Go to previous topic
Go to next topic
Last Post 05 Feb 2016 10:44 PM by  sha733
Health Lesson - ඔබ මෙම ලිපිය කියවීමෙන් අනතුරුව නැවතත් කන් පිරිසිදු කිරීම සදහා පුළුන් සහිත කූරු භාවිතා නොකරනු ඇත
 79 Replies
Author Messages

ham123
Veteran Member
Veteran Member
Posts:1636

--
04 Feb 2015 07:06 PM
    1 of 1

    කිරි බීමෙන් තිබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ

    ඔබ කිරි පානය කිරීමට කැමති නැති අයකු නම්, පහත දක්වා ඇති සෞඛ්‍ය ප්‍රතිලාභ කිහිපය කියවා බැලීමෙන් සමහරවිට ඔබට, ඔබගේ මතය වෙනස් කරගැනීමට සිත් දෙනු ඇත .

    1.අත්‍යාවශ්‍ය පෝෂක සැපයීම .

    කිරි වල , කාබොහයිඩේ‍්‍රට්, විටමින්ස් , පොටෑසියම්, ප්‍රෝටීන, පොස්fපරස්, මැග්නීසියම් ඇතුලු ඛනිජ වර්ගද , අත්‍යාවශ්‍ය පෝෂක කොටස් 9 අන්තර්ගත වේ . ඔබට ශක්තිමත් සහ නිරෝගී සිරුරක්, ඉතා හොද දෘෂ්ටියක් , ඉහල රතු රුධිරානු ඝනත්වයක් මෙන්ම හොද ප්‍රතිශක්තිකරණ පද්දතියක් අත්කරගන්නට අවශ්‍යනම් කිරි පානය කිරීම යෝග්‍ය වේ .

    2.සෞඛ්‍යමත් දත් සහ අස්ථි සදහා ලබා දෙන අනුග්‍රහය .

    කිරි වල අඩංගු කැල්සියම් නිසා අස්ථි වැඩීමට මෙන්ම පරිපෝෂණයටද උදව් දෙන නිසා පොඩි ළමුන්ට පමණක් නොව වැඩිහිටියන්ටද අර්ථදායි වේ. තවදුරටත් කැල්සියම් නිසා අස්ථීන් කීරි ගැසී කැඩී බිඳී යාමේ ප්‍රවණතාව (osteoporosis) නම් වූ රෝගයෙන්ද ආරක්ෂා වීමට පුළුවන . කිරිබීමෙන් දන්ත සෞඛ්‍ය ඉහල මට්ටමක තබාගැනීම සදහාද උදව් වේ.

    3.හෘද රෝග වලින් ආරක්ෂා වීමට .

    කිරි පොටෑසියම් වලින් පොහොසත් නිසා රුධිර පීඩනය සමතුලිත තත්වයක පවත්වනවා සේම හෘදය ගැනද වග බලා ගන්නවා.අධ්‍යනයකින් තහවුරු වී තිබෙනවා දිනපතා කිරි පරිභෝජනයෙන් හර්ද ආබාධ වලින් ආරක්ෂා වීමට උදව් කරන බව . කිරි වීදුරු 3කින් සහ එළවලු සහ පළතුරු කොටස් 5ක් දිනපතා පරිභෝජනයෙන් අධික රුධිර පීඩනය වෙදකම් කිරීමකින් තොරව පාලනය කිරීමට හැකි වේ.

    4.පැහැදිලි සමක් සදහා

    ලැක්ටික් අම්ලය කිරි වල අඩංගු වන නිසා සමේ මැරුණු සෛල පහසුවෙන් ඉවත්කරගැනීමට උපකාරී වේ. එම හේතුව නිසා තමයි ගොඩක් රූ වඩවන ආලේපන වල ඝන කිරි ද්‍රව්‍යය අඩංගු වන්නේ , එමගින් මැරුණු සම පහසුවෙන් ඉවත් කර ගැනීම පහසු වේ.

    5. පිලිකා වලින් ආරක්ෂා කරයි .
    දිනපතා කිරි පරිභෝජනය කිරීමෙන් විවිධ පිළිකා වලින් ආරක්ෂා වීමට පුළුවන් වේ . විශේෂයෙන් පියයුරු සහ බඩවැල ආශ්‍රිත පිළිකා සමග සටන් කිරීමේදී උදව් වේ . ශීත කල කිරි බීමෙන් අම්ල පිත ප්රමාණවත් අගයක තබා ගැනීමට පුලූවන .

    6.ශරීරය සජලව තබා ගැනීමට

    කිරි වල විශාල වශයෙන් ජල අණු අඩංගු වන බැවින් ශරීරය සජලව පවත්වා ගැනීමට පොඩි ළමුන් සදහා උදව් වේ .

    ඔබට කිරි පානය කිරීම අසාත්මික හෝ අප්‍රිය වුවත් යෝගට් , චීස් , බටර් වැනි දේ ආහාරයට එක කර ගැනීමෙන් මෙම අවශ්‍යතාවයන් සපුරා ගැනීමට පුළුවනි .

    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    04 Feb 2015 07:34 PM
    වැදගත් තොරතුරු රැසක්..
    හිමාලි නංගි නම් කිරි බොන්න කොහොමත් මනාපයි කියලා මම දැක්කා කලින් ත්‍රෙඩ් එකක.. මටත් මොන දේ නැතත් කිරි එක නම් වරද්ද ගන්න නම් බැහැ. මුදවපු කිරි තමයි මගේ ආසම කෑම.

    හිස් බඩ කිරි පමණක් බී උදේ අහාරය නොගෙන සිටීම නම් ගැස්ට්‍රයිටිස් වලට ප්‍රධාන හේතුවක් කියලා අහලා තියෙනවා..

    කිරි වල තියෙන පෝෂණ ගුණය නිසාම දැන් එය අත්‍යවශ්‍ය භාණ්ඩයකුත් වෙලා..

    ස්තුතියි ගොඩක් අපට මේ විස්තර ගෙනාවට..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    04 Feb 2015 07:36 PM
    himali nagi kohomath kiri bababek ne.....
    0

    ham123
    Veteran Member
    Veteran Member
    Posts:1636

    --
    05 Feb 2015 02:06 AM
    Posted By isurusam on 04 Feb 2015 07:36 PM
    himali nagi kohomath kiri bababek ne.....

    ai man vitarak oyalatath hondai

    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    05 Feb 2015 06:39 AM

    watina upades tikak..sthuthiii nangi. kohen giyath kiri kathwamai anne neda

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    05 Feb 2015 08:10 AM
    ඒත් මම හිතන්නේ පිටි බවට පරිවර්ථනය කරන කරන ලද කිරි වල මේ ගුණය නැතිව ඇති.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    ham123
    Veteran Member
    Veteran Member
    Posts:1636

    --
    05 Feb 2015 08:12 AM
    Posted By Rosi on 05 Feb 2015 06:39 AM

    watina upades tikak..sthuthiii nangi. kohen giyath kiri kathwamai anne neda

    ithin man cuttak kiri vala guna hoyala baluva

    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    05 Feb 2015 04:06 PM
    Posted By samantha on 05 Feb 2015 08:10 AM
    ඒත් මම හිතන්නේ පිටි බවට පරිවර්ථනය කරන කරන ලද කිරි වල මේ ගුණය නැතිව ඇති.

    e kathawa atha............

    0

    ham123
    Veteran Member
    Veteran Member
    Posts:1636

    --
    05 Feb 2015 06:14 PM
    Posted By samantha on 05 Feb 2015 08:10 AM
    ඒත් මම හිතන්නේ පිටි බවට පරිවර්ථනය කරන කරන ලද කිරි වල මේ ගුණය නැතිව ඇති.

    rasa tiyanavane ithin.

    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    05 Feb 2015 06:15 PM
    Rasa vitharai ....guna ne.
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296

    --
    06 Feb 2015 02:55 AM

    මං නම් කිරි වීදුරුවයි දවසකට බොන්නෙ ...ඇති නේද  

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    06 Feb 2015 03:09 AM
    හපොයි.. ඇති ඇති.. මේ රට කිරි වලින් ස්වයන්පොෂිත කරනවා බොරු නැත්නම්..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    06 Feb 2015 05:23 AM
    දැන් වෙලාතියෙන්නේ කිරි සමාගම් පෝෂණය කරන එකනේ...
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    06 Feb 2015 06:53 AM

    dan hoda elakiri nedda hoya ganna...

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    06 Feb 2015 07:57 AM
    වතුර සමඟ වෙනත් පිටි වර්ග මිශ්‍රකරපු කිරි නම් හොයාගන්න පුළුවන්
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    06 Feb 2015 07:58 AM
    Posted By samantha on 06 Feb 2015 07:57 AM
    වතුර සමඟ වෙනත් පිටි වර්ග මිශ්‍රකරපු කිරි නම් හොයාගන්න පුළුවන්

    eka atha............

    0

    ham123
    Veteran Member
    Veteran Member
    Posts:1636

    --
    06 Feb 2015 06:19 PM
    Posted By Rosi on 06 Feb 2015 06:53 AM

    dan hoda elakiri nedda hoya ganna...

    elakiri tiyanava ganna. eth ithin hondaida nam danne na

    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    06 Feb 2015 07:08 PM

    එල.. එල.. නංගි..එළකිරි වගේ මීකිරි ටිකක් ගන්න නැද්ද ?

    (කතාවට 'එළකිරි' කියලා කියන්නේ නියමයි.. ඉස්තරම්.. කියලා කියන්න නේ.. එළකිරි වල වටිනාකම එකෙන්ම පේනවා..)
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    ham123
    Veteran Member
    Veteran Member
    Posts:1636

    --
    20 Feb 2015 09:11 PM
    "සම මත අයිස් තැවරීමෙන් ලැඛෙන සෞඛ්‍ය ප්‍රතිලාභ"

    ස්කින් අයිසින් ලෙස හදුන්වන මෙම රුපලාවන්‍ය ක්‍රියාකාරකම මගින් සමේ පෙනුම වැඩිදියුණු කරගන්නට හැකියාව තිඛෙන නිසා රූපලාවන්‍ය විශේෂඥයින් බොහෝ කාලයක් තිස්සේ මෙම ප්‍රතිකාර ක්‍රමය භාවිතා කරනවා.
    කොරියානු රුවැත්තියන් ඔවුන්ගේ සම අලංකාරවත් කරගැනීම සදහා භාවිතා කරන ප්‍රසිද්ධ ප්‍රතිකාර ක්‍රමයක් විදියටද මෙය හදුන්වන්න පුළුවන්.

    සෞඛ්‍ය විශේෂඥයින් විශ්වාස කරන පරිදි සම මත අයිස් තැවරීමෙන් මෙම පහත තිඛෙන සෞඛ්‍ය ප්‍රතිලාභයන් ලැඛෙනවා.

    සම නැවත ප්‍රාණවත් කරගැනීම. ිනසබ ්ටසබට
    සම රැළි වැටීම වලක්වාලීම. ිනසබ ජ්බජැර
    කැළැල් වලට සහ කුරුලෑ වලට එරෙහිව සටන් කිරීම.
    රුධිර සංසරණය වැඩිදියුණු කරමින් සෞඛ්‍ය සම්පන්න වර්ණයක් සමට ලබාදීම

     උදේ සහ සන්ධ්‍යා කාලයේදී සිදුකරනු ලබන මෙම ප්‍රතිකාරය මගින් ලැඛෙන තවත් සෞඛ්‍ය ප්‍රතිලාභයන් කිහිපයක් පිලිබදව පහතින් ඔබට දැකගන්නට පුළුවන්.

    1. සිනිදු සමක්.

    සම මත අයිස් තැවරීමෙන් සම තද ස්වාභායකට පත්වෙන අතර තෙල් සහ අපවිත්‍ර දෑ හේතුවෙන් විශාලනය වී ඇති මුහුණේ ඇතැම් කොටස් හැකිලීමක්ද සිදු කරනවා. තවද සමේ වර්ණය සකස් කරමින් සම සිනිදු එකක් බවටද පත් කරනවා.

    2. රුධිර සංසරණය වැඩිදියුණු කිරීම.

    සම මත අයිස් තැවරීමෙන් රුධිර සංසරණය වැඩිදියුණු කරගන්නට පුළුවන්. රුධිර නාල සංකෝචනය කරමින් සම මතුපිටට යැවෙන රුධිර ප්‍රමාණය අවම කිරීමට අයිස් වලට හැකියාව තිඛෙනවා. ප්‍රදාහය සහ ඉදිමුම් තත්වයන් සදහා එය ඉතාමත් ප්‍රයෝජනවත්. මෙම අයිස් ප්‍රතිකාරයට ප්‍රතිචාර දක්වන ශරීරය පිළියම් කරන ලද ස්ථානයට උණුසුම් රුධිරය යැවීම වේගයෙන් සිදු කරනවා.

    3. ඉදුමුනු ඇස් සදහා නම් ඉතාමත්ම යෝග්‍යයි.

    ඉහත සදහන් කල පරිදි ඉදිමුම් තත්වයන් අවම කිරීමට අයිස් වලට හැකියාව තිඛෙනවා. එහෙයින් ඇස් යට ඇති ඉදිමුණු ගතියද මෙම ප්‍රතිකාරය මගින් අවම කරගන්නට පුළුවන්.  

    4. සම රැළි වැටීම වලක්වාලීම.

    සම මත අයිස් තැවරීමෙන් රැළි වැටුණු සම සැහැල්ලු කරගන්නට පුළුවන්. ඒවගේම සම නැවත රැළි වැටීමේ ක්‍රියාවලිය අඩපන කරගන්නටද හැකියාව තිඛෙනවා.

    5. කැළැල් ,පලුදු සහ කුරුලෑ පාලනය කිරීම.

    මුහුණේ ඇති ඉදිමුම් ගතිය වගේම  රතු ගතියද මෙම ප්‍රතිකාරය මගින් පාලනය වෙනවා. එම නිසා කුරුලෑ සදහාද මෙය සාර්ථක ප්‍රතිකාරයක් බව මතක තබා ගන්න.

    අලුතෙන් කුරුලෑවක් මතු වන විට මෙම ප්‍රතිකාරය භාවිතා කරන්න. එමගින් ඉදිමුම සහිත දැවිල්ල ඇතිවීම අවම කරගන්නට පුළුවන්. තවද කුරුලෑ වල ප්‍රමාණය අවම කරගැනීමට හැකියාව තිඛෙන අතර ඒ හේතුවෙන් ඇතිවෙන කැලලිද අවම කරගන්නට හැකියාව තිඛෙනවා. ඒ සදහා ඔබ කලයුතු වන්නේ කුරුලෑව ඇති ස්ථානය මත අයිස් කැටයක් තත්පර කිහිපයක් තබා ගෙන සිටීම පමණයි. එම ස්ථානය හිරි වැටෙන තුරුම අයිස් කැටය තබාගෙන ඉන්න. මේ විදියට සෑම රාත්‍රියකම එම ප්‍රතිකාරය සිදු කරන්න.

    මෙම ප්‍රතිකාර ක්‍රමය ඉතාමාත්ම පහසුවෙන් කරගන්නට පුළුවන්. උදෑසනින් හෝ සන්ද්‍යා කාලයේදී එය සිදු කරන්න. ්බඑස ්ටසබට

    1. පළමුව මුහුණ හොදින් පිරිසිදු කරගන්න.

    2. සිනිදු රෙදි කැබැල්ලක් යොදාගනිමින් අයිස් කැබලි එකක් හෝ දෙකක් ඔතා ගන්න.

    3. අයිස් දියවීමෙන් රෙදි කැබැල්ල තෙත් වන විට මුහුණේ තැවරීම ආරම්භ කරන්න.

    4. අයිස් කැබලි සහිත එම පොට්ටනිය මුහුණේ සෑම ස්ථානයකම මද වෙලාවක් තබා ගෙන ඉන්න. මේ විදියට මුළු මුහුණේම අයිස් තවරා ගැනීම සිදු කරන්න.

    5. පසුව රවුමට අයිස් පොට්ටනිය මුහුණ පුරා ගෙන යන්න. නිකටේ ප්‍රදේශයෙන් ආරම්භ කොට නළල දක්වාම මෙය සිදු කරන්නේනම් ඉතාමත්ම හොද ප්‍රතිපල ලබාගන්නට පුළුවන්. ඇස් යට ප්‍රදේශය සදහාද විශේෂ අවධානයක් යොමු කිරීමට මතක තබා ගන්න.

    6. අවසාන වශයෙන් සිදු  කල යුත්තේ මොයිස්චර්රයිසර් ක්‍රීම් විශේෂයක් සමේ ආලේප කරගැනීමයි.

    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    20 Feb 2015 09:20 PM

    Ice kuttiyak mune thiyaganna one

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    20 Feb 2015 09:39 PM
    welaweta mune tiyaganna hitune....
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296

    --
    20 Feb 2015 11:35 PM

    කරල බලමු නේද එහෙනම් අයිස් වැඩේ වත් ගොඩ එන්න පුළුවන් වෙයිද කියලා 

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522

    --
    21 Feb 2015 01:33 AM
    Posted By kingD on 20 Feb 2015 11:35 PM

    කරල බලමු නේද එහෙනම් අයිස් වැඩේ වත් ගොඩ එන්න පුළුවන් වෙයිද කියලා 

    මේක අර අයිස් බකට්  වගේ නෙමෙයි නේ 

    http://science.howstuffworks.com/touched-dry-ice.htm

    මේවත් වෙන්න පුළුවන් ඒ නිසා පරෙස්සමින් 

    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296

    --
    21 Feb 2015 01:37 AM
    Posted By Imalka on 21 Feb 2015 01:33 AM
    Posted By kingD on 20 Feb 2015 11:35 PM

    කරල බලමු නේද එහෙනම් අයිස් වැඩේ වත් ගොඩ එන්න පුළුවන් වෙයිද කියලා 

    මේක අර අයිස් බකට්  වගේ නෙමෙයි නේ 

    http://science.howstuffworks.com/touched-dry-ice.htm

    මේවත් වෙන්න පුළුවන් ඒ නිසා පරෙස්සමින් 

    අනිව අනිවා 

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    Himali
    Veteran Member
    Veteran Member
    Posts:1636

    --
    20 Mar 2015 11:29 PM
    'ආහාර රටාව නිවැරැදි නම් ගැස්ට්‍රයිටීස් පාලනය පහසුයි
  
වර්තමාන සමාජය තුළ බහුල වශයෙන් දක්නට ලැබෙන රෝග සමූහය අතුරින් ප්‍රධාන තැනක් ගනු ලබන රෝගයක් ලෙස ගැස්ටි්‍රක් හැඳින්විය හැකිය.

අපේ ගම්බද ජනතාව මෙය ගෑස්ටි්‍රක් හෝ ගෑස් යනුවෙන් හඳුන්වන අතර සමහර දේශීය වෛද්‍යවරු මෙය 'බඩේ ඇඹුල් පිත' වැඩිවීම යැයි කියති.
ආයුර්වේදයට අනුව නම් මෙම රෝගය ඇතිවීමට බලපාන මූලිකම හේතුව ලෙස වා, පිත්, සෙම් යන තුන්‍ෙදාසින් එකක් වන පිත වෙනස්වීම යැයි කියති.
හේතු

= විරුද්ධ හෙවත් එකිනෙකට පටහැනි ආහාර ගැනීම (උෟරු මස් සමඟ කිරි ගැනීම)
= නරක් වූ පිළුණු වූ ආහාර ගැනීම.
= අන්නාසි වැනි ඇඹුල් සහිත ආහාර, පලතුරු ආදිය නිතර ගැනීම.
= පිත වැඩි කරන රා ආදී පාන වර්ග ගැනීම.
= මෑ, උඳු ආදී ආහාර වර්ග නිතර ගැනීම.
= දුම්බීම සහ මධ්‍යසාර අධිකව ගැනීම.
= කෘත්‍රිම රසකාරක සහ වර්ණකාරක ආදිය අඩංගු ආහාර නිතර ගැනීම.
= දිවා ආහාරය සඳහා බත් වෙනුවට කෙටි කෑම (ඉඩධපබ ඡ්චබඵ) ආදිය සහ කෝලා බීම වර්ග පානය.
= කොන්දේ වේදනා, හිසරදය ආදිය සඳහා යොදනු ලබන වේදනානාශක ඔෟෂධ (ඉබඥපධඪඤ ඤපභඨඵ) අධික ලෙස ගැනීම.
= මානසික ආතතිය, මානසික පීඩනය සහ දීර්ඝ කාලීන මානසික ව්‍යාකූලතාවලින් පෙළීම ආදියයි.

මෙවන් වූ හේතු සාධක රාශියක් මෙම 'ගෑස්ට්‍රයිටිස්' රෝගය ඇතිකරලීම සඳහා බලපායි.
මේ අතර තවත් විශේෂ වූ හේතුවක්ද ගෑස්ට්‍රයිටිස් ඇතිවීම කෙරෙහි බලපායි.
එනම් පාසල් ළමුන් බොහෝ දෙනකු උදෑසන ආහාර වේල ගැන එතරම් තැකීමක් නොකරන බව පෙනේ. මෙම තත්ත්වය දිගු කාලයක් තිස්සේ සිදුවූ විට පසුකාලීනව ගෑස්ට්‍රයිටිස් ඇතිවීම ඉතා සුලබය.

ගෑස්ට්‍රයිටිස් රෝග ලක්‍ෂණ

= ආහාර හොඳින් නොදිරවීම
= ඇඹුල් පිත වමනය යෑම
= වෙහෙසවීමක් නොමැතිව ඇති වන මහන්සි ගතිය
= හිසරදය
= කැරකිල්ල
= ඇස් අඳුරුවීම
= බඩේ ආහාර පල්වීම
= සෑම විටම තද බඩගින්න
= සමහර අයට බඩගිනි අඩුවීම
= මල පිටවීමේ ක්‍රියාවේ දුර්වලතා
= බඩේ තද බව පා බර ගතිය
= අත් පා දැවිල්ල
= බඩ පුරවා දැමීම
ආදී ලක්‍ෂණ ඇතිවිය හැකිය.

මේ අතර උදරයේ ඉහළ කොටසේ දැවිල්ලක් හෝ බඩගින්නක් ඇතිවන විට දැනෙන වේදනාවට වඩා වැඩි වේදනාවක් දැනීමද සමහර විට මිරිකනවා වැනි වේදනාවක් හටගැනීමටද පුළුවන. මෙම ලක්‍ෂණ ග්‍රහණ ප්‍රදේශයේ තුවාල නිසා ඇතිවන අතර පපුවේ දැවිල්ල හෝ පපුව හිරකරන්නාක් මෙන් දැනීම බොහෝවිට ගලනාල ආශි්‍රතව තුවාලවලදී දැකිය හැකිය. එසේම ආමාශගත තුවාල ඇත්නම් බොහෝවිට ආහාරයෙන් ටික වේලාවට පසු වේදනාව ඇතිවේ.

මෙම ලක්‍ෂණවලින් ගෑස්ට්‍රයිටිස් රෝග තත්ත්වය නිවැරැදි ලෙස හඳුනාගැනීමට හැකිවේ. එසේ වුවද සමහර අය මෙම රෝග ලක්‍ෂණ හදවත් රෝගයක හෝ පිළිකා රෝගයක ලක්‍ෂණ වශයෙන් සැකකරන අවස්ථාද වෙයි. ඇතැම් විට සමහර වෛද්‍යවරුද රෝගය වරදවා වටහාගනු ලබන අවස්ථාවේ.
මෙම නිසා ගැස්ට්‍රයිටිස් රෝගය පිළිබඳ නිවැරැදි අවබෝධය ලබා තිබීම ඉතාමත් වැදගත් වේ.

බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වය නිවැරැදි ලෙස හඳුනා ගැනීමට

= බේරියම් ආහාර පරීක්‍ෂණය
= එන්ඩස් කොපි පරීක්‍ෂණය
= අල්ට්‍රා ස්කෑන් පරීක්‍ෂණය
ආදිය උදවු කර ගනියි.

විවිධ අයුරින් පරීක්‍ෂා කර රෝගය නිවැරැදි ලෙස හඳුනා ගත්තද නිවැරැදි ලෙස ප්‍රතිකාර නොකළහොත් ඇතිවිය හැකි උපද්‍රවයන්ද ඉතාමත් බැරෑරුම් විය හැකිය. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව නම් ප්‍රධාන මූලධර්ම දෙකක් යටතේ ප්‍රතිකාර යොදයි.

1. ආමාශයේ ආම්ලික ස්‍රාවය අඩුකරන ඔෟෂධ යෙදීම
2. අම්ල මඟින් ඇති කරන හානිය අඩු කිරීමට උදරාවරණ තලා ආරක්‍ෂා කරන ක්‍රියා සිදුකිරීම
යන කරුණු දෙක මත පදනම්ව ගැස්ට්‍රයිටිස් සඳහා ප්‍රතිකාර යොදයි.

ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වය සඳහා පිත මුල්වන බැවින් මූලිකවම පිත සමනය සඳහා ප්‍රතිකාර යොදයි. මෙයට මුලින්ම වමන කර්මයද ඉන් පසුව විරේකයද යොදන අතර එමඟින් පිත සමනය නොවුණහොත් රක්ත මෝක්‍ෂණය (ලේ ඉවත් කිරීම) යොදනු ලබයි.

අවසාන වශයෙන් තෙල් යොදා වස්ති කිරීම මඟින් රෝග සමනය ඇතිවන බව දක්වා ඇති අතර ඉන් අනතුරුව නිවැරැදි ඔෟෂධ යෝග මඟින් රෝග සමනය ඇති කරනු ලබයි.

යෙදිය හැකි ක්‍ෂාය වර්ග

= අරළු, බුළු, නෙල්ලි, රසකිඳ, දුම්මැල්ල, ඇහැළ පොතු, කොහොඹ පොතු, සැවැන්ත මුල් ක්‍ෂාය
= දුම්මැල්ල, අමු ඉඟුරු, රසකිඳ ක්‍ෂාය
= දුම්මැල්ල, කීකිරිඳිය, විෂ්ණුක්‍රාන්ති ක්‍ෂාය

මේ ආදී ක්‍ෂාය රාශියක් වේ. මෙම රෝගයේදී අරිෂ්ට, ආසව යෙදීම එතරම් සුදුසු නොවන නිසා ඒවා ඉතා සීමිතව යොදනු ලබයි.
මෙහිදී යොදනු ලබන චූර්ණ අතර භාෂ්කර ලවණ චූර්ණය, අවිපත්තිකර චූර්ණය, මටනිභද්‍රා චූර්ණය ආදිය විශේෂ ගුණ පෙන්වයි.
තවද වජ්‍රක්‍ෂාර, ශාක භෂ්ම ආදියද ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වයට ඉතා යෝග්‍ය වන අතර,
පංච තික්ත ඍත ගුන්ගුළු, විසාදි ගුන්ගුළු ආදියද, චන්ද්‍ර ප්‍රභාවතීද සුදුසු අනුපාතයන් සමඟ යෙදීම ඉක්මන් සුවයට හේතු වෙයි.
මෙයට අමතරව හරිතකී ඛණ්ඩය, මානිභද්‍ර මෝදකය, අම්ල පිත්තාන්තක මෝදකය ආදියද, කුෂ්මාණ්ඩක ලේහස, ආර්ද්‍රතාව ලේහය, වෘසාදී ඍතය, ශතෙවරී ඍතය ආදිය ඇතුළු තවත් ඔෟෂධ රාශියක් මෙම රෝගය සඳහා යොදනු ලබයි.

ගැස්ට්‍රයිටිස් රෝගයට
ගුණ දෙන ආහාර

පතෝල, වැටකොළු, අළු කෙසෙල්, තම්පලා, මුගුණුවැන්න, සාරණ, කොහිල, අළු පුහුල්, කරවිල, ගොටුකොළ, එරබදු කොළ, අගුණ කොළ, ඇහැළ දලු, වැල් කොහිල, බෝංචි, කැරට්, බීට් රූට්, නොමේරූ ගෝවා කොළ, වම්බටු, ළා එළබටු ආදිය සුදුසු වන අතර 'දියබත' විශේෂයෙන් ගුණ දේ.

එසේම හාල් මැස්සන්, කාරල්ලන්, තෝර මාළු, පරා මාළු ආදියද,
කෝලිකුට්ටු, සුව¼දැල්, ඉදුණු අළු කෙසෙල්, දෙළුම්, මිදි යුෂ, පැණි කොමඩු, රටඉඳි, උක් පැණි, උක් හකුරු ආදියද සුදුසු වේ.

තිරිඟු පිටිවලින් සකස් කළ පිට්ටු, රොටී ආදියද කර කළ පාන් විස්කෝතු සහ තෙලෙන් නොබැදි රසකැවිලිද ස්වල්ප ලෙස ගැනීම සුදුසුය.
එසේම පලා වර්ග සහ එළවළු වර්ග හොඳින් පිසගෙන ආහාරයට ගතයුතු අතර අමුවෙන් හෝ බාගෙට තම්බා ආහාරයට නොගත යුතුය.

මුංඇට තැම්බූ වතුර, කොළකැඳ, හාල් කැඳ, තැඹිලි වතුර ආදියද කිරිද යෝග්‍ය වේ.
මේ අතර නියම වේලාවට ආහාර ගැනීම නියම ආහාර වේල් ගණන නියමිත පරිදි ගැනීම ආදියද විශේෂයෙන් වැදගත් වන අතර එසේ ගනු ලබන ආහාර ප්‍රමාණය එකවර නොගෙන කුඩා ප්‍රමාණයන් ලෙස කිහිපවරකට ගැනීමද වඩාත් ගුණදායක වේ.

තවද ඇඟට හිරවන සේ ඇඳුම් ඇඳීමෙන් වැළැකීම, දිනකට වතුර ලීටර් 3ක් පමණ බීම, ආහාර ගැනීමෙන් පසු පැය 3ක් යන තෙක් නිදා නොගැනීම මෙන්ම මානසික සංතුෂ්ටියද වැදගත් වේ.

තරබාරු සිරුරක් නම් බර අඩුකර ගැනීමද හිතකාරී වේ. වෙනත් රෝග මෙන් නොව මෙම රෝගය අහිතකර ආහාරවලින්ම හටගනු ලබන නිසා එයින් වැළැකීම ඉතා වැදගත් වේ.

නුසුදුසු ආහාර

අඹ, ඇඹුල් ‍ෙදාඩම්, ඇඹුල් කෙසෙල් ආදී ඇඹුල් අධික පලතුරුද, කහට තේ, කෝපි, චොක්ලට් ආදියද, විනාකිරි, මිරිස්, දුරු හා අබ අධිකව යෙදූ ආහාරද තෙල් බැදුම්, ජාඩි, කරවල, උෂ්ණ මාළු, ටින් මාළු, කොච්චි මිරිස්, තක්කාලි, ලුණුදෙහි, අන්නාසි, පොල් සම්බෝල, අමු පලා වර්ග, අමු පලතුරු වර්ග, මත්පැන්, හරක් මස්, ‍ෙදා‍ෙදාල්, මස්කට්, කැවුම් ආදියද කෘත්‍රිම රසකාරක හා වර්ණකාරක යෙදූ ආහාරද අයෝග්‍ය වේ. එසේම කෝලා බීම වර්ග මෙන්ම බුලත් කෑමද අයෝග්‍ය වේ.
මේවාට අමතරව අධික වශයෙන් වෙහෙසීම, අධික ලෙස මත්පැන් පානය, නිදි වැරීම, තද අව්වේ සිටීම, මල-මූත්‍ර ආදිය පිට නොකර සිටීම, අති මෛථුනය, අකලට ආහාර ගැනිම සහ මානසික වියවුල්ද අහිතකර වේ.

මෙම අයෝග්‍ය ආහාර පාන සහ ක්‍රියාවන්ගෙන් වැළැකී සිටීම තුළින් 'ගැස්ට්‍රයිටිස්' රෝගය වළක්වාගත හැකි අතර එම ආහාර පාන හා ක්‍රියාවන්ගෙන් වැළැකී සිටීමට සියලු දෙනා දැනුම්වත් කිරීම මඟින් අද සමාජය තුළ බහුල ලෙස පවත්නා මෙම රෝගය පාලනය කරගත හැකිය.

විශේෂයෙන් පාසල් ළමුන් සහ විවිධ රැකියාවල නිරත වන අයට උදෑසන ආහාරයේ ඇති වැදගත්කම වටහා දීමද මෙම රෝගය පාලනයට හේතුවේ.
මේ අනුව සලකා බලන විට අපට පැහැදිලි වන කරුණක් නම් වත්මන් බොහෝ රෝගයන්ට හේතුවන කරුණු මතුවී ඇත්තේ අපගේ ජීවන රටාව නියම ලෙස පවත්වා ගෙන නොයෑම නිසා බවයි. වඩාත් සෞඛ්‍යාරක්‍ෂිත දිවි පෙවෙතක් ගෙන යන්නේ නම් මෙවන් රෝගවලින් පහසුවෙන් වැළැකී සිටීමට හැකිවනවා ඇත..

වෛද්‍ය මධුර පරණවිතාන
කථිකාචාර්ය
ශාස්ත්‍රාරවින්ද වෛද්‍ය විද්‍යාලය පොල්ගොල්ල'
     
    ආහාර රටාව නිවැරැදි නම් ගැස්ට්‍රයිටීස් පාලනය පහසුයි

    ශාස්ත්‍රාරවින්ද වෛද්‍ය විද්‍යාලය පොල්ගොල්ල

    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    20 Mar 2015 11:44 PM
    godak wadagath lipiyak himali nangi....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    20 Mar 2015 11:45 PM
    ගොඩක් වැදගත් ලිපියක්..
    ස්තූතියි නංගී..
    0

    Himali
    Veteran Member
    Veteran Member
    Posts:1636

    --
    21 Mar 2015 09:32 AM
    ගැස්ට්‍රයිටීස් නම් මටත් තියනවා ඉතින්
    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    21 Mar 2015 01:31 PM

    apoooo hedennama hoda nethi ledak meka nam....thanks nangi .

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    21 Mar 2015 02:01 PM
    මමත් මේ ලෙඩේ නිසා කාලයක් දුක් වින්දා. උදෑසන ආහාර වේල නිසි පරිදි නොගැනීම තමයි මගේ ලෙඩේට හේතු වුණේ.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    21 Mar 2015 07:51 PM
    වැඩි දෙනෙකුගේ රෝගයට ප්‍රධානම හේතුව උදෑසන අහාරය නිසි වෙලාවට නොගැනීම.. නැත්නම් අධික ආතතිය.. මම දන්නා විදියට..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    21 Mar 2015 08:13 PM
    ආහාර රටාව නිවැරැදි නම් ගැස්ට්‍රයිටීස් පාලනය පහසුයි.........................
    0

    Himali
    Veteran Member
    Veteran Member
    Posts:1636

    --
    21 Mar 2015 11:37 PM
    moko isuru me head line eka copy paste karala
    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0

    Chandima
    Advanced Member
    Advanced Member
    Posts:509

    --
    22 Mar 2015 04:49 AM

    atta katawanam ape ahara ratawala tiyana akramawath bawa nisa tamai me leda okkoma

    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    22 Mar 2015 06:00 AM
    Posted By Himali on 21 Mar 2015 11:37 PM
    moko isuru me head line eka copy paste karala

    amutuwen tipe kranna deyak nane..............

    0

    Himali
    Veteran Member
    Veteran Member
    Posts:1636

    --
    28 Mar 2015 12:01 AM

    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0

    Malinga
    Advanced Member
    Advanced Member
    Posts:534

    --
    28 Mar 2015 12:26 AM
    Posted By Himali on 21 Mar 2015 09:32 AM
    ගැස්ට්‍රයිටීස් නම් මටත් තියනවා ඉතින්

    වෙලාවට කන්නෙ නැද්ද? නැත්තම් නොකා ම ඉන්නව ද? 

    බොහොමත් ම ස්තූතියි මේ වගේ දේවල් ගැන අපිව දැනුවත් කරනවට

    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    28 Mar 2015 05:21 AM
    Posted By Himali on 28 Mar 2015 12:01 AM

    thanks himali nangi me lipiyata.......

    0

    Himali
    Veteran Member
    Veteran Member
    Posts:1636

    --
    29 Mar 2015 10:04 PM
    Posted By Malinga on 28 Mar 2015 12:26 AM

    වෙලාවට කන්නෙ නැද්ද? නැත්තම් නොකා ම ඉන්නව ද? 

    බොහොමත් ම ස්තූතියි මේ වගේ දේවල් ගැන අපිව දැනුවත් කරනවට

    noka nam inne neee . habi welawata kanne ne

    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0

    Malinga
    Advanced Member
    Advanced Member
    Posts:534

    --
    29 Mar 2015 10:10 PM
    ඒතරම් වැඩ අධිකයි ද? නැත්තම් ඉතින් කන්නත් කම්මැලියි වගේ ද?
    0

    Himali
    Veteran Member
    Veteran Member
    Posts:1636

    --
    29 Mar 2015 10:29 PM
    weda adika nam ne. kammalith na. kshanika ahara nisa venna ona
    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0

    Malinga
    Advanced Member
    Advanced Member
    Posts:534

    --
    29 Mar 2015 10:30 PM
    ක්ෂණික ආහාර ඉතින් ක්ෂණිකව ම කන්න පුළුවන්නෙ. ඒ කියන්නෙ ඔයා දවල්ට වගේ බත් ‍එහෙම කන්නෙ නැද්ද? උදේට කන එක තමයි හැබැයි ගොඩක් බලපාන්නෙ.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    07 Jan 2016 10:43 PM

    ළූණු කොළ ආහාරයට ගැනීමේ වැදගත්කම..

    ළූණු කොළ සාමාන්‍යෙයන් ආහාර වල රසය වැඩි කරගැනීමට භාවිතා කරන අතර, ආහාර සැරසීම සඳහා ද භාවිතා වේ. මෙය ඇත්තෙන්ම ඉතා ගුණදායී ආහාරයකි. මේවා සාම්ප්‍රදායික චීන වෙදකම් වලදී ද භාවිතා වේ. අඩු කැලරි ප්‍රමාණයක් හා වැඩි විටමින් ප්‍රමාණයක් මෙහි අන්තර්ගත වේ. මේවායේ vitamins A, C, B2 හා K අඩංගු වේ. එමෙන්ම කොපර්, පොස්පරස්, මැග්නීසියම්, පොටෑසියම්, ක්‍රෝමියම් හා මැංගනීස් වැනි ඛණිජයන් ද අන්තර්ගත වේ. තන්තු වලින් ද සපිරි නිසා මෙයින් තවත් බොහෝ වාසි ලබා දේ.

    8

    01. හෘදය නීරෝගී කරවයි.

    ළූණු කොළ වල ඇති ප්‍රතිඔක්සිකාරකයන් මඟින් DNA වලට හානි ඇති වීම වළක්වනු ලබයි. මෙහි ඇති Vitamin C මඟින් රුධිර පීඩනය අඩු කරන අතර, මෙමඟින් හෘදය ආශ්‍රිත ආබාධ වළක්වයි.

    1

    02. ශ්වසානාබාධ සුව කරයි

    කැස්ස හෙම්බිරිස්සාව වැනි ශ්වසනාබාධ වලට ඇති ප්‍රතිකාර සඳහා ළූණු කොළ භාවිතා කරයි.

    2

    03. රුධිරගත සීනි ප්‍රමාණය පාලනය කරයි.

    මෑතකදී සිදු කළ අධ්‍යනයකින් හෙළි වී ඇත්තේ මේවායේ ඇති සප්ෆර් සංයුතිය නිසා රුධිර පීඩනය අඩු කරන බවයි. මෙමඟින් සිරුරේ ඉන්සියුලීන් ප්‍රමාණය ඉහළ දමයි.

    3

    04. අස්ථි ශක්තිමත් කරයි

    ළූණු කොළ වල ඇති vitamins C හා K අස්ථි වල සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට දායක වේ. Vitamin K මඟින් අස්ථි වල ඝනත්වය වැඩි කිරිම සිදු කරයි.

    4

    05. පෙනීම වර්ධනය කරවයි

    මේවායේ ඇති කැරොටිනොයිඩ හා leuthein ඇස් ආරක්ෂා කරයි. එමෙන්ම මෙහි ඇති vitamin A පෙනීම වැඩිදියුණු කරන අතර, ඇසේ නීරෝගීතාවය ද රැක දේ.

    5

    06. පිළිකා අවධානම අඩු කරයි

    6

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    08 Jan 2016 02:42 PM
    මේවා නම් මිලෙන් ලාබත් නිසා වැඩිපුර කන්න පුළුවන් ...අදයි ගුනේ දන්නේ . ස්තුති අයියා
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    08 Jan 2016 05:42 PM
    මම නම් කනව ..මෙවා වෙනවද මන්දා
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    08 Jan 2016 08:12 PM
    ගුණයි කියල අහල තිබුණට හැබෑම ගුණ මොනවද කියල දැනගත්තෙ අද.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    09 Jan 2016 06:46 AM
    Posted By samantha on 07 Jan 2016 10:43 PM

    ළූණු කොළ ආහාරයට ගැනීමේ වැදගත්කම..

    ළූණු කොළ සාමාන්‍යෙයන් ආහාර වල රසය වැඩි කරගැනීමට භාවිතා කරන අතර, ආහාර සැරසීම සඳහා ද භාවිතා වේ. මෙය ඇත්තෙන්ම ඉතා ගුණදායී ආහාරයකි. මේවා සාම්ප්‍රදායික චීන වෙදකම් වලදී ද භාවිතා වේ. අඩු කැලරි ප්‍රමාණයක් හා වැඩි විටමින් ප්‍රමාණයක් මෙහි අන්තර්ගත වේ. මේවායේ vitamins A, C, B2 හා K අඩංගු වේ. එමෙන්ම කොපර්, පොස්පරස්, මැග්නීසියම්, පොටෑසියම්, ක්‍රෝමියම් හා මැංගනීස් වැනි ඛණිජයන් ද අන්තර්ගත වේ. තන්තු වලින් ද සපිරි නිසා මෙයින් තවත් බොහෝ වාසි ලබා දේ.

    8

    01. හෘදය නීරෝගී කරවයි.

    ළූණු කොළ වල ඇති ප්‍රතිඔක්සිකාරකයන් මඟින් DNA වලට හානි ඇති වීම වළක්වනු ලබයි. මෙහි ඇති Vitamin C මඟින් රුධිර පීඩනය අඩු කරන අතර, මෙමඟින් හෘදය ආශ්‍රිත ආබාධ වළක්වයි.

    1

    02. ශ්වසානාබාධ සුව කරයි

    කැස්ස හෙම්බිරිස්සාව වැනි ශ්වසනාබාධ වලට ඇති ප්‍රතිකාර සඳහා ළූණු කොළ භාවිතා කරයි.

    2

    03. රුධිරගත සීනි ප්‍රමාණය පාලනය කරයි.

    මෑතකදී සිදු කළ අධ්‍යනයකින් හෙළි වී ඇත්තේ මේවායේ ඇති සප්ෆර් සංයුතිය නිසා රුධිර පීඩනය අඩු කරන බවයි. මෙමඟින් සිරුරේ ඉන්සියුලීන් ප්‍රමාණය ඉහළ දමයි.

    3

    04. අස්ථි ශක්තිමත් කරයි

    ළූණු කොළ වල ඇති vitamins C හා K අස්ථි වල සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට දායක වේ. Vitamin K මඟින් අස්ථි වල ඝනත්වය වැඩි කිරිම සිදු කරයි.

    4

    05. පෙනීම වර්ධනය කරවයි

    මේවායේ ඇති කැරොටිනොයිඩ හා leuthein ඇස් ආරක්ෂා කරයි. එමෙන්ම මෙහි ඇති vitamin A පෙනීම වැඩිදියුණු කරන අතර, ඇසේ නීරෝගීතාවය ද රැක දේ.

    5

    06. පිළිකා අවධානම අඩු කරයි

    6

    ශරීරයට ලොකු වැදගත් වන ආහාරයක්

    හැබැයි ලූණු වලට ගහන තෙල් බෙහෙත් කන්ද දැක්කොත් ඕවා කන්නෙ නැතිවෙයි කවුරැත්

    මොකද මේ අහල පහල ලූණු වතුනේ තියෙන්නේ 

    ඒ ගැන හොදට දන්නවා.

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    12 Jan 2016 10:12 PM

    දිනපතා දිවීමේ වාසි!

    දිනපතා අමතර සැතපුම් 2ක් ධාවනයේ යෙදීම හෘදයට ඉතා හිතකර වේ. එමෙන්ම ශරීරයේ මනා හැඩය පවත්වාගැනීමටද දිවීම බෙහවෙින්ම ප්‍රයෝජනවත් වේ. මෙමගින් පද්ධතීන්ගේ නිසි ක්‍රියාකාරීත්වයද, රුධිර සංසරණයද, පවත්වාගන්නා අතර තරබාරු බවින් ඔබ මුදවයි. දිනකට අවම වශයෙන් විනාඩි 25ක්වත් ධාවනයේ යෙදීම වැදගත්ය. මෙය ඉණ ප්‍රදේශයේ හා දණහිස් වල මනා ක්‍රියාකාරීත්වයටද දායක වේ.

    පහත සදහන් ප්‍රයෝජන අත්කර ගැනීමට දිනපතා ධාවනයේ යෙදෙන්න.
    01. දිවීම මගින් කළවා වල හා බත්කෙණ්ඩ ප්‍රදේශයේ මාංශ පේෂීන් වර්ධනය කරවයි. එමෙන්ම කළවා ප්‍රදේශයේ ඇති අනවශ්‍ය මේදය දහනය කරන අතර දණහිස් වල ක්‍රියාකාරීත්වය වැඩි කරයි.

    302. තරබාරු බවින් මුදවයි.
    තරබාරු බවින් මිදීමට දිනකට විනාඩි 25ක් පමණ දිවීම ඉතා හොද ව්‍යායාමයකි. තරබිරු බව යනු නිහඩ මාරකයක් වන අතර එය  දිනපතා බිලියන ගණන් දෙනාට බලපෑම් ඇති කරවයි.
    4
    03. දිවීම හෘදය නීරෝගී කරවයි.
    හෘදය යනු ශරීරයේ ඇති වැදගත්ම අවයවයකි, එනිසාම එය වැඩි අවධානයකින් රැකබලාගත යුතු වේ. මේ නිසාම දිවීම දිනපතා සිදු කිරීම අත්‍යාව්‍ය වේ. දිනපතා ධාවනයේ යෙදී  හෘද රෝග හා හෘදයාබාධ වලින් වැළකෙන්න.

    104. ඉණට ව්‍යායාමයකි.
    ඉණ ප්‍රදේශයේ නිසි හැඩය පවත්වාගැනීමට දිවීම හොද ව්‍යායාමයකි.  හොඳ වේගයකින් හා කකුල් අතර හොද පරතරයක් ඇතිව  දිවීම ඔබ තරබාරු බවින් මුදවයි.
    5
    05. රුධිර සංසරණය ක්‍රමවත් කරවයි.

    2

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    12 Jan 2016 11:48 PM
    මීට අමතර වාසිත් තියෙනවා
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    12 Jan 2016 11:57 PM
    එළියට බැහැල නම් දැන් දුවන්න වෙන්නේ නැහැ.. මැෂින් එක උඩ දිව්වත්.. හැබැයි ඉතින් එලිය පහලියට බැහැල දුවනවා වගේ නම් හොඳ වෙන්න විදියක් නැහැ මොන දේ කළත්..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    13 Jan 2016 02:36 PM
    මැෂින් එකේ දුවනවට වඩා මාත් ආස එළියේ දුවන්න ... එතකොට තමයි හිතට සනීප ...
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    13 Jan 2016 05:22 PM
    Posted By Rosi on 13 Jan 2016 02:36 PM
    මැෂින් එකේ දුවනවට වඩා මාත් ආස එළියේ දුවන්න ... එතකොට තමයි හිතට සනීප ...

    … …හැම කාන්තාවක්ම ඔහොම හිතනවානම් කොයි තරම් හොදද
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    13 Jan 2016 07:17 PM
    Posted By Ind007ka on 13 Jan 2016 05:22 PM
    Posted By Rosi on 13 Jan 2016 02:36 PM
    මැෂින් එකේ දුවනවට වඩා මාත් ආස එළියේ දුවන්න ... එතකොට තමයි හිතට සනීප ...
    … …හැම කාන්තාවක්ම ඔහොම හිතනවානම් කොයි තරම් හොදද
    එළියෙ දුවනකොට හැමෝටම සනීපයි.. 

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    15 Jan 2016 06:49 AM
    Posted By Ind007ka on 13 Jan 2016 05:22 PM
    Posted By Rosi on 13 Jan 2016 02:36 PM
    මැෂින් එකේ දුවනවට වඩා මාත් ආස එළියේ දුවන්න ... එතකොට තමයි හිතට සනීප ...
    … …හැම කාන්තාවක්ම ඔහොම හිතනවානම් කොයි තරම් හොදද

    තියෙන වැඩත් පාඩු කරගෙන නොකඩවා හැමදාම අපේ අය දුවයි නේද එහෙනං
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    19 Jan 2016 10:13 PM

    මිනිස් සිරුරේ අප නොදත් අරුම පුදුම කරුණු පෙළක්..

    මිනිස් සිරුර යනු අප නොදත් අරුම පුදුම වූ රහස් රාශියක් සගවාගත් නිමැවුුමකි. කෙතරම් ජීව විද්‍යාව අධ්‍යයනය කළ කෙනෙකු වුවත් මිනිස් සිරුර පිළිබද තවත් ඉගෙනීමට බොහෝ දේ දිනපතා එකතු වේ. මේ ලිපියෙන් අප ගෙන එන කරුණු බොහෝමයක්ද අප මින් පෙර නොඇසූ දේ වනවාට නිසැකය . කියවා බලන්න.

    01.  මිනිසාගේ ආමාශය තුළ සින්ක් පවා දිය කිරීමට තරම් ප්‍රමාණවත් ජීරණ අම්ල අඩංගු වේ.

    1

    02. අපගේ පෙනහලු තුළ 300,000ට අධික රුධිර සෛල අඩංගු වන අතර, ඒවා සියල්ල ඇතුරුමක් කළහොත් සැතපුම්  1,500ක දිගක් වැසිය හැක.

    3

    03. අපගේ ජීවිත කාලය තුළ ශරීරය විසින් නිපදවන කෙළ ප්‍රමාණයෙන් ඔලිම්පික් තරග පවත්වන නාන තටාකයක් පිරවිය හැක.

    4

    04. මිනිත්තු 30ක් තුළ මිනිස් සිරුර මගින් ජලය බාල්දි 4ක් උණු කිරීමට ප්‍ර්‍රමාණවත් තාපයක් නිපදවනු ලබයි.

    5

    05. මිනිස් හෘදය විසින්  විදුලි ස්ඵන්දන උත්පාදනය කරනු ලබන අතර, ඒවා ශරීරයෙන් ඉවත් කළහොත් හෘදයේ ස්පන්දනය සීමිත කාලයකට සීමා වේවි.

    606. අපගේ අස්ථි කොන්ක්‍රීට් මෙන් සිව් ගුණයක් ශක්තිමත් වේ.

    7

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    19 Jan 2016 11:56 PM
    අපගේ අස්ථි කොන්ක්‍රීට් මෙන් සිව් ගුණයක් ශක්තිමත් වේ
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    21 Jan 2016 05:53 AM
    Posted By Ind007ka on 19 Jan 2016 11:56 PM
    අපගේ අස්ථි කොන්ක්‍රීට් මෙන් සිව් ගුණයක් ශක්තිමත් වේ
    ඒ උනාට මේක චුට්ට ඇඹරිච්ච ගමන් හුටස් ගාල කැඩිලා යනවනේ

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    21 Jan 2016 06:29 AM
    Posted By sha733 on 21 Jan 2016 05:53 AM
    Posted By Ind007ka on 19 Jan 2016 11:56 PM
    අපගේ අස්ථි කොන්ක්‍රීට් මෙන් සිව් ගුණයක් ශක්තිමත් වේ
    ඒ උනාට මේක චුට්ට ඇඹරිච්ච ගමන් හුටස් ගාල කැඩිලා යනවනේ

    ඒකට ශක්තිමත් මෙල්වා කම්බිම දාන්නකො. 
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    21 Jan 2016 07:17 AM
    Mechchara powerful da ape ega athula .... ane manda ae unata podda beri wenna leda ne ...

    Sthuthi aiyya.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    28 Jan 2016 07:13 AM

    රැවුල කපන කොල්ලන්ට පමණයි

    දැන් මේක කියවන්න අතට ගත්තාම කෙල්ලෙක් ලියලා තියෙනවා කියලා අවුලක් ගන්න එපා. මොකද කොල්ලන්ට කොල්ලන්ව තේරෙනවාට වඩා කෙල්ලන්ට කොල්ලෝ තේරෙනවා, දැනෙනවා. ඒක නිසා කෙල්ලෙක් මේක ලිව්වා කියලා අවුලක් ගන්න එපා. කොල්ලෙක් වුණාම රැවුල තියෙන්න ඕනේ කියලා කතාවක් තියෙනවානේ. එහෙමයි කියලා ඉතිං වවන්නම් වාලේ රැවුල වවලා තේරුමක් නැහැ. ඒක නිසාම මේක කියවන ගමන් රැවුල වවලා ඉන්න කට්ටිය පොඞ්ඩක් බලන්න ඔයාලත් Handsom වෙන්න රැවුල කපන්නේ මෙහෙමද කියලා.

    මූණ තෙත්ව තියෙන වෙලාවක තමයි රැවුල කපන්න හොඳම වෙලාව. මොකද රැවුල් ගස් 30% ක් විතර ජලය උරා ගන්නවා. ඒක නිසා රැවුල කපන එක තියුණුව වගේම පහසුවෙන් කරන්න පුළුවන්. හොඳම දේ තමයි නෑවාට පස්සේ රැවුල කපන එක. නැත්නම් මිනිත්තු කීපයක් මූණ තෙත් කරගෙන ඉඳලා රැවුල කැපුවත් ඒකෙ අවුලක් වෙන්නෙ නෑ. අනෙක් එක රැවුල කපන්න Shaving Cream – Foam එකක් හරි පාවිච්චි කරන්න. ඒක නිසා රේසර් එක හොඳට හසුරවලා රැවුල කපන්න එතකොට පුළුවන් වෙනවා.

    ඒ වගේම Shaving Cream ආලේප කරන්න  ඕනේ මුහුණ පහළ ඉඳලා උඩු අතට. එතකොට රැවුල් ගස් හොඳින් කෙළින් වෙලා රැවුල බෑම පහසු කරනවා. හැම වෙලාවෙම හොඳ තත්ත්වයේ තියුණු තලයක් තියෙන රේසර් භාවිත කරන්න මතක තියා ගන්න. මොකද රැවුල කපනකොට රැවුල් ගස් වගේම සම මතුපිට ස්තරය ඉවත් වෙනවා. හරියට කැපෙන්නේ නැති රේසර් එකකින් කපන්න ගියාම හානි වෙනවා. කැපීම් සීරීම් වෙනවා. ඒකයි කියන්නෙ හොඳ තත්ත්වයේ රේසර් එකක් භාවිතයට ගන්න කියලාග රේසර් එක හෝ තලය මාරු කරන කාලය තීරණය කරන්න  ඕනේ ඉතිං ඔයාලම තමයි. ඒ ඔයාලගේ රැවුලේ ස්වභාවය අනුව. සාමාන්‍යයෙන් කැපීම් වාර 3-10 අතර කාලයේදී රේසරය හෝ තලය මාරු කරන්න  ඕනේ. හැබැයි ඊට කලින් තලය මොට වුණා කියලා දැනෙනවා නම් ඉතිං රේසර් එක මාරු කරන්නම වෙනවා.

    අනෙක් කාරණාව තමයි රැවුල කැපීම කරන්න ඕනේ රැවුල් ගස් වැවෙන දිශාවටයි. ඊට විරුද්ධ පැත්තට කපන්න ගියාම තමයි ඉතිං කැපීම්ල සීරීම් ඇතිවීම වැඩිවෙන්නෙ.

    මුහුණේ දෙපැත්තෙන් පටන් අරගෙන අන්තිමට නිකට බෙල්ල ප‍්‍රදේශයට පැමිණීම සුදුසුයි. ඒ වගේම රැවුල කැපීම වඩාත් පහසු ප‍්‍රදේශවලට තෙතමනය උරාගැනීමට වැඩි කාලයක් ලැබෙන නිසා කැපීම පහසුයි.

    ඒ වගේම අනිවාර්යයෙන් රැවුල කැපුවාට පස්සේ රේසර් එක හෝදන්න අමතක කරන්න එපා. නිකං රේසර් එක පිහිදලා තිබීමෙන් වෙන්නෙ ඉක්මනට රේසර් එක මොට වෙන එකයි.

    රැවුල කපනකොට මුහුණේ මතු පිට ස්තරය ඉවත්වන අතර සම සංවේදී වෙනවා. ඒ නිසා Moistarize – After Shave Lotion වර්ගයක් ආලේප කරන්න. මොකද එතකොට මුහුණේ හම හොඳ තත්ත්වයෙන් තියාගන්න පුළුවන්.

    ඔන්න ඔහොම තමයි හරියටම රැවුල කපනවා නම් පිළිවෙළට රැවුල කපන්න ඕනේ. රැවුල වවපු කොල්ලෙක් නෙවෙයි Handsome

    රෂිනි මෙන්ඩිස්

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    28 Jan 2016 07:15 AM

    ඔබේ ශරීරයේ මෙම ස්ථාන සම්බාහනය කර බර අඩුකර ගන්න

    නිල වෙදකම යනු ඉතා සංකීර්ණ වෛද්‍ය උපක‍්‍රමයකි. කටු චිකිත්සාව සහ නිල වෙදකම බොහෝ සෞඛ්‍ය ප‍්‍රශ්න සදහා විසදුමක් වෙනවා. ශරීරයේ පවතින විවිධ අවයව ශක්ති මාර්ග හරහා සමහර ස්ථාන සමග සම්බන්ධව පවතිනවාග

    එමනිසා ශරීරයේ අභ්‍යන්තර අවයව වල ක‍්‍රියාකාරීත්වය දියුණු කිරිමට අවශ්‍ය නම් මෙම ස්ථාන හදුනාගෙන ක‍්‍රමයෙන් සම්බාහනය කිරීම වැදගත් වනවා. අපි මෙයින් ශරීරයේ බර අඩු කිරීමට දායක වන ස්ථාන හදුනා ගෙන උත්තේජනය කිරීමට බලාපොරොත්තු වෙනවා .මෙය අවුරුදු දහස් ගානක අත්දැකීමෙන් හුරුවූ ශිල්පයක්.

    ඔබ මෙම අනුපිලිවලට කලොත් ඔබගේ පරිවෘත්තීය ක‍්‍රියා වල වේගය වැඩි කිරීමට හැකියාව ලැබෙනවා එමෙන්ම වැඩි ක‍්‍රියාශීලි ගතියක් සහ ආහාර ක‍්‍රමයෙන් සංචිත කිරීම වළකිනවා.

    මෙම වැඩිපුර බර අඩුකරන ස්ථාන පහත පරිදි දැක්විය හැක.

    1 කනේ පවතින ස්ථානය

    රූපයේ ඇති මෙම ස්ථානය සම්බාහනය කිරීම මගින් ශරීරයේ සෑම කොටසකම පාහේ පවතින වැඩිපුර මේදය ඉවත්කර ශරීරයේ පරිවෘත්තීය වේගය වැඩිකරගත හැකි වෙනවා. ඔබ දිනකට මිනිත්තු 3ක් පමණ මෙම ස්ථානය එකම පීඩනයකින් යුක්තව සම්බාහනය කිරීමෙන් මෙම ප‍්‍රතිඵල ලබාගත් හැකිවෙනවා. මෙය සිදුකිරීමෙන් පසුව ශරීරයට වැඩිපුර ශක්තියක් ලැබෙන බව ඔබට හැගීයයි, ඒ නිසා ශරීරයේ පවතින අත්, කකුල්, උරහිස්, යටිපතුල් වල වෙහෙසකර බව නිසා ඇතිවන අපහසුතා මග හැරීයනවා

    2 මුහුණේ පවතින ස්ථානය

    මෙම ස්ථානය හරියටම පිහිටා තිබෙන්නේ නාසය සහ උඩුතොල අතරමැදයි ,ඔබ මෙම ස්ථානය දවසකට විනාඩි 5 බැගින් දෙවරක් සම්බාහනය කරන්න මෙමගින් ඔබට බඩගින්න, චකිතය වැනි හැගීම් පාලනය කරගත හැකි වෙනවා, ඔබ ආත්තියට පත්වීම නිසා වැඩිපුර කෑම අනුභව කරන්නෙක් නම් මෙම ක‍්‍රමය වාසි වෙන්නෙ ඔබටයි

    3 අතේ පවතින ස්ථානය

    මෙය ශරීරයේ මධ්‍ය රේඛාව හරහා පවතින ශක්තිය හුවමාරු කිරීමට දායක වෙනවා. මෙය සම්බාහනය කිරීම මගින් ශරීරයේ පවතින වැඩිපුර රස්නය ඉවත්කර අතුනුබහන් මනාව ක‍්‍රියාකරවීමට දායක වෙනවා

    4 කකුලේ පවතින ස්ථානය

    මෙය නිල වෙදකම සදහා වැඩිපුර භාවිතා කරන ස්ථානයක්, මෙම ස්ථානය චීන බසින් ,සූසන් ලී, යනුවෙන් හදුන්වනවා. මෙම ස්ථානය ශරීරයේ ජීර්ණ ක‍්‍රියාව වැඩිදියුණු කිරීමට දායක වෙනවා මෙන්ම ශරීරය කුපිත කරවන ක‍්‍රියාවලි මැඩ පැවැත්වීමට දායක වෙනවා එම නිසාම මෙම ස්ථානය දීර්ඝායුෂ ස්ථානය ලෙසද රෝග සියයකට විරුද්ධ ස්ථානය ලෙසද හදුන්වනවා. මෙම ස්ථානය හරියට මැණික්කටුව යටින් පිහිටා තිබෙනවා. මෙම ස්ථානය සොයා ගැනීම සදහා එකම පැත්තෙ පවතින අතෙන් දණිස්ස වසන්න එවිට මෙම ස්ථානය කුඩා ඇගිල්ලට යටින් අස්ථී අතර පිහිටි වලක් වැනි ස්ථානයේ පිහිටා ඇත. මෙම ස්තානය සෑම දිනකම සවසට සම්බාහනය කිරීමෙන් ඔබෙ බර අඩුකරගත හැකිය. මෙම ස්ථානය සම්බාහනයෙන් සතියකට ග‍්‍රෑම් 400ත් 500ත් අතර ප‍්‍රමණයක් අඩුකර ගත හැකිබව පවසනවා මෙම ස්ථානය දිනකට 9 වරක් බැගින් කකුල් දෙකට මාරුවෙන් මාරුවට මිනිත්තු 10ක් පමණ නින්දට පෙර වෘත්තාකරව සම්බාහනය කරන්න, මෙය නින්ද නොයෑමට හොද ප‍්‍රතිකාරයක් වෙනවා. ඔබ මෙම ස්ථානය සම්බාහනය කිරීමේදි අපහසුතාවයක් හෝ කුඩා වේදනාවක් දැනිය හැකිය.

    උපුටා ගැනීමකි

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    28 Jan 2016 10:35 AM
    ම්ම්ම්ම්ම්ම්ම් මේක නම් ට්‍රයි කරලා බලන්න ඕනේ
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    28 Jan 2016 05:26 PM
    අනිවා ලෙහෙසියෙන්ම කරන්න පුළුවන් වැදගත් තොරතුරු ටිකක්. ඉතා පහසුවෙන් සම්බාහනය කර ගන්න පුළුවන් මේ නිල සම්බාහනය නිවැරදිව කිරීම මගින්.

    ඒක නෙවෙයි.. මම මේ දන ගන්න අහන්නෙ. අර සම්බාහන මධ්‍යස්ථාන වල මේව සම්බාහනය කරන්නේ නැද්ද?
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    28 Jan 2016 05:26 PM
    ඔක තමන්ම කරගන්නවට් වඩා වෙන කෙනෙකුට කියලා කරගන්න ඔනෙ ..එතකොට තමයි ඇගට වදින්නෙ
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    29 Jan 2016 03:54 AM
    Posted By samantha on 28 Jan 2016 07:13 AM

    රැවුල කපන කොල්ලන්ට පමණයි

    දැන් මේක කියවන්න අතට ගත්තාම කෙල්ලෙක් ලියලා තියෙනවා කියලා අවුලක් ගන්න එපා. මොකද කොල්ලන්ට කොල්ලන්ව තේරෙනවාට වඩා කෙල්ලන්ට කොල්ලෝ තේරෙනවා, දැනෙනවා. ඒක නිසා කෙල්ලෙක් මේක ලිව්වා කියලා අවුලක් ගන්න එපා. කොල්ලෙක් වුණාම රැවුල තියෙන්න ඕනේ කියලා කතාවක් තියෙනවානේ. එහෙමයි කියලා ඉතිං වවන්නම් වාලේ රැවුල වවලා තේරුමක් නැහැ. ඒක නිසාම මේක කියවන ගමන් රැවුල වවලා ඉන්න කට්ටිය පොඞ්ඩක් බලන්න ඔයාලත් Handsom වෙන්න රැවුල කපන්නේ මෙහෙමද කියලා.

    මූණ තෙත්ව තියෙන වෙලාවක තමයි රැවුල කපන්න හොඳම වෙලාව. මොකද රැවුල් ගස් 30% ක් විතර ජලය උරා ගන්නවා. ඒක නිසා රැවුල කපන එක තියුණුව වගේම පහසුවෙන් කරන්න පුළුවන්. හොඳම දේ තමයි නෑවාට පස්සේ රැවුල කපන එක. නැත්නම් මිනිත්තු කීපයක් මූණ තෙත් කරගෙන ඉඳලා රැවුල කැපුවත් ඒකෙ අවුලක් වෙන්නෙ නෑ. අනෙක් එක රැවුල කපන්න Shaving Cream – Foam එකක් හරි පාවිච්චි කරන්න. ඒක නිසා රේසර් එක හොඳට හසුරවලා රැවුල කපන්න එතකොට පුළුවන් වෙනවා.

    ඒ වගේම Shaving Cream ආලේප කරන්න  ඕනේ මුහුණ පහළ ඉඳලා උඩු අතට. එතකොට රැවුල් ගස් හොඳින් කෙළින් වෙලා රැවුල බෑම පහසු කරනවා. හැම වෙලාවෙම හොඳ තත්ත්වයේ තියුණු තලයක් තියෙන රේසර් භාවිත කරන්න මතක තියා ගන්න. මොකද රැවුල කපනකොට රැවුල් ගස් වගේම සම මතුපිට ස්තරය ඉවත් වෙනවා. හරියට කැපෙන්නේ නැති රේසර් එකකින් කපන්න ගියාම හානි වෙනවා. කැපීම් සීරීම් වෙනවා. ඒකයි කියන්නෙ හොඳ තත්ත්වයේ රේසර් එකක් භාවිතයට ගන්න කියලාග රේසර් එක හෝ තලය මාරු කරන කාලය තීරණය කරන්න  ඕනේ ඉතිං ඔයාලම තමයි. ඒ ඔයාලගේ රැවුලේ ස්වභාවය අනුව. සාමාන්‍යයෙන් කැපීම් වාර 3-10 අතර කාලයේදී රේසරය හෝ තලය මාරු කරන්න  ඕනේ. හැබැයි ඊට කලින් තලය මොට වුණා කියලා දැනෙනවා නම් ඉතිං රේසර් එක මාරු කරන්නම වෙනවා.

    අනෙක් කාරණාව තමයි රැවුල කැපීම කරන්න ඕනේ රැවුල් ගස් වැවෙන දිශාවටයි. ඊට විරුද්ධ පැත්තට කපන්න ගියාම තමයි ඉතිං කැපීම්ල සීරීම් ඇතිවීම වැඩිවෙන්නෙ.

    මුහුණේ දෙපැත්තෙන් පටන් අරගෙන අන්තිමට නිකට බෙල්ල ප‍්‍රදේශයට පැමිණීම සුදුසුයි. ඒ වගේම රැවුල කැපීම වඩාත් පහසු ප‍්‍රදේශවලට තෙතමනය උරාගැනීමට වැඩි කාලයක් ලැබෙන නිසා කැපීම පහසුයි.

    ඒ වගේම අනිවාර්යයෙන් රැවුල කැපුවාට පස්සේ රේසර් එක හෝදන්න අමතක කරන්න එපා. නිකං රේසර් එක පිහිදලා තිබීමෙන් වෙන්නෙ ඉක්මනට රේසර් එක මොට වෙන එකයි.

    රැවුල කපනකොට මුහුණේ මතු පිට ස්තරය ඉවත්වන අතර සම සංවේදී වෙනවා. ඒ නිසා Moistarize – After Shave Lotion වර්ගයක් ආලේප කරන්න. මොකද එතකොට මුහුණේ හම හොඳ තත්ත්වයෙන් තියාගන්න පුළුවන්.

    ඔන්න ඔහොම තමයි හරියටම රැවුල කපනවා නම් පිළිවෙළට රැවුල කපන්න ඕනේ. රැවුල වවපු කොල්ලෙක් නෙවෙයි Handsome

    රෂිනි මෙන්ඩිස්

    රේසර් භාවිතයක් නැහැ මැෂින් එක තමා රැවුල කපන්න මම භාවිත කරන්නේ

    කොහොම නමුත් හදිසි වෙලාවකදී ක්‍රියා කරන්න වෙනවනේ

    ඒ වෙලාවට මේ උපදෙස් ටික ගොඩක් වටී

    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522

    --
    29 Jan 2016 04:17 AM
    Posted By Ind007ka on 28 Jan 2016 05:26 PM
    ඔක තමන්ම කරගන්නවට් වඩා වෙන කෙනෙකුට කියලා කරගන්න ඔනෙ ..එතකොට තමයි ඇගට වදින්නෙ

    කොයි හරියේ නිල ගැන මේ කිව්වේ,,??
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    29 Jan 2016 05:43 PM
    කොයි හරියෙ වුනත් බොල
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    31 Jan 2016 09:49 PM

    ටී බෑග් එකක් ගෙන ඔබේ දෙතොල් පිරිමදින්න, මෙය ඔබ පීඩා විඳි ගැටලූවකට විසඳුමකි

    අද අපි ඔබව දැනුවත් කරන්නේ වියලි සහ පැලූණු දෙතොල් පහසුවෙන්ම සුවපත් කරගන්නා ආකාරයයි.

    පැලූණු දෙතොල් වලට වේගවත් සහනය

    ග‍්‍රීන් ටී බෑග් එකක් ගෙන එය මද උණුසුම් ජලයෙන් පොගවා, මිනිත්තු 5ක් පමණ දෙතොල් මත තබාගෙන ඉන්න. මෙය නිතර සිදුකිරීමෙන් හොඳ ප‍්‍රතිපල ලබාගන්නට පුළුවන්. ඔබේ දෙතොල් මෘදු කිරීමේ සහ නැවත පුනර්ජනනය කිරීමේ සුවිශේෂී හැකියාවක් ග‍්‍රීන් ටී සාරයට තිබෙනවා.

    මෙය සිදුකල විට දෙතොල් සුවපත් වෙන්නේ ඇයි?

    අභ්‍යන්තරික සහ භාහිර වශයෙන් භාවිතා කළහැකි ඉතාම අගනා ඔසුවක් ලෙස ග්‍රීන් ටී හඳුන්වන්නට පුළුවන්. වයසට යාම වලක්වන සුවිශේෂී ගුණාංගයන් ග‍්‍රීන් ටී වල අන්තර්ගතව තිබෙන නිසා, රූපලාවන්‍ය නිෂ්පාදන සඳහාද ග්‍රීන් ටී සාරය භාවිතා වෙනවා. ඊට අමතරව, ශරීරය විසින් සුර්යාගේ අහිතකර කිරණ වලට දක්වන ස්වභාවික ප්රතිරෝධය වැඩිදියුණු කිරීමේ හැකියාවක්ද ඊට ඇති බව සිදුකරන ලද අධ්‍යයනයන් වලදී සනාත වී තිබෙනවා.

    ශරීරයේ විෂහරණය, සහ රුධිර සංසරණය වැඩිදියුණු කරන කැෆීන්ද

    ග්‍රීන්

    ටී වල අන්තර්ගත වෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. අයහපත් ජීවන රටාව සහ සුර්ය එලියට නිරාවරණය වීම හේතුවෙන් හානිවී තිබෙන සයිල නැවත පුනර්ජනනය කිරීමේ සුවිශේෂී හැකියාවක් ඇති ඖෂධයක් ලෙසද ග‍්‍රීන් ටී හඳුන්වන්නට පුළුවන්.

    ඉහත ගුණාංගයන්ගෙන් සපිරි ග්‍රීන් ටී වලට වියලි සහ පැලූණු දෙතොල් සුවපත් කිරීමේ හැකියාවක් ඇති බව පුදුමයට කරුණක් නොවෙයි.

    Source – justnaturallife

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296

    --
    31 Jan 2016 10:00 PM
    ටී බෑර්ග් එකෙන් පිරිමදින එක එකක්‍රමයක් විතරයි ...තව ක්‍රම තියෙනව හැබැයි 
    ස්තූතියි සමන්ත අයියේ විස්තර වලට 
    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    31 Jan 2016 10:12 PM
    ග්‍රීන් ටී ගොඩක් ගුණයි කියල අහල තිබුනට මෙහෙම ගුණයක් ගැන දැනගෙන හිටියේ නැහැ. බොහොම ස්තූතියි..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    31 Jan 2016 10:37 PM
    Posted By kingD on 31 Jan 2016 10:00 PM
    ටී බෑර්ග් එකෙන් පිරිමදින එක එකක්‍රමයක් විතරයි ...තව ක්‍රම තියෙනව හැබැයි 
    ස්තූතියි සමන්ත අයියේ විස්තර වලට 
    ඉතිං මල්ලී ඔයා දන්න පිරිමඳින  ක්‍රම  ටිකත් එකතු කරන්නකෝ...

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    1

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    31 Jan 2016 10:43 PM
    bohoma pin
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    01 Feb 2016 07:05 AM
    ග්‍රීන් ටී බලාගෙන ලියාම හැම පැත්තෙන්ම ගුණයිනේ
    මීට කලින් දැනගෙන හිටියේ නැහැ ස්තූතියි.
    දෙතෙල් සුවපත් වෙනවා කියලා තියෙන්නේ.හැබැයි කලු වෙනවද දන්නේ නැහැ නේ
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    01 Feb 2016 07:12 AM
    මේ දේවල් නම් දැනගෙන හිටියේ නෑ .......
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    01 Feb 2016 04:16 PM
    ම්ම්ම්ම්ම්ම් මේක නම් හොද නිවුස් එකක් ,ශිත කාලෙට නම් හොද ප්‍රයෝජනවත් .. ස්තුති අයියා
    0

    Chandima
    Advanced Member
    Advanced Member
    Posts:509

    --
    01 Feb 2016 06:30 PM
    wadagatah ipiyak
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    02 Feb 2016 09:05 PM

    ඔබ මෙම ලිපිය කියවීමෙන් අනතුරුව නැවතත් කන් පිරිසිදු කිරීම සදහා පුළුන් සහිත කූරු භාවිතා නොකරනු ඇත

    ඔබ කන් කලාදුරු පිරිසිදු කරගැනීමට යාමේදී ඔබ නොදැනුවත්වම විශාල හානියක් සිදුකරගනු ලබයි. කන යනු ඉතා සංවේදී සහ සියුම් ස්ථානයකි. ඔබ අතින් සිදුවන මේ වැරදි නිසා කනේ ආසාදනයන්, කන් ඇසීමේ අපහසුතා, සහ නිරන්තරයෙන් කනේ වේදනාව ඇති වීම වැනි තත්වයන් ඇතිවේ.

    Untitled-3

    පුළුන් සහිත කූරු මගින් කන් පිරිසිදු කරගැනීම සෞඛ්‍යය සම්පන්න නොවේ.
    කනෙහි මාර්ගය ඔස්සේ කිසිවක් ඇතුල් කිරීම සුදුසු නොවේ. මෙමගින් ඔබගේ කන් බෙරයට විශාල ලෙස හානියක් සිදු කල හැකිය. මේවා ආධාරයෙන් කන් පිරිසිදු කරගන්නා විට කන් කලාදුරු අනවශ්‍ය ලෙස කන තුලට තෙරපී කන් ඇසීම අඩාල වනු ඇත.

    කන් කලාදුරු ඉවත් කිරීමට අවශ්‍ය නොවේ
    කනේ නිසි සෞඛ්‍යය පවත්වා ගැනීම සදහා කන් කලාදුරු සැලකිය යුතු ප‍්‍රමාණයක් කන තුල තිබිය යුතුවේ. කන් කලාදුරු තුල ප‍්‍රතිබැක්ටීරියා ගුණයක් අන්තර්ගත වන අතර අනවශ්‍ය ලෙස ඔබ ඒවා ඉවත් කිරීම සෞඛ්‍යයට අහිතකර වේ.

    ඔබ කන් පිරිසිදු කරනා ආකාරය පිලිබදව දැනුවත් වීමට පෙර එය සිදුකල යුත්තේ කිනම් අවස්ථාවේද යන්න දැනුවත් වී සිටිය යුතුය.

    කන් කලාදුරු අප විසින් එය කන තුල තිබියදීම පිරිසිදු කර ගැනීමට අවශ්‍ය නොවේ. කන් කලාදුරු කනෙන් ඉවතට පැමිණ ස්වාභාවික ලෙසම පිරිසිදු වේ. නමුත් සමහර පුද්ගලයන්ගේ එසේ නොවේ ඔවුන්ගේ කනතුල කන් කලාදුරු කැටි ගැසෙනු ලබයි. එවන් අවස්ථාවන් හිදී ඔබ විසින් ඉතා ප‍්‍රවේශමෙන් කන් පිරිසිදු කර ගත යුතු වේ. මෙවන් ආකාරයට ඔබේ කන තුල කන් කලාදුරු කැටි ගැසීම මගින් වේදනාවක් දැනෙනවානම් වෛද්‍යය උපදෙස් ලබාගන්න.

    කන තුල පවිත්ර කරගැනීම සදහා භාවිතා කල හැකි සරල ස්වාභාවික පිළියමක්
    ලූණු ජලය මගින් ප‍්‍රතිකාර සිදු කිරීම මේ සදහා ඉතාමත් ඵලදායි වේ. මේ සදහා ජලය සපයා ගැනීමේදී ශරීර උෂ්ණත්වයට සමාන උෂ්ණත්වයකින් යුත් ජලය භාවිතා කරන්න.

    මෙම ස්වාභාවික සත්කාරය සිදු කර ගැනීමේ පියවරයන්
    1. උණු ජලය කෝප්ප භාගයකට ලූණු මේස හැන්දක් එක්කරගන්න.
    2. පුළුන් බෝලයක් එහි ගිල්වන්න.
    3. කන ඇලකර කන තුලට ජල බිංදු කිහිපයක් එක්කර එම ආකාරයෙන්ම විනාඩි 3 – 5 අතර කාලයක් රැදී සිටින්න.
    4. ඉන් පසු ජලය ඉවත්ව යාම සදහා කන අනෙත්පස හරවන්න
    5. ඉන් පසුව කනෙන් එලියට ආ කන් කලාදුරු පිරිසිදු රෙදි කැබැල්ලකින් පිසදා ගන්න.

    ඔබට මෙම ස්වාභාවික සත්කාරය මගින් සුවයක් නොලබුනේනම් ඔබ තවමත් කන තුල රැුදී ඇති කන් කලාදුරු මගින් වේදනා විදිනවානම් උගුර, කන හා නාසය පිලිබද විශේෂඥ වෛද්‍යය වරයෙකුව මුණ ගැසෙන්න.

    උපුටා ගැනීමකි

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    02 Feb 2016 09:13 PM
    අම්මො ...බයෙ බැහැ ...හොද ලිපියක්
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    02 Feb 2016 09:19 PM
    බොහෝ දුරට ස්වාභාවිකවම පිරිසිදු වෙනවා සේම කනාදුරු ස්වභාවයෙන්ම ඉවත් වෙනවා.. නෑමෙන් පසුව එහෙම. ඔය කනට දාන දේවල් වලින්ම සේහ්න්න කන් ආසාදනය වෙනවලු මේ ලිපියේ කියන විදියටම. කවදාවත් මම නම් ඔය එක එක ඇබ ගහල නැහැ. විශේෂයෙන්ම කන ඇතුලට සත්තු රිංගනවා නම් කනාදුරු ඉවත් නොකර ඉන්න එකම තමයි හොඳ.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    05 Feb 2016 10:44 PM
    ඔව් අපි හැම දෙනාම ඔවා පිරිසිදු කරන්නේ බොරැවට තමා
    මොකද කලාදුරැ කන සීල් වෙන්න පිරෙන්නෙ නැහැ කන් ඇහෙන්නෙ නැති තරමට බාදාවක් වෙන්නෙත් නැහැනේ
    වැදගත් කරැණු ටික අයියේ
    ස්තූතියි
    0

    ---