රතු පැහැයෙන් දිස් වෙන නිසා ‘‘රතුග‍්‍රහයා.. යන නමට අන්වර්ථ වුන අඟහරු ග‍්‍රහලෝකයට ඵ්රි යන ඉංගි‍්‍රසි නාමය නම ලැබී ඇත්තේ යුද්ධයට අධිපති රෝම අධිරාජ්‍යයා සිහිපත් වීම පිණිසය. තුනී වායුගෝලයක් සහිත අඟහරු ග‍්‍රහයා මත ගිනිකඳු' තැනිතලා' කාන්තාර' සහ ධ‍්‍රැව අයිස් නෂ්ටාවශේෂයන්ද දක්නට ලැබේ. සෞරග‍්‍රහ මණ්ඩලයේ උසම කන්ද ලෙසින් සැලකෙන ‘‘ ඔලිම්පස් මෝනස් .. කන්ද සහ විශාලතම ආගාධය වන ‘‘ වැලිස් මැරියිනරීස් ..ද අඟහරු ග‍්‍රහයා මත පිහිටා ඇත. අඟහරුගේ භ‍්‍රමන කාලය සහ දේශගුනික සෘතු රටාවද පෘථිවියට සමාන බැවින් අනාගතයේදී මෙම ග‍්‍රහයා මත පදිංචි වීමට ඇති හැකියාව මුල් කර ගෙන විවිධ අධ්‍යනයන් ආරම්භ විය.
අඟහරු මත ජීවින් පවතින නිසා අනාගතයේදී මෙම ග‍්‍රහලෝකය ජීවින්ගේ වාසයට තෝරා ගනු ඇතැයි වූ උපකල්පනය මත පිහිටි විද්‍යාඥයෝ ඊට ගැලපෙන නිවාස ආකෘතියක් ගැන සියි අවධානය යොමු කරමින් සිටිති. එහිදී ඔවුන්ගේ නිවාස වෙනුවෙන් පාදක කර ගත් සංකල්ප කිහිපයක් පවතී. මෙම නිවාස වෙනුවෙන් වූ ගෘහනිර්මානශිල්පය අඟහරු ග‍්‍රහලෝකයේ පදිංචියට ගැලපෙන අන්දමින් සැකසිය යුතු බව විද්‍යාඥයෝ පෙන්වා දුන්හ. ඒ වෙනුවෙන් පාදක කරගත් සාධක කිහිපයක් විය.
වාසය කිරීමේ හැකියාව' ති‍්‍රමාන ආකෘතිය' ගෘහ නිර්මාණ ශීල්පීය ගුණාංග' නිර්මාණශීලිත්වය' තාක්ෂණය සහ ඉදිකිරීමේ හැකියාව වැනි කරුණු අවධානයට යොමු කරන ලදී.
අඟහරු තුළ පවතින්නේ අඩු උෂ්ණත්වයක් සහ ජලයයි. උතුරු අර්ධගෝලය බහු හිම තට්ටුවලින් සැකසී ඇත. ඒ අනුව නිර්මාණ ශීල්පින් පෙන්වා දුන්නේ භෞතික විද්‍යාව අනුගමනය කරමින් අයිස් නිවාස ඉදිකිරීම පිලිබඳව අදහස් ඉදිරිපත් විය.
ඒ අතරම මෙම ග‍්‍රහලෝකයේ පවතින්නේ ලිහිසි පාෂාණ සහ පස් වර්ගයන්ය. එහි පූර්ව සැළසුමක් ලෙසින් අඟහරු ග‍්‍රහලෝකයට අර්ධ ස්වයංකි‍්‍රය රොබෝවන් යවා එහි ගැඹුරට සකස් කරණු ලබන ආවාටයේ පිරිසිදු වාතය සහිත රාමුවක් තැන්පත් කරනු ලබයි. අඟහරු සහ පෘථිවිය අතර වූ දුරස්ථ බව නිසා ඇති වෙන සන්නිවේදන ප‍්‍රමාදයන්ට විකල්ප වෙනුවෙන් රොබෝ තාක්ෂණයේ සහයෝගය වඩාත් උපරිම අන්දමින් සම්බන්ධ කර ගැනීම සඳහා තවත් පාර්ශවයකින් මෙම තාක්ෂණයත් සංවර්ධනය කිරීම අඟහරු ග‍්‍රහලෝකයේ පදිංචියට යෑමේදී සම්පූර්ණ කර ගත යුතු පහසුකම් අතරට එක්ව ඇත.
ඇමරිකාවේ නාසා ආයතනය විසින් 2033 වසරේදී අඟහරු ග‍්‍රහයා මතට ගගනගාමීන් යැවීමට අදහස් කර ඇති අතර ඒ වෙනුවෙන් වූ කණ්ඩායමේ මුලින්ම සිටින්නේ අද වන විට වයස අවුරුදු 17 ක් වූ යුවතියකි. 2001 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ හැමොන්ඞ් ප‍්‍රදේශයේ උපත ලද ඇය නමින් ‘‘ඇලයිසා කාර්සන් .. (Alyssa Carson) නම් වූවාය. බාල කාලයේදී ගැහැණු දරුවන් අතර වූ සෙල්ලම් ලෝකයට වඩා ඇලයිසාගේ සෙල්ලම් ලෝකය අපුරු වූවාය. ඇය නිතරම අඟහරු වෙත ගමන්ගන්නා රෝවර් යානාවන් දෙස බලා සිටියේ දැඩි අවධානයෙන්ය.
මටත් ගගනගාමිනියෙක් වෙන්න ඕන...දිනක් ඇලයිසා ඇගේ පියාට දන්වා සිටියාය. පුංචි එවුන් පුංචිකමට කියන කතාවක් ලෙසින් මෙය ඉවත දැමීමට නොහැකි වූයේ එහි වූ අන්තර්ගතය දරුවෙකුගේ අනාගත හීනයක යම් සේයාවක් ප‍්‍රදර්ශනය කළ නිසාය. මේ වෙන විට ඇගේ වයස අවුරුදු තුනකි. ඇය නිතරම අඟහරුගේ සිතියම සමග කාලය ගෙවන්නනට වූවාය. පියා ඒ ගැන විමසන හැම අවස්ථාවකදීම ඇලයිසාගේ පිලිතුර වුයේ ‘‘ මම කවදා හරි අඟහරු ග‍්‍රහයා බලන්න යනවා...ඉතින් මම මේ තොරතුරු හොයනවා..
ඇලයිසාගේ බාල කාලයේ පැවැති විනෝදාංශත් ඇගේ අනාගත ඉලක්ක සමග මනා සේ ගැලපී තිබුණි. මේ කාලයේ දරුවන් වෙනුවෙන් ඉතා ජනපි‍්‍රය ටෙලි කාටුන් මාලාවක් ප‍්‍රචාරය වෙමින් තිබුන අවධියකි. ‘‘බැක්යාඩියන්ස්.. නම් වූ මෙම ටෙලි කාටුන් වලට වස්තු විෂය වී තිබුනේ වත්තක සිටින සතුන් එකමුතුව වීර චාරිකාවන්හි යෙදෙන සිදුවීම්ය. එහිදී එක් චාරිකාවක් වෙන්ව තිබුණේ මෙම සතුන් අඟහරු ලෝකය වෙත යන ගමනකි. ඇලයිසාටත් අඟහරු වෙනුවෙන් ගගනගාමිනියක ලෙසින් කවදා හෝ දිනක යා යුතුය යන සිහිනය ගැබ් ගත්තේ එතැන් පටන්ය.
තම දියණියගේ හීනය ඇගේ පියා නිරර්ථක යැයි ඉවත දැමුවේ නැත. තම දියණියට වයස අවුරුදු හතක් සම්පූර්ණ වෙත්ම ඇගේ පියා විසින් තම දියණිය අභ්‍යවකාශ කඳවුරකට සම්බන්ධ කළේ ඇගේ හිතේ ඇති මේ සිහිනය අනාගතයේදී සැබෑ කර ගැනීමට ඇවැසි පරිසරය සකස් කර දීමටයි. පොසම් ව්‍යාපෘතිය යනුවෙන් හැඳින්වෙන මෙය ‘‘එම්ලි රිඞ්ලි ආකාශ විද්‍යා විශ්ව විද්‍යාලය.. මගින් කි‍්‍රයාත්මක වේ. මෙහි පුහුණු පාසල් ෆ්ලොරිඩාව' ඬේටෝන්බීච්' ඇරිසෝනියාවේ පි‍්‍රස්කොට් යන ස්ථානවල පිහිටා තිබෙන අතර අභ්‍යවකාශ කටයුතු වෙනුවෙන් උනන්දුවක් දක්වන පාසල් දරුවන්ට මෙම ව්‍යාපෘතිය විවෘතව තිබේ. ගගනගාමීන්ට ලැබෙන පුහුණුව මෙම ව්‍යාපෘතිය මගින් දරුවන්ටත් නොඅඩුව ලබා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
නාසා ආයතනයේ පරිපාලක චාල්ස් බෝර්ඩන් මේ කුඩා දැරියට ප‍්‍රායෝගිකව බොහෝ දේ දැන කියා ගැනීමට උපරිම අවස්ථාව සලසා දුන්නේ කවදා හෝ දිනක ඇයගේ සිහිනය අඟහරු ජනාවාස කිරීමේ නාසා ව්‍යාපෘතියෙන් සැබෑ කර ගැනීමටය.
මම මේ ව්‍යාපෘතියෙන් බොහෝ දේ ඉගෙන ගත්තා. අභ්‍යවකාශ ඉතිහාසය...නාසා ආයතනය සහ අඟහරු ග‍්‍රහලෝකයේ ගණුදෙණු විතරක් නොවෙයි වෙනත් ග‍්‍රහලෝක ගැනත් බොහෝ දේ මම ඉගෙන ගත්තා යැයි තමාගේ උදාන වාක්‍ය පසුගිය දා නිදහස් කළේ ඒ අන්දමින්ය. ඇය නාසා අභ්‍යවකාශ කඳවුරේ වැඩසටහන් විස්සකට සහභාගී වීමෙන් පසුව අභ්‍යවකාශ ෂටල් ගොඩ බැස්සීමේ වැඩසටහන් තුනක් වෙනුවෙන්ද සහභාගීී වී ඇත. තවමත් දාහත් හැවිරිදි වියේ පසුවෙන නිසා ඇයට අඟහරු ජනාවාසය වෙත යෑම වෙුනවෙන් නාසා ආයතනය වෙත අයදුම් කිරීමට අවසර නැත. එහෙත් එළැඹෙන වසරට ඇය වසර දහ අට සම්පූර්ණ කරන නිසා තව ඇත්තේ මාස හයකටත් වඩා අඩු කාලයකි. අලයිසාගේ
සම්පූර්ණ අරමුණ ඉලක්ක වී ඇත්තේ අනාගත අඟහරු ජනාවාසයට යන ගමන වෙනුවෙන්ය. ඇය භාෂාවන් පහක් අධනය කරන අතර පාසලේ විෂය වැඩ කටයුතුවලටත් වඩා අවධානයක් ලබා දෙන්නේ ඇගේ අනාගත ඉලක්කය වෙනුවෙන්ය. මේ ගැන අදහස් ඉදිරිපත් කරන ඇලබාමා හි ඇමරිකා එක්සත් ජනපද අභ්‍යවකාශ සහ (U.S. Space & Rocket Center) රොකට් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය බාර්න්හාර්ට් (Dr. Deborah Barnhart) සඳහන් කරන්නේ අලයිසා දවසින් දවසම වසරින් වසර ඇගේ ඉලක්කයට සමීප වෙනවා. එය විශිෂ්ට ලකුණක්...
තමා වෙනුවෙන් බ්ලොග් අඩවියක් පවත්වා ගෙන යන ඇය සමාජාල ඔස්සේ මිතුරු සමාගම් පවත්වා ගනිමින් විද්‍යා' ගණිත සහ ඉංජිනේරු විෂයන්ට උනන්දුවක් දක්වන මිතුරු පිරිස් සමග අදහස් හුවමාරු කර ගන්නා අතර ඇගේ එකම අරමුණ අනාගත ගගනගාමිනියකගේ භුමිකාව ගැන තොරතුරු ඉදිරිපත් කිරීමයි. විවිධ සම්මන්ත‍්‍රණ වෙනුවෙන් සම්බන්ධ වෙන මේ දැරිය ධනාත්මක චින්තනය මත පිහිටා කටයුතු කිරීම මේ සිහිනය පිටුපස තිබෙන රහස විය හැකියි.
මගේ ආසාව තිබුනේ ගගනගාමිනියක වෙන්න. ඒ සිහිනය වෙනුවෙන් දැන් මට මග තිබෙනවා. 2033 දී අඟහරු ජනාවාසයට මම යනවා. ඒ ගිහින් නැවත පෘථිිවියට ඇවිත් ගුරුවරියක් වෙනවා..එහෙම නැත්නම් ඡුන්දය ඉල්ලලා ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති වෙනවා..මේ අනුව 2033 න් පසු කාලයකදී ඇමරිකාවේ ජනාධිපතිනිය ගගනගාමිනියක් වීමටත් සම්භාව්‍යතාවයක් තිබෙන බවට පුංචි ඉඟියක්ද මේ ප‍්‍රකාශයේ සටහන්ව තිබෙන බවත් පැහැදිලියි.
පුන්‍යා චාන්දනී ද සිල්වා.......www.divaina.com