You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Sep 2016 11:16 AM by  isurusam
පුංචි දෝනි සදසි (කෙටි කතාව)
 30 Replies
Sort:
Page 1 of 212 > >>
Author Messages

gayya
Basic Member
Basic Member
Posts:127






--
19 Sep 2016 04:31 PM
  •  Quote
  •  Reply

පුංචි දෝනි සදසි

 




මුලු_කතාවම_කමෙන්ට්_වල_ඇත 


සදලු තලාවේ පසක තිබුනු එක් කනුවකට හේත්තු වී ඈතින් ආ මුහුදු සුලං වල පහස විඳිමින් ඔහු නෙත් යොමා සිටියේ කිරිපාටට වෙරල සිප ගන්නා සයුරු රළ වෙතටයි..
ඇතින් කුඩාවට මතුවි වෙරලට ලන් වෙත්ම උස් වන රළ පහර මැද්දෙන් ඔහුගේ මතකය ගෙන ගියේ අවුරුදු කිහිපයක් ආපස්සටයි...

**************************

අත් මත වුනු ‍පුජා වට්ටිය සහ ඇද සිටි සුදු ඇදුමට සැමවින්ම ඇයට ගෙන ආවේ බක්තිමත් චරිතයකි.
රූපයෙන් පමණක් නොව සැබවින්ම ඇය ගිය කාරණාව සපල කරගැනීමේ අබිලාශය වු කල්හි සිත කය වචනය යන තුන්දොරම දෙවියන් කෙරෙහි බක්තිමත් වන්නට විය.
“අමා මට නම් මේ ඇවිදිල්ල දැන් එපා වෙලා .. අනික අපි මේ අවුරුද්දට මේ යන කීවෙනි දේවාලෙද ... කලින් ගිය එකකින්වත් වැඩක් වුනැයි. මට නම් මේ දේවල් විස්වාස නැ කොහොමටවත්ම දැන්නම් “
“අනේ සු‍මේධ ඔහම කියන්න එපා ..” සුමේධගේ අදෝනාව ඉවසා සිටිය නොහැකිම තැන ඇය හඩ අවදි කලේ සුමේද දෙස නුරුස්සන බැල්මක් හෙලමිනි
“ඉතිං ඇත්තනේ අමා මේවා කාලේ කන විකාර වැඩ”
“සුමේධ අයියේ මේ දෙවාලේ සත්තයි ලු කට වරද්ද ගන්න එපා ඔයා එන්න අකමැතිනම් දෙයියනේ කියලා වාහනේට වෙලා ඉන්න මම ගිහින් බාර වෙලා එන්නම්.. “ඇයගේ මුහුනේ එවර තිබුනේ කේන්ති ගිය මුහුනක් නිසා සුමේධ තවත් කිසිවක් නොපවසා ගියේ සිතින් ’’ ඕන මගුලක් ’’ කියමිනි
සුමේධ හා අමිල දෙදෙනා දේවාලෙට ගියේ ඔවුන් දෙලට දරුවෙක් ඉල්ලා බාරයක් වීමටයි..
ඉන් මාස හතරකට පමන පසුව සුමේද හා අමා යන දෙපල සතුටින් ඉපිල යන්නට වුනේ 
අමා ගැබ්බර වි ඇති බව දැන ගැනීමෙනි.. දින සති මාස ගනන් දේවාල වල රස්තියාදු වෙමින් බොධි පුජා පවත්වමින් 
වුන් දෙවියන්ගෙන් ඉල්ලු වරම ඔවුන්ට දැන් ලැබී ඇත
සුමේධ අමාට දැන් වෙනදාටත් වඩා ආදරෙන් සලකයි. සුමේදත් තමන්ගේ ලමයෙක් ගැන අමා මෙන්ම සිහින දකින්නට ඇත.
මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්‍‍..
0

gayya
Basic Member
Basic Member
Posts:127






--
19 Sep 2016 04:36 PM
  •  Quote
  •  Reply
 “අමා ඔයාගේ බඩේ ඉන්නේ දොණියෙක් “
“සුමේධ දෝණි කෙනෙක් ගේනවටද ආස”
“ඔව් අමා මම දෝණියෙක්ට තමයි ගොඩක්ම ආස 
අපි එයාට නම දාමු සදසි කියලා “
“ හදිසියෙවත් පුතෙක් වුනොත් “
“නැ නැ මේ ඉන්නේ මගේ සදසි දෝණි “
“ඇහෙනවද දෝණි අම්මි හදන්නේ ඔයාව කොල්ලෙක් කරන්න “
“අම්මිට කියන්කො ඔයා කෙල්ලෙක් කියලා” ඔහු එසේ කියමින් වදින නොවදින තරමින් අමාගේ කුස පිරිමදියි..
සුමේධ පැවසු දෙයට සිනහ වි 
“සුමේධ මමත් කැමති මේයා දෝණියෙක් වෙනවා නම් 
සදසි නම ලස්සනයි අපේ දෝණිට ..”
“ඔව් ඉතිං දොණිගේ අම්මිව තොරගත්තු මට දොණිට නමත් තෝරණ එක මහ දෙයක් නෙවෙයි “
“’’ආ ආ ආ මොකක්ද ඒ කතාවේ තේරුම “ ඇය ‍එස් ඇසුවේ අමාගේ කුසට සවන් දි සිටින සුමධගේ හිස පිරිමදිම්න්ය 
“නැ ඉතිං දොනිට ලස්සන චුටි නහයක් එපැයි 
තව ලස්සන ඇස් දෙකකුයි රෝස පාට හුරතල් මුනකුයි තියෙන්නත් එපැයි...
ඉතිං ඒ ඔක්කම ලැබෙන්න ලස්සන අම්මියෙක් ඉන්න එපැයි ඒවා තියන.”
“ ඔයා නම් හරි‍ ෂෝක් සුමේද “ ඇයව වර්ණනා කිරිමට සුමේද යොදන ලද උපක්රමය ගැන සිතා ඇය සිනහ වෙමින්ම පවසන්නට විය

මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්‍‍..
0

gayya
Basic Member
Basic Member
Posts:127






--
19 Sep 2016 04:39 PM
  •  Quote
  •  Reply

“උවැහ්හ්” “උවැහහ්” ඒ සදසිගේ ප්රියතම දෙබසයි..
වසරක් මුලුල්ලේ බුදුන්ගෙන් දෙවියන්ගෙන් ඉල්ලු පුරා නව මාසයක් කුසේ සිටි සදසි දුව දැන් ලොකයේ එලිය දකී. උතුරා ගිය දාරක ස්නේහයේ මහිමයට අමාගේ රතු රුධිරය කිරි පාටට කිරට හැරි තන පුඩු මතින් සදසිව පෝෂනය කරයි. විවාහක ජෝඩුවකට මීටත් වඩා කුමක් නම් බාග්යික් උදාවේද. 
මුල් වරට සදසිව දුටු මොහොතේ අත්වලින් ඇල්ලිය නොහැකි තරමට ලෝබ සිතෙන සදසිගේ සිනිදු සම රෝස පැහැතිය. හිසේ යන්තම් වු කෙස් ගස් සිනිදුය . ලපටි ඇයගේ සම රැලි වැටි ඇත.ඉතාමත් කුඩා වු අත්පා ඇති සදසි දුව කෙසේ වඩාගන්නද යැයි සුමේධ සිටියේ කල්පනා කරමිනි . විසල්කරමින් සහ ඇස් කරකවමින් සිව් දෙස බැලුවත් සිගිත්තියට කොයිතරම් දුරට පෙනෙනවාද සිතිය නොහැක.

ගෙදරදි සදසිව මුල්ම වතාවට නැහැවීමට උත්සහ කරන අවස්ථාවෙදි සුමේධගේ මවට 
“පරිස්සමින් අල්ලන්න අම්මා ඔය හම තාම හයිය නැ “
“ඔයාලා දෙන්නවම නැව්වෙත් මමමයි පොඩි පුතා මම මෙවා පුරුදු වෙන්න කරන වැඩ නෙවෙයි ,,,”
“ඒත් අම්මා අපෝ ඔය මටනම් බයේ බැ” සු‍මේධ එසේ කියුවේ නාන බේසම තුල තබමින් සදසිව නහවන ඔහුගේ මව් දෙස නුරුස්සන බැලුම් හෙලමින් 
“අමා……… මෙහේ එන්න ඔයත් මේවා පුරුද් වෙන්න අපි හැමදාම ඉන්නේ නැ මේවා කරලා දෙන්න “
“අනේ අම්මා මට බයයි “
“’බය වෙන්න දෙයක් නැ දරුවෝ මේ විදියට ඔලුව පිටිපස්සට නැවෙන්න නොදි මේ විදියට වඩා ගන්න” 
සුමේධගේ මව අමාගේ අතට සදසිව බාර දෙයි
“අනේ අම්මා අමාට බැරි වෙයි අදට අම්මාම නාවන්නකෝ “සුමේධ හොදටම බය වි ඇත ‍.
“මමනේ කියන්නේ අමා මන් කියන දේ කරන්න” සුමේධගේ මව සුමේධට ඇහුම්කම් නොදෙයි 
‘නැන්දම්මාගේ වචන වලින් පිට වැඩ කරනු බැරි නිසා අමා කුඩා සදසිව නැහැවීමට වඩා ගත්තත් අමාද සිටියේ දෙගිඩියාවකින් මෙන්ම බියෙනි 
තම නැන්දම්මා කියු පරිද්දෙන් සදසිව දොතට ගෙන සිදුරු කල පොල්කටුවෙන් මුහුනට වතුර වැටෙන්න නොදි සදසිව ස්නානනය කරවයි.. මුහුනට වැටුනු කුඩා ජල බිදු කිහිපය සදිසිට කිති කවන්නට ඇත. ‍ලා නිල් පැහැති දෙනෙත් ‍විසල් කරමින් ‍සිව දෙස යොමා කිසි දෙයක් නොදත් ඇයට තමන්ට සිදුවන්නේ කුමක්ද කියාවත් තේරුමක් වුයේ නැත..


මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්‍‍..
0

gayya
Basic Member
Basic Member
Posts:127






--
19 Sep 2016 04:41 PM
  •  Quote
  •  Reply


 උණ ගැනෙන්නට විය. ඔහු ඒ තරමි සදසිට ආදරේ කලාය.
************************
රැකියාව කරන විටදි පවා සුමේධට සිහි වුනේ සදසිවයි..
මාස කිහිපයක් වු සදසිගේ දැත ඉඹ රැකියාවට ගිය ඔහුගේ මතකයේ තිබුණේ රෝස පැහැති සදසිගේ මුහුනයි.
ඇතැම් දිනවල ‍‍ෂොර්ට් ලිව් දමමින් සුමේධ ඉක්මනට ගෙදර ආවේද ඒ නිසයි. එයට අමාගේ විරුදධත්වය නොඅඩුව ලැබුනි..
දවසේ කාර්ය න් නිම කොට පැමිනෙන සුමේධ කෙලින්ම දුවන්නේ තම නිදන කාමරයටයි කොට්ට වලින් වට කොට සිටින සදසි දෙස බලා හිදි 
ඔහු වෙත පැමි‍නෙන අමා 
“සුමේධ වොෂ් එකක් දාන් එනකම් සදසිව අල්ලන්නවත් එපා” 
“’අනේ අමා මම මේ ගෙදර දුවන් එන්නේ මගේ කෙල්ලව බලන්නේ කොයි වෙලේද කියලා” 
“ඉතින් හලෝ දොණිට ඔච්චර ආදරෙයිනම් විසබීජ ගොඩක් එක්ක එයා ලගට යන එක හොදයිද”
“ මොනවද විසබීජ “
“දවස තිස්සේ දාඩිය දාලා දාලා බලන්න මේ ඇදුම් වලත් එක්ක කොච්චර විසබීජද “
දොනි ඕම දොයියන් ඉන්න පැතියු තාත්ති වොශ් එකක් දාන් එන්නම් හොදේ” 
ඔහු එසේ කියමින් ගියේ ඔහු දෙස බලාගෙන සිටි අමාගේ නහය තදින් මිරිකමින්ය
“ඌයි මොඩයා “
අමා නහය අල්ලමින් කියන්නට විනි 
පිරිසිදු වි පැමිනී සුමේධ සදසිව වඩා‍ගත් පසු සදසිව යලි අමාට ලැබෙන්නේ ඇය බඩගිනි වි හදන විටය 
සුමේධගේ මුහුන පුරා යන්තමින් වැවි ඇති රැවුල් කොට සදසිගේ දැත් දෙපා මත යන්තමින් පිරිමදිද්දි සදිසි අත් පා සොලවමින් සිනහා වුනේ ඇගේ සිනහ ගිතය ගයමින් 
“ඔයි යයි යයි යා “’
මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්‍‍..
0

gayya
Basic Member
Basic Member
Posts:127






--
19 Sep 2016 04:43 PM
  •  Quote
  •  Reply
සුමේධ සහ චුටි දු සදසිගේ විකාර දෙස බලමින් අමා සිටියේ කාමරයේ උලුවස්සට හේත්තු වි තනියම සිනහ වෙමිනි 
දොනි අම්මිට එන්න එපා කියන්න” 
“තාත්ති දොනිව අම්මිට දෙන්නෙම නැ කියන්න ‘”

අමාව දුටු සදසි කට පෙරලන්නට ගත්තේ බඩගින්නට විය හැක 
“අම්මි එන්න අම්මි එන්න දොනිට බඩගිනි වෙලා දොනිට කුක්කු දෙන්න “
“අනේ අනේ මගේ පැටියට අම්මිව දැක්කොත් ඇති කට පෙරලන්න නේද” ඇයගේ මුහුන මත ඇගිලි තුඩු වලින් පිරිමැද අමාගේ අතට සදසිව බාරදෙමින් සුමේධ පවසන්නට විය.
අමා ඇයව වඩා ගන්නා විට මාස 5ක් පමණ වු සදසි සිනහ වුනේ විර කමක් කල අයෙකු මෙනි..
කුඩා සදසිගේ සිනහවට රෝගියෙක් වුවත් මානසිකව සුවපත්කල හැකිය. සුමේධගේ සහ අමාගේ ජීවිතය එලිය කලේ සදසිගේ ඒ සුරතල් සිනහවයි..

********************************
වසරයි මාස 4ක් පමන ගත වෙද්දි සදසිට යන්තමින් කතා කල හැකිය..
අමා පුරුදු කල රෝස මලේ ගීතය ඇයගේ ප්රි යකම සින්දුවයි..
ඇය ඇයට හැකි විදියට එය ගයද්දි ඇයම අත්පුඩි ගසන්නිය
“”
සෝ.....ස මා .....
කතුවේ... තු...
බඹු....ලු....
ඕ....ම තු..... “”
ඇය ගිත්ය ගයා නිමකොට ගිතය අසා සිටි අය දෙසට හැරි චුටි අත්වලින් අත් පුඩි ගසා ලැජ්ජාවෙන් මෙන් දෙඅත් මුන මත තද කරමින් සිනහ වෙන්නීය. යන්තම් මොදු වෙමින් තිබුනු දත් ඒ සිනහවට අමුතුම මිහිරක් එක් කරන්නීය 
ඇයට වයස අවුරුදු තුණක් පමණ වෙත්දි ඇයට වචන හසුරුවමින් කතාකල හැකිය. නමුත් ඒ ඇය කතා කලේ ඇයට හැකි තරමිනි .
වයසට වඩා ඇය පන්ඩිතය දගකාර සදසිගේ වචන වල ඒ පන්ඩිත බාවය නොඅඩුව ගැබ් වෙලා ඇත. නමුත් ඇයත් සමග දොඩමලු වෙන ඕන අයෙක් ඇගෙන් සමුගන්නේ මුහුන මත සිනහව රදවාගෙනයි.
අචිනි යනු අමාගේ නංගි වන අතර ඇය සදසිගේ පුංච් වුවාය 
අමා හා සු‍මේධට පසුව ඇය වඩාත්ම ලෙන්ගතු ඇගේ පුංචි ටයි.


මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්‍‍..
0

gayya
Basic Member
Basic Member
Posts:127






--
19 Sep 2016 04:46 PM
  •  Quote
  •  Reply
අමා හා සු‍මේධට පසුව ඇය වඩාත්ම ලෙන්ගතු ඇගේ පුංචිටයි.
නිවැරදිව පුංචි යැයි කියා ගනු බැරි නිසා කුඩා සදිසි අචිනිව ඇමතුවේ පුන්නි නමිනි
“පුන්නි‍‍‍... වඩන් ... “අචිනි දෙසට හැරි සදසි දැත් පලල් කොට ඇයට කියුවේ වඩාගන්නා ලෙසටයි.

ඇය ඒ සදහා මොහොතක්වත් කාලය අපතේ හැරියේ නැත. 
සදසි කැමති බිම හිද සෙල්ලම් කිරිමට නිසා ඇයව වඩාගන්නවට ඇය කැමති වුයේ නැත
ඇයට බිම එපා වු විට ඇය වඩාගන්නා ලෙස කියයි..
ඒ මොහොතේදි ඇයව වඩාගත් නිසා සදසි අචිනිට හාදුවක් දිමට අමතක කලේ නැත 
ඇය හාදු දෙන්නේ ඇයටම අනන්යා වු ආකාරයකටයි ඒ කොපුල් මත කොපුල් ගාවමිනි.
*********************
සදිසි වෙනුවෙන් කල බාරයක් ඔප්පු කිරිමට සදසිද කැටුව අමා සහ සුමේධ ඥාතීන් සමග කතරගමට යන්නට විය.
ඊට පෙර අමාගේ ආයාචනාව නිසා ඔවුන් මුලින්ම ගියේ කිරින්ද විහාරය වැද පුදා ගැනීමටයි. 
සදසිගේ කාමැත්ත වුනේ සුමේධගේ අතේහි එල්ලි පයින් යාමට නිසා 
රථයෙන් බැහැ ගත් පසු එතැන් සිට කිරින්ද විහාරය දක්වා සදසි සුමේධගේ අතෙහි එල්ලි ගියේය ..
“තාත්ති බො අල්ලන්න නමු “
“ඇය කියුවේ ඇත පෙනෙන මුහුදට දෑත දිගු කරමිනි 
සුමෙධ ඇය දෙස බලා ලග තිබුනු රතුපාට සංඥා පුවරුවකට දැස් යොමුකරන්නට විනි 
“”එහි වුයේ අවධානමයි රැල්ල සැරයි ! රැල්ල පැගීමට යාමෙන් වලකින්න “”
“ තාත්ති බො අල්ලන්න නමුකෝ” 
“බැ පැටියෝ බො අල්ලන්න දෙන්නේ නැ අර ‍ පොලිස් මාමිලා යන්න දෙන්නේ නැ “
මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්‍‍..
0

gayya
Basic Member
Basic Member
Posts:127






--
19 Sep 2016 04:48 PM
  •  Quote
  •  Reply
“අපි ඔක්කටම ගහයි “
“තාත්ති පොලිස් මාමි සැලයි...”
“ඔව් පැටියො පොලිස් මාමි සැලයි “

“තාත්ති පොලිස් මාමිට ගුටි කියන්න සදසිත බො අල්ලන්න නන්න ඕනේ “
“අනේ කියන දේ අහන්නකෝ මගේ දෝනි පුලුවන්නම් තාත්ති ඔයාව එක්කරන් යනව‍නේ “
සදසි අල්ලාගෙන සිටි සුමේදගේ ඇගිල්ල අත හැර අත් දෙක ඇගේ පපුවට තුරුලුකොට තදින් බැදගෙන ඇය දෙස බලා සිටින සුමේධට ඔරවමින් අඩියක් වත් නොසෙල්වි හිදි 
ඇයගේ මුහුනට වඩා විශාල අමාගේ අව් කන්නාඩි දෙක පැලද සිටි ඇය ඇද සිටියේ රෝස පැහැති පිම්බුනු කුඩා ගව්මකි. රෝස පැහැති මුන උලුක් කොට සුමේධ දෙසට රවමින් සිටි ඇයව සුමේධට පෙනුනේ දගකාර පන්ඩිත පෙනුමක් තිබුනු බෝනික්කියක් මෙනි‍‍.
ඇය ලගට ගිය සුමේද ඇයගේ මුහුන දෙසට නැමි
“අනේ මගේ දොනි තාත්ති එක්ක තරහා වුනාද හොද දොනි මේ අහන්න බො අල්ලන්න බැ පොලිස් මාම ගහනවනේ “
“දුට වෙන මොනා හරි ඔනනම් කියන්න තාත්ති ඔනි එකක් අරන් දෙනවා “
“සදසිත කොන් අයිත් ඔනි”
“හා දොනි අපි කෝන් අයිස් කමු ... දැන් මගේ දොනි තාත්ති එක්ක යාලුයිද ?”
“ලාලුයි “
“තාත්ති වඩන් “
සුමේධ කුඩා සදසිව වඩා ගන්නට විය
“කෝ තාත්තිට අබ්බා එකක් දෙන්න “
ඇය සුමේදගේ මුහුන මත ඇගේ මුහුන ගාවන්නට විය..

මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්‍‍..
0

gayya
Basic Member
Basic Member
Posts:127






--
19 Sep 2016 04:50 PM
  •  Quote
  •  Reply

“කොහෙද මනුස්සයෝ ගාල කඩාගත්තු හරකෙක් වගේ දුවන්නේ” සුමේධගේ වචන හඩත් සමගම ඉතා රළු වුනේ සදසිව අත සිටි නිසාවෙනි..
“අනේ සමාවෙන්න අයියේ! සෙනග අතරේ මගේ නංගිව කොලැ වෙලා මම මේ එයාව හොයන ගමන් ,,”

ඔහු දුකෙන් මෙන්ම කනස්සල්ලෙන් කියු දෙය සුමේධගේ පපුවටම දැනුනේ සදසි වැනි කාගේ හෝ කුඩා දැරියක් නිසාවෙනි 
“ඉට්ස් ‍ඕකේ මල්ලා “
“තාත්ති මාමි පවුඋඋඋඋ... .”
සදසි එසේ කියද්දි තරුනයා සදසි දෙස මොහොතක් බලා හිද නැවතත් සෙනග අතරට දැස් යොමමින් වේගවත් පිය සටහන් සනිටුහන් කරන්නට විය...

********************************************
ඉන් පසු අමා ලගට ගිය සදසි කිරින්ද විහාර‍ය වදින්න ගියේ අමා සමගමයි 
‍...........
“වැන්දද අමා” ඔව් සුමේධ ඇයි ඔයා මෙතන නැවතුනේ කෝල් එකක් ආවා අමා කෝ සදසි 
“අචිනි ගාව”
“කෝ අචිනි ගාව නැනේ අර තනියෙන්නේ එන්නේ” 
අමා අච්නි ගාවට දිව ගොස් “නංගි මගේ දෝනි කෝ”
“ඇයි අක්කි ගාවට එන්න ඔනි කියලා මන් ගාව ඉදන් දුවගෙන ආවනේ “
“අනේ දෙයිනනේ මගේ කෙල්ල” අමා කිවේ එපමනකි ඇයව සිහිසුන් වැ අචින්ගේ කර මත ඇදගෙන වැටිනි 


මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්‍‍..
0

gayya
Basic Member
Basic Member
Posts:127






--
19 Sep 2016 04:52 PM
  •  Quote
  •  Reply

මේ අතරතුර අචිනි සහ සුමේධගේ මව වතුර ගසමින් අමාගේ සිහි එලවා ගත්තේය 
“කො මගේ කෙල්ල ඉන්නවද “ 
“’තාම නැ අක්කි අයියලා දෙන්න ගියා හොයන්න” 

“ඔයාත් ගිහින් හැම තැනම බලන්න නංගි “
“අනේ මේක මගේ වැරැද්ද අම්මේ මට දොනිත් එක්කම ඉන්න තිබුනා 
අනේ මගෙ කෙල්ලට චුටි හීරිමක් වත් වෙන්න දෙන්න එපා දෙයියනේ සුමේධගෙයි මගේයි පපුව පැලිලා මැරෙයි “
ඇය තම පපුවටම ගසාගනිමින් වැලපෙද්දි සුමේධගේ මව 
“අපේ රත්තරං කෙල්ලට මුකුත් වෙන්නැ දුව බය නොවි ඉන්න 
පුතාලා බලන්න ගියානේ හොයා ගනී.. කතරගම් දෙයි හාමුදුරුවන්ගේ පිහිට අපිට තියනවා “
“අනේ අම්මෙ මමයි කියුවේ කිරින්ද වැදලා යමු කියලා මේ ඔක්කම මගේ වැරැද්ද අම්මේ “
“දුව ඔයා ඔනවට වඩා කලබල වෙලා පොඩි පුතා දැන් සදසිව එක්කරන් එනවත් ඇති “
තවත් බලා නොසිටි අමා සහ සුමේධගේ මවද සදසිව සොයන්නට විය…

සුමේධගේ හදවත වේගෙන් ගැහේ පිස්සෙකු සේ දැස් පියන් මොහොතකට නොපියවමින් ඔහු කලේ සදසිව සෙවිමයි නමුත් හමු වුයේ නැත .
විහාරය පහලදි සියලු දෙනා නැවත මුන ගැසුනද එක් අයෙකුවත් සදසිව සොයා ගැනීමට පොහොසත් වි නැත ;
සියල්ලන්ගේම හදවත් වල ගැස්ම එක සමානය …
අමා සුවරුපයෙන්ම ඔල්මාදකාරියක් වි ඇත ..
“”අනේඒඒඒයි පොඩි ලමයෙක් මුහුදට ගහන් යනවා.... “
වෙරල දෙසින් ඇහුනු හඩකට සියල්ලෝම ඒ දෙස බලන්නට විය
“ අනේ සුමේධ කියු “ අමා ආයෙත් සිහිසුන් නැතුව වැටුනි


මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්‍‍..
0

gayya
Basic Member
Basic Member
Posts:127






--
19 Sep 2016 04:54 PM
  •  Quote
  •  Reply

සුමේධ විගසින් වෙරලට තමන් සතු උපරිම ජවය යොදාගනිමින් දුවන්නට විනි 
ඒ අතර තුර ඔහු වෙරලින් මිටර් 50ක් පමන මුහුදට වෙන්න ගිලි ගිලී මතුවන රෝස පැහැති ගවුමක් දැකගත හැකි විය
සුමේධගේ හදවත එය දැකිමත් සමග කඩන් වැටුනාක් බදු විය දෙතුන් දෙනා වෙරලට රෝක් වෙද්දි 

සුමේගේ කන් මත සදසිගේ වචන දොන් කාර දෙන්නට විය
“තාත්ති පොලිස් මාමිට ගුටි කියන්න සදසිත බො අල්ලන්න නන්න ඕනේ “
“තාත්ති පොලිස් මාමිට ගුටි කියන්න සදසිත බො අල්ලන්න නන්න ඕනේ”
“ තාත්ති පොලිස් මාමිට ගුටි කියන්න සදසිත බො අල්ලන්න නන්න ඕනේ “

දුවගෙන ආ සුමේද නතර වුනේ මුහුදෙහිය කිසිදා මුහුදේ පිහානා නැති සුමේධ රැල්ල සමග පොර බදමින් කුඩා දැරියත් සම‍ග ආපසු වෙරල වෙත පිහිනා එන්නට විය
දැරියව වෙරලේ නිදි කරවා මුහුන පැත්තකට ඇල කර බඩ තදකරමින් වතුර ඉවත් කරන්නට විය 
“අනේ මගේ දෝණි” කියා කැ ගසා සුමේධ ලගට පැමිනි අමා හැඩීම නතර කලේ වෙරල මත වැතිර සිට
දැරිය සදසි නොවු හෙයිනි… 
නමුත් වයස අවුරුදු හතරක් පමණ වු එම දැරියත් ඇද සිටියේ රෝස පැහැති ගව්මක්ය 
සිහි සුන් තත්වයේ සිටි ඇයට වෙරලආරක්ශකයින් විසින් කඩිනමින් ප්ර තමාධාර ලබාදී රොහල කරා යොමුකරවීමට ක්රිේයා කලේය 
රැල්ල සමග පොරබැද වික්රයමාන්විතයක යෙදුනු සුමේද සිටියේ ඉතාමත් වෙහෙසිනි වෙරලට
එක් රොක් වු සියලු දෙනාගේම පැසසිමට ලක් වුනු මුදු සුමේධ සිටියේ සදසිව මගහැරිමේ පීඩනයෙන් නිසා ඔහුට ඒවායෙන් ගානක් වත් නැත


මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්‍‍..
0

gayya
Basic Member
Basic Member
Posts:127






--
19 Sep 2016 04:55 PM
  •  Quote
  •  Reply

විනාඩි කිහිපයක් වෙර‍ලේ ගිමන් හැර කිසිවක් නොපවසාම අමාටද එන්න යැයි ඉගි කරමින් යලිත් සුමේධ කිරින්ද විහාරය දෙසට ඇදෙන්නට විය
“තාත්ති තාත්ති තාත්ති”
සුමේධගේ කන් තුල යලි යලි සදසිගේ වදන දෝන්කාර දෙනවාත් බදු දැනෙන්නට විය 

“සුමේධ අපේ දෝනි සුමේධ”
අමා කියු දෙයට ඇතින් ආ කිසිවෙකු දෙසට නෙත් යොමන විට ඔහු වඩාගෙන පැමිනෙන්නේ සදසි බව පෙනෙන්නට විය
දුවගෙන ගිය සුමේධ ඔහු අත හුන් සදසිව වඩාගෙන හාදු වලින් නහවන්නට වුනේ” අනේ මගේ රත්තරංව මම ගොඩක් හෙව්වා ගොඩක් හෙව්වා”’ කියමිනි. 
ඉන් පසු අමාද සදසිව වඩාගෙන හාදුවලින් නහවන්නට විය 
“අනේ මල්ලි ඔයාට බුදු බව අත්වෙන්න ඔනේ මගේ කෙල්ලව අපි ගාවට එක්කරන් ආවට” සුමේධ එසේ කියද්දි 
“ඔව් මල්ලි මේ පැයට අපි නොමැරි මැරුනා ... හුස්ම නැතිවුනා වගේ මල්ලියො අපි හිටියේ..” තව දුරටත් එසේ කියුවේ අමා විසිනි.
“මල්ලිව මට මතකයි මල්ලි නේද නංගිව නැතිවුනා කියලා හොය හොය හිටියේ “
“ඔයාගේ නංගිව හම්බුනාද මල්ලියො අපේ දොනිව හම්බුනේ කොහෙදිද”
“තාත්ති කිය කිය අඩ අඩ හිටියා පඩි පෙල ලග 
මට මෙයාව මතක තිබුනා ඒ හින්දා මම මගේ නංගිව හොයන ගමන්ම මෙ බබාවත් වඩාගෙන ඔයාලව හෙව්වා හැම තැනම “
“අනේ මල්ලිට කොහොම ස්තුති කරන්නට කියලා හිතාගන්න බැ කොල්ලෝ “
“අනේ ඔක මොකක්ද අයියේ මගේ නංගිත් නැතිවෙලා මම දන්නවා ඒ වේදනාව හොදට ගෙදර හැමොම එයාව හොයනවා මගේ නංගිත් මේ බබා වගේමයි ඒ හින්දයි මට මෙයාව හොදට මතක තිබුනේ 
උඩ ඉදන් බලද්දි මම ඔයාලව දැක්කා ඒකයි මෙයාවත් වඩාගෙනම මෙ පැත්තට ආවේ 

මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්‍‍..
0

gayya
Basic Member
Basic Member
Posts:127






--
19 Sep 2016 04:57 PM
  •  Quote
  •  Reply

“ඔයාගේ නංගි ඇදන් හිටියේ රෝස පාට ගව්මක්ද අවුරුදු 4ක් විතර වයස “
“ඔව් අයියේ ඔයාලා එයාව දැක්කද “
“අමා සදසිවත් එක්ක වාහනේට ගිහින් කෝල් කරලා අනිත් අනිත් අයවත් ගෙන්න ගන්න “

“මල්ලි ඔයා එන්නකෝ මාත් එක්ක “
සුමේධ තරුණයාත් සමග ගොස් දැරියව යැවු ‍රොහල පිලිබද තොරතුරු අසාගෙන සියල්ලොම ගියේ රොහලටයි..
ඔව්න් යන විට දැරියට සිහිය පැමිණ තිබුනි තරුණයා ඇය ලගට ගිය පසු කුඩා දියනිය හඩමින් ඔහුට තුරුලු විනි ..
ඉන් පසු තරුණයාගේ නිවැසියෝද රෝහලට පැමිණ සුමේධට පැසසුම් දෙද්දි සුමේද තරුණයාට ස්තුති කරන්නට
වුනේ සදසිව සොයා දිම ගැනයි..
ඉන් පසු අමා සුමේද සදසි සහ සදසිගේ අනෙකුත් ඥාතියො මග නතර නොවිම තරගමට ගොස් බාරය ඔප්පු කර නිවෙස බලා පිටත් වන්නට විය..
ඉන් පසු සදසිව අමා සහා සුමේධ රැක ගත්තේ ඇසි පිය යටම තබාගෙනයි....

*********************************************
*********************************************
ඇතින් පෙනුනු මුහුදු රලත් සමග සුමෙධව අවුරුදු කිහිපයක් ආපස්සට ගෙන ගිය මතකයන්ගෙන් මිදුනේ උරහිසට තට්ටු කරමින් අමා කල බාධා කිරිම නිසයි 
“සු‍මේධ එන්න දැන් කොන්සර්ට් එක පටන් ගන්න යන්නේ මුලින්ම තියෙන්නේ දෝණිගේ එක “

සුමේධ සහ අමා ගොස් තම අසුන් වල අසුන් ගන්නට විය..

මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්‍‍..
0

gayya
Basic Member
Basic Member
Posts:127






--
19 Sep 2016 05:00 PM
  •  Quote
  •  Reply


ප්රසංගය ආරම්බ කර මොහොතකට පසුව නිවේධකයා 
එහෙනම් මෙන්න මුල්ම අංගය තුත වසරේ ඉගෙනුම ලබන සදසි සාරණ්යවයා ගෙන් 
තිරය විවර වීමත් සමග මල් පොකුරක් දෝතින් ගෙන පිමිබු‍නු ලොකු ගවුමක් ඇද සිටි දෙවගනක් බදු ඇය වෙදිකාව මත සිටගෙන සිටියාය ..වේදිකාවේ කොනකින් වාධනය වු සංගී
තයට තම මිහිර හඩින් ඇ අගේ ගායනය ඉදිරි පත් කලාය 
“” මගේ පුංච් ලොකේ 
ඔය දෙන්නා තුරුලේ 
මං සැනසෙන්නේ හිනැහෙන්නේ 
අම්මීගේ තාත්තීගේ තුරුලේ 
කෝ එන්න මට හාදු වැස්සක්ම ඕනේ ....

පිනි වැස්සක් වාගේ
ලස්සන අම්මි මාගේ 
හිරු කිරනක් වාගේ 
නුඹ මාගේ තාත්තේ 
ඔයා දෙන්නා තුරුලේ දේදුන්න මමනේ ....

මගේ පුංච් ලොකේ 
ඔය දෙන්නා තුරුලේ 
මං සැනසෙන්නේ හිනැහෙන්නේ 
අම්මීගේ තාත්තීගේ තුරුලේ 
කෝ එන්න මට හාදු වැස්සක්ම ඕනේ ...

මං පුංචි කාලේ දගකම් කලාලු 
මං හින්දා ඔය දෙන්නා හැඩුවාලු නේදෝ
දැං මං දග නැනේ 

අඩවන්නේ නැනේ
ඒ හන්දා කෝ එන්න
මට හාදු වැස්සක්ම ඔනේ ....

මගේ පුංච් ලොකේ 
ඔය දෙන්නා තුරුලේ 
මං සැනසෙන්නේ හිනැහෙන්නේ 
අම්මීගේ තාත්තීගේ තුරුලේ 
කෝ එන්න මට හාදු වැස්සක්ම ඕනේ ....
කෝ එන්න මට හාදු වැස්සක්ම ඔනේ ....
කෝ එන්න මට හාදු වැස්සක්ම ඕනේ ....””’

ඇයගේ ගීතය නිමා වීමෙන් පසු මුලු ශාලාව පුරා ම දොන් කාර දුන් අත්පොලසන් හඩ මැද්දේ සතුට උහුලා සිටිය නොහැකිම තැන අමාගේ දෙනෙතින් කදුලුක් පිටවෙද්දි පිට නුවුනු කදුලක් ඒ හේතුව නිසාම සුමේධගේ නෙතු මත දිලිසෙන්නට වුනේ දෙදෙනාගේම මුහුනු හසරැලි වලින් සරසමිනි..
මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්‍‍..
0

gayya
Basic Member
Basic Member
Posts:127






--
19 Sep 2016 05:03 PM
  •  Quote
  •  Reply


ඉන් පසු අවුරුදු 7ක් වු පුංචි දොනි සදසි දුවගෙන ඇවිත් ඇය අත තිබුනු මල් පොකුර අමා අතට දී “මේ මල් පොකුරයි ආදරේ ගොඩායි අම්මිට” කියමින් අමාට හාදුවක් දෙද්දි 
“එතකොට තාත්තිට මුකුත්ම නැත්ද සදසි “
සදසි දෙස බලා බොරුවට මුහුන අමුතු කරගනිමින් සුමේධ අසා සිටියේය.

“හී…….. ඉතින් තාත්තිට රෝස මලක් වගේ මම ඉන්නේ “
ඇය එසේ කියමින් සුමේධගේ බෙල්ලෙහි එල්ලි ඔහුගේ ඔඩෙක්ක මතින් වාඩි විය..
______සමාප්තයි____
කුඩා දරුවෙකු යනු මොදුවන කැකුලකටත් වඩා සියුම් දෙයකි.
පරිස්සමින් රැක ගන්න.
පුංචි දෝණි සදසි කතාවේ මෙහෙම වුනාට වාසනාව කියන දේ හැම මොහොතෙම හැමෝටම උදාවෙන්නේ නැ..දෙයක් වුනාට පස්සේ වැටෙන කදුලු වලින් ඒ දේ හදන්න බැ. දෙයක් වෙන්න කලින් පරිස්සම් වෙන්න.
ඒකයි හොදම දේ.. ඒකට හැම දේ ගැනම අවධානයෙන් ඉන්න 
මම මේ කතාවෙන් උත්සහ කලේ මේ උපදෙස් ටික දෙන්නම නෙමෙයි 
මට ඕනේ වුනේ මේ වචනත් එක්ක සදසි කියන ලස්සන චුටි දොණිව ඔය හිත් ඇතුලේ මවන්න..
කියන්න මම ඒක කලාද ?? කියවපු හැමොගෙම අදහස මට ඔනේ ,,

____________________________________ගයාන් ධනූ ____
මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්‍‍..
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
19 Sep 2016 08:34 PM
  •  Quote
  •  Reply
වැඩෙ නැගලා යනවා වගෙ ..ඔහොම යමු
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
19 Sep 2016 11:15 PM
  •  Quote
  •  Reply
තව කෙටි කථාවක් පටන් ගන්න.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Sep 2016 12:45 AM
  •  Quote
  •  Reply
කතා ගොඩයි දැන් මෙ ටිකේ නිදහසක් තමයි නැත්තේ කියවන්න
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
20 Sep 2016 01:52 AM
  •  Quote
  •  Reply
මාත්‍ නිවාඩුව කියවන්නම් එහෙනම්
ස්තුති
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
20 Sep 2016 04:16 AM
  •  Quote
  •  Reply
keti unaata digayi wage
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
20 Sep 2016 04:43 AM
  •  Quote
  •  Reply

සදසී....

ඒයාව මගෙ හිතේ මැවුනද? නැත්තම්  මම ඒයාගේ ජීවිතේට ගියාද? කියලා හිතා ගන්න බෑ...

ඒ තරම්ම අාදරනීයයි....

අාදරය, වේදනාව, දරුවෙක්ගෙ අපිට දැනෙන්න ඔනේ හැගීම හොදටම දැනුනා.

මගෙ අැස් වලට කදුලුත් නැගුනා..

ගුරාගෙ කතා කවදත් හිතට වදින්නම තියෙනවා. මේක මට මග හැරුන කතාක් හුගක් ස්තූතියී මල්ලී කතාව මගේ නෙතු මානයට ගෙනාවට.

මම නොකියවපු කතා .තව අැති ඒවත් මට ඔනේ..

ගුරාගේ වැඩ ගැන කවර කතාද...

ඔයා මේ කතාවෙදී අනිවාරයෙන් ගොඩක් සාර්ථකයී.

උපදේශයත් හුගක් වටිනවා.

දරුවන්ව අැස් දෙක වගේ රකින්න ඔනේ හැම දෙමාපියෙක්ම .

අවාසනාව අද සමාජය පිරිහිලා. දෙමාපියෝ නොවෙන්න ඔන අය දෙමාපියෝ වෙලා.

දරුවෝ ඒවට වන්දි ගෙවනවා.


දුකයී!!!!!

 

 

 

 

 

 

 

 

 

දිනයක වැටහේවී...........
0
Add Reply
Page 1 of 212 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below