෙවන ජීවිතය ගැන දන්නෙ ඊට මුහුණ දෙන දෙමව්පියන්ම තමයි. දරුවාගේ වයස යන්න කළින් සනීප කර ගන්න වයස පහු උනහම සුව කරන්න බැහැ. ඒ නිසා ප්‍රමාද වෙන්න එපා.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0


    ---