You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 31 Oct 2016 05:54 AM by  gayya
**වස්දඬුරාවේ** කෙටිකතාව
 10 Replies
Sort:
Author Messages

gayya
Basic Member
Basic Member
Posts:127






--
31 Oct 2016 01:17 AM
  •  Quote
  •  Reply


සීතල සුලං රැල්ලකට යටත් වෙලා ඒ අත මේ අත වැනුනු  උණ කොලවලින් ආව සිරි සිරි හඩ
දොල ලග ගල් උඩ ඉදන් දොලට පනිත්දි මැඩියෝ ගෙනෙන ජබොක් හඩ

හැන්දෑව ලස්සන කරනකොට චායාගේ සිතට දරාගත නොහි තනිකමක් දැනෙන්න ගත්තේ සොයා පැමිනි යමක් මගහැරී ඇති බව සිත ආයෙ ආය වද කරමින් චායාට අගවන්නට වු නිසාවෙනි

පහලට ගලාගෙන යන වතුරෙන් දියා සිරාවක්  වෙන් වෙලා ඇවිත් ‍ලොකු ගලක වැදිලා ආයෙත් ඒ වතුරටම එකතු වෙනවා

යටි පතුල් ලගටම දිගට තිබුනු සාය වතුරේ නොවදින ගානට ඔසවන් චායා ඒ ගල මත වාඩිවුනේ ගලාගෙන යන දිය පහරට දැස් දිගෙනමයි .

පහලට ගලාගෙන යන වතුරේ උඩු අතට පිහිනන පාට පාට සාරිගප්පි පැටවුන් චායාගේ මදහසට ලක්වුනේ

උන් එකම තැන සිටිනවා මිස උඩු අතට යැමක් නුවු නිසාය.

ගොම්මන් ඇදිරිය වැඩි වෙන්න වැඩි වෙන්න චායාට දැනුනු පාලුව තනිකම තව දුරටත් වැඩිවුනත් ඇතින් එකපාරටම මතුවුනු පුරුදු බටනලා හඩට ඇයගෙන් ඒ හැගිම් ගොඩාක් දුරකට අරන් ගියා.

ඇතින් ඇහෙන ඒ හඩ සුලගත් එක්ක මුසු වෙලා චා‍යාගේ සවන තුලින් හදවගේ ගැඹුරටම යන්න ගත්තා.

ඒ තනුවටම චායාගේ සිත ඇතුලෙන් කවියක් මුමුනන්න ගත්තේ චායාටත් නොදැනිමය.

වස් දඩු රාවේ මා මත් කරනා

ගත වැදිලා මුව සිප ගන්නා

කවුරුද වැයුවේ කාටද වැයුවේ

මිහිරි හඩින් එය ගෙන එන්නේ
<!--[if !supportLineBreakNewLine]-->
<!--[endif]-->
මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්‍‍..
0

gayya
Basic Member
Basic Member
Posts:127






--
31 Oct 2016 01:17 AM
  •  Quote
  •  Reply
හැමදාම ඇහෙන ඒ බටනලා හඩ කාගේ දැයි දැනගැනීමේ ආශාව චායාගේ සිත පුරා ගිගුරුම් දුන්නේ මීට දින කිහිපයකට කලිනි. නමුත් ඒ හැගිම සිත තුලම ගිලෙන්නට වුනේ තමන් කාන්තාවක් නිසා හා කොහේ කොතනින් ඒ හඩ එනවා දැයි සැකවින්ම නොදත් නිසාවෙනි.
නමුදු එදින එය එසේ නුවුනේ තවත් මොහොතක් නොරැදි චායා හඩ දිගේ යන්නට වුනු හෙයිනි.
දොල අයිනෙන් වැටුනු අඩි පාර දිගේ චායා ඉස්සරහට ඇදෙන්නටි විනි.
හඩ හෙමිහිට වැඩි වෙත්දි චායාගේ සිතට යම තරමින් සැනසිල්ලක් ලැබුවේ වාදකයා මේ ලග කොහේ හො සිටින බව සිතීය
සැබවින්ම ඇය නිවැරදිය
අඹ ගස් මුලක වාඩිවි දැහැනට සම වැදි ඇගිලි උස් පහත් කරමින් ඔහු බටනලාවෙන් නාද රටා මවයි..
සවන වශී කරවන අන්දමින් එහු එය ඔහුගේම තනුවකට වයයි
බධාවක් නොවන අන්දමින් චායා ඔහු දෙස ඇතින් හිද බලා සිටි
වාදනය නිමවි ඔහු නැගිටින්නට සුදානම් වන විටදි ලහි ලහියේ එතනින් පිටවිමට පා තැබු චායා ඇද වැටුනේ වැලක පැටලිමෙනි.
තමාව මගහැර යන ආගන්තුක කාන්තාව කවුරුන්දැයි විමසිමට වැටි සිටි ඇය වෙත කඩිනමින් පය සනිටුහන් කල ඔහු වැටි හුන් චායාට අත දිලු කලේ නැගිටිමට වාරු දෙමිනි
ඔයා කව්ද ඇගේ තැවරි ඇති වියලි කොල ගසා දමමින් සිටි ඇයගෙන් ඔහු විමසන්නට විය
එයට උත්තර දෙනවා විනා දෙතොල්වත් නොසෙලුනේ
චායා සිටියේ තමා අභියස සිටින කඩවසමි පුර්ෂයාගේ සරාගි දැස් තුල ගිලි වුන් නිසාවෙනි .
අසිහියෙන් ඔහු දෙස බලා සිටි ඇය යලිත් පියවි සිහියට පැනමිනියේ ඔහුගේ දෙවනි ප්‍රශ්නයටයි
’’ඔයාට කතාකරන්න බැරිද ’’
මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්‍‍..
0

gayya
Basic Member
Basic Member
Posts:127






--
31 Oct 2016 01:18 AM
  •  Quote
  •  Reply
’’පුලුවන් ’’
’’කව්ද ඔයා ? තුවාලයිද ගොඩක් ’’
’’අනේ නැ... ඔයා ලස්සනට බටනලා ගහනවා. ’’
’’බොහොම ස්තුතියි ඔයා කොහෙද’’
’’පහලගමේ ’’
’’මේ ගොම්මන් වෙලාවේ කොහෙ යන ගමන්ද ’’
’’හැමදාම එකම වෙලාවට එන මේ බටනලා හඩ එන්නේ කොහෙන්ද බලන්න ආවේ ’’
’’ ඔයා කැමතියිද බටනලා හඩට’’
’’ඔව් ... ඔයා ගොඩක් ලස්සනට වාදනය කරනවා,,,, ඔයා කැමතිනම් මම හෙටත් එන්නද මේ වෙලාවට ඔයාගේ බටනලා හඩ අහන්න ,,’’ තවත් නොඉද ඇ ඇගේ අවශ්‍යතාවය ඔහුට ඉදිරිත් කරන්නට විය.
’’ඇය දෙස බලා මද සිනහවක් පා
මේ පාර මේ දොල අපි කාටත් අයිතියි
මම එපා කිව්වත් ඔයාට පුලුවන් ’’
’’ස්තුතියි මම එන්නම් දැන් කලුවර වැටෙන්නත් කිට්ටුයි’’
’’පරිස්සමින් ’’
ඔහුගෙන් වෙන් වුනු ඇය අඩියට දෙකට කෙලින්ම ගියේ නිවසටයි.
යන ගමන් දොලෙන් සොදා ගත් මුහුන පිහගත් ඇය ඇද මතට වැටුනේ විර චාරිකාවක් නිමාකල අයෙක් ලෙසින් සිතින් ස්වයංව සතුටු වෙන ගමන්ය.
’’ගොම්මනේ දොල ගාවට යන්න එපාය කියලා ලොකු මම කි දවසක් කියුවද උඹට ’’ චාපා ගේ මව සිටියේ ඉතා කේන්තියෙන්..



’’ අනේ අම්මා මොකද වෙන්නේ ඉතින්’
ස‍තෙක් සර්පයෙක් කාපු දවසට තේරෙවි මොකද වෙන්නේ කියලා
’’උඹලා නට නටන විදියට නටන්න මටයි අප්පච්චිටයි දැන් ඉස්සර වගේ හයියක් නැ...
ඇවිත් පොල් ටිකක් ගාලා දියන් සම්බොලයක් අනන්න ’’
’’අම්මා ඉන්න මම සම්බොලයක් අනාගෙන බත් බෙදලා ගෙනත් දෙන්නම්..’’
ඇය වැටි හුන් ඇදෙන් නැගිටින ගමන් කුස්සියට සෙමින් පා තබන්නට වුනේ
නන්නාදුන බටනලාකරුගේ දෙනෙත් සිහි කරමිනි.
මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්‍‍..
0

gayya
Basic Member
Basic Member
Posts:127






--
31 Oct 2016 01:19 AM
  •  Quote
  •  Reply
දින දින ගෙවෙත්ම ඔහු හා ඇය හොදින්ම හදුනාගෙන ඇත
ඔහුගේ නම නාමල්ය ඔහු කි පරිද්දෙන් ඔහු තනිකඩයෙකි . ඔහු
පාලුව මකා ගන්න බටනලාව ‍අරන් දොල ලග අඹගහ මුල යටට එන බවද ඇය දැන ගත්තේ ඔහුගෙනි.
වයස විසි පහක් වු හැඩි දැඩි ඔහුට වශි වී සිටි රූමත් චාපාටද වයස විසි තුනකි. දෙදෙනාගේ මිතුරු දෙබස් පෙම් දෙබස් දක්වා දිගු විමට ඒ සා වු කාලයක්ද ගත වුයේ නැත.
නාමල් පෙන්නු සිහින විමන්වල කාලය ගතකිරීමට ඇය නින්දෙන් පවා අමතක කලේ නැත. දොල ලගින් පටන් ගත් ඔවුන්ගේ පෙම් හබය හන්දියෙන් හන්දියට ටවුමේ මුලු මුලු ගානට ඇදෙන්නට විය.
නමුත් හවසට දොල ලග හමුවිම ඔවු‍න්ගේ පුරුද්දකි.
දිනක් ,,,,,
’’චාපා මම ඔයාට හංගන දෙයක් තියනවා තවත් ඔයාට ඒක හංගන්න බැ මට
හංගන දෙයක් මොකක්ද නාමල් අයියේ ඒ ’’
’’මම කලින් බැදපු කෙනෙක්... මට අවුරුද්දක චුටි පුතෙක් ඉන්නවා ,’’

’’මොකක් .. අනේ විහිලු නොකර ඉන්න නාමල් අයියා ’’ ඇය එය වැඩිය ගනනකට නොගත්තේ ඔහු සරදම් කරනවා යයි සිතමිනි ...
’’මම දන්නවා ඔයා මට වෛර කරයි ඒත් ඒක ඇත්ත චාපා
මම තාත්තා කෙනෙක් ’’
ඒ වචන චාපා‍ගේ කන් මත විදුලි කොටනවා සේ දැනෙන්නට වුනි
තවත් මොහොතක් එතැන නොරැදි චාපා හඩමින් ගෙදර දෙසට දිව යන්නට වුනේ නාමල් නවතින්න යැයි කියද්දිය.
අනේ ඇයි දෙයියනේ ඔයා මට මෙහෙම කලේ මේච්චර බොරුවක්
මම ඔයාට කොච්චර ආදරේ කලාද
පනටක් වඩා ආදරේ කලා
එච්චර ආදරේ කරපු මට මේකද දෙන තැග්ග
හදවතේ ඇතිවුනු කුලුදුල් පෙමම ඔයා මේ විදියටද පිලිගත්තේ නාමල් අයියේ
මම ඔයාව කොච්චර විස්වාස කලාද රත්තරනේ
මට මේ දුක ඉවසගන්න බැ මගේ දෙයියෝ
හඩමින් දුවන චාපාගේ සිත විලාප තියයි.
ආදරේ නාමයෙන් තනාගත් සිහින විමන් කදු ගනනින් බිද වැටෙද්දි ඇයට දැනෙන්නට වුනේ ඇය මිය ගියාක් බදු හැගීමකි . පනටත් වඩා ආදරේ කල ඔහු එසේ කරාවි කියා කවදාවත් නොසිතු ඇයට තවදුරටත් නෙතින් රූරා පිටවන්නට විය. හදවතේ ගැස්ම වේ‍ගවත් වෙන්නට විය.
පිස්සියක සේ ඉවක් බවක් නැතිවම දිව ගිය ඇයව ‍යම් අයෙකු විසින් නතර කරන්නට විය. ඒ කෙටි මගකින් දිවගෙන ආ නාමල්ය.
’’අහන්න රත්තරං ඔයාට වගේම මටත් ගොඩක් දුකයි.
මම කියන කතාව ඇහුවට පස්සේ ඔයා කැමති තීරණයක් ගන්න
දැන් මන් කියන දේ චුට්ටක් අහල ඔහම නවතින්න..’’
’’ තව මොනවා අහන්නද නාමල් අයියේ .. දැනගන්න තියන හැමදේම මම දැන් දැනගත්තනේ’’
’’නැ හැම දෙයක්ම දැනගත්තේ නැ නවතින්න’’චාපාගේ අතේ බද කොටසින් තදින් අල්ලානෙ නාමල් එසේ කියන්නට විය.
ඉකි බිදිම්න් සිටි චාපා මොහොතකට නැවතුනේ නාමල් කියන්න යන්නේ කුමක්දැයි දැනගැනීමටයි.

’’චාපා මේ ඔයයි මමයි වගේම ඉස්කොලේ යන කාලෙ ඉදන්ම මම කෙනෙක්ට ආදරේ කලා.
ඔයයි මමයි වගේම එයයි මමයිත් ලොකු ලොකු හීන ගොඩක් මැවුවා. අපිට තිබුනු ලොකුම හීනේ වුනේ එක වහලක් යටට එන එක. බාදක ගොඩක් මැද්දේ අපි ඒ හීනෙත් මවු දෙමාපියන්ගේ ආශිර්වාදේ ඇතුවම හැබෑ කරගත්තා. අවුරුදු එක හමාරක යනකම් අපිට ලමයි හම්බුනේ නැ සාගරිකට ගොඩක් අපල තිබුනා ඒත් අපි ගොඩක් ආදරෙන් හිටියා. මුලු රටේම යන්න පුලුවන් හැම දේවාලෙකටම ගිහින් බාර හාර වුනා
මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්‍‍..
0

gayya
Basic Member
Basic Member
Posts:127






--
31 Oct 2016 01:19 AM
  •  Quote
  •  Reply
අන්තිමට කොහොම හරි සාගරිකා ගැබි ගත්තා. අපි දෙන්නාගේ චුටි පුතා දවසින් දවස එයාගෙ බඩ ඇතුලේ ලොකු වුනා. ඒත් එක්කම සාගරිකා ටික ටික ලෙඩ වෙන්න ගත්තා. එයාට ලොකු අමාරුවක් තිබිලාත් ඒක එයා මටවත් කියුවේ නැ.
අන්තිමේට මගේ චුටි පුතා කොහොම හරි මේ ලොකේ එලිය බැලුවා .
ඒත් චාපා මගේ රත්තරන් සාගරිකා සදහටම ඇස් පියන් තිබුනා. මාවායි පුතාවයි තනිකරලා දාලා ඔයා කොහේදෝ දුරක ගිහින් ‍‍... ’’ නාමල්ගේ වචන බිදෙන්නට ගත්තේ ඇස් වලට කදුලු උනමිනි.
මගේ දුක බටනලාවේන් පිටකරේ ලොකෙට පෙනෙන්න මට අඩන්න බැරි හින්දා.
මන් වෙනුවෙන් ඇඩුවේ මගේ බටනලාව චාපා. මගේ බටනාලා හඩ අහන් අසාවෙන් මගේ ජිවිතේට ඇතුලුවුනු ඔයා මගේ දුකින් මාව ගොඩාක් ඇත් කලා. මට ඔයාව නැති කරගන්න බැරිකමට මම ඔයාට බොරු ගොඩක් කියුවා චාපා. ඒත් මම එයාට කරන්නේ ලොකු වැරැද්දක් කියලා තේරුනාම
මට මේක එයාගෙන් හන්ගන්න බැරිවුනා චාපා.
අදටත් මම සාගරිකට ගොඩක් ආදරෙයි. එයාගේ ලොකු හීනයක් වුනු අපේ චිටි පුතාට ද්‍රෝහි වෙන්න මට බැරි හින්දයි මම මේක කියන්නම එනේ කියලා හිතුවේ චාපා. කොච්චර වුනත් මම සාගරිකට තරම්ම ඔයාටත් ගොඩක් ආදරෙයි චාපා. ඔයා කැමති තීරණයක් ගන්න ඒත් ඔයාගේ ජීවිතේට හානියක් කරගන්නනම් හිතන්නවත් එපා..
මේ පව් කාරයාව අමතක කරන්න චාපා. මම යන්නම්..’’
නාමල්ගේ කතාව සාවදානිව අහන් සිටි චාපා ඇස් වල කදුල් පිසගනිමින්
’’මට පුතාව බලන්න ඔනේ නාමල් අයියේ’’
’’යමු ගෙදර එහෙනම්’’
දෙදෙනාම නාමල්ගේ ගෙදරට යන්නට විය.
’’මේ කවුද පුතේ ... ’’
’’මේ චාපා අම්මේ‍‍‍‍.... පුතාව බලන්න ඔනෙලු ..’’
’’ පොඩි දු එක්ක කෝලම් කර කර ඉදලා දැන් ඔන්න නිදාගත්තා‍‍ ,,,,,,,’’
’’ එන්න චාපා ’’ ඇයව ඇතුලු කාමරයක් වෙත එක්කන් යන්නට විය.
’’´මේ තමයි මගේ වස්තුව අදීශ,,’’ තොටිල්ල මත නිදා සිටි තම පුතුව පෙන්වමින් නාමල් කියා සිටියේය.තොටිල්ල මත නිදා සිටි බිලිදු පුතු නින්දෙන් සිනාසෙයි. ඉතා සියුමැලි පුතු මවගේ ආද‍රය උනුසුම යැයි සිතා සිටින්නේ පෙරවු රෙදි කඩකි.
චාපාගේ පපුව හෝස් ගා හුලන් ගියා වගේ දැනෙන්නට විය.
’’අනේ දෙවියනේ මේ කිරිකැටියා ’’
’’ ඔව් චාපා අදීශගෙනුයි මගෙනුයි අපි දෙන්නගෙන්ම් ගොඩක් දුරකට සාගරිකා ගියා’’
එසේ කියමින් ඇය අතට නාමල් හා සාගරිකාගේ ඡායාරුපයක් දෙන්නට විය.
මදක් ඒ දෙස බලා හිද යලිත් කුඩා පුතු දෙස බලා නැවත නාමල් දෙස හැරි..
’’නාමල් අයියේ මට මේ කිරි කැටියාගේ අම්මා වෙන්න ඕනේ හැමදාටම ...’’ එසේ කියන ගමන් අදිශගේ සිනිදු අත ඇය සිනිදුවට සිඹින්නට විය ..
¬¬¬¬__සමාප්තයි.__
මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්‍‍..
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
31 Oct 2016 02:20 AM
  •  Quote
  •  Reply
ගුරු ඔන්න මම නම් කියෙව්වා.
දොලේ සාරිගප්පී ඉන්නවද?.

මට ඉතින් කියන්න දොසක් නෑ.
ලස්සනයි.
දිනයක වැටහේවී...........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
31 Oct 2016 02:24 AM
  •  Quote
  •  Reply
හරිම සුන්දර කතාවක්... ඒත් ඇයි මල්ලියේ මේක ඉක්මනින්ම ඉවර කලේ..
මම හිතුවේ චාපා නාමල් ආදර කතාව ටිකක් දිගට යාවි කියලා...
ඒත් ඉතාම සුන්දරයි..
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
31 Oct 2016 03:03 AM
  •  Quote
  •  Reply
අනේ ලස්සන කතාවක්...මන් කියවන්න පටන් ගත්ත විතරයි...ඉවරත් වෙලානේ... අපරාදේ
Business, you know, may bring money, But friendship hardly ever does.
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
31 Oct 2016 03:45 AM
  •  Quote
  •  Reply
ගුරා ලියන්නේ කෙටියෙන් ඉතුරුවා අපි හිතා ගන්න ඔනේ.
හිතන්න ඉතුරු කරලා තියෙන්නේ
දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
31 Oct 2016 03:55 AM
  •  Quote
  •  Reply
කෙටිකථාවක්කේ මේක නව කථාවක් නෙවෙයිනේ ඒකයි කොට
හරි ලස්සනයි ගයියා..............
ටිකක් දුකයි ඉතින් ගහෙන් ගෙඩි එන්නා වගේ ඉවර උනාට
0

gayya
Basic Member
Basic Member
Posts:127






--
31 Oct 2016 05:54 AM
  •  Quote
  •  Reply
ගොඩක් ස්තුතියි හැමෝටම.. මෙකත් පරන හදිස්සියෙන් ලියපු කතාවක්
මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්‍‍..
0
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below