Go to previous topic
Go to next topic
Last Post 12 Dec 2022 01:10 PM by  Imalka
1990-2000 දශකය
 74 Replies
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
28 Feb 2022 03:48 PM

    සිංහල ගීත වංශ කතාවේ තවත් එක්තරා සංධිස්ථානයක් වූයේ 90-2000 දශකයයි. මෙම දශකය තුළ නවක ගායක ගායිකාවන් රාශියක් බිහිවුනා. තරුණ සේවා සභාව මේ සඳහා විශාල දායකත්වයක් සැපයූවා. 

     

    රූකාන්ත ගුණතිලක, ආත්මා ලියනගේ, කුමාරසිරි පතිරණ, නාමල් උඩුගම, ග්‍රේෂන් ජයමහ, ප්‍රදීප් වීරසිංහ, අතුල ශ්‍රී ගමගේ, කමල් චිත්‍රසේන, යොහාන් අර්ජුන, විජය බණ්ඩාර වැලිතුඩුව, රෝයි පීරිස්, සංජීවනී වීරසිංහ, දමයන්ති ගමගේ වැනි ගායක ගායිකාවන්ගේ ගීත රාශියකින් මෙම යුගය වර්ණවත් වුනා...

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    28 Feb 2022 03:59 PM
    සමුගන්නේ නෑ - නාමල් උඩුගම

    සමුගන්නේ නෑ - වෙන්වන්නේ නෑ
    කෙදිනක හෝ අපගෙ සිතුම් පැතුමන් ඉටු වේවී

    ආරාධනාවන් - ආයාචනාවන්
    පිළිගත් නිසා ඔයා හමුවේවී

    ආලය ස්ථිර නිසා - නොයමු අප වෙන් වෙලා
    භවයෙන් භවේ සදා හමුවේවී


    නාමල් උඩුගම ගේ ප්‍රථම ඇල්බමය වූ සමුගන්නේ නෑ කැසට් පටයේ අඩංගු සුන්දර ගීතයකි.
    මෙහි පද හා තනු නිර්මාණයද ගායකයා සතු විය.

    ගීතයට සවන්දීම සඳහා...
    https://www.mediafire.com/file/11u0...a.mp3/file
    1

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    28 Feb 2022 04:17 PM
    මා දෑසෙ වේදනා - රෝයි පීරිස්

    මා දෑසේ වේදනා - ඔබ දෑසේ පෙම් සිනා
    එනමුදු මගේ හදේ
    නැත වෛර චේතනා

    පෙරදා ඔබෙන් මෙමා - ලැබූ නුහුරු කල්පනා
    සාගරය සේ එදා - ආදරය ගොනු කළා
    ඒ සිහින මව මවා
    මා දෑස තෙත් කලා

    මා ගයන ගීතයේ - රාවෙ ගුවනින් ඇසේ
    ඒ සෝ සුසුම් තුලින් - ඔය දෑස තෙත් කළේ
    මේ ගීය ගැයුවේ මා
    ඔබ රිදවනූ නොවේ


    ගීතයට සවන්දීම සඳහා...
    https://www.mediafire.com/file/uz8y...s.mp3/file
    1

    dosthi83
    Veteran Member
    Veteran Member
    Posts:1540






    --
    28 Feb 2022 08:27 PM
    ගොඩක් ලස්සන නිර්මාණ බිහිවූ යුගයක්.......
    බුදු සරණයි
    0

    CeylonVintage
    New Member
    New Member
    Posts:84






    --
    09 Mar 2022 07:08 PM

    2000න් පස්සේ අගාදයෙන් අගාදයටම වැටුන..

    0

    Sam
    Advanced Member
    Advanced Member
    Posts:712






    --
    29 Mar 2022 05:14 PM
    Posted By indika76 on 28 Feb 2022 04:17 PM
    මා දෑසෙ වේදනා - රෝයි පීරිස්

    මා දෑසේ වේදනා - ඔබ දෑසේ පෙම් සිනා
    එනමුදු මගේ හදේ
    නැත වෛර චේතනා

    පෙරදා ඔබෙන් මෙමා - ලැබූ නුහුරු කල්පනා
    සාගරය සේ එදා - ආදරය ගොනු කළා
    ඒ සිහින මව මවා
    මා දෑස තෙත් කලා

    මා ගයන ගීතයේ - රාවෙ ගුවනින් ඇසේ
    ඒ සෝ සුසුම් තුලින් - ඔය දෑස තෙත් කළේ
    මේ ගීය ගැයුවේ මා
    ඔබ රිදවනූ නොවේ


    ගීතයට සවන්දීම සඳහා...
    https://www.mediafire.com/file/uz8yu8ov01rph0t/Ma_Dase_Vedana_-Roy_Pieris.mp3/file

    ඉන්දික අයියේ මේකේ සම්පූර්ණ ඇල්බම් එක නැද්ද ඔයා ගාව (මා දෑසේ වේදනා)

     

     

    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    29 Mar 2022 09:41 PM
    නියමයි අයියේ අලුත් වැඩක් නේද ඉස්සරහට කරන් යමු
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    07 Apr 2022 01:10 PM
    කැසට් එකෙන් සෑහෙන ගීත සංඛ්‍යාවක් ආපු ඒ වගේම මමත් ගොඩක් කැමති කාල වකවානුවක් තමා 90 දශකය. තවත් විස්තර ඕනේ...
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    29 Jul 2022 02:11 PM
    ආස කරන ත්‍රෙඩ් එකක්. නැවතිලා තියෙනව දැක්කම දුකයි. තෙල් පෝලිමටයි අනෙත් වැඩ වලටයි කාළය ගත වෙන නිසා වෙලාව අන්තිම සීමිතයි හැමෝටම. ඒ වගේමයි දැනෙන ආතතිය.

    ආයෙත් ඉඩ හසර ලැබුනහම මේ ත්‍රෙඩ් එක කරගෙන යන්න කියා ඉල්ලනවා.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    04 Aug 2022 01:04 PM
    Posted By indika76 on 28 Feb 2022 03:48 PM

    සිංහල ගීත වංශ කතාවේ තවත් එක්තරා සංධිස්ථානයක් වූයේ 90-2000 දශකයයි. මෙම දශකය තුළ නවක ගායක ගායිකාවන් රාශියක් බිහිවුනා. තරුණ සේවා සභාව මේ සඳහා විශාල දායකත්වයක් සැපයූවා. 

     

    රූකාන්ත ගුණතිලක, ආත්මා ලියනගේ, කුමාරසිරි පතිරණ, නාමල් උඩුගම, ග්‍රේෂන් ජයමහ, ප්‍රදීප් වීරසිංහ, අතුල ශ්‍රී ගමගේ, කමල් චිත්‍රසේන, යොහාන් අර්ජුන, විජය බණ්ඩාර වැලිතුඩුව, රෝයි පීරිස්, සංජීවනී වීරසිංහ, දමයන්ති ගමගේ වැනි ගායක ගායිකාවන්ගේ ගීත රාශියකින් මෙම යුගය වර්ණවත් වුනා...

    දමයන්ති ගමගේ ගැන වැඩිය අහල නැහැ. විස්තර ටිකක් කියන්න පුළුවන් ද?

     

     

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    06 Aug 2022 12:01 AM


    90 දශකයේ සිහින කුමරෙකු වූ නාමල් උඩුගමයන්ගේ පළමු කැසට් පටය මෙයයි. මෙහි අඩංගු ගීත 10 ම ඉතා ජනප්‍රිය වූවා...
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    06 Aug 2022 12:06 AM


    පළමු කැසට් පටයේ තිබූ ගීත 10 ම නැවතත් කවරයේ වෙනසක් සිදුකරමින් නිකුත් විය. මේ එම කවරයයි.
    මෙම කවරය සහිත කැසට් පටය ඉතා සීග්‍රයෙන් අලෙවිවිය.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    06 Aug 2022 12:11 AM
    මෙම කැසට් පටයේ ඇතුළත් ගීත වූයේ...
    පළමු පැත්ත
    1. සමුගන්නේ නෑ 2. වේදනා දෙන්නේ නෑ 3. මා මුව අගින් 4. ලොවම නිදන 5. ඔබ මුලාවී

    දෙවන පැත්ත
    1. නිසල වෙලා හද 2. සනසන්න මා 3. මල් වයසේ 4. පිපුණු කුසුමේ 5. රෑ සිහිනේ

    (මෙම තොරතුරු බොහොමයක් මගේ මතකයෙන් සඳහන් කරන බැවින් වැරදි තිබේනම් නිවැරදි කරන මෙන් කාරුණිකව ඉල්ලමි)
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    06 Aug 2022 12:21 AM


    නාමල් උඩුගමයන්ගේ දෙවන කැසට් පටය වශයෙන් තනිවී කැසට් පටය නිකුත් විය.

    මෙහි පහත ගීත ඇතුලත් විය
    පළමු පැත්ත
    1.සිහිනෙන් 2. තනිවී 3. ඔබේ ලොවේ 4. මාවතේ 5. රතු රෝස මල්

    දෙවන පැත්ත
    1. මෙහෙණියක වී 2. මා ගයන ගීතයේ 3. මාවතේ තනිවී 4. මේ සොඳුරු සිහිනේ 5. මා තනියෙන්

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    13 Aug 2022 04:29 PM

    වේදනා



    නාමල් උඩුගමයන්ගේ තෙවන කැසට් පටය ලෙස වේදනා කැසට් පටය නිකුත් විය.

    එහි පහත සඳහන් ගිත අැතුලත් විය
    පළමු පැත්ත
    1. සිතේ සුසුම්  2. ආදරේ බිදි  3. සිටු කුමාරි  4. අප හමුවීම වෙන්වීමෙදා්  5. වේදනා සිහින ලෝකයක්

    දෙවන පැත්ත
    1. ගිනිගත් සිතුවිලි 2. රෑ සඳ පායා 3. තනිවුණුදා වෙරළේ  4. හදින් පිදූ 5. සැැගවී සැගවී

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    13 Aug 2022 04:35 PM

    හදවත මාගේ



    හතරවන කැසට් පටය ලෙස හදවත මාගේ කැසට් පටය නිකුත් විය.
     

    එහි ගීත
    පළමු පැත්ත
    1. හදවත මාගේ 2. මල් කුමරී 3.මේ රුදු කතෙර් 4. සුපිපුණු මලක් 5. සිහින ලතාවී

    දෙවන පැත්ත
    1.ලොවම කුරිරු වී 2. සුදු මල් කැකුලක් 3. මා සිතට ලංවෙලා 4.මේ මල් පාර දිගේ (සමදරා) 5.වෙස්සන්තර බිසෝ

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    13 Aug 2022 04:44 PM
    ෙමම කැසට් පටය සමදරා යනුෙවන් නම් කර නැවත නිකුත් විය.

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    15 Aug 2022 05:33 PM
    ඇයි එකම කැසට් පටය නම් දෙකකින් ආවෙ?
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    dosthi83
    Veteran Member
    Veteran Member
    Posts:1540






    --
    17 Aug 2022 08:48 AM
    මේ කැසට් වල link පුලුවන්නම් ලබා දෙන්න ....
    බුදු සරණයි
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    17 Aug 2022 05:29 PM
    මේ කැසට් වල link පුලුවන්නම් ලබා දෙන්න ....
    මේ ඔක්කොම කැසට් මේ සයිට් එකේ ලබා දීල තියෙනව. ඒ ලින්ක් දැන් වැඩකරනවද කියල නම් දන්නෙ නැහැ හැබැයි.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    18 Aug 2022 06:03 AM
    Posted By maduranga001 on 15 Aug 2022 05:33 PM
    ඇයි එකම කැසට් පටය නම් දෙකකින් ආවෙ?

     

    එකම ආයතනයෙන් ම නිකුත් වුනත් ගොඩක් කැසට් වල දෙවන නිෂ්පාදනය කවරය වෙනස් කරමින් පැමිණියා. එපමණක් නෙමෙයි සමහර කැසට් වල නම් පවා වෙනස් කරමින් පැමිණියා. උදාහරණයක් විදියට ජයන්ත දිසානායකගේ "ඔබ ළග මා" කැසට් පටය "සදාදර නයෝමි" යනුවෙන් පැමිණීම. බොහෝ විට දෙවන නිෂ්පාදනය වඩාත් ආකර්ශනීය ලෙස නිකුත් වූ නිසා වැඩි අලෙවියක් පැවතුනා.

     

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    18 Aug 2022 09:30 AM
    උදාහරණයක් විදියට ජයන්ත දිසානායකගේ "ඔබ ළග මා" කැසට් පටය
    අපේ ළඟ තිබුණේ මේ කැසට් පටය.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    27 Aug 2022 01:05 PM
    සමුගෙන යාදෝ

    සමුගන්නේ නෑ අංක 5 ලෙස සමුගෙන යාදෝ කැසට් පටය නිකුත් විය.



    පළමු පැත්ත
    1. සමුගෙන යාදෝ 2. සංසාර මාවතේ 3. මල් ලෝකේ 4. බැස යන සඳ 5. කඳුලක වේදනා

    දෙවන පැත්ත
    1. මේ මාවතේ 2. රිදනු එපා 3. රෝස පාට 4. රන් තාරුකා 5. පෙම් සිහිනේ

    මෙම ඇල්බමයේ වූ "බැස යන සඳ දෑසින් නවතාලන්න බෑ" ගීතය "පෙම් සිහිනේ ඇයි බිදි ගියේ" ගීත දෙක ඉමහත් ජනප්‍රියතාවයක් ලබාගන්න ලදී.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    27 Aug 2022 01:08 PM
    මෙම කැසට් පටයද කවරය වෙනස් කර නැවතත් නිෂ්පාදනය විය.

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    27 Aug 2022 01:13 PM
    සුදුමල් සුගන්ධිනී

    සමුගන්නේ නෑ අංක 6 ලෙස සුදුමල් සුගන්ධිනී කැසට් පටය නිකුත් විය



    පළමු පැත්ත
    1. සුදුමල් සුගන්ධිනී 2. කෝවිල් බිමට සඳක් පායා 3. කවියක් විය 4. සඳට දැනෙනවද 5. මට රිදවා

    දෙවන පැත්ත
    1. අම්මා (නුඹේ සෙනෙහෙවිල) 2. සිතගාව 3. මගේ දුක 4. මල් වසන්ත 5. මා දිහා බලන්න
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    27 Aug 2022 01:19 PM
    නාමල් ගී 16

    මුල් කැසට්පල නිකුත්වූ ජනප්‍රිය ගීත 16 එකතුවක් මෙම කැසට් පටයේ ඇතුළත් විය.



    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    27 Aug 2022 01:25 PM
    කැසට් යුගය නිමාවී ක්‍රමයෙන් සංයුක්ත තැට් නිකුත් වීමට පටන් ගන්නා ලදී.
    ඒ නිසා කැසට් පටය හා සමාගාමීව සංයුක්ත තැටිය නිකුත් වීමට පටන් ගන්නා ලදී.

    ඒ අනුව ඉස්සර සෙනෙහස, සුසුමද කඳුලකි, සඳකට තහනම්, නේත්‍රාව රත්තරං, සන්ෆ්ලවර් 1 හා 2, නාමල් රාත්‍රිය,
    ආදරයක් ගැන, තනිවුණුදා, මලක් වගේ, සමුගන්නේ නෑ 1 රෑ සිහිනේ unplug යන ඇල්බම් නිකුත් වූ අතර මෙය කැසට් සහ සීඩි වශයෙන් නිකත් විය.
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    27 Aug 2022 08:49 PM
    මේ පෙන්නපු නාමල්ගේ ගොඩක් කැසට් අපේ ගෙදරත් වැරදුනේ නෑ. හැබැයි දැන් ඒවයෙ කෑලිත් නැහැ. ආයෙත් අතීතෙට යනවා...
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12928






    --
    29 Aug 2022 08:26 AM
    Posted By indika76 on 27 Aug 2022 01:25 PM
    කැසට් යුගය නිමාවී ක්‍රමයෙන් සංයුක්ත තැට් නිකුත් වීමට පටන් ගන්නා ලදී.
    ඒ නිසා කැසට් පටය හා සමාගාමීව සංයුක්ත තැටිය නිකුත් වීමට පටන් ගන්නා ලදී.

    ඒ අනුව ඉස්සර සෙනෙහස, සුසුමද කඳුලකි, සඳකට තහනම්, නේත්‍රාව රත්තරං, සන්ෆ්ලවර් 1 හා 2, නාමල් රාත්‍රිය,
    ආදරයක් ගැන, තනිවුණුදා, මලක් වගේ, සමුගන්නේ නෑ 1 රෑ සිහිනේ unplug යන ඇල්බම් නිකුත් වූ අතර මෙය කැසට් සහ සීඩි වශයෙන් නිකත් විය.

     

    තැටි යුගයට ආව කියන්නෙ මචන් මට නම් අපට තිබුනු එ සුන්දර අතීහයත් නැතිවුන කාලය පටන් ගැන්ම වගෙ. record bar වැහිල ගියා.හොයන් ගිහින් අහපු සින්දු අන්තර්ජාලයෙන් ඔහෙ නිකන් බාගන්න පුරුදු වුනා.හොද නිර්මාන බිහිව්වෙම වෙනුවට සල්ලි හම්බ කරන ක්‍රමයක් ආවා

     

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    01 Sep 2022 01:27 PM
    කැසට් එකක් එනකොට ඒකට දෙන පබ්ලිසිටි එක වෙනමම එකක්. රේඩියෝ ඇඩ් එහෙම තාමත් මතකයි. සමහර ඒවා ඉරිදා චිත්‍ර ගීත වෙලාවට ටීවී ඇඩ් විදිහටත් ගියා.. එහෙම එකක් අරගෙන ඇවිල්ල පට්ට ගගහා අහනකොට තියෙන ආතල් එක ආයෙත් ඉතින් ලොවෙත් නැහැ.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    01 Sep 2022 03:30 PM
    Posted By maduranga001 on 01 Sep 2022 01:27 PM
    කැසට් එකක් එනකොට ඒකට දෙන පබ්ලිසිටි එක වෙනමම එකක්. රේඩියෝ ඇඩ් එහෙම තාමත් මතකයි. සමහර ඒවා ඉරිදා චිත්‍ර ගීත වෙලාවට ටීවී ඇඩ් විදිහටත් ගියා.. එහෙම එකක් අරගෙන ඇවිල්ල පට්ට ගගහා අහනකොට තියෙන ආතල් එක ආයෙත් ඉතින් ලොවෙත් නැහැ.

     

    ඔව් මල්ලී. මට මතකයි සමන් පුෂ්පවර්ණ ගේ මල්කා කැසට් පටයේ ඇඩ් එක ටී.වී. එකේ ගියා. ලස්සන බයික් එකක නැගලා තමයි එනවා යනවා මේ පාරේ ගීතය ගායලා කලේ. අපි පිස්සු වැටිලා හිටියේ...

     

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    01 Sep 2022 06:06 PM
    මට නාමල්ගේ කැසට් වලට ටීවී ඇඩ් ගියා හොදට මතකයි. මම එතකොට 5 වසරේ.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    02 Sep 2022 06:44 PM
    Prince Udaya Priyantha -Sanda Kumariyak



    90 - 2000 වර්ණවත් කළ තවත් සුවිශේෂී ගායකයකු වූයේ ප්‍රින්ස් උදය ප්‍රියන්තයි.
    ඔහුගේ සඳකුමාරියක් කැසට් පටය ඉතා විශාල වශයෙන් අලෙවි වුනා.. මෙම කැසට් පටයේ අඩංගු ගීත 12 ම ඉතා ජනප්‍රිය වුනා...
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    02 Sep 2022 06:50 PM
    Prince Udaya Priyantha -Oba Pe Pem Sina



    ප්‍රින්ස්ගේ දෙවන ඇල්බමය ඔබ පෑ සිනා නමින් නිකුත් විය. මෙයද ඉතා ජනප්‍රිය විය...

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    02 Sep 2022 06:53 PM
    ඔබ පෑ පෙම් සිනා කැසට් පටයේ කවරය වෙනස් වෙමින් නැවත වතාවක් වෙළඳ පලට නිකුත් විය...

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    02 Sep 2022 07:00 PM
    Posted By Ind007ka on 29 Aug 2022 08:26 AM
    Posted By indika76 on 27 Aug 2022 01:25 PM
    කැසට් යුගය නිමාවී ක්‍රමයෙන් සංයුක්ත තැට් නිකුත් වීමට පටන් ගන්නා ලදී.
    ඒ නිසා කැසට් පටය හා සමාගාමීව සංයුක්ත තැටිය නිකුත් වීමට පටන් ගන්නා ලදී.

    ඒ අනුව ඉස්සර සෙනෙහස, සුසුමද කඳුලකි, සඳකට තහනම්, නේත්‍රාව රත්තරං, සන්ෆ්ලවර් 1 හා 2, නාමල් රාත්‍රිය,
    ආදරයක් ගැන, තනිවුණුදා, මලක් වගේ, සමුගන්නේ නෑ 1 රෑ සිහිනේ unplug යන ඇල්බම් නිකුත් වූ අතර මෙය කැසට් සහ සීඩි වශයෙන් නිකත් විය.

     

    තැටි යුගයට ආව කියන්නෙ මචන් මට නම් අපට තිබුනු එ සුන්දර අතීහයත් නැතිවුන කාලය පටන් ගැන්ම වගෙ. record bar වැහිල ගියා.හොයන් ගිහින් අහපු සින්දු අන්තර්ජාලයෙන් ඔහෙ නිකන් බාගන්න පුරුදු වුනා.හොද නිර්මාන බිහිව්වෙම වෙනුවට සල්ලි හම්බ කරන ක්‍රමයක් ආවා

     

     

    අනිවාර්යයෙන්ම අයියේ අපට තිබුණු සුන්දර යුගයක් තාක්ෂණය නිසා අහිමිවී ගියා. මුදල් පසුපස දිව යන තරගකාරි රැල්ලක් බිහිවුනා...

     

    0

    ACSM
    New Member
    New Member
    Posts:67






    --
    05 Sep 2022 12:56 PM

    mewa dekkamath asai

    sindu wala parana thorathuru gena mehema katha karana eka niyamai 

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    05 Sep 2022 07:51 PM

    ප්‍රින්ස්ගේ මේකැසට් එක මට මතකයි හැම තැනම ඇහුනා ඒ දවස් වල. උණු කැවුම් වගේ විකිනිච්ච කැසට් එකක් තමයි ඕක.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    06 Sep 2022 06:46 PM
    Prince Udaya Priyantha -Mahada Premadare



    මහද ප්‍රේමදරේ කැසට් පටයේ ගීත සියල්ලම ඉතා ජනප්‍රිය වූ අතර මෙම කැසට් පටයද විශාල වශයෙන් අලෙවි විය.
    විශාරද නිහාල් ගමහේවා ශූරීන්ගේ නිර්මාණ ඇතුලත් මෙහි
    මහද ප්‍රේමාදරේ, කවදාක ඉටුවේදෝ, දහසක් දේ, හමුවන්නට ආ, ඔබ කවුරුදෝ
    ගොළු හදවතකට, සියොලග දවා, රෑ උයන්තලාවේ, සඳ පාළුවේ, මා හඩවලා
    යන ගීත ඇතුළත් විය.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    06 Sep 2022 06:47 PM
    මෙම කැසට් පටයද වෙනත් කවරයකින් නැවතත් වෙළඳපලට නිකුත් විය.

    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296






    --
    07 Sep 2022 09:40 AM
    Posted By indika76 on 02 Sep 2022 06:50 PM
    Prince Udaya Priyantha -Oba Pe Pem Sina



    ප්‍රින්ස්ගේ දෙවන ඇල්බමය ඔබ පෑ සිනා නමින් නිකුත් විය. මෙයද ඉතා ජනප්‍රිය විය...
     

    මේකෙ තියෙන සිංදු ටිකම නේද සුදු මල් පොකුරක් කියල නැවත ලබා දුන්නෙ..

     

     

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    07 Sep 2022 06:53 PM
    සුදුමල් පොකුරක් කියලා ආවේ ගීත 16 ක කැසට් පටයක්.
    එහි තිබුනේ ඔබ පෑ පෙම් සිනා, සිහිලැල් වසන්තේ සහ මහද ප්‍රේමාදරේ යන කැසට් තුනේ ජනප්‍රිය ගීත..
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    07 Sep 2022 07:09 PM
    Prince Udaya Priyantha -Sihilel Wasanthe



    ඔබ පෑ පෙම්සිනා හා මහද ප්‍රේමාදරේ කැසට් පටයන්හි ජනප්‍රිය ගීත 8 ක් සමගින් සිහිලැල් වසන්තේ සහ නිම්තෙරේ පාළුවේ ගීත දෙක ඇතුලත් කර මෙම කැසට් පටය නිකුත් විය.
    මෙම කැසට් පටය එතරම් අලෙවි වූයේ නැත.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    07 Sep 2022 07:14 PM
    Prince Udaya Priyantha -Senehasa Obe



    ජනප්‍රියතාවය පහළ යමින් තිබූ අවස්ථාවක මෙම කැසට් පටය නිසා ප්‍රින්ස් නැවතත් ඉතා ජනප්‍රිය විය.
    මෙම කැසට පටයේ ගීත 10 ම ඉතා ජනප්‍රිය විය.
    ඒ අතරින් සඳරේණු වෑහෙනා, සිතින් ඉවසන්න බෑ, මා එදා කියූදේ සහ ඔබ මා හදින් සැගවී නොයන් යන ගීත ඉතා ජනප්‍රිය විය.
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12928






    --
    08 Sep 2022 09:04 AM
    මෙවා ඔක්කොම කැසට් නිශ්පාදකයො දාපු මගඩි
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    11 Sep 2022 10:14 AM
    Prince Udaya Priyantha -Kandulu Ganga



    සෙනෙහෙස ඔබේ අංක 2 වශයෙන් කඳුළු ගංගා කැසට් පටය නිකුත්විය.
    නමුත් මෙය එතරම් ජනප්‍රිය නොවුනි.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    11 Sep 2022 10:18 AM

    Prince Udaya Priyantha -Sihina Mawa



    සෙනෙහෙස ඔබේ අංක 3 වශයෙන් සිහින මවා කැසට් පටය නිකුත්විය.
    මෙම කැසට් පටයේ ගීත කිහිපයක් ඉතා ජනප්‍රිය විය.

    මෙම කැසට් පටයේ අඩංගු සෙනෙහසේ නාමයෙන්, පෙම් හදවත්, සුවඳ රෝස යාය, මා තනිවී වැනි ගීත අදටත් ජනප්‍රියව පවතී.

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    11 Sep 2022 12:51 PM

    Prince Udaya Priyantha -Dupathe Yaluwe



    මෙම කැසට් පටයේ ගීත කිහිපයක්ද ඉතා ජනප්‍රිය විය.
    ඔබ දැක ගත්තෙමි, අම්මා දිලිනේ වැනි ගීත ඉන් ප්‍රමුඛ විය.

    0

    ACSM
    New Member
    New Member
    Posts:67






    --
    12 Sep 2022 12:50 PM
    Prince ge cassette tika dekkamath asai
    mama thama hoyanawa cassette tika prince ge nanda malanige hoyanna beri wuna
    harima lassana cassette
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    12 Sep 2022 10:25 PM
    Posted By ACSM on 12 Sep 2022 12:50 PM
    Prince ge cassette tika dekkamath asai
    mama thama hoyanawa cassette tika prince ge nanda malanige hoyanna beri wuna
    harima lassana cassette

     

    මල්ලි කැසට්වල ගීතද හොයන්නේ නැතිනම් කැසට් පටද හොයන්නේ...

     

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    13 Sep 2022 06:21 AM
    Prince Udaya Priyantha -Sudo Sudata



    ප්‍රින්ස්ගේ තවත් සුවිශේෂී කඩඉමක් වූ සුදෝ සුදට කැසට් පටය ඉතා සීග්‍ර ලෙස අලෙවි විය.
    අංජලිකා ගීතය ඉතාමත් ජනප්‍රිය විය.
    එමෙන්ම ගුණදාස කපුගේ ශූරීන් සංගීත නිර්මාණය කල "කඳුළු බිදුවක්" හා "කඳුලක සිසිලස" යන ගීත දෙකද මෙම කැසට් පටයට අයත් විය.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    13 Sep 2022 06:28 AM
    Prince Udaya Priyantha -Gee 16



    ප්‍රින්ස්ගේ ජනප්‍රිය ගීත 16 ක් මෙම කැසට් පටයේ ඇතුලත් විය. මෙම කැසට් පටයෙන් පසු සංයුක්ත තැට් භාවිතය පටන් ගත් බැවින් කැසට් පටය සමග තැටියද නිකුත්වීම ආරම්භ විය.
    එමනිසා මෙයින් පසුව නිකුත්වූ කුරුටු ගීත, සුළගට හාදු තියන්න, ආදරෙයි රත්තරං ...... කැසට් පට මෙන්ම සංයුක්ත තැටි ද නිකුත් විය.
    ප්‍රින්ස් උදය ප්‍රියන්ත අද ජීවත්ව නැතත් ඒ සුවිශේෂී හඩ තවමත් රසිකයන් අතර රැව්දේ.
    0

    Sam
    Advanced Member
    Advanced Member
    Posts:712






    --
    14 Sep 2022 01:09 PM

    හෆ්ෆා පට්ට වටින Golden Albums ටිකක්. ප්‍රින්ස්ගෙයි නාමල්ගෙයි ඇල්බම් ටික Upload කරලා ලින්ක් ටික දෙන්න බැරිද?  මම පෝස්ට් එකකුත් කලින් දැම්මා ස්ට්න් එකේ මේ ඇල්බම් ටික ඉල්ලලා. ඒත් ලැබුනේ නෑ. ඒ වගේම කලින් Upload කරපු පරණ ලින්ක්ස් වැඩ කරන්නේ නෑ. 

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12928






    --
    14 Sep 2022 02:02 PM
    එල එල ඉන්දික මල්ලි
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    14 Sep 2022 07:51 PM
    Posted By Sam on 14 Sep 2022 01:09 PM

    හෆ්ෆා පට්ට වටින Golden Albums ටිකක්. ප්‍රින්ස්ගෙයි නාමල්ගෙයි ඇල්බම් ටික Upload කරලා ලින්ක් ටික දෙන්න බැරිද?  මම පෝස්ට් එකකුත් කලින් දැම්මා ස්ට්න් එකේ මේ ඇල්බම් ටික ඉල්ලලා. ඒත් ලැබුනේ නෑ. ඒ වගේම කලින් Upload කරපු පරණ ලින්ක්ස් වැඩ කරන්නේ නෑ. 

     

    මගේ අන්තර්ජාලයේ පොඩි ගැටළුවක් තියෙනවා.

    තව දවසකින් දෙකකින් දෙන්නම් මල්ලී..

     

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    14 Sep 2022 08:19 PM
    Kumarasiri Pathirana -Pivithuru Hada Langa



    තුරුණු හදවත් සොරාගත් තවත් සුවිශේෂී ගායකයෙකු වූයේ කුමාරසිරි පතිරණයන්ය.
    ඔහුගේ පිවිතුරු හද ළඟ කැසට් පටය ඉතාමත් සීග්‍ර ලෙස අලෙවි විය.
    මෙම කැසට් පටයේ ගීත ඉතාමත් ලයාන්විත වූ අතර පදවැල් පෙම්වතුන් අතර ඉතා ජනප්‍රිය විය.
    ගීත සියල්ලම ජනප්‍රිය වූ අතර සිතින් පත් ඉන්නම්, ඉන්නම් ඉතිං මා සදාකල්, සඳසේ උදාවී, මගේ හදවත, සීත රෑ හදපනේ, ඈ සිහිවෙලා යනු ඉන් ගීත කිහිපයකි.
    1

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    14 Sep 2022 08:21 PM
    මෙම කැසට් පටයද කවරයේ වෙනසක් සිදුකරමින් නැවතත් නිකුත් විය.

    1

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    14 Sep 2022 08:28 PM
    Kumarasiri Pathirana -Sihinayaki Obe Adare



    කුමාරසිරි පතිරණගේ දෙවන කැසට් පටය සිහිනයකි ඔබෙ ආදරේ නමින් නිකුත් විය.
    මෙම කැසට් පටයද ඉතා ජනප්‍රිය වූ අතර වෙළඳපලට පැමිණි සුළු මෙහොතකින් විකිණී අවසන් විය.
    (මා මිලදී ගත්තෙත් රෙකොඩ් බාර එකට තබාගත් කැසට් පටයයි. කැසට් පට මිලදී ගෙන හිතවත් වූ නිසා ලබාදුන්නා)‍ෙ
    2

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    14 Sep 2022 08:57 PM
    Kumarasiri Pathirana -Hiru Sandu Pawa



    හිරු සඳු පවා හඩාවි කැසට් පටය පෙර කැසට් පට දෙක මෙන් සීග්‍ර අලෙවියක් නොවීය.
    ඒත් ටික දිනක් යනවිට මෙහි අඩංගු ගිතද ජනප්‍රිය විය.
    1

    Sam
    Advanced Member
    Advanced Member
    Posts:712






    --
    16 Sep 2022 04:30 PM

    මේක සෑහෙන්න ජනප්‍රිය උනා ඒ කාලේ

    0

    dosthi83
    Veteran Member
    Veteran Member
    Posts:1540






    --
    21 Sep 2022 07:50 AM
    සුපිරි කැසට් පට ........
    බුදු සරණයි
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    21 Sep 2022 06:26 PM
    ත්‍රෙඩ් එක බලනකොට මතකය අතීතෙට යනවා. කැසට් පටයි රෙකෝඩ් බාරුයි දෙකම නැහැ දැන්.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    09 Oct 2022 01:27 PM
    Kumarasiri Pathirana- Sithakata Lanwee



    කුමාරසිරි පතිරණයන්ගේ මුල් කාලයේදී පැමිණි හින්දි ගීත ඇතුලත් කැසට් පටියකි.
    මෙය ප්‍රථමයෙන් "කුමරගීත්" යන නමෙන්ද පසුව " මියුසික් ලවර් " යන නමින්ද පැමිණියා
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    09 Oct 2022 01:34 PM
    සිතුවිලි ගී 16, සිතින් පතා ඉන්නම් ආදර ගි එකතුව, පිපි මල් මිටක්, ආයෙත් ආදරයක් ඇවිදින්, සිතට ආපු ආදරේ, සිල් සුවදක්, මගේ දේවි, ඔච්චරටම ආදරයක්, සිතේ පිරුණු ආදරේ ආදී වශයෙන් තවත් ඇල්බම් රාශියක් කුමාරසිරි පතිරණයන් නිකුත් කළ අතර මේ සියල්ල සංයුක්ත තැට් වශයෙන්ද පැමිණියා.
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12928






    --
    12 Oct 2022 08:00 AM
    ස්තුත්යි මිත්‍රය මෙ දෙවල් මතක් කරලා දෙනවට
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    15 Oct 2022 05:22 PM
    Grashan Jayamaha -Sudu Meedum



    මෙය ග්‍රේෂන් ජයමහගේ පළමු කැසට් පටයයි. ඒත් මෙම කවරය සහිත කැසට් පටය ජනතාව අතරට ගියේ නැහැ..
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    15 Oct 2022 05:27 PM
    Grashan Jayamaha -Sudu Meeduma



    මෙම කවරය සහිත කැසට් පටය ඉතාමත් ජනප්‍රිය වුනා. මෙහි ඇතුළත් ගීත 10 ම ජනතාව ආදරයෙන් වැළගත්තා..
    සුදුමීදුම, මා හඩවලා, ඔබ ළග නැති, ආශා හැගුම්, හසරැල් කැලුම්, හිම මාවතෙදි, කුළුදුල් පෙමකට, අම්මා, අනුෂා, කුසුමිලතා යන ගීත මෙහි ඇතුළත් වුනා...
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    15 Oct 2022 05:31 PM
    මෙම කැසට් පටය නැවත නැවතත් කවර අලුත්කරමින් නිකුත් වුනා..



    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    15 Oct 2022 05:32 PM
    පලමු කවරයේ කැසට් එක ඇයි ජනප්‍රිය නොවුනේ ගීත එකම නම්? දෙකේම සංගීතයත් එකමද?
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    15 Oct 2022 05:34 PM
    ඔව් දෙකම එකයි මල්ලී.. කැසට් පටය එතරම් ජනතාව අතරට ගියේ නෑ..
    එක වරම සුදු මීදුම ගීතය ජනප්‍රිය වුනා.. එවිටයි මිනිසුන් කැසට් පටය සොයන්න ගත්තේ..
    එවිට කැසට් පටය නැවතත් වෙනස් කවරයකින් නිකුත් කළා...
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    04 Nov 2022 08:18 PM
    මෙන්න බලන්න යනවා නම් 90 දශකයේ ෂෝ එක.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    04 Nov 2022 08:18 PM
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    10 Nov 2022 06:11 PM
    මේ ෂෝ එක බලන්න කවුද එන්නෙ? මම යන්න හිතන් ඉන්නෙ.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    14 Nov 2022 10:34 PM
    මම ගියා මේ ෂෝ එක බලන්න. සුපිරීම සුපිරි ෂෝ එක..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4526






    --
    12 Dec 2022 01:10 PM
    Posted By maduranga001 on 14 Nov 2022 10:34 PM
    මම ගියා මේ ෂෝ එක බලන්න. සුපිරීම සුපිරි ෂෝ එක..

     

    අඩේ හ්හ් මචන් එල එල....කාලෙකින් බැලුවේ නැහැ මෙහෙම එකක් 
    ආයේ සෙට් වෙනවා නම් කියන්න 

     

    0


    ---