Activity Feed

My Profile


Thanoj Biyagamareplied to: RE: කෙටි කතා

Posted By Poddi on 18 Jan 2017 07:37 AM = ඇත්තටම සමාජයේ මෙවැනි අසාධාරණකම් අපි නොදැකපු නොඅසන කොච්චර නම් තියෙනවද= දුක් විදින්නෙ අසරණ වෙන්නෙ...

1/25/2017

Thanoj Biyagamaසැලකිය යුතුයි=
මෙය මම විසින් කරන g
Fb සමාජ සත්කාරක වැඩසටහන 1වන එක..

මැට්ටයි මැට්ටියි පළමු සමාජ සත්කාරය..
===========================

ඔන්න යාලුවනේ අපේ පළමු සමාජ සත්කාරක වැඩ සටහනේ පළමු පියව‍ර විදියට පෙරේදා (2017.01.22) අපි ගියා අඹේපුස්ස ධම්මදස්සී ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ පුංචි පැටවුන්ව බලල එයාලගෙ අවශ්‍යතාවයන් මොනවද කියල දැනගෙන එන්න.

පුංචි පැටව් එක්ක කතා කරන්නනම් අවසර ලැබුණෙ නෑ. ඒත් අපි කතා කලා එයාලව බලාගන්න ඉන්න අයත් එක්ක. ඒ කරපු කතාබහේදි ඒ දරුවන්ට තියෙන අඩුපාඩු විදියට දැනගන්න ලැබුණු දේවල් තමයි මේ..

> පාවහන්
> බෙඩ් ශීට්
> ටවල්
> ඇඳුම් ( කොට කලිසම්, ටි ෂර්ට් )
> කිරි පිටි
> සබන්
> දත් බෙහෙත්
> සීනි
> තේ කොල
> වියලි ආහාර

පුංචි පිරිමි දරුවො විස්සක් ඉන්නව. අවුරුදු 10ට අඩු ළමයි තමයි වැඩිපුරම ඉන්නෙ. ලොකු දේවල් කරන්න බැරි උනත් ඒ අහිංසක පැටවුන්ගෙ මූණට හිනාවක් ගේන්න අපි පුලුවන් විදියට පුලුවන් දේවල් දෙමු නේද යාලුවනේ..

ඔයාලට කැමති විදියට උදව් කරන්න පුලුවන්. ද්‍රව්‍යමය වශයෙන් තෑගි දෙන්න කැමතිනම් ඒ තෑගි ඔයාලට ගෙනත් දෙන්න පුලුවන් තැන් ගැන අපි දැනුම් දෙන්නම්. තෑගි දෙන්න අපි යන ගමනට ඔයාලටත් එකතු වෙන්න පුලුවන්නම් ඒක ගොඩක් වටිනව. ඔයාල එහෙම එනවනම් අපි හැමෝටම එකතු වෙන්න පුලුවන් පහසු තැනක් අපි දැනුම් දෙන්නම්. ඒ තැන ඉඳන් ළමා නිවාසයට යන්න හැමෝටම පහසුකම් සළසන්නත් අපි බලාපොරොත්තු වෙනවා.

අපි මේ ගමන යොදාගත්තෙ මාර්තු 05 වෙනිදට. ඉරිද දවසක් නිසා යන්න කැමති ගොඩක් අයට අපිත් එක්ක එකතු වෙන්න පුලුවන් වෙයි. ඉතින් පුලුවන් හැමෝම අපිත් එක්ක එකතු වෙන්න.

තව දෙයක් කියන්න තියෙනවා. අපි අපේ සමාජ සත්කාරක වැඩසටහන දිගින් දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා. වසරකට දෙවරක් දුප්පත් පාසලක දරුවන්ට සහ ළමා නිවාසෙකට ආධාර කරන්න තමයි අපි අදහස් කරන්නෙ. වැඩ සටහන විධිමත් කරන්න ඕන නිසා අපි හිතුවා සමාජ සුභසාධක සංවිධානයක් විදියට ලියාපදිංචි කරල නීතිගත කරන්න. ඒ ගැනත් ඔයාලගෙ අදහස් දැනගන්න කැමතියි.

#owner-තනෝජ්* fb ගෙම්බා ගෙම්බා

1/25/2017

    Thanoj Biyagamareplied to: RE: කෙටි කතා

    #සැලකිය යුතුයි= හුදෙක් කෙටි කතාවක් ලිවීමට වඩා වැඩි දෙනෙකුගේ අවධානයට ලක් නොවන සමාජ අසාධාරණයක එක් පැතිකඩක් හුවා දැක්වීමේ අරමුණින් මා විසින් ලියන ලද්දකි...

    1/14/2017

    Thanoj Biyagamacreated the topic: කෙටි කතා

    මම විසින් ලියන ලද කෙටි කතා ඉද හිට මම දාන්නම්.. ඔයාලගේ අදහස් මට කෙටි කතා කියවා කමෙන්ට් කරන්න.. එය කෙටි කලා ලිවිමට මට රුකුලක් වේයි.

    1/14/2017