You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 03 May 2017 07:55 AM by  smt90
දුර ගමනක් ගියාම කකුලේ ඉදිමීමක් වෙන්නේ ඇයි
 53 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 3 << < 123
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
20 Apr 2017 10:45 PM

බඩ බස්සගන්න දුවන්න කලින් කැලරි ගැන මේ කරුණු 7 කියවලා ඉන්න

 

සාමාන්‍යයෙන් දැන් කාලේ වැඩි දෙනෙක්ට තියෙන ප්‍රශ්නේ තමයි බඩ එන එක. එහෙම නැත්තං අරහෙන් මෙහෙන් මහත් වෙන එක. ඔන්න ඉතින් ඔය වෙනස ඇඳුම් වල බොත්තම් කැඩිලා විසිවෙන එකෙන් නැත්තං කණ්ණාඩියෙන් බලලා මිසක් පේන්නේ නැතුව යන එකෙන් දැනෙන්න ගත්තහම කට්ටිය කැලරි කවුන්ට් කරන්න පටන් ගන්නවා. ඒ කිව්වේ අඩු කැලරි කෑම, ඒ කිව්වේ ශරීර සුවතාවයට හිතකර කෑම කන්න පටන් ගන්නවා. ගොඩක් දෙනෙක් ඇත්තටම හිතාගෙන ඉන්නේ කෑමක් ගත්තහම ඒකේ තියෙන කැලරි කියන්නේ කවුරුහරි කනවා බලාගෙන හිටියොත් වැඩි වෙන, හැබැයි කාටවත් නොපෙන්නෙන්න කෑවොත් අඩුවෙන දෙයක් කියලා. ඒකනේ යාලුවෝ එක්ක කැලරි කවුන්ටරෙන් කාලා, හොරෙන් බර්ගර්ස් ගිලින්නේ! හරි, කොහොම වුනත් කමක් නෑ, තමන්ගේ ශරීර සුවතාවට ගැන සීරියස් හිතන මනුස්සයෙක් නං කැලරි ගැන පොඩ්ඩක් දැනගෙන හිටියට පාඩුවක් නෑ.

 

1. කවුද ඩෝ කැලරි කියන්නේ?
Calories 101

Source – stylecraze.com

ගොඩක් දෙනෙක් කැලරි (cal) කිව්වහම හිතාගෙන ඉන්නේ මොනවා හරි අතට අහු වෙන දෙයක්, ඒ කියන්නේ කෑම වල තියෙන මේදය වගේ කියලනේ. ඇත්තටම කැලරි කියන්නේ මිනුමක්. උදාහරණයක් විදියට අපි දිග මනින්න සෙන්ටිමීටර පාවිච්චි කරන්නේ. ඒ වගේ. කැලරි වලින් මනින්නේ ශක්තිය. හරියටම කියනවා නම් කෑම සහ බීම හරහා අපි ඇඟට ගන්න ශක්තිය වගේම ශාරීරික ක්‍රියාකාරීත්වයන් හරහා අපි දහනය කරන ශක්තිය මනින ඒකකය වෙන්නේ කැලරි.

හැබැයි මේ කැලරි වල විද්‍යාත්මක නිර්වචනය එන්නේ තාපගතික විද්‍යාව හරහා. උදාහරණයක් විදියට කුඩා කැලරි එකක් කියන්නේ ග්‍රෑම් එකක වතුර ප්‍රමාණයක් සෙල්සියස් අංශක එකකින් උෂ්ණත්වයෙන් නංවන්න අවශ්‍ය කරන ශක්ති ප්‍රමාණය. එතකොට විශාල කැලරි එකක් කියන්නේ වතුර කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකින් ඉහළ දාන්න අවශ්‍ය වෙන ශක්තිය. ලොකු කැලරි පොඩි කැලරි පැටලැවෙනවා නං ඔලුවේ තියාගන්න ඕන කරන්නේ මෙච්චරයි.

ලොකු කැලරි 1 ක් (Cal, kcal) = පොඩි කැලරි (cal) 1000 ක්!

 

2. දැන් එතකොට කැලරි වලින් මහත් වෙන්නේ කොහොමද?
Calories 101

Source – healthyfood-diet.com

අපි මෙහෙම හිතමු. කැලරි කියන්නේ ශක්තිය මනින මිනුමක්. ශක්තිය නැතුව අපි කොහොමද ජීවත් වෙන්නේ. ශක්තිය නැති වුනොත් අපේ ඇ‍ඟේ සෛල මැරිල යන්න පටන් ගනී. අපේ හදවත්, පෙණහලු නවතියි. හැමදේම බඩු බනිස් වෙලා යයි. ඒ නිසා අපි කෑමෙන් බීමෙන් ශක්තිය ලබාගන්නවා. ඒ ශක්තිය මනින්නේ කැලරි වලින්!

දැන් ඔය කැලරි අඩුවෙන් හම්බෙනකොට ශරීර සෞඛ්‍යයට කේස් වගේම තමයි වැඩියෙන් හම්බුවෙනකොටත්. ඇයි, වැඩියෙන් හම්බෙන කැලරි ගිහින් නතර වෙන්නේ මේදය විදියට. පැහැදිලි නැද්ද? මෙහෙමයි. කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් එකක කැලරි 4 ක් තියෙනවා. ප්‍රොටීන් ග්‍රෑම් එකකත් කැලරි 4 ක් තියෙනවා. එතකොට මේදය ග්‍රෑම් එකක කැලරි 9 ක් තියෙනවා. එතකොට අපි බලමු සරලව බිත්තර මද කෝප්පයක් ගත්තොත්, ඒකේ කැලරි කොච්චර තියෙනවද කියලා. ඒකේ මේදය ග්‍රෑම් 24 ක් තියෙනවා. ඒ කියන්නේ කැලරි 216 යි. ප්‍රොටීන් ග්‍රෑම් 31 ක් තියෙනවා. ඒ කියන්නේ කැලරි 124 යි. කාබෝහයිඩ්‍රේඩ් ග්‍රෑම් 2 යි. එතකොට කැලරි 8 යි. මුළු එකතුව, කැලරි 348 යි!

දැන් ඇඟට කැලරි වලින් මනින්න පුලුවන් ශක්තිය හම්බුවෙන්නේ ඔය මේදය හරි කාබෝහයිඩ්‍රේඩ් හරි ප්‍රෝටීන් හරි විදියටනේ. අන්න ඒවා ඉතින් වැඩිපුර ලැබෙනවා කියන්නේ කොහේ හරි ගිහින් තැන්පත් වෙන්න ඕනනේ. ඔතන තමයි කොස්ස හිටින්නේ.

 

3. දවසකට ඇඟට ලැබුණට කමක් නැති කැලරි ප්‍රමාණය
Calories 101

Source – acaloriecounter.com

නිරෝගී මනුස්සයෙක් දවසකට බැලන්ස් ආහාර වේල් කීපයක් ගන්න ඕන, එහෙම නැත්තං නිරෝගී මනුෂ්‍යයෙක්ට දෛනිකව අවශ්‍ය වෙන කැලරි ප්‍රමාණය වෙන්නේ පිරිමියෙක්ට නම් කිලෝ කැලරි 2,500 ක්, ගැහැණියකට නම් කිලෝ කැලරි 2,000 ක් විතර. මේ ප්‍රමාණය තමයි ඇඟ මහත් නොවී, ඇ‍ඟේ ශක්තියත් හීන නොවී බැලන්ස් එකේ ඉන්න ඕන කරන කැලරි ප්‍රමාණය. හැබැයි එකක්. මේ කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක් ගැන සලකා බලලානේ. මේ ප්‍රමාණය වෙනස් වෙන්න පුලුවන් වයස, ශරීර බර, පරිවෘත්තිය පද්ධතියේ ක්‍රියාකාරිත්වය සහ ශාරීරික ක්‍රියාකාරිත්වය කියන කාරණා එක්ක.

එතකොට දැනටම ඇ‍ඟේ එහේ මෙහේ ශක්තිය පුරවගෙන ඉන්න ඩයල් එකක් බර අඩු කරගන්න නම් මේ කැලරි ප්‍රමාණය දවසකට අරගෙන හරියන්නෙ නෑ. ඒ වගේ කෙනෙක් කාන්තාවක් නම් දවසකට කැලරි 1500 ක් ගත්තහම ඇති. එතකොට පිරිමියෙක් නම් කැලරි 2000 ක් ගත්තහම ඇති. මේ විදියට කෑම පාලනය කරන්න පුලුවන් නම් සතියකට බර රාත්තලකින් වගේ අඩු කරගන්න පුලුවන්. හැබැයි මේ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක් ගැන හිතලා. විවිධ කරුණු කාරණා නිසා මේක වෙනස් වෙන්න පුලුවන්.



 

4. හිස් කැලරි කියන්නේ මොනවද?
Calories 101

Source – naturalbalancefoods.co.uk

මේ හිස් කැලරි කියලා කියන්නේ මෙහෙමයි. අපි කියමු කෑමකින් ලැබෙනවා ශක්තිය, හැබැයි ඒකේ පෝෂ්‍යදායී ගුණය, පෝෂණ ගුණය නැති තරමට කුඩායි කියලා. ඒ කියන්නේ තන්තු හරි, ඇමයිනෝ අම්ල හරි, ප්‍රති-ඔක්සිකාරක හරි, ඛණිජ ලවණ හරි අඩු තරමේ විටමින් වර්ග හරි මේකේ නැති තරමයි. ඉතින් මේ වගේ කැලරි ඇඟට එකතු වෙනවා කියන්නේ ඇඟට ප්‍රයෝජනයක් නැතුව අනවශ්‍ය මේද විදියට එකතු වෙන එක කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. උදාහරණයක් විදියට කිව්වොත්, වත්තෙන් කඩලා මිරිකලා සීනි නොදා ගත්තු නැවුම් දොඩම් යුෂ අවුන්ස 8 ක වීදුරුවක් බිව්වොත් කෙනෙක්ට කැලරිම 112 ක් විතර ලැබෙනවා. හැබැයි මේ කැලරි 12 ඇතුළත තියෙනවා වැඩුණු මිනිහෙක්ට දවසකට ඕන වෙන විටමින් සී ප්‍රමාණය. හැබැයි අපි ගමු දොඩම් රසට හදපු කාබොනේටඩ් බීමක් වෙන ඔරේන්ජ් බාර්ලි එකක්. ඒකේ කැලරි 120 ක් අඩංගු වෙනවා. හැබැයි අර කිව්ව විටමින් සී හරි වෙනත් පෝෂ්‍යදායී දෙයක් හරි එක බිංදුකාලක් ඇත්තේ නෑ. ඒ වෙනුවට තියෙන්නේ හිස් කැලරි. ඒ කිව්වේ මේදය සහ සීනි.

මේ හිස් කැලරි එකතු වෙන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් ඝණ මේදය විදියට. ඒ කියන්නේ කාමර උෂ්ණත්වයේදී මෙම මේදය ඝණ ස්වභාවයෙන් තියෙන්නේ. ගොඩක් කෑම වල ඇත්තටම මේ ඝණ මේදය ස්වභාවිකවම තිබුණත්, දැන් ඔය කෑම වර්ග නිෂ්පාදනය කරනකොට තව වැඩි පුර එකතු වෙනවා. අනික් හිස් කැලරි එකතු වෙන ක්‍රමය තමයි කෑම වලට පිටින් එකතු කරන රස කාරක විදියට. ඒ කියන්නේ ඔය කොකාකෝලා වගේ දේකට එකතු වෙන සීනි වල ඉඳන් අපි එදිනෙදා පාවිච්චි කරන සෑහෙන කෑම වර්ග ගණනාවක මේ වැඩිපුර සීනි තියෙනවා. මේවා ඉතින් ඇඟට එහෙමට කියලා වැඩක් නැති කැලරි තමයි.

 

5. එක එක කෑම වල තියෙන කැලරි මනින්නේ කොහොමද?
Calories 101

Source – discovermagazine.com

මේක ඉතින් අපිට එක පාර මනින්න පුලුවන් දෙයක් නෙවෙයි. ඒකට ඕන තරම් ක්‍රම තියෙනවා. උදාහරණයක් විදියට එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ සේවාවෙන් දත්ත ගබඩාවක් හදලා තියෙනවා එහේ තියෙන හිතාගන්න පුලුවන් හැම කෑම ජාතියකම අන්තර්ගත වෙන කැලරි ප්‍රමාණ දාලා. ඕකේ අපි පරිභෝජනයට ගන්න කෑම ජාතිත් සෑහෙන්න තියෙනවා. එහෙම හරියන්නෙ නැති නම් පොඩි ලිස්ට් එකක් හදාගමු නිතර දෙවේලේ කන බොන දේවල කැලරි ප්‍රමාණ දාලා.

බත් තේ කෝප්ප 01 (130-140g) : කිලෝ කැලරි 180

එළවළු මේස හැඳි 03 (50 g) : කිලෝ කැලරි 25-40

කොළ එළවළු මේස හැඳි 03 (50 g) : කිලෝ කැලරි 25-40

පොල් සම්බෝල මේස හැඳි 01 : කිලෝ කැලරි 58

මස්‌ හෝ මාළු 30-40g : කිලෝ කැලරි 40-80

තම්බන ලද බිත්තර 01 ක්‌ : කිලෝ කැලරි 75

බිත්තර ඔම්ලට්‌ 01 ක්‌ : කිලෝ කැලරි 89

තම්බන ලද පරිප්පු මේස හැඳි 01 : කිලෝ කැලරි 35

තම්බන ලද මුං ඇට තේ කෝප්ප 01 : කිලෝ කැලරි 150-170

තම්බන ලද කඩල තේ කෝප්ප 1 : කිලෝ කැලරි 150-200

පිට්‌ටු කෑලි 01 (50 g) : කිලෝ කැලරි 141

ඉදිආප්ප 06 (75 g) : කිලෝ කැලරි 120-130

පාන්පෙති 02 (50 g) : කිලෝ කැලරි 125

තෝසේ 01 (50 g) : කිලෝ කැලරි 125

මධ්‍යම ප්‍රමාණයේ රොටියක්‌ (50 g) : කිලෝ කැලරි 171

පීසා 01 (100 g) : කිලෝ කැලරි 271

ආප්ප 01 (50 g) : කිලෝ කැලරි 90

කිරි තේ කෝප්ප 01 (සීනි තේ හැඳි 01 සමග කිරි පිටි තේ හැඳි 03) : කිලෝ කැලරි 32

චයිනීස්‌ රෝල් 01 : කිලෝ කැලරි 75-100

බනිස්‌ 01 (50 g) : කිලෝ කැලරි 60-80

පරිප්පු වඩේ 1 (50 g) : කිලෝ කැලරි 155

මුදවපු කිරි කෝප්ප 01 (100 g) : කිලෝ කැලරි 60

කෙසෙල් ගෙඩි 01 (100 g) : කිලෝ කැලරි 95

ඇපල් ගෙඩි 01 (100 g) : කිලෝ කැලරි 48

අන්නාසි පෙති 02 (100 g) : කිලෝ කැලරි 46

ගස්‌ ලබු (100 g) : කිලෝ කැලරි 32

කෝලා බීම (500 ml) : කිලෝ කැලරි 210

චොක්‌ලට්‌ කේක්‌ (40 g) : කිලෝ කැලරි 143

රට කජු අල්ලක ප්‍රමාණයක්‌ (28 g) : කිලෝ කැලරි 160

දැන් මේ ලිස්ට් එක බැලුවහම තේරෙනවා නේද ඩයට් කරන්න කියලා කියන්නේ ඇයි කියලා? එතකොට ඩයට් කෑම වේලක් හැදෙන්නේ කොහොමද කියලා!

 

6. දැන් කෙට්‍ටු වෙන්න නොගෙන ඉන්න ඕන කැලරිද නැත්තං මේදයද?
Calories 101

Source – fitday.com

මෙන්න බොන්න වෙන ප්‍රශ්න. එහෙම කිව්ව ගමන් බොන්න යන්න එපා. ඇල්කොහොල් අඩංගු බීම ජාති වලත් අර උඩින් කිව්ව හිස් කැලරි අන්තර්ගතයි!

මේකට සරලම උත්තරේ මේකයි. කෙට්‍ටු වෙන්න ඕන නම් සතියකට රාත්තලක් අඩු කරගන්න දවසකට ගන්න ඕන කැලරි ප්‍රමාණය උඩින් කියලා තියෙනවනේ. ආන්න ඒ කැලරි ප්‍රමාණය තරයේ පිළිපදින්න. එතකොට ඒ කැලරි ප්‍රමාණය ඇතුළේ ආහාරමය මේදය අඩංගු කෑම බීම නොගෙන ඉන්න. ඒ කිව්වේ හිස් කැලරි නොගෙන ඉන්න කියන එක. සරලවම කියනවා නම් කැලරි සහ මේදය කියන දෙකම කපා හරින්න වෙනවා ඇඟ අඩු කරගන්න නම්.

 

7. එහෙමනම් කැලරි අඩු කෑම කාලා වැඩේ ගොඩදාගන්න පුලුවන්ද?
Calories 101

Source – lifematters.asia

පොතේ හැටියට නම් උත්තරේ ඔව්. හැබැයි මෙහෙමයි. අපි රෙකමන්ඩ් කරන්නේ කැලරි කවුන්ට් කර කර එක තැනක දවසම වාඩි වෙලා ඉන්න එක නෙවෙයි. ජිම් එකට යන්න හරි, උදේට උදේට පොඩි ජොගින් හරි වෝකින් පාරක් හරි දාන්න බැරි නම්, දවසේ වැඩ කටයුතු කම්මැලි නැතුව කරන එකෙන්ම කැලරි යම් ප්‍රමාණයක් දහනය කරගන්න පුලුවන්. ගෙදර දොරේ වැඩ කියන්නේ හිතන තරම් අමාරු දේවල් නෙවෙයිනේ. හැබැයි සෑහෙන කැලරි ප්‍රමාණයක් දවසකට දහනය කරගන්න පුලුවන් මේ වැඩ වලින්. ඉතින් ඒවා අනිවා වෙන්න ඕන.

ආයෙත් ප්‍රශ්නෙට ආවොත් මෙහෙමයි. සීනි තොග පිටින් තියෙන කොකාකෝලා එකක් බොනවට වඩා ඩයට් කෝක් එකක් බීලා කැලරි වැඩිපුර ලැබෙන 160 ක් විතර අඩු කරගන්න පුලුවන්. හැබැයි එහෙමයි කියලා ඩයට් කෝක් එකෙන් විටමින්, ඛණිජ ලවණ හරි වෙනත් පෝෂණීය ගුණ හරි ලැබෙන්නේ නැහැනේ. ඉතින් කෙලින්ම ඩයට් කෝක් වෙනුවට සීනි නැති ෆ්‍රෙෂ් ඔරෙන්ජ් ජූස් වලට යන එක එතකොට කොයි පැත්තටත් වාසියි.

අනික කැලරි අඩු කරා කියලා ඇඟට ඕන තන්තු, ඛණිජ ලවණ, විටමින් මැවෙන්නේ නැහැනේ. ඒ නිසා ඩයට් ප්ලෑන් එකක් හදාගන්න ඕන හිස් කැලරි, ඒ කිව්වේ අනවශ්‍ය මේදය සහ අනවශ්‍ය සීනි ප්‍රමාණයන් කපා හරින ගමන්ම කැලරි ප්‍රමාණය අඩු කරන්නත්, හැබැයි දවසකට ඇඟට ඕන පෝෂණගුණය ඒ විදියටම ලැබෙන විදියටත් තමයි. එහෙම ඩයට් ප්ලෑන් එකක් හදාගන්න හොඳ ක්‍රමය තමයි පෝෂණවේදියෙක් නැත්තං ඩයටීෂියන් කෙනෙක් මුණගැහෙන එක. ඕනම ඉස්පිරිතාලෙක මේ සේවය ලබාදෙන වෛද්‍යවරු ඉන්නවා.

 


 
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
21 Apr 2017 12:55 AM
ලිපිය වැදගත්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
21 Apr 2017 03:21 AM
නූතන සමාජයට ගැලපෙන ලිපියක්...
අතට අහුවෙන දෙයක් කනවා මිස මෙහෙම දෙයක් ගැන හිතලා කන්නේ නෑ..
මේවා පිළිපදිනවා නම් ලෙඩ රෝග රාශියක් අඩුකර ගන්න පුළුවන්...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13467






--
21 Apr 2017 05:01 AM
ස්තුතියි අයියේ.මේකනම් මට වැදගත් වෙනවා
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
21 Apr 2017 10:00 PM

ලොව තරබාරුම කාන්තාවගේ
බර සැත්කමකින් අඩුකරයි


ඒමන්ති මාරඹේ

ලොව වෙසෙන තරබාරුතම කාන්තාව ලෙස නම් දරා සිටි කිලෝ 500 ක්‌ බරැතිව සිටි ඊජිප්තු ජාතික එමාන් අබ්ඩ් එල් අµs ගේ බර ඉන්දියාවේ මුම්බායි නගරයේදී සිදු කරන ලද සැත්කමකින් පසු කිලෝ 250 ක්‌ (රාත්තල් 550) පමණ දක්‌වා හරි අඩකින් අඩුවී ඇති බව ඇයගේ පවුලේ සාමාජිකයෝ නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.

එමාන්ගේ බර සැත්කමින් පසු තවත් අඩු වෙමින් පවතින බව විදෙස්‌ මාධ්‍යයන් වාර්තා කර තිබේ.

ලොව තරබාරුතම කාන්තාව වශයෙන් සැලකෙන අවස්‌ථාව වන විට වසර 25 ක්‌ මුළුල්ලේ ශරීරයෙහි අධික බර හේතුවෙන් ඇයට නිවසෙන් පිටතට යාමට පවා නොහැකිවී තිබූ අතර ඇය කාලය ගත කරන ලද්දේ ඇඳේය.

තම සිරුර හැරවීමට පවා අපහසුවෙන් සිටි එමාන් හට සිරුරෙහි බර අඩු කරලීමේ සැත්කම මාස දෙකකට පෙර සිදුකරන ලද්දේ මුම්බායිහි ඉන්දීය ජාතික ප්‍රකට ශල්‍ය වෛද්‍යවරයෙකු වන මුµaසාල් ලක්‌ඩවාලා විසින් සයිµS රෝහලේදීය.

මෙම සැත්කම සඳහාම එමාන් ඇය සිටි ඇඳ පිටින්ම විශේෂිත වූ ගුවන් යානයකින් ඊජිප්තුවේ සිට ඉන්දියාව කරා ගෙන එනු ලැබිණි.

ශරීරයෙහි බර අඩු කිරීමේ සැත්කම් කිරීමේ පළපුරුද්දක්‌ ඇති වෛද්‍ය ලක්‌ඩවාලාට අනුව එමාන්ට වයස අවුරුදු 11 දී බර වැඩි වීමත් සමගම හටගෙන තිබූ ආඝාතය (ස්‌ට්‍රොaක්&zwnj රෝග තත්ත්වය නිසා ශරීරයේ බර සැත්කමින් පසු අඩු වුවද ඇය තවමත් අංශ භාග තත්ත්වයේ පසුවේ. කතා කිරීමේ හා ගිලීමේ අපහසුතාවයකින් ඇය පෙළුනද ඇයට රෝද පුටුවක වාඩිවෙලා හිඳගෙන සිටීමට හැකි බව වාර්තා වේ.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
21 Apr 2017 10:35 PM
බර බාගයකින් වගේ අඩුවුනා කියන්නේ ලොකු සැහැල්ලුවක් දැනෙනවා ඇති..
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
23 Apr 2017 08:57 AM
වැඩිය ඕනෙ නෑ ඉන්දික අයියේ ...අපිට වුනත් ඇග කෙට්ටු වුන තරමට දැනෙන පහසුව කියලා වැඩක් නෑ.
මගෙත් ටිකක් බඩ වැඩියි. නැමිලා ඉන්න බෑ ඉස්සර වගේ.හරි අමාරුයි.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Apr 2017 02:45 PM
ම්ම්ම්ම්ම්ම්ම් හොද ලිපියක් .. අපෝ ඇග නම් සැහැල්ලු කර ගන්න තරමට පහසුයි තමා .
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
02 May 2017 09:37 PM

දුර ගමනක් ගියාම කකුලේ ඉදිමීමක් වෙන්නේ ඇයි

දුර ගමනක් ගිහිල්ලා ගෙදර එද්දි ඇතැමෙකුගේ කකුල් දෙක හොදටම ඉදිමිලා තිබෙනවා ඔබ දැක ඇතුවාට කිසිදු සැකක් නැහැ. ඇතැම් විට ඒ අත්දැකිම ඔබත් විදිලත් ඇති. විශේෂයෙන්ම මැදිවියේ වෙසෙන ගැහැනු පිරිමි බොහෝ දෙනා මේ ගැටලුවට මුහුණ පානවා.ඇත්තටම මෙය රෝගි තත්ත්වයක්ද.

එක දිගට පැය 6 ක් 8 ක් පමණ වාහනයක් තුළ ඉඳගෙන දුර ගමනක් ගියාම කකුලේ ඉදිමීමත් අතර සැක කටයුතු සම්බන්ධයක් තිබෙනවා. වැඩිදුර පරීක්ෂණ මඟින් තීරණය වනවා මෙය DVT හෙවත් Deep Vein Thrombosis ලෙස හඳුන්වන රෝග තත්ත්වය බව. අපගේ ශරීරය තුළ රුධිර සංසරණය සිද්ධ කිරීමට රුධිර නාල වර්ග 2 ක් ප්‍රධාන කොට උපකාරී වෙනවා. එයින් එකක් තමයි හෘදය වස්තුවෙන් ඉවතට රුධිරය අරගෙන යන “ධමනි” අනික් වර්ගය තමයි හෘදය වස්තුවට ආපසු රුධිරය රැගෙන එන “ශිරා” හෘදය වස්තුව තුළ ඇතිවෙන හෘද ස්පන්දනය හෙවත් ගැස්ම නිසා ධමනි තුළ වේගයෙන් රුධිරය ගමන් කරනවා. අපට “නාඩි” ලෙස දැනෙන්නේ මේ ආකාරයේ රුධිර ගමනයයි. නමුත් ශිරාව තුළ ආපසු ගමනේදී මේ ආකාරයට වේගවත් රුධිර ගමනක් සිද්ධ වන්නේ නැහැ. අපි එක දිගට ඉඳගෙන ගමනක් යාම වැනි ඉරියව්වකදී අපගේ පාදවල ඇති මේ “ශිරා”වල රුධිර ගමනය තවදුරටත් අවහිර වීමක් සමඟ එක තැන රැඳීමක් සිදුවෙනවා. ප්‍රතිඵලය වන්නේ පාදවල, විශේෂයෙන් අපි බත්

කෙන්ඩ ලෙස හඳුන්වන (Calt) ප්‍රදේශයේ ගැඹුරින් ඇති ශිරාවල මේ ආකාරයට ගමනාගමනය අවහිර වූ රුධිරය කැටි ගැසීමකට ලක්විය හැකි වෙනවා. මෙලෙස ශිරාවක් තුළ රුධිර කැටියක් ඇතිවීම DVT ලෙස හඳුන්වනු ලබනවා. මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ වන්නේ එම ප්‍රදේශයේ ඇතිවන වේදනාව, ඉදිමීම, රස්නය, තරමක් රතු පැහැවීම, මතුපිට පෙනුමට ඇති නහර ගැටගැසීම හෙවත් නහර පිරී නෙරා තිබීම ආදී ලක්ෂණයි. නමුත් ඉතා වැදගත් කරුණක් වන්නේ මේ රෝග තත්ත්වය ඇති රෝගීන් 50% පමණ පිරිසකට සමහරවිට මේ අකාරයේ කිසිම රෝග ලක්ෂණයක් නොදැනීමයි. මේ නිසා මේ රෝග තත්ත්වය තීරණය කිරීමට ඉහත රෝග ලක්ෂණවල ඇතිවීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ වගේම තව අනිකුත් රෝග කිහිපයක් නිසාත් මෙවැනි ලක්ෂණ දැකිය හැකි වන බවත් මතක තබා ගත යුතු වෙනවා. විශේෂයෙන් එම ප්‍රදේශයට විෂබීජයක් ඇතුල් වූ විට, ඇතිවන ආසාදන සහ මස්පිඬුවල ඇතිවන අනතුරු, ආබාධ වසා පද්ධතිය (කුද්දෙටි) අවහිරවීම් නිසා ඇතිවන ඉදිමීම ආදී රෝග ගැනත් සිතේ තබාගත යුතු වෙනවා. ඉතිං, මේ ආකාරයට ශිරාවක් තුළ රුධිර කැටියක් ඇතිවීම භයානක වන්නේ කොහොමද කියලා සොයා බලමු. මම මුලින් සඳහන් කළ ආකාරයට ශිරාවෙන් කෙරෙන්නේ නැවත හෘදය වස්තුව වෙත රුධිරය රැගෙන යාමයි. එලෙස රැගෙන යන්නේ ශරීරයේ පාවිච්චි කරන ලද අපිරිසිදු රුධිරය නිසා එම රුධිරය හෘදය වස්තුව මඟින් පෙනහලු වෙත පිරිසිදු කිරීම සඳහා (ඔක්සිජන් ලබා ගැනීම සඳහා) ලබා දෙනවා.

ප්‍රශ්නය වන්නේ ශිරාව තුළ ඇති වුණු රුධිර කැටිය එතනින් ගැලවී හෘදය වෙතට කඩාගෙන ගියහොත් ඇතිවන විනාශයයි. ඒ කියන්නේ හෘදය වෙත කැඩීයන රුධිර කැටිය හෘදය මඟින් පෙනහලු වෙත පොම්ප කරනු ලබනවා. මේ ආකාරයට පොම්ප කරපු රුධිර කැටිය පෙනහල්ල තුළ කුඩා නහරයක් හෝ රුධිර කැටිය විශාල එකක් නම් ප්‍රධාන නහරයක් අවහිර කරනු ලබනවා. ප්‍රතිඵලය වන්නේ පෙනහල්ලේ ප්‍රධාන කොටසකට හෝ රුධිර කැටිය කුඩා එකක් නම් කුඩා කොටසකට රුධිර ගමනය අවහිර වී අක්‍රීය වීමයි. මේ තත්ත්වය සමහරවිට මාරාන්තික එකක් වෙන්න පුලුවන්. පෙනහලු ක්‍රියාකාරීත්වයට බලපෑමෙන් රෝගියා මිය යන්නට හෝ දැඩි සත්කාරයක ප්‍රතිකාර ලැබිය යුතු තත්ත්වයක් උද්ගත වන්න පුුලුවන්.

එක දිගට ඉඳගෙන පැය ගණනක් ගමන් කිරීම විශේෂයෙන් ගුවන් ගමන්වලදී ඇතිවන අවදානමට අමතරව, ශරීරය තුළ ඇති වෙනත් රෝග පිඩාත්, රෝගියා ලබා ගන්නා සමහර ඖෂධත් මේ සඳහා බලපානවා. ඒවා අතර ඇඟපත තරබාරු වීම, ප්‍රධාන ශල්‍යකර්ම වලට භාජනය වීම, ගර්භණී භාවය, උපත් පාලන පෙති ගැනීම, හෝර්මෝන පෙති ගැනීම, සමහර පිළිකා වර්ග විෂබීජ ආසාදන, වෙනත් නිධන්ගත රුධිර ආබාධ අවධානම් කරුණු ලෙස සඳහන් කළ හැකි වෙනවා. එක දිගට වාහනයක් තුළ ගමනක් යාමේදී පැය 2 – 3 කට වරක් වත් ඇවිදීම, සිටගෙන සිටීම වැනි ඉරියව්වල වෙනසක් සිදු කිරීම හෝ ඉලාස්ටික් බැන්ඩේජ් පැළැඳීම වැනි උපක්‍රම වැදගත් වෙනවා. කෙසේ වෙතත් මෙවැනි වැලැක්වීම පිළිබඳ උපදෙස් මීට වඩා පුලුල්ව වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කළ යුතු එකක් වනවා. රෝගයට ප්‍රතිකාර ලෙස රෝහල් ගත කර රුධිර කැටිය දියවීමට බෙහෙත් වර්ග එන්නත් කිරීමක් අවශ්‍ය වෙනවා

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
02 May 2017 09:41 PM
අම්මො මෙකත් ලෙඩක්ද ? බය බැහැ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
03 May 2017 04:19 AM
ත්‍රීකුණාමලයේ ගියාට පස්සේ කකුල ඉදිමිලාද...
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
03 May 2017 04:44 AM
වටිනා ලිපියක් ස්තුති
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13467






--
03 May 2017 06:09 AM
මේ ලිපිය නම් වැදගත්..මොකද අපේ අම්මගෙත් කකුල ඉදිමෙලා තියෙනවා
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
03 May 2017 07:55 AM
මේකනම් වැදගත් ලිපියක් නිවාඩුව කියවන්න ඕනේ...
0
You are not authorized to post a reply.
Page 3 of 3 << < 123