You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 22 Oct 2016 11:56 AM by  සඳුනි
පතල් කවි
 5 Replies
Sort:
Author Messages

gamini
Veteran Member
Veteran Member
Posts:4472






--
19 Oct 2016 11:21 AM
  •  Quote
  •  Reply

පතල් කවි.................











මිනිරන් පතල්වල භාවිත වූ මේ ජන කවි ඒවායේ තතු පහදා දෙයි. 


වළ ඇතුළේ සොල්දර          වාසනාවන්
සොල්දර උඩට දබරේ          වාසනාවන්
දබරේ උඩට දම්වැල            වාසනාවන්
දුප්පත් අපට පතලේ            වාසනාවන්

මං මුළා වෙලා මේ රට                  පසුවෙනවා
අයියලා ඉඳන් මට තව දුක්                  දෙනවා

අම්මලා අපට පෙව් කිරි සිහි               වෙනවා

බංගලා වළේ දෝනාවට අපි                 යනවා

දුම්බර කන්ද පාවුල ගම                      රාගෙදර 
මිනිරන් ගෙන යන්න කැපුවා              මහ පාර
වතුරෙන් සැප හොඳයි කුඹුකේ ළින්         වතුර
ගන රන් රුවයි මිනිරන් කඳ               රාගෙදර

මිනිරන් පතලෙ හරියට අපෙ ගෙදර            වගේ
බත් දෙන කෝකි අප්පු අපෙ අම්මා             වගේ
ලියනඅප්පු පවුලේ ලොකු අයිය                  වගේ
ලෝඩර ගොල්ල හරියට මහ සොහොන      වගේ

මහත්තයෝ මං කී දේ අහනව                          ද 
අතේ තියෙන කරගැට පොඩි බලනව                ද 
පොතේ තියෙන පඩි ගණනත් කියනව              ද 
ගමයට යන්ඩ පඩි තුන්ඩුව ලැබෙනව                ද 

කම්කටොලුවලින් නොතොර මේ දුක් බර රැකියාව පණ එපා යි වචනයෙන් නොපවසා කළ බව නොරහසකි. 

ඉන්නෙත් දුම්බරයි මහ කලු ගලක්                යට 
කන්නෙත් කරවලයි රට හාලේ                  බතට
බොන්නෙත් බොර දියයි පූරුවෙ කළ          පවට
යන්නෙත් කවදාද මවුපියො                 දකින්නට

මේ පතල් කවියෙන් දඩබ්බර තැනෙක දුම්බර කළු ගලක් යට තැනුණු පැල්පතෙක වාඩිලාගත් බව කීමෙන් වාසස්ථානයේ අඩුපාඩු පෙනේ. පෝෂ්‍යදායක රසවත් කෑමත් නොලැබෙන බව කන්නෙත් කරවලයි රට හාලේ බතට යයි කීමෙන් මතු වී පෙනෙන අතර ඒ නීරස ආහාර ගන්නා විට මවුපියන් රසහර කවා ඇති දැඩි කළ සැටිත් ඔවුන්ගේ වටිනාකමත් නො දැනුවත්වම සිතට කා වැදුණු බව එළිදරවු වෙයි. එමතු ද නොවේ දාර්ශනිකයකු සේ කර්ම විපාකය සැබෑ බව සිහිකරමින් ආගමයට හිස නමන අතර පිරිසිදු වතුර පොදක් වත් බොන්නට නො ලැබෙන බවත් මඩ වතුර(=බොර දිය) බොන බවත් කියමින් දුක්වෙයි. මෙවැනි කවිවල ගප් වූ දේ සිහිකරන විට ගැම කවියේ ඇති තාත්වික බව හා රසය හා සමාජ ජීවිත තතු ඇති සැටියෙන් ම පණ පෙවී පෙනේ.

ලංකාවට ධන සම්භාරයක් ලබාදෙන මිනිරන් කර්මාන්තය ඉතා බිය ගෙන දෙන රැකියාවක් බව යට සඳහන් වී ඇත. මිනිරන් වළේ සිටින හැම මොහොතම පණපිටින් මිනී වළේ දමා වද දීමක් වැනිය. ශ්‍රම ශක්තියේ(=දහඩිය මහන්සියේ) ඵලය වූ පඩිය ලබා ගැන්ම ගිය විට කම්මුල් පහරට ලක් වූ දුගී කම්කරුවකුගේ හද කකියවන ශෝකයත් පාපොච්ඡාරණයත් මතු කර පෙන්වන මේ අදෝනාව මිනිරන් පතලේය දෝංකාරයට වඩා සිය ගුණයෙන් සිත් කම්පා කරවන ආන්දෝනයකි. 


එන්ඩ කිව් දිනට පඩි ගන්නට                         ආවා
දෙන්ඩ තොපට පඩියක් මෙහෙ නැත             කීවා
වෙන්ඩ තිබෙන දේ නවතන්නට                 බැරිවා
යන්ඩ කියා කන්සට පහරක්                       ගැසුවා

වඳුරාගොඩට අපි ඇවිදින් විඳින                      දුකා
ගැටිය නැති මුට්ටු පොඩියේ උයන්                කකා
පනම් විස්ස ණය වෙන කොට හිතට               දුකා
මීට වැඩිය නරකද ගම හිඟා                          කකා

උගතුන්ගේ කවිවල නීති රීති නොදත් ගැමි කවියා සමාජ චිත්‍ර මවා පෑමට උපතින්ම හපනෙකි. මේ පතල් කවි ඒ බව ඔප්පු කරයි. 

ඉන්නෙත් මීගොඩයි විත් පූරුවේ                  පවට
දෙන්නෙත් රුපියලයි කෑමයි මදි                මෙමට
කන්නෙත් කරවලයි රට හාලේ                    බතට
සුන්බත් වෙමින් යන්නට වෙයි මට               ගමට

ඩබරෙ කරකවා අත් දෙක                    වෙව්ලනවා
නිතර ඇවිත් ලෝඩර දත් මිටි                      කනවා
වතුර ඇදල අත්වල කරගැට                         එනවා
මිතුරෙ පතල් වැඩ ගැන මගෙ මඩ                 දනවා

දෝත මුදුන් තබමින් සුරිඳුන්                          වඳිමු
සෑම සියලු දෙවි උතුමන්ට පින්                       දෙමු
දන්න දන්න තාලෙන් සීපද                           කියමු

දෝස දුරැර අපි ගම රටවල                            යවමු

අන්තර් ජාලය තුලින් උපුටා ගන්නා ලද්දකි,

ආදරයේ උල්පත අම්මා ......................
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
20 Oct 2016 03:15 PM
  •  Quote
  •  Reply
රසවත් කවි හා ලිපියක් අයියේ ....පතල් ජිවිතේ දුක් ගැහැට හොදින් දකින්න පුළුවන් කවි පෙලින්ම .
ස්තුති අයියට .
0

kingD
Veteran Member
Veteran Member
Posts:3292






--
20 Oct 2016 10:58 PM
  •  Quote
  •  Reply
ගාමිණී අයියේ ගොඩක් ස්තූතියි මේ පතල් කවි ටිකට... මේවගේ ඒවා පොස්ට් වෙනව ගොඩක් අඩුයි
Business, you know, may bring money, But friendship hardly ever does.
1

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
21 Oct 2016 07:59 AM
  •  Quote
  •  Reply
sthuthi gamini ayiye me watina dewal apata laba denawata
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
21 Oct 2016 12:48 PM
  •  Quote
  •  Reply
මේ වගේ දේවල් පෝස්ට් වලින් හරි පෙනෙන්න අඩු හේතුව තමයි දැන් ඉන්න ඈයො මේවා දන්නෙ නැති කම.
අයියගෙ ලිපියට ස්තූතියි.
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
22 Oct 2016 11:56 AM
  •  Quote
  •  Reply
ඔව් දැන් ජන කවි ස්කෝලේ පාඩමටයි අවුරුදු උත්සව වලටයි විතරයි. ඒවත් නිතර කියන ඒවා විතරයි.
ජන කවි කටවහරින් අාවට ඉස්සරහට ලේඛණ ගත වෙලා වත් යයිද මන්දා
දිනයක වැටහේවී...........
0
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below